IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඇදුරන්ගේ බදු බර ගැන සජිත්ගෙන් බරබරයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සරසවි ඇදුරන්ගෙන් දරාගත නොහැකි බදු අය කිරීම නිසා  ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින හෙයින් එසේ බදු අය කිරීම  වහාම නවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව   විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

"ආචාර්යවරුන්ට මෙහෙම කරනකොට ඔවුන් රට අතහැර යෑම පුදුමයක් නොවෙයි" යැයිද  ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

ආචාර්යවරුන්ගේ වැටුප්වලින් විශාල ප්‍රමාණයක් බදු ලෙස අය කරගන්නවා. වැටුපෙන් ලක්ෂයකට වැඩි මුදලක් බදු. මේ නිසා ඒ අයට අද  ජීවත් වෙන්න බෑ. මේ තත්වය නිසා ඔවුන් රට අතහැර යනවා. මේ හේතුවෙන් ඇදුරන්ගේ බරපතළ ඌනතාවයක් ඇතිවෙලා තියෙනවා. රටේ බුද්ධිගලනය වැඩි වෙලා. මේ ප්‍රශ්නය ගැන ඔබතුමා  පූර්ණ අවධානය යොමු කරන්න ඕන.

ඒ වගේම වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති විය යුතුයි. ඒක අදම පටන් ගන්න ඕන.



අදහස් (7)

ඇදුරන්ගේ බදු බර ගැන සජිත්ගෙන් බරබරයක්

abaran Tuesday, 05 September 2023 12:48 PM

ඇත්තට මේ වගේ මෝඩ මිනිහෙක් ? පළමු කරුණ නම් අපේ රටේ ඔය කියන ආචාර්ය වරුන්ගෙන් කීයෙන් කීදෙනාටද ඔය හැමෝම යන්න දඟලන ඔස්ට්‍රලියාවේ, නවසීලංතයෙ , බ්‍රිතන්‍යයේ , කැනඩාවේ හෝ ඇමරිකාවේ සරසවි වල ආචාර්ය වරු ලෙස රැකියා කල හැක්කේ ? මෙන්න මේ ඇත්ත අපේ රටේ සාමාන්‍ය ජනයා දන්නේ නැහැ . අනික ඇත්ත කතාකලොත් බොහොමයක් ආචාර්යවරු ගන්න වැටුපට හරියන වැඩක් කරන්නේ නැහැ . අනික මේක ලංකාව ලංකාවේ ඉන්නවේ ඉඳගෙන එංගලන්තේ ආචාර්යවරුනට ගෙවන වැටුප් ලබාගන්න බැරි බව කවුරුත් මතක්කර ගතයුතුයි . ඔය කියන දියුණු රටවල වි විද්‍යාල වල අධ්‍යාපනය සඳහා මුදල් ගෙවිය යුතුයි . ඒ රටවලත් බදු ගෙවන්න වෙනවා කාටත් . දැන් ආචාර්ය වරුන්ගෙන් බදු අය නොකරොත් අනිත් මිනිස්සු බදුගෙවාවිද ? බදු නොගෙන කොස් ඇට විකුනලද ඔය හැම ලබ්බම නිකන් දෙන්නේ ?

:       14       12

himal Tuesday, 05 September 2023 01:28 PM

රට ගිහිල්ලා ආපසු එන්නෙ නැති එක මේ බදු පණවන්න කලිනුත් තිබුණා. අනික එයාලට විතරක් ඇයි විශේෂයක්? සමහර ඇදුරෝ තමන්ගේ කාල සටහනේ දේශන කරවන්නේ එයාලමද නැත්නම් අලුත ආපු අය දම්මලාද? සමහරු ටියුෂන්වල, සමහරු දේශපාලන වේදිකා වල. එහෙම නැත්නම් කාර් බ්‍රෝකර්, ඉඩම් බ්‍රෝකර් වැඩ වල කොච්චර ඉන්නවද එතකොට උගන්වන්න වෙලාවක් තියෙනවද? මාසෙට දවස් කීයක් කැම්පස් ඇවිල්ලද ඔය පඩිය ගන්නේ? ඔය යන රටවල සමහර විට මෙයාලා බදු නැතිවම පිළි ගන්නවා ඇති.

