IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ආරක්ෂක ලේකම්ට කෝටි 25ක වන්දි

සන්ඩේ ලීඩර් පත්‍රයේ හිටපු කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් හා සන්ඩේ ලීඩර් පත්‍රය ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ වරදට රුපියල් කෝටි 25ක වන්දි ගෙවිය යුතු යැයි ගල්කිස්ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය. ඊට අමතරව ආරක්ෂක ලේකම්ට එරෙහි ද්වේශ සහගත වාර්තා හෝ ලිපි පළකිරීම වළක්වන ස්ථිර තහනම් නියෝගයක් ද, අදිකරණයෙන් නිකුත් කැරිණි. මිග් යානා ගනුදෙනුවක් ගැන පළවූ ලිපියකින් පසුව ආරක්ෂක ලේකම්ට අපහාස වන ආකාරයේ ලිපි පළ කළැයි ෆෙඩ්රිකා ජෑන්ස්ට හා පුවත්පතට එරෙහිව මේ නඩුව පවරා තිබිණි. ජනාධිපති නීතීඥ එම් යූ එම් අලිසන්ද්‍රි මහතා ආරක්ෂක ලේකම් වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (0)

ආරක්ෂක ලේකම්ට කෝටි 25ක වන්දි

සිල්වා Thursday, 22 November 2012 01:14 PM

ලංකාවෙ පමණයි මේ තරම් මාධ්‍ය නිදහස බොහෝ යුරෝපා රටවල රජයට විරුද්ධව මෙවැනි ප්‍රකාශළු නිකුත් කළොත් එයාට මොනවා වෙයිද කියලා හිතන්නත් බැහැ..!(නු)

:       0       0

ජගත් වසන්ත Thursday, 22 November 2012 01:23 PM

ෆෙඩ්‍රිකාට හොඳ වැඩේ ජෙනරල්ට කළ දේට..(නු)

:       0       0

යූනුස් Thursday, 22 November 2012 01:21 PM

කුණු තියෙන තැනට තමයි කුණු රැදෙන්නේ කියල කියමනක් තියෙනවනෙ.(නු)

:       0       0

කෙවින් Thursday, 22 November 2012 01:22 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ , තීන්දුත් හාමුදුරුවන්ගේ .........(නු)

:       0       0

අනුර හේමන්ත Thursday, 22 November 2012 01:23 PM

ෆෙඩ්රිකා ඕකට තමයි කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්මය කියලා..!(නු)

:       0       0

නිලන්ත Thursday, 22 November 2012 06:35 PM

කළ කළ දේ පළ පළ දේ... (නි)

:       0       0

වජිරා Thursday, 22 November 2012 01:29 PM

අනුන්නට සුදු කොඩි පෙන්වපු ෆෙඩ්රිකාට දැං තමන්ගේම සුදුකොඩි පේනවා ඇති.!(නු)

:       0       0

නීලා Thursday, 22 November 2012 06:40 PM

දැන් අධිකරණය දේශපාලනීකරනය වෙලා. නේද? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 22 November 2012 01:37 PM

ෆෙඩ්රිකාත් පුවත් මවන්නියක් වෙලා..!(නු)

:       0       0

චාමිකා Thursday, 22 November 2012 01:37 PM

මේ බොරුකාර කාන්තාවට හොද වැඩේ..!(නු)

:       0       0

නිශාද් ප්‍රීනා Thursday, 22 November 2012 01:44 PM

හොදට හොයලා බලන්නේ නැතිව පෞද්ගලික වාසියට නැතිනම් වෛරය හිතේ තියාගෙන පත්තර රස්සාව කරන්න ගියොත් ඔකයි වෙන්නේ.. තෝරා මාලු කෑවානම් දුක් විදපං බලලෝ කිව්වලු..!(නු)

:       0       0

මෝරාල Thursday, 22 November 2012 01:40 PM

අනේ පව් වත්කමක් නැති එක්කෙනෙකුට මේ ගාන හම්බවෙච්ච එක ලොකු පිනක්..!(නු)

:       0       0

සරත් Thursday, 22 November 2012 01:53 PM

බත් ඇති තැනටමයි කොසුත්..!(නු)

