IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනපති නියෝග කරයි

අජන්ත කුමාර අගලකඩ
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි  කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ගත වු කාල සීමාව තුළ දී එම ආර්ථික කමිටුවෙන් කිසිවක් ක්‍රියාත්මක වී  නැති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ යැයි එම ආරංචි මාර්ග කියයි.

වොග්ස් වැගන් වාහන නිෂ්පාදන ව්‍යාපෘතිය,හොරණ ටයර් නිෂ්පාදන කම්හල ආදිය පසුගිය කාලයේ කීවද ඒවා රට නොමග යවන සුළු ප්‍රකාශ පමණක් වී යැයි ද ජනාධිපතිවරයා කී බව වාර්තා වේ.

ජර්මනිය,කටාර් රාජ්‍ය ඉන්දියාව ආදි රට වලින්  ආයෝජකයින් ඉදිරිපත් වුවද එම ආයෝජන ඇද ගැනීමට ආර්ථික කලමනාකරණ කමිටුව සමත් නොවු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ ආරංචි  මාර්ග පවසයි.



අදහස් (24)

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනපති නියෝග කරයි

athula Tuesday, 27 February 2018 05:16 PM

ටයර් කම්හලක් පටන් ගත්තනේද ඊයේ පෙරේදා හැබැයි එඔකොම අපෙන් හොරකම් කරපු ධනය වෙනත් නමකින් අවට

:       24       68

අප්පුහාමි Tuesday, 27 February 2018 10:08 PM

මොන කමිටු දැම්මත් රාජ්‍ය සේවයේ සිටින නිලධාරින් අලුතින් යමක් හිතන හෝ තිබෙන දෙයක් වෙනස් නොකරගත හැකි සේවකයන් තමා සිටින්නේ.උදාහරණයක් විදියට දුම්රිය දෙපාර්තමේන්තුවේ සුදුජාතිකයන්ගේ පාලනකාලයේ සිට පවතින ප්‍රවේශ පත්‍රය තවමත් තියාගෙන ඉන්නවා. අසල්වැසි ඉන්දියාවේ දුම්රිය (විදුලි කෝච්චිය) ප්‍රවේශ පත්‍රය පරිගණක ආශ්‍රයෙන් නිකුත් කරන අතර අවශ්‍යනම් ස්වයංක්‍රිය ස්වයන්සේවා වශයෙන්ද ලබාගත හැක.අපි තවම ලෝකයේ හොඳම රබර් ,මිනිරන් තියාගෙන පැන්සල් ඉන්දියාවෙන්ද,මකනය චිනෙන්ද ගෙන්වනවා.ඉතාලි ටොපි,බැංකොක් ඇඳුම්වලට අපි ආසාවෙන් ගෙන්වනවා.

:       148       251

NalinWednesday, 28 February 2018 05:50 AM

ඔබ 100% හරි. අපේ රටේ මිනිස්සු මොනවවත් වෙනස්වෙලා ටිකක් ඉස්සෙල්ල කරදර වෙනවට කැමති නෑ. අලුතින් හිතන්නේ නෑ. මේක බලෙන් හරි කරන්න ඕන කාලය ඇවිත්. නැත්නම් හැමදාම අපි එක තැන. ආණ්ඩුවේ ඉන්න නිලධාරීන් නම් මොට්ටම වෙලා තියෙන්නේ. තමන් කරන්නෙත් නෑ. කාටවත් අලුතින් ඇවිත් කරන්න දෙන්නෙත් නෑ.

:       0       0

sachithWednesday, 28 February 2018 09:44 AM

ඔබතුමාගේ අදහස 100% නිවරද්යි උනත් එකටත් අකමැත්ත පලකරන පිරිසක් ඉන්නවා. එකෙන්ම පේනවා මේ රටේ බහුතරයකගේ මානසික මට්ටම.

:       0       0

nishan Tuesday, 27 February 2018 11:22 PM

අගමැතිගේ කමිටු තොගයෙන් එකක් තමයි ඕක. හැමදේටම කමිටු කමිටු. යූ. එන්. පී. එක ඇතුලෙත් ඔය වගේම කමිටු හැටක් හැත්තෑවක් විතර තියෙනවා..

:       30       217

Perakum Wednesday, 28 February 2018 02:26 AM

ඔය වගේ ඇත්ත කියනවනම් කොච්චර හොඳද...!

:       65       176

tarzan Wednesday, 28 February 2018 03:57 AM

මේ වගේ ගොන් රාජක කෙනෙක් ඉන්න රටකට ආයෝජන ඊවිද ? රජයක් වුනාම මිනිස්සු බය වෙන්න ඕන ආණ්ඩුවකට ? මේ හැම එකාම කියන කියන විධිහට නටන්න ගන්න ආණ්ඩුවක් නේ

:       261       338

shelton Wednesday, 28 February 2018 04:08 AM

මොලේ පැදෙනකොට පෙරහැර හිගින්.

:       56       110

asoka Wednesday, 28 February 2018 05:15 AM

ලක්ෂ 10 යකට රැකියා දෙන්න පොරොන්දු උනා . කෝ රැකියා? කෝ බ්‍රසේලේට් ? කෝ ටැබ් ?