:       10       10

ajith Tuesday, 05 September 2023 03:58 PM

නිදහස් අධ්‍යාපනය, සෞඛ්ය සේවා, සමුර්ධි, විශ්‍රාම වැටුප්, මාර්ග නඩත්තුව මිනිසුන්ට නොමිලේ ලැබෙන දේ නොවේ. කෙඳිරි නොගා ඒ වියදම් වලට බදු ගෙවන්ට පුරුදු විය යුතුයි. ඕනේ රටක වැඩි ආදායමක් ලැබෙන උදවිය වැඩියෙන් බදු ගෙවනවා. බදු ගෙවීමට අකමැති අය, ඉහත සේවාවන් සඳහා ආදායම් සොයා ගන්නා විකල්ප මාර්ගත් ඉදිරිපත් කල යුතුයි.

:       8       5

ලුම්බිණි Tuesday, 05 September 2023 06:31 PM

රටේ ලොකු ආදායමක් ලබන සරසවි ඇදුරන්ට බදු ගෙවන්න බැරිනම් අනික් අය කොහොම ගෙවන්නද?

:       0       1

Bamunuarachchi Tuesday, 05 September 2023 06:40 PM

පිස්සු කෙලින්න එපා සජිත්. පුතානෝ එංගලන්තේ හිටිය නේද? කොහොමද එහෙ බදු ගැහිල්ල. පොඩ්ඩක් එහා අයර්ලන්තේ බදු ගැහිල්ල කොහොමද? මගේ දරුවාට ලැබුන යුරෝ 500 ඉන්ක්‍රිමන්ට් එකෙන් ඉයුරෝ 260 බදු වලට කපා ගෙන . මෙයා මෙහෙ පිස්සු කෙලිනවා. ඉන්න බැරිනම් දාලා යන්න කියන්න. පිටරට ගිය පලියට බදු නැති ජොබ්ස් හම්බවෙන්නේ නැහැ. ට්‍රක්ස් එලවන්න පුහුණු වෙලා එන්න කියන්න. හොඳ වැටුප් හැබැයි නහුතෙට බදු

:       0       1

MO77 Tuesday, 05 September 2023 08:02 PM

මේවගේ කෙනෙක් රටේ ජනාධිපති වුණොත් කොහොමට තියෙයිද? ඔය කීයෙන් කී දෙනාටද ලෝකයේ උසස් journal වල publication තියෙන්නේ... පේටන්ට් international research funding තියෙන්නේ... ඔය කියන ආචාර්යවරුන්ගෙන් ඉතාම අල්පයකට පමණක් විදේශ රටක විශ්ව විද්‍යාලයක වැඩ කරන්න පුළුවන්. බහුතරයකට එසේ කරන්නට බෑ.. එහෙම පුළුවන් නම් මේ ගොල්ලෝ ඒක නොකර ඉන්නෙත් නෑ. විදේශ විද්‍යාලවල මහාචාර්ය පදවිය ලබා ගැනීමට සපුරායුතු කාරණා බැලුවොත් ඕනෑ කෙනෙක්ට එය පැහැදිලි වේවි. ලංකාවේ ජේෂ්ඨ මහාචාර්යවරු යැයි කියාගන්නා අයගේ තියෙන සුදුසුකම් එක්ක සංසන්දනය කරලා බලන්න..

:       0       1

de silva Wednesday, 06 September 2023 12:33 PM

මාසෙකට ලක්ෂ 5ට වැඩියෙන් හම්බ කරන මේ ඇදුරෝ බදු ගෙව්වාම මොකක්ද තියෙන ප්‍රශ්නේ...? රටේ අනිත් මිනිස්සු බදු ගැහුවේ නැතිද? පිටරටවල ඇදුරෝ බදු ගෙවන්නේ නැතිද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 103 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 319 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2373 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1735 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3340 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1687 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26065 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site