:       0       0

සිල්වා Thursday, 22 November 2012 01:49 PM

අනේ ෆෙඩ්රිකා හොට පැටලුනා නේද? කාට කාටත් ඕවා වියදම් සැර හොද පාඩම්..!(නු)

:       0       0

එන්.පි Thursday, 22 November 2012 01:58 PM

අනේ සල්ලී..... පත්තරේ වහන්න වෙයිද දන්නේ නැහැ නේද......(නු)

:       0       0

ෆිරෝ Thursday, 22 November 2012 02:12 PM

අප්පා දැං කාලෙ යන විදියට පත්තරේට අදහස් දාන්නත් බයයි.. ඇයි නඩු දානවනේ..!(නු)

:       0       0

වරුණ Thursday, 22 November 2012 02:09 PM

මේ නෝනා අනුන්ටත් වල කපලා එයා වල පල්ලමට ගියා..!(නු)

:       0       0

අජිත් Thursday, 22 November 2012 02:15 PM

රටක් වටින අර මනුස්සයාට කරපු අපරාදෙට නියම දඩුවම.. මේක බෞද්ධ රටක් ෆෙඩ්රිකා..!(නු)

:       0       0

පියල් Thursday, 22 November 2012 02:23 PM

ඔබතුමාට ජය වේවා

:       0       0

ඉන්දික Thursday, 22 November 2012 08:30 PM

ඇයි සරත් ෆොන්සේකා මහත්තයාට බොරු චෝදනා කරපු කෙනෙකුටත් දිට්ට ධම්ම වේදනීය කර්මය පළදුන්නේ. (නි)

:       0       0

ජසී Thursday, 22 November 2012 02:19 PM

කෝටි 25 යි. කීයක් යනවද නඩුව අහපු කෙනාට (ස)

:       0       0

මංගල Thursday, 22 November 2012 02:23 PM

සන්තෝසයි....

:       0       0

නදී Friday, 23 November 2012 12:07 PM

ඇත්තනේ වරදක් කරලා තියෙනවා (දී)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 02:28 PM

අතීතයේ අපි කියවපු කියවීම මිනිසා සම්පුර්ණ කරනවා කියලා කියන එක විශාල මිත්‍යාවක් වෙලා. 1960-70 දශකවල තිබුණු පුවත්පත්වලට වඩා අද ඇතැම් මාධ්‍ය ආවේගය දනවන, හැගීම් දනවන ඒවා තමයි වැඩි වශයෙන් ප්‍රකාශ කරන්නේ. මේ නිසා කියවන සමාජය වෙනස්වෙලා, බලන සමාජය දක්වා අපේ සමාජය වෙනස්වෙලා. (නි)

:       0       0

ශාන්ත Thursday, 22 November 2012 09:07 PM

හොද වැඩේ. (නි)

:       0       0

මාහා Thursday, 22 November 2012 09:40 PM

අනිත් මාධ්‍යකරුවොත් කෝකටත් පරිස්සමින්... (නි)

:       0       0

බණ්ඩාර Thursday, 22 November 2012 09:44 PM

යන්තම් ඇති. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 22 November 2012 09:38 PM

මට විරුද්ධවත් අපහාස ලිපියක් පුවත්පතක පළකරවා ගන්න බැරිද? (නි)

:       0       0

ලලිත් Thursday, 22 November 2012 02:55 PM

නිශාඩ්, තෝරමාළු නෙමෙයි කුම්බලාමාළු කෑවනම් විඳවපන් බළලෝ (ස)

:       0       0

අචිනි Thursday, 22 November 2012 03:03 PM

ඔබතුමාට් ජයවේවා

:       0       0

අශෝක Thursday, 22 November 2012 03:05 PM

එතකොට ඔය මුදල ගත්තහම වෙච්ච අපහාසය මැකෙනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

කීර්ති Thursday, 22 November 2012 10:25 PM

අනේ අපොයි! (නි)

:       0       0

අනුර Thursday, 22 November 2012 03:14 PM

මම දන්නේ නැහැ මොකුත්

:       0       0

කුමාර Thursday, 22 November 2012 03:25 PM

බොරු දාන කොයි පත්තර වලටත් මේවා හොද පාඩම්. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 22 November 2012 03:38 PM

