IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසියි

අජන්ත කුමාර අගලකඩ
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථි කළමනාකරණ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් අද අහෝසි කරනු ලැබීය.

 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
 
ආර්ථික කළමනාකරණ කමිටුව පසුගිය කාලයේ රටට ඵලදායි කිසිවක් නොවූ බව පවසමින් ජනාධිපතිවරයා එම කමිටුව අහෝසි කිරීමසට කැබිනට් පත්‍රිකා දෙකක් මීට පෙර ඉදිරිපත් කර තිබිණි.
 
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවට අගමැතිවරයා ද මීට පෙර කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.
 
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීම සඳහා කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබියදී එම කමිටුව මීට පෙර එක් වතාවක් රැස්විය.
 
ජනාධිපති කාර්යාලයේ අද පැවැති කැබිනට් රැස්වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව පවත්වාගෙන යාම අවශ්‍ය බවට ඇමැති මලික් සමරවික්‍රම මහතා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇතැයි වාර්තා වේ. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ආර්ථික කළමනාකරණ කමිටුව වහාම අහෝසි කරන බව පවසා ඇත.
 
එය තවදුරටත් ඇද ඇද සිටීමේ තේරුමන් නැති බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පවසා ඇති බව වාර්තාවේ.



අදහස් (22)

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසියි

Rohana Tuesday, 27 March 2018 11:26 PM

ජනාදිපති තුමනි ඔබට වැරදුනේ රට හැදීමට නොගොස් පක්ෂය හැදීමට මුලිකත්වය දීමයි. රට හැදුවනම් පක්ෂය ඉබේ හැදෙනවා. පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නේ නැතිව රට සැදීමට කුසලතා තිබෙන මහාචාර්ය විජේසුරිය, වියන්ගොඩ, වැනි විද්වතුන් කැබිනෙට් මණ්ඩලයට තෝරා ගත්තේනම් රටේ ප්‍රතිසංස්කරණ කටයුතු කළහැකිව තිබුණා. දිලාන්ලා වගේ අය ගැනීමෙන් තිබුණා ප්රෝයෝජනය කුමක්ද? රනිල් අගමැතිතුමා මැතිවරණයේදී ඔබට සහාය දුන්නට ඔබ ඍජු ලෙස ඔබකටයුතු කළයුතුව තිබුණා. මේ වැරදීම් වලට ඔබට ගෙවන්න වන වන්දිය විසාලයි. ගොවිජතාව ඔබ සම්පුර්නම අමතක කලා. රට ගොඩ ගැනීමට ඔබට දැක්මක් තිබුනේ නැත.

:       1513       1453

HafeelWednesday, 28 March 2018 04:25 AM

රෝහණ, දැනටමත් ඔබගේ මේ අදහසට 226 විරුද්ධයි.

:       107       340

Sunil Wednesday, 28 March 2018 05:49 AM

රෝහණගේ අදහසට විරුද්ධ වුනත් කතාව ඇත්ත. යම් අදහසකට විරෝධ තාවය තිබුණු පලියෙන්ම එය බොරුවක් වෙන්න බැහැ

:       145       81

HafeelWednesday, 28 March 2018 07:23 AM

සුනිල් මමත් ඔබ අසමග එකඟයි. කතාව ඇත්ත.

:       190       12

ranjiWednesday, 28 March 2018 06:56 AM

ඡන්දෙ පරද උන හෙන්චයියෝ නැතුව රට සැදීමට කුසලතා තිබෙන විද්වතුන් පත් කරන්න ඕනේ අනිවාර්යෙන්ම.

:       0       32

shanikaWednesday, 28 March 2018 07:20 AM

විජේසූරියයි, වියන්ගොඩයි කැබිනට් එකේ හිටියොත් හොදට තියෙයි.

:       0       146

kumaraWednesday, 28 March 2018 07:33 AM

විජේසුරිය, වියන්ගොඩ, සිහිබුද්දීයෙන්ද කතා කරන්නේ?

:       0       51

සිරිමල් Tuesday, 27 March 2018 11:38 PM

මිනී පෙට්ටියේ අන්තිම ඇණයද මේ ගහන්න යන්නේ. ප්‍රශ්නය තියෙන්නේ පෙට්ටිය කාගේද කියන එකයි. 2020 දී මාපිල්ලු එනකොට කාගෙන්ද උදව් ගන්න බලාපොරොත්තු වෙන්නේ? එදාට " මට දැන් ඇති" කියල බලය පරණ කෙනාටම පුජා කරන්න නේද මේ අර අදින්නේ? මේ දේශපාලන සුදුවෙන් පරදින්නේ කවුද කියන එක දැන් කොකාගේ පාට වගේ පැහැදිළියි. හිතන්න එපා ඔය කියන කෙනා බලයට ආවොත් එයාට විරුද්ධව ගිය එක්කෙනෙකුටවත් එක දවසක්වත් පණපිටින් ඉන්න ඉඩක් දෙයි කියල.

:       359       571

Surath Tuesday, 27 March 2018 11:50 PM

අශ්වයා පැන ගිය පසු ඉස්තාලේ වැහුව වගේ. කමක් නැ ලොක්කට දැන් හරි තේරුණා ඇති.

:       38       128

Bamunuarachchi Wednesday, 28 March 2018 12:05 AM

සිරිසේන මහතා රනිල් ගේ මේ රජයත් රටට පලදායී නොවෙයි කියා අහෝසිකර දමන්නකෝ.

:       12       114

akila Wednesday, 28 March 2018 01:44 AM

අගමැති තුමා ඔයවගේ නමට විතරක් පවතින කමිටු දැන් කියක් දැම්මද

:       4       65

Chandra Wednesday, 28 March 2018 02:27 AM

මෙතුමා රටට කල ඵලදායි වැඩ මොනාද දන්නේ නැහැ නේද ? දන්නා තරමට දුෂිතයන් සමග එකතු වී රට අස්ථාවර කිරීමයි . මේ හැම දේම බල තන්හාව . රට වැසියා අගාදයේ.

:       5       396

ajith Wednesday, 28 March 2018 02:57 AM

යා දෙක නොරත රත - සමග පෑහීමක් නැත. කියල කියමනක් තියෙනවා . මෙතන තියෙන ප්‍රශ්නය මහජනතාවට තේරෙනවා. මේ කට්ටිය තේරුම් නොගන්න එකයි කරුමේ. අතීතයෙ විමසා බලන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය කරන විට එම පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවට ක්‍රියාත්මක උනේ " බණ්ඩාරනායක චින්තනය. චන්ද්‍රිකාගේ චින්තනය, මහින්ද චින්තනය. යුඑන්පී කාලේ සිද්ධ උනේ ජෙඅර් ගේ ප්‍රතිපත්ති. ප්‍රේමදාස ප්‍රතිපත්ති. රනිල්ගේ ලිබරල් ප්‍රතිපත්ති. අද වෙනකොට තියෙන්නේ ඕනේ මයිත්‍රී චින්තනය. ඒක කරන්න බැරි රනිල් නිසා. එයා යන්නේ එක මගක. ජනපති යන්නේ තවත් මගක. ඒගොල්ලන්ගේ මේ වැඩෙන් ජනතාව අතරමන් වෙලා. රට එකතැන නතරවෙලා. " වල් ඌරො කැකුණ තලන කොට - වලි කුකුලන්ට රජ මගුල්" කිව්වා වගේ මේවා නිසා පොහොට්ටුවේ කරලා පැහෙනවා. ජනතාව අසරණ වෙනවා.

:       3       74

sg Wednesday, 28 March 2018 03:25 AM

හිතවත් ජනාධිපති තුමනි ගන්නවානම් එකවර නියම වෙලාවට නියම තීන්දු ගතයුතුය. තත්වය එන් එන්නම බරපතල වන බව හැගේ.

:       1       56

gunarathnaWednesday, 28 March 2018 05:04 AM

තීන්දු කෙලින් ගන්ට තරම් නිදහසක් මෙතුමාට නැහැ. කීදෙනෙකුගෙන් අහන්ට ඕනෙද තීරණයක් ගන්ට. ගත්තු තීරනය රටට දැනුම් දෙන්නේ කොහේ හරි පන්සලක තියෙන රැස්වීමකදී.

:       0       82

HafeelWednesday, 28 March 2018 07:37 AM

ජේ ආර් ජයවර්ධන මැතිතුමා විශ්‍රාම ගිය පසු පුවත් පතකට කියා තිබුණා රටේ නායකයකුට හදිස්සි, ක්‌ෂණික තීන්දු තීරණ ගන්න අවස්ථාවල් එනවා කියල. ඒ මොහොතේ එම තීන්දුව ගතයුතුමයි කියලා. නමුත් අවංකවම කියනවනං, රටේ නායකයකුට තියන්නොන හැකියාව, ගුණාංගය මෛත්‍රිපාල ජනාධිපතිතුමා ළඟ නැති කියල කනගාටුවෙන් හරි කියන්න වෙනවා. ඒ මේ ගතවූ අවුරුදු 3 දිහා බලන විට කාටත් තේරෙනවා.

:       0       41

Lalith Wednesday, 28 March 2018 04:28 AM

ඔය කමිටු අහෝසි කරලා තියා දුම්මල ගැහැව්වත් යවන්න බැහැ.

:       0       82

සතයපාල Wednesday, 28 March 2018 04:58 AM

විධායක ජනාධිපති තනතුරත් රටට වැඩක් නැහැනේ ඒකත් අහොසි කරන්නකෝ රටට පොරොන්දු වෙලා ආවේ එහෙමනේ.

:       55       66

Chandima Wednesday, 28 March 2018 05:44 AM

ආණ්ඩුව පටන් ගත්තු දා ඉඳන් එක එක කමිටු දානවා. ටිකක් ඒවා දුවනවා. ඔන්න ඊළඟට හොර වෙනවා කොර වෙනවා. එක අහෝසිකරලා ඊට වඩා මේක හොඳයි කියල තව එකක් දානවා. එකටත් අර ඉරණමමයි. හරිගියේ නැහැ වගේ වෙනවා. අයෙත් අලුතින් පටන් ගන්නවා. ඔහොම යමුකෝ තව කි දවසද ඉතින් නේද?

:       0       54

padmini Wednesday, 28 March 2018 05:50 AM

අපි ජනවාරි 8 බලයට පත් කල යහපාලනය දිනෙන් දින වහ පාලනයක් වන අයුරු ඉතා දොම්නසින් බලා සිටිමු.

:       0       88

saththaya Wednesday, 28 March 2018 06:09 AM

ඉතාම අවංක මෙතුමා ඉතාම පැරණි දේශපාලග්ඥයෙක් , නමුත් මෙතෙක් කල් ඇමති පට්ටම් අරගෙන, රටේ ජනාධිපති වෙලත් මොකද්ද රටට කල අවංක සේවය කියල මහජතාවට වටහල දෙන්න . කාටවත් තේරෙනේ නම් නැහැ.

:       0       32

Ranil Wednesday, 28 March 2018 06:50 AM

දැන් වත් ගෙදර යන්න

:       2       42

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1021 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 428 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 136 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 400 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 717 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 268 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 290 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site