(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේදී අද අලුයම ටිපර් රථයක් කළු පාලමේ ආරක්‍ෂිත වැට කඩාගෙන ඇළට පෙරළී එහි රියදුරු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කොට ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

කුරුණෑගල ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට ටිපර් රථය ධාවනය වෙමින් තිබියදී රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි ගලේවෙල පොලිසිය සැක පළ කරති.

අනතුරෙන් තුවාල ලැබූ රියදුරු මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසති.

ආරක්ෂිත බැමි දැන්වීම් පුවරු ආදී සියල්ල සවිකර තිබියදී රියදුරන්ගේ නොසැලකිල්ල හේතුවෙන් රාජ්‍ය දේපළ මෙන්ම පෞද්ගලික වාහනවලට ජීවිතවලටද හානි සිදුවන බව පොලිසිය සඳහන් කරයි.