ප්‍රතිපත්තියක් නැතුව වැඩකරන අයට ඔහොම වෙන්න ඕනෑ තමයි. හොද වැඩේ. (නි)

:       0       0

නලීන් Thursday, 22 November 2012 03:33 PM

අපිටත් කවුරුහරි මෙහෙම කරලා අපි නඩු දැම්මොත් කීයක් හම්බුවෙයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ජීව Thursday, 22 November 2012 11:24 PM

අපේ රට අමාරුවෙ දාන්න හැදුවට හොඳම වැඩේ. (නි)

:       0       0

ශාන්ත Friday, 23 November 2012 12:03 AM

බොරු කියනවට හොද වැඩේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 22 November 2012 04:05 PM

මගෙන් සුභ පෑතුම් ඔබතුමාට. (ස)

:       0       0

සමන් Thursday, 22 November 2012 04:02 PM

ඕවා කාට කාටත් ‍හොද පාඩම්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 01:19 AM

දැන් කොහෙන්ද කෝටි 25 හොයන්නේ? (නි)

:       0       0

අමල්‍යා Thursday, 22 November 2012 04:08 PM

මම දන්නේ නැහැ ඒ කතාව

:       0       0

අනුර Thursday, 22 November 2012 04:15 PM

දැන් ඉස්සර වගේ කර්මය පළවිපාක දෙන්න ආත්ම ගණන් ඉන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

නුෂා Thursday, 22 November 2012 04:08 PM

මොකද්ද ඒ

:       0       0

කුමා Friday, 23 November 2012 07:06 AM

ඔය කෝටි 25 රට වෙනුවෙන් වියදම් කළොත් මොකද? (නි)

:       0       0

අජිත් Friday, 23 November 2012 07:19 AM

නලීන්ට අපිට ගෙවන්නේ කිරුම් බරට. (නි)

:       0       0

කිවි Friday, 23 November 2012 08:13 AM

අපි දැන් බලන් ඉදිමුකෝ ඊළගට වෙන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

සනත් Thursday, 22 November 2012 05:10 PM

අනුන්ගේ වුවමනා ඉටු කරන්න යන හැම කෙනාටම මේ බේත හොඳයි. (නි)

:       0       0

සිල්වා තබුක් Thursday, 22 November 2012 12:53 PM

පෙඩ්‍රිකා ජෑන්ස් මහත්මිය පිටරට නේද ඉන්නෙ.?(නු)

:       0       0

සමන්ත Thursday, 22 November 2012 12:54 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. රට අපේ(නු)

:       0       0

ලලිත් කටාර් Thursday, 22 November 2012 01:04 PM

ඇති ඔයින් ගියා.. මම හිතුවෙ රුපියල් කෝටි 2500ක් කියලා.. මීට පස්සේ ආණුඩුව කරන වැරදි ලියන්නනම් එපා හොදේ.. නිකං මොකටද කාටවත් අපහාස කරන්නෙ..!(නු)

:       0       0

ෆෙරෝස් Thursday, 22 November 2012 05:45 PM

බැරිද අපිටත් කීයක් හරි??? (නි)

:       0       0

මධු Thursday, 22 November 2012 01:06 PM

එහෙනම් එස්.එෆ්ගෙ නඩුවත් බොරුවක් නේද? තමන්ගේ වාසියට තමයි හැම දේම..!(නු)

:       0       0

බන්දුල රත්නායක Thursday, 22 November 2012 01:06 PM

ඔය ලොකු අයගේ වැඩ අපට අදාල නැහැ.. ඒවා එයාලම බේරගනීවි..!(නු)

:       0       0

කුමාරි Friday, 23 November 2012 09:01 AM

මාධ්‍ය නිදහස, මාෆියා නිදහස පැටලිලා සත්‍ය නිදහස ඔහොමම........ යන් (ස)

:       0       0

විරාජ් Thursday, 22 November 2012 05:52 PM

අයියෝ සල්ලි

:       0       0

නවින් Friday, 23 November 2012 09:15 AM

චෝදනාව බරපතලයි (දී)

:       0       0

ඒකනායක Friday, 23 November 2012 09:19 AM

මම කතාව සම්පුර්ණයෙන් දන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 16 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 338 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 204 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 717 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 310 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site