(අජන්ත කුමාර අගලකඩ)
ලන්ඩන් සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි පසුව සිදුකෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිව තිබූ සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදෙන ලෙස එම පක්‍ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මීට පෙර, සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය හොබවනු ලැබුවේ එස්.බී. දිසානායක මහතා විසිනි.
දැනට එම ධුරයේ වැඩ බැලීම ක්‍රමෝපාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතාට පවරා ඇත. මේ අතර, දැනට පුරප්පාඩු වී පවතින කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යධුරයද එක්සත් ජාතික පක්‍ෂයට දී ඒ වෙනුවට එක්සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරයකු හොබවන වෙනත් කැබිනට් අමාත්‍යධුරයක් ශ්‍රීලනිපයට හිමිවනු ඇති බවද එම ආරංචිමාර්ගවලින් පැවැසේ. ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ කම්කරු හා කම්කරු සබඳතා ඇමැතිධුරයේ වැඩබැලීමට දැනට පත්කර ඇත්තේ ද ඇමැති මලික් සමරවික්‍රම මහතාය.
අමාත්‍යාංශවල විෂයන් බෙදීම විද්‍යාත්මක පදනමක් යටතේ සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර, ඒ අනුව දැනට එක් අමාත්‍යාංශයක් ලෙස පවතින මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යධුරය, අමාත්‍යාංශ දෙකකට වෙන් කෙරෙනු ඇතැයි පැවැසේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සංස්කෘතික විෂයට අදාළ ආයතන රැසක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පත් කෙරෙනු ඇතැයිද වාර්තා වේ. ව්‍යවසාය සංවර්ධන, ඉඩම් සහ වෙළෙඳ හා වාණිජ යන අමාත්‍යාංශ තුනටම අයත් සීනි සමාගම් තුනද එක් අමාත්‍යාංශයක් යටතට පත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අංගජන් රාමනාදන් සහ කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් ඇතුළු නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නියෝජ්‍ය ඇමැතිධුර හිමිවීමට බොහෝදුරට ඉඩ ඇති බව දැනගන්නට තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ලන්ඩනයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 22 වැනිදා යළි දිවයිනට පැමිධෑමට නියමිත අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඉන් අනතුරුව සිදු කෙරෙනු ඇත. කැබිනට් සංශෝධනය අලුතින්ම ඇමැති මණ්ඩලයක් පත් කිරීමක් ලෙස සිදුකෙරෙනු ඇතැයි ද වාර්තා වේ.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමැති මාරුවේදී සමෘද්ධි කම්කරු එජාපයට
Nimal Thursday, 19 April 2018 04:54 AM
දෙකම හොඳ ඉල්ලම්. කරුණාකරලා රවිට හෙම දෙනවා නෙමේ.
සතයපාල Thursday, 19 April 2018 06:25 AM
අමාතයාංශ විද්‍යාත්මකව බෙදනවා නම් ලංකාවට කැබිනට් අමාත්‍යාංශ විසි පහත් තිහත් අතර සංඛයාවකට වඩා ඇති කරන්න බැරිවෙයි. ඒක නිසා මෙතන විද්‍යාත්මක කතාව බොරුවක් කැබිනට් අමාතයාංශ හතලිස් පහක් පනස් පහක් විතර හදන කොටම ඒක අවිද්‍යාත්මක විතරක් නොවෙයි අතාර්කික හා අසාධාරණ වැඩක් බව රටටම පෙනෙනවා.
Hafeel Thursday, 19 April 2018 06:41 AM
දැන්ද තේරුනේ අමාත්‍යාංශවල විෂයන් බෙදීම විද්‍යාත්මක පදනමක් යටතේ සිදුවෙන්නොන බව? විද්‍යාත්මක පදනම කියන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයට ලොතරැයි මණ්ඩලය පවරන එකද?
sena Thursday, 19 April 2018 07:08 AM
මෙයාලාට ඕනේ අැමතිකම් බෙදාගන්න මිසක් රටට වැඩක් කරන්න නෙවෙයි....
rama Thursday, 19 April 2018 08:46 AM
කවුරු පත් කලත් වැඩක් කරන්නේ නෑ වරප්‍රසාද විතරයි ඕනෑ