ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නායකයන් සිරිකොතේ පිඟන් සෝදන්නන් බවට පත්ව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවැසීය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ වැරදි වැඩ කළ වැඩි පිරිසක් මේ වනවිට වත්මන් ආණ්ඩුවට සම්බන්ධ වී සිටින බව කී හෙතෙම ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.
මහින්ද රාජපක්ෂ මහතා වටේ තාමත් දූෂිතයන් සිටී නම් ඔවුන් පසෙකට කර නිසි පුද්ගලයන් ඉස්මතු කිරීමට කටයුතු කළ යුතු බවත් එය ඔහුට ඇලුම් කරන ජනතාවගේ ද යුතුකමක් බවත් මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රිලනීප නායකයො සිරිකොතේ වලන් හොදද්දී ම එ පෙ නායකයන මැදමුලනේ රෙදි සොදයි.
සිරිකොතේ කුස්සියේ ඉඳුල් කකා පිඟන් හෝදන්න ලජ්ජා නැද්ද මහත්තුරුනේ.ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිය ඕකද? (බ)
මේ දෙගොල්ල තමා රට අද පත්ව ඇති තැනට තල්ලු කරගෙන ආවේ (බ)
මෙතුමා අන්තිමට කිව්ව ටික හිතලමද කිව්වේ, එතුමා වටේ ඉන්න දුෂිතයෝ ඉවත් කරන්න කියල?. ඉතින් අන්තිමට කවුරුවත් ඉතුරු වෙන්නේ නැතුව කොහොමද ආණ්ඩුවක් පිහිටුවන්නේ? (බ)
උපාලිගේ කතාවත් පංකාදුයි. (ර)
පිඟන් විතරක් නෙවෙයි අපිටනම් පෙන්නේ ඔය කියන සමහරු වැසිකිලිත් හෝදනවා වගේ සිරිකොතේ. (බ)
පහුගිය කාලේ සිරිකොතේ සමහර කට්ටිය ඩාර්ලි පාරේ පිඟන් හේදුවනේ. දැන් ඉතින් ණය ගෙවිලානේ. (නි)
මට මතක හැටියට නම් ඒ කළේ මේගොල්ලන්ගේ කුස්සියේ ඔය කියන දේ සඳහා සිරිකොතෙන් කට්ටියක්ම ගත්තා. ඒ අය බොහෝ දෙනෙක් තවමත් එම සේවයේ යෙදෙනවා. ඒ අනුව මේ කවුරුත් එකම බෝට්ටුවේ බව නොදැන කරන ප්‍රකාශ හැටියට අපට සළකන්න පුළුවන්. (නි)
ඔය කාගෙ කාගෙත් කියුම් කෙරුම් අපි හොඳට හඳුනනවා (නි)
ඉස්සර මැදමූලනේ පිඟන් හෝදන්න එජාපයේ අයත් ගිය බව අපි දන්නවා (නි)
සිංහලයට, බුදු දහමට මුල්තැන දුන්, එය ආරක්ෂා කිරීමට කැපවූ ගරු බණ්ඩාරනායක අගමැතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද තියෙනවාද? කෙසේවුවත් අද තියෙන ශ්‍රීලනිපයේ කෙරුමන් නම් සිරිකොතේ කුස්සියේ වැඩ කරන එක රහස් නොවේ. අද පාලකයන් මේ රටේ කරන දේවල් මැතිවරණයට පෙර පැවසුවා නම් හිටපු ජනපතිතුමා තවමත් ජනාධිපති. (නි)
ඔබතුම දේශපාලකයා අද වනවිට කාබාසිනියා වී සිටින හේතු විග්‍රහ කරගන්නේ නැද්ද? ඔය දෙපැත්තේම පිඟන් හෝදන හෝදපු කට්ටිය ඉන්නවා කියලවත් පිළිගන්න. අඩුතරමේ එතකොට දෙවෙනි වතාවට පාර්ලිමේන්තු යවන එක ගැන ජනතාව සළකාබලාවි. (නි)
ඕව තමයි එජාපෙන් ගිය අයත් කළේ. ඒ කාලේ ඒගොල්ල අරලිය ගහේ පිඟන්, වලන් සෝදන්නන්. ඕව ගණන් ගන්න එපා. (බ)
රටේ ජනතාව 1956 ඉදන් පක්ෂ දෙකේම පිඟන් හෝදනවා (බ)
පක්ෂ දෙකම 1956 ඉදන් අපේ බඩට ගහනවා. එත් අපි ඡන්දේ දෙනවා. (ම)
පිඟානක් දෙකක් හේදුවහම මොකද අනේ. (නි)