IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘ඇඟේ හයියට ආණ්ඩු පෙරළන්න බැහැ‘

‘මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරිම ගැන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු කෑ මොර දෙන්නේ මාධ්‍යයට විතරයි. මාධ්‍ය සංදර්ශන තමයි පවත්වන්නේ නමුත් දිමනාව වැඩි කළොත් කිසි කෙනෙක් දිමනාව ලබා නොගෙන ඉන්නේ නැහැ. එහෙනම් වාහන පර්මිට් එකත් ප්‍රතික්ෂේප කරන්න ඕන. බොරුවට  බෙරිහන් දෙනවා. නමුත් වාහන පර්ම්ටි එක ගන්න ආණ්ඩු පක්ෂ කාර්යාලයේ කැරකෙනවා‘ යැයි ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි හා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති  විජේපාල හෙට්ටිආරච්චි මහතා තම නිවසේ පැවැති සමාජ ආධාර බෙදාදීමේ  රැස්විමකදි පැවසීය.

‘ඒකාබද්ධ  විපක්ෂයේ අය  ආණ්ඩු පෙරලන්න සිහින දකිනවා. මේ ආණ්ඩුව වසර පහක් යනකම් තියෙනවා. එහෙම ආණ්ඩු පෙරළන්න බැහැ. ඇඟේ හයියට ආණ්ඩු පෙරළන්න බැහැ. ඒකාබද්ධ විපක්ෂය මේ වන විට දියවෙමින් යනවා. මම නම් කියන්නේ  මන්ත්‍රිවරුන්ට අවශ්‍ය පහසුකම්  ලබා දිය යුතුයි. දැන් බලන්න අම්පාර  යාපනයේ ඉඳලා එන මන්ත්‍රිවරුන්ට ඉන්ධන දිමනාව සඳහා කෙතරම් මුදලක් වැය වෙනවාද කියලා. මටත් අධිවේගි මාර්ගයේ ගමන් බිමන් වලට විශාල වියදමක් යනවා.  රැස්විම් වලට වෙලාවට යායුතුයි. උදේ කොළඹ ඉදලා සවස  නැවත ආසනයේ මළ ගෙවල් මගුල් ගෙවල් වලට යන්න වෙනවා. නැවත ආපසු කොළඹ යන්න වෙනවා. මේ නිසා මන්ත්‍රිවරුන්ට ඒ සදහා පහසුකම් තියෙන වාහනයක් තිබිය යුතුයි. අපි ඇත්ත කථා කළ යුතුයි. දහනායක මහත්තයාලා ඒ කාලයේ දුම්රියෙන් පාර්ලිමේන්තු ගිය බව ඇත්ත. නමුත් දැන් ලෝකය දියුණු වෙලා කාලයත් සමග විශාල සටනක් කිරිමට සිදුවෙලා. වැඩ කරණ මන්ත්‍රිවරුන්ට නම් අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුවෙනවා. ජනතාවට වැඩක්  නොකර නිකන් ඉන්න අය තමයි මේ කෑ ගසන්නේ.‘ යැයිද මන්ත්‍රීවරයා කීවේය.

 



අදහස් (0)

‘ඇඟේ හයියට ආණ්ඩු පෙරළන්න බැහැ‘

ඩිල්ෂාන් Sunday, 03 April 2016 02:03 PM

අපිට සේවය කරන්න මෙවුන් දඟලනවා කියලද කියන්නේ? ගොවියන්ට වී ටිකට සාධාරණ මුදලක් දෙන්න බැරි අය. මුන්ට තව දීමනාවල් දෙන්න කියල කියන්නේ. ගොවියෝ බඩගින්නේ මෙවුන්ට සුර සැප. (බ)

:       0       0

ප්‍රියා Monday, 04 April 2016 05:12 AM

ස්වේච්ඡාවෙන් ජනතාවට සේවය කරන්න බැරිනම් ගෙදරට වෙලා ඉන්න. ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ඕන තරම් දක්ෂයන් මේ පොළෙවේ ඉන්නවා. (බ)

:       0       0

සේන Sunday, 03 April 2016 08:13 AM

පක්ෂේ උදවියගේ මළගෙවල් මගුල් ගෙවල්වල යාම පක්ෂේ කටයුතු මිසක් පොදු මහජන කටයුතු නෙවෙයි, අනික මහජන මුදලින් පහසුකම් අරගෙන මහජනයාට කරපු සේවය මොකක්ද? (බ)

:       0       0

කමල් Sunday, 03 April 2016 09:45 AM

සේන, මහජනතාවට සේවය කිරීමට වාහනයක් දිමේ වරද මොකක්ද ? (බ)

:       0       0

බන්දුල Sunday, 03 April 2016 10:07 AM

මෙයා ගාල්ල පුරාම තැන තැන වල ඉඩම් වලට හිමිකම් කියාගෙන යනවා.මෑතක මීපාවල පාසල ගාව ලොකු ඉඩමක රැස්වීම් ශාලාවක් හදාගෙන යනවා.එක කාගේද කියල කියනවද? දැන් මෙයා ගාව සල්ලි ගැවසෙනවා වැඩියි වගේ. (බ)

:       0       0

දහම් Sunday, 03 April 2016 10:20 AM

අනේ මන්ත්‍රීතුමනි, පළාත් පාලන ඡන්දය තියන්නකෝ, ඔයාලගෙ කල්ක්‍රියාව කොච්චර දෙනෙක් අනුමත කරනවද කියලා බලාගන්න (නි)

:       0       0

සුසන්ත Sunday, 03 April 2016 10:56 AM

මිනිසුන්ට තියන හැම සහනයක්ම කපමින් යනවා. හැබැයි දේශපාලකයින්ගේ ගොඩනම් හිතෙන හිතෙන තරම් වැඩිකර ගන්නවා. වැරැද්ද මේවට දිට්ට ධම්ම වේදනීය කර්ම පළනොදීමයි! (නි)

:       0       0

සුසන්ත Sunday, 03 April 2016 10:58 AM

දැන් ලෝකේ දියුණුවෙලා තමයි. ඉස්සර දහනායක මහත්තයා ගියා නම් දැන් අපේ පොදු ප්‍රවාහන පහසුකමුත් ලෝකේ දියුණුවෙලා තියන පමණටම දියුණු වෙලා තියෙන්න ඕනෑ. එහෙම තිබුනා නම් අද දහනායක මහත්තයාගේ කාලෙටත් වැඩිය අඩු කාලයකින්, ඊටත් වඩා පහසුවෙන් ගිහින් එන්න පුළුවන් වෙන්න ඕනෑ. එත් අපේ සාමාන්‍ය ප්‍රවාහන සේවා එහෙම දියුණුවෙලා තියනවද? (නි)

:       0       0

චතුරි Sunday, 03 April 2016 11:15 AM

ගොවියන්ට පොහොර ගන්න. සල්ලි වගේම මේ මන්ත්‍රී ගොල්ලන්ට කාඩ් පතක් දෙන්න පාර්ලිමේන්තුවට එන වර ගණනට තෙල් ගසා ගැනීමට පසුගිය ආණ්ඩුවේ මන්ත්‍රීන් හොඳට සල්ලි හම්බ කරලා තියෙන්නේ. එ්කයි ඒ අය කෑගහන්නේ රාජපක්ෂලා , දුමින්දලා ඇතුළු කට්ටිය. ඒ අය දන්නෙත් නැහැ මේතරම් සල්ලි කොහොමද ලැබුනේ කියල ....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 54 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 671 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1563 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3497 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1828 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 697 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site