වෙරෝනා නුවර තෙආත්‍රෝ ස්තිමතෝ ශාලාවේ පැවැත්වෙන හෙළ මියැසි ගී රාවය 2014 ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට ඉතාලියට පැමිණි ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂක ආචාර්ය රෝහණ වීරසිංහ මහතා වෙරෝනාහි පදිංචි ශ‍්‍රී ලාංකික දරු දැරියන් සංගීතය පුහුණුවන ස්ථානයට ඊයේ(21) ගොස් ඔවුනගේ පුහුණු වීම් සදහා සහයවෙමින් ඔවුන් දිරිමත් කළේය.
විදේශ ගතව සිටිමින් නොයෙකුත් දුෂ්කරතා මැද අර්ථවත් සම්භාව්‍ය සංගීතයේ මිහිර විදිමින් දේශීය සංගීත භාන්ඩ පුරුදු වන මෙම දරු දැරියන් පුහුණු වීම් කටයුතු කරන්නේ වෙරෝනා නුවර ප‍්‍රධාන පාපන්දු ක‍්‍රීඩාංගනය අසල පිහිටි කුඩා ගරාජයකය.
දැඩි සීතලෙන් මිදීම සදහා ඔවුන් සිය පුහුණු වීම් කටයුතු කිරීමට මෙම ගරාජය තෝරාගෙන ඇත. ඔවුන් ගරාජයට ගොස් දොර වසාගනි.
රෝහණ වීරසිංහ මහතාද එහිදී දරු දැරියන් සමග ගී ගයමින් පුහුණු වීම් මහත් උනන්දුවකින් සිදු කළේය.
දේශීය සම්භාව්‍ය සංගීතය රැක ගැනීමට වෙහෙසෙන මෙම ලක් දුපුතුනගේ ගෙන යන උත්සාහයට රෝහණ වීරසිංහ මහතාගේ ආගමනය අගය කළ එහි වෙසෙන ලාංකිකයෝ එය ඉතා ගෞවරවයක් කොට සැලකූහ.
එම දරු දැරියන් පැවසුවේ රෝහණ වීරසිංහයන් වැනි ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂකවරයෙක්ගෙන් සමග පුහුණු කටයුතු කිරීමට අවස්ථාව උදාවීම තමන් ජීවිතයේ ලත් මහත් භාග්‍යයක් බවයි.
ලක් දු පුතුන් සංගීතවත් කරන හෙළ මියැසි ගී රාවය රාවය අද සවස පහට පැවැත්වීමට නියමිතය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආරාධිතයාගෙන් සංගීත පුහුණුව
සුනිල් ගාමිණී වෙරෝනා Saturday, 22 February 2014 04:35 PM
ලංකාවේ ඉන්න දක්ෂතම කලාකරුවෙක් ,ඇත්තටම රෝහණ වීරසිංහ මහතාව දකින්න ලැබීමත් ලොකු සතුටක් ,,මෙම කලාකටයුත්ත වෙනුවෙන් මහන්සි වුන සියලු දෙනාටම උණුසුම් වූ සුබ පැතුම්,..(අ)