IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඇමැති විජයදාසගෙන් මහ බැංකුවට චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික විරරත්න)

මූල්‍ය සමාගම් කඩාවැටීමට මෙන්ම   ඒ හරහා  ජනතාව අසරණතාවයට පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාදාමයද බලපා ඇතැයි  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

මේ ප්‍රශ්නයට පවතින නීතිය තුළ සාධාරණය ඉටු කිරීම අපහසු බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අධිකරණ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

ඇතැම් මූල්‍ය සමාගම් කඩා වැටීම නිසා විශාල පිරිසකට අසාධාරණකම් සිදුවෙලා තියෙනවා. මේක පසුගිය වසර 20 පුරාම සිදුවුණා. ජනතාව මෙහෙම අසාධාරණයට ලක්වීමට මහ බැංකුවේ ක්‍රියාදාමයක් බලපෑවා. මහ බැංකුව මේ සමාගම් ලියාපදිංචි ඒව කියල වාර්තාවක් ඉදිරිපත් කර ජනතාවට  විශ්වාසයක් දෙනවා. එතකොට ජනතාව ඒවායේ  මුදල් තැන්පත් කරනවා. එහෙම තැන්පත් කරලා ඒ ආයතන කඩා වැටුණම මුදල් ලැබෙන්නේ නැහැ. මේකට විසඳුමක් දෙන්න මමත් උත්සහ කළා. දැන් තියෙන නීති ක්‍රමය තුළ සාධාරණය ඉෂ්ට කරන්න අමාරුයි. නඩු ගිහිල්ලා මුදල් අය කරගන්න ක්‍රියාදාමය  හරි දීර්ඝයියි. මේකට නිවැරදි ක්‍රමයක් පාර්ලිමේන්තුව සකස් කළ යුතුයි. අවුරුදු දහයක් පහළොවක් උසාවිවල රස්තියාදු වුවත් තැන්පත්කරුවන්ට සාධාරණය ඉෂ්ට වෙන්නේ නැහැ. දේපළ අත්පත් කරගෙන ඒවා වෙන්දේසි කර  ජනතාවට බෙදා දෙන ක්‍රමවේදයක් ඇති කරන්න ඕන.



අදහස් (4)

ඇමැති විජයදාසගෙන් මහ බැංකුවට චෝදනාවක්

Ranjan Friday, 08 September 2023 12:45 PM

විජේදාස දන්නවා වැඩියි. රටට හරිම කරදරයක්...

:       5       8

Shammi Friday, 08 September 2023 01:06 PM

හා හරි... අපි මොනවා හරි කරන්න බලන්නම්, ස්තුතියි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනුවත් කළාට...

:       2       10

ravin Friday, 08 September 2023 06:04 PM

අනුන්ට එක ඇඟිල්ලක් දික්කරන කොට තමන් දෙසට ඇඟිලි 4ක් දික්වෙනවා කියලා නම් අහලා තියෙනවා. ඇඟිලි නැති කට්ටියට අදාළ නොවේ.

:       0       1

Rohana Saturday, 09 September 2023 11:16 AM

චෝදනාකරලා වැඩක් නෑ. කඩාවැටෙන මුදල් සමාගම් පවත්වාගෙන ගියත් ගැටළු වසා දැමුවත් ගැටළු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 280 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 131 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 152 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 3175 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 895 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1135 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26042 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 292 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site