:       155       350

ajith Wednesday, 28 February 2018 06:30 AM

ගොවීන්ට පොහොර ටික ගන්න වෙලාවට මුදල් ලබා නොදුන්න ඇමති, සමෘධි වැඩි කරන්න ඉඩ නොදුන්න ඇමති, සහල් මිල අඩු කිරීම සඳහා සහල් ආනයනය කරන්න යුඑන්පී ඇමතිවරයා යෝජනා කරද්දී එම කැබිනට් පත්‍රිකාවට විරුද්ධ වෙලා සහල් මෝල් කරුවන් පොහොසත් කරන්න මග හදපු ඇමතිවරු ගැන මොනවත් කියන්නේ නැහැ.

:       287       444

sam Wednesday, 28 February 2018 06:43 AM

ජනාධිපතිතුමා බලයට පත් උනේ පොදු අපේක්ෂකයෙකු වශයෙන් නිර්පාක්ෂිකව සිටිමින් , සියලුම දුෂිතයන්ට දඬුවම් ලබාදී, විධායක ජනපතිකම අහෝසි කර, නැවත කිසි දිනෙක ජනපති පදවියට ඉදිරිපත් නොවෙනවා යන කරුණු පදනම් කරගෙන බව අද බොහෝ දෙනෙකුට අමතකයි . දැන් එතුමා ශ්‍රීලනිප සභාපති. තමන්ව බලයට පත්කළ එජාපය තම විරුද්ධවාදීන් වෙලා . ඊළඟට දඬුවම් ලැබූ දුශිතයෝ කෝ ? ඔවුන්ට දඬුවම් දෙනවා කියා බලාපොරොත්තු වෙන්නේ කොහොමද ?

:       0       0

Shan Wednesday, 28 February 2018 07:19 AM

වැඩක් වෙන්නේ නැත්නම් වැඩක් වෙන විදියට අධීක්ෂණය කරන්න නේ ඕන.

:       0       0

Ex-UNP API Wednesday, 28 February 2018 08:05 AM

අගමැතිට ඕනේ උනේ සංචාරක කර්මාන්තය සහ කර්මාන්ත කලාප ඇති කරන්න. එයට කලින් මේ රටේ අනාදිමත් කාලයක සිට පවතින කෘෂිකර්මාන්තය ගැන බැලුවේ නැහැ. වෙලාවට පොහොර ටික දුන්නේ නැහැ. බිස්නස් කාරයින්ට සහන දුන්න ගම්මිරිස්, කරුංක පිටරටින් ගෙන්වල ප්‍රති අපනයනය කළා. දේශීය ගොවියාට අසරණ උනා. බිස්නස් කාරයා රජ උනා. මේ වැඩ වලින් වාසි ලැබුනේ දෙශපාලුවන්ටමයි.

:       0       1

ranga Wednesday, 28 February 2018 08:07 AM

ලස්සන කතා හැමදාම අහනවා. ඒත් රට එතනම නේ....

:       0       5

saman k Wednesday, 28 February 2018 08:30 AM

දැන් කළමනාකරණය කරන්න තරම් ආර්ථිකයක් නැති එකේ කමිටු මොකටද?

:       16       57

akila Wednesday, 28 February 2018 09:14 AM

අගමැතිතුමාගේ ඔක්කොම පොරොන්දු ඔය වගේ තමා , කරන්න පුළුවන් ද බැරිද කියලවත් හොයන්නේ නැතිව යන යන තැන ගිහින් සුරඟන පොරොන්දු දෙනවා. පහුගිය මැතිවරණය කාලේ හැමෝටම නොමිලේ වයිෆයි දෙනවා කියුවා. දැන් එයාටවත් එ්ක මතක නැතිව ඇති...

:       0       7

Wipulasena Alankara Wednesday, 28 February 2018 10:19 AM

මේක කළින්ම ගත්තු බොහොම හොඳ තීරණයක්...

:       0       2

de silva Wednesday, 28 February 2018 10:47 AM

මේකත් අර ඇස්බැස්ටෝස් අහෝසිකළා වගේ වේවිද?

:       0       7

Hafeel Wednesday, 28 February 2018 11:04 AM

අගමැතිගේ සියලුම සැලැස්ම අතේ පුපුරනවා. නමුත් කපටිකමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව පමණක් රැකගෙන ඉන්නවා.

:       0       8

prakaash Wednesday, 28 February 2018 11:44 AM

මේ සංදර්ශනවලට ජනතාව රැවටෙනු එපා. ජනතාව නොමග අරිනවා.

:       0       3

vipula Wednesday, 28 February 2018 11:57 AM

පක්ෂ නායකකම එක දිගට තියාගෙන ඉන්න එක හැර අගමැතිතුමාට වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ.

:       0       2

Rohana Wednesday, 28 February 2018 12:17 PM

මේකට හේතුව අදක්ෂ නායකත්වයයි.

:       0       1

Muhan Wednesday, 28 February 2018 01:25 PM

එදාවේල දේශපාලනය කරන ග්‍රාමසේවක කෙනෙකුට ආර්ථික කමිටු කන්නද බොලන්ලා...

:       0       46

dhamneth Wednesday, 28 February 2018 01:29 PM

ටයර් කම්හලක් පටන්ගන්න හොරණින් දුන් ඉඩම ජනාධිපතිතුමාගේ නියෝගයක් මත තහනම් කළා කියා පුවත්පත් මගින් දුටුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 425 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 303 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 109 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 315 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 579 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 242 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 506 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site