IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඇමැතිගේ සපත්තු කෑලි දෙක කෝටි 13200කට ඉල්ලනවාලු

‘මගේ සපත්තු දෙක ඩොලර් මිලියන 1000 කට (රුපියල් කෝටි 13200)  එංගලන්තේ සමාගමකින් ඉල්ලුමක් ලැබී තිබෙනවා .ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් මගේ ලේකම්ලගෙන්  විමසීමක් කැර තියෙනවා. ඒත් දෙන්නේ නෑ දැන්ම. තවත් ලන්සු එයිනේ. දැන් මේක ලන්සු තියන්න විවෘතයි. වැඩිම ගාණක් ආවොත් දෙනවා.‘

ටී බී ඒකනායක සංස්කෘතික ඇමැති එසේ කියයි. ඇමැතිගේ අඩිය නැති මේ සපත්තු දෙක ලෝක අවධානයට යොමු වුයේ චීන ජනපති  ෂි ජිංපිං  හමු වීමට ඔහු ගිය අවස්ථාවේදීය.ඔහු පසුගිය ජනපති ලේකම් කාර්යාලයයට යද්දී  සපත්තු දෙකේ අඩි ගැලවී ගියේය.

‘ඒ සපත්තු දෙක පරණයි.මගේ සුදු ඇදුමට ගැලපෙනවා මං එය හෝදලා ගත්තා.මගදී අඩි ගැලවුණා.යට කෑල්ල වීසි කැර  උඩ කෑල්ල දමාගෙන ගියා.ඒ සපත්තු දෙක මං අවුරුදු ගණනකින් මං දැම්මේ නෑ.වරක් ඩඩ්ලි සේනානාගක මහතාටත් එහෙම දෙයක් වුණාලු.එතුමා ටයි කෝටි ඇඳගෙන යද්දී  සපත්තු දෙකේ අඩි ගැලවිලා.එතුමා සපත්තු දෙක විසි කැර ඒ උත්සවයට ගිහින් තිගෙනවා.ඕවා ගණන් ගන්න දේවල් නෙවෙයි.‘GALGAMUWA-SANJEEWA-RATHNAYAKE-(2) GALGAMUWA-SANJEEWA-RATHNAYAKE-(4) GALGAMUWA-SANJEEWA-RATHNAYAKE-(7)

   GALGAMUWA-SANJEEWA-RATHNAYAKE

 

 

 

 

 



අදහස් (0)

ඇමැතිගේ සපත්තු කෑලි දෙක කෝටි 13200කට ඉල්ලනවාලු

චරක Sunday, 21 September 2014 09:48 AM

හොඳම ලංසුවට ලබාදී සපත්තු නැතිව පාසැල් යන දරුවන්ට සපත්තු දෙන්න වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න.(නදී)

:       0       0

සචී Monday, 22 September 2014 04:36 PM

බලමු ,අපිත් මේ රටේනේ ඉන්නේ.... කෝටි 13200කට නොදී ඉන්නේ ඇයි? (නි)

:       0       0

රංජිත් සිල්වා Sunday, 21 September 2014 05:24 PM

ඔබ තුමාට ඉක්මන් සුවය පතමි. සනීප උනාම ගෙදරට වෙලා ඉන්න (නදී)

:       0       0

සමන් Sunday, 21 September 2014 10:14 AM

අනේ ඇමතිතුමෝ දැන් කරපු විහිළු ඇති ආයේ විහිළු ඕනේ නැහැ. කරුණාකරලා අන්දරේ වෙන්නේ නැතුව ඇමතිකමේ වැඩ කටයුතු බලාගන ඉන්න. (නදී)

:       0       0

නිසාර් කුවෙට් Sunday, 21 September 2014 05:48 PM

ලහිරු හරියට හරි (නදී)

:       0       0

ළහිරු Sunday, 21 September 2014 10:30 AM

ලැජ්ජාවට කියන කතා ඕවා (නදී)

:       0       0

ගම්ලත් Sunday, 21 September 2014 10:29 AM

මෙම සිද්ධිය දැන් ලෝක විහිලුවක් බවට පත්වී අැත (නදී)

:       0       0

සිසිල් Sunday, 21 September 2014 06:02 PM

දැන් අපේ ඇමැතිතුමාලා ඔක්කොම කීයයි සල්ලි හම්බ කලේ පරණ සපත්තු විකුණලා කියලා. (නදී)

:       0       0

පද්මිණී Sunday, 21 September 2014 06:13 PM

සපත්තු දෙක විතරක් නෙවේ. මේ කියල තියෙන කතාව අහලා ඔබතුමාගේ මොළේ ඉල්ලන්න බැරි නැහැ කෝටි ලක්ෂයකට. මර්වින් සිල්වාගේ රෙකෝඩ් කඩයි වගේ. (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 21 September 2014 06:10 PM

ඇත්තටම පෙරලුනු පිට හොඳයි කියලා, වැඩිම ලංසුවට සපත්තු දෙක දීලා, ඒ සල්ලි වලින් අන්ත දුගී දුප්පත් මිනිසුන්ට ඉන්න ගෙයක් හදලා දෙන්න. ඒ පින ඇති සසර පුරාවටම (නි)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Sunday, 21 September 2014 10:46 AM

ලංකාවේ කැඩිච්ච සෙරෙප්පු වලටත් තක්සේරුව බිලියන වලින්, එ්කත් නිකන් නෙමෙයි ඩොලර් වලින්. (නදී)

:       0       0

චමින්ද Monday, 22 September 2014 09:11 AM

ඇමතිතුමා මේ දාලා තියෙන අදහස් ටික බලාවි නේද (නදී)

:       0       0

අනුරාධ මෙල්බර්න් Sunday, 21 September 2014 11:01 AM

මෙතරම් උෂ්ණදික රටේ ඉටි කොලයකින් ආවරණය කරපු පුටුවක ඉඳන් පත්තරය කියවනවා. කැඩිච්ච සපත්තු දාගෙන ලෝකයේ දෙවන බලවතා සහභාගී වන උත්සව වලට යනවා. ඒ සපත්තු දෙක කෝටි 13200කට ඉල්ලනවාලු කියල පොඩි ළමයින් වත් නොකියන පට්ට පල් බොරු දෙසා බානවා. මට මෙතුමා ගැන ඇත්තටම හරිම කණගාටුයි. මෙතුමා කරන කියන මේ කිසි දෙයකට මෙතුමා ගැන ශ්‍රී ලාංකිකයන් විසින් කිසි අහිතක් ඇතිකරගන්න එපා. අපි මෙතුමාට ඉක්මන් නිරෝගී සුවය පතනවා. (නදී)

:       0       0

හේරත් Sunday, 21 September 2014 07:08 PM

බලනකොට කැඩුන එකෙන් පාඩුවක් වෙලා නැහැනේ! (නි)

:       0       0

නුවන් Sunday, 21 September 2014 07:12 PM

ඒකත් පුදුම වාසනාවක්නේ! (නි)

:       0       0

විනී Monday, 22 September 2014 09:26 AM

ඩඩ්ලි මහත්තය වැදගත් විදිහට සපත්තු ගලවලා විසි කරලා ගිහින් තියෙන්නේ. කැඩිච්චි සපත්තු කෑලි දමන ගිහින් නෑ. (නදී)

:       0       0

කීර්ති Sunday, 21 September 2014 11:01 AM

වැඩිම ලන්සුව අර මැඩම් ගේ බව මට සුවර් එකටම කියන්න පුළුවන්. (නදී)

:       0       0

ආවින්දී මහරගම Sunday, 21 September 2014 11:02 AM

මෙච්චර කාලයක් අශ්චර්යයේ පාර්ලිමේන්තුවේ හිටියේ එක අන්දරේ කෙනයි. දැන් එක දෙක වෙලා. චන්දෙන් පස්සේ දෙක කීය වෙයිද දන්නේ දෙයියෝ තමයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 21 September 2014 11:11 AM

අඩිය ගැලවෙච්ච එක මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෙමෙයි..එහෙම දේවල් ඇබැද්දි මිනිස්සුන්ට සිද්ධ වෙනවා..එ්ක ඉවරයි..