IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරේ මානව හිමිකම් කොමිසමටත් යයි

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇතැයි කියන අඩු පාඩු සම්බන්ධයෙන් විභාග අපේක්ෂකයන්ට සාධාරණයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමය අද (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලින් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු 10 දෙනෙක් එහි වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

මෙවර ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු කිහිපයක් ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් විභාග කොමසාරිස්ට ලිඛිතව දන්වා ඇති බව ද, උත්තර පත්තර ඇගයීමේ දී ඒ අඩුපාඩු සම්බන්ධයෙන් අවධානයක් යොමු කර නැති බව ද , ඒ නිසා සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වන බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

මානව හිමිකම් කොමිසම අසළ දී මාධ්‍යයට අදහස් දක්වමින් ස්ටාලින් මහතා මෙසේ ද කීවේය.

‘මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අඩුපාඩු ඇති බව ප්‍රශ්න පත්‍රය ලබා දුන් දිනයේ සිටම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දුන්නා.   මේ අඩුපාඩු නිසා ළමයින්ට ලකුණු 15ක් පමණ අහිමි  වන බව කියමින් ආචාර්යවරුන් විභාග කොමසාරිස්ට ලිපියක් යැව්වා.

උත්තර පත්තර පරීක්ෂකයන්ගේ රැස්වීමේ දී ඒවා හරි ආකාරයට සාකච්ඡාවට බඳුන් වුණේ නෑ. දැන් ආර්ථික විද්‍යාව ඇගයීම් ඇරැඹිලා. ඇගයීම් අවසන් වන්නට මෙය විභාග කර දරුවන්ට සාධාරණයක් ඉටු කරන ලෙස අපි මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලනවා. ‘

DSC_0931

DSC_0935



අදහස් (0)

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්තරේ මානව හිමිකම් කොමිසමටත් යයි

සිල්වා Tuesday, 16 September 2014 02:49 PM

අධ්‍යාපන ඇමති තුමා හැමදාම අනා ගන්නවා ඕකට තියෙන හොදම විසඳුම නියෝජ්‍ය ඇමතිට වැඩේ බාර දෙන එක ගරු ජනාධිපති තුමනි මේ ගැන කාරුණිකව සලකා බලන්න රටේ අනාගතයට ලොකු අසාදාරනයක් වෙන්නේ. රජයත් අපහසුතාවලට ලක්වෙනවා මෙවැනි ඇමතිවරු රජය සමග සිටීමෙන් වහාම තීරණයක් ගන්න !!!! (අ)

:       0       0

බන්දුල Tuesday, 16 September 2014 04:00 PM

මම නම් මේ දකින්නේ කළ දුටු කල වල ඉහ ගැනීමේ ක්‍රියාවක් මිසක වෙන යහපත් අදහසකින් කරන ක්‍රියාවක් හැටියට නෙමෙයි.ලකුණු අඩුවීමක් වෙනවනම් එ්ක පොදුවේ සියලු සිසුන්ට බලපාන දෙයක්..මෙතන තියෙන්නෙත් මෙදා පාර ප්‍රශ්න පත්‍රය හදපු අය පිළිබදව ඉරිසියාව කුහක කම මිසක් වෙන දෙයක් නෙමෙයි..මෙදා ප්‍රශ්න පත්‍රය හැදුවෙත් ගියවර හැදුවෙත් ඔය කියන මහාචාර්ය වරුම තමයි..ගියපාර කෙනා අයින් කරපු එක නිසා තමයි මේ විදියේ ගැටළුවක් කට්ටියට ඇති වුනේ..ගියපාර හදපු කෙනාගේ කෙරුවාව සති අන්ත පුවත් පතක් මනාව හෙළි කරලා තිබුන.ඒක අනුව ගියවර සහ ඊට පෙර විභාග හරිනම් අවලංගු කරන්න ඕන..මේ කට්ටියගේ ඇනකොටා ගැනීම අස්සේ ගුරු සංගමේ බොර දියේ මාළු බාන්න හදනව....තමන්ගේ වෘත්තිය අයතිවාසිකම් දිනාගන්න පඩිපත වැඩිකරගන්න උසස්පෙළ සිසුන්ගේ පිළිතුරුපත් ඇගයීම ඇපේට ගත්තු ඒකෙන් නින්දිත පහත් අශික්ෂිත විදියට ඉල්ලීම් දිනාගන්න උත්සහ ගත්තු ගුරු සංගමේ මේ කිඹුල් කදුළු උසස්පෙළ සිසුන් වෙනුවෙන්ද? කවදාවත් නැහැ.. යන්තම් දුමක් දැක්කනම් පැට්‍රල් දාල වටේම ගිනි තියන්න කට්ටිය හරි දක්ෂයි...අපි නොදන්නා ස්ටර්ලින්.. (අ)

:       0       0

චන්දන Tuesday, 16 September 2014 05:04 PM

අනේ මගේ රටට ගිය කලක් (දී)

:       0       0

සේනානායක Tuesday, 16 September 2014 11:26 AM

ලෝකේ හිනස්සන වැඩ මේවා (දී)

:       0       0

විශ්ව Tuesday, 16 September 2014 11:42 AM

ඔන්න රටකට ගිය කල (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 630 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1508 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3380 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1768 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 687 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 405 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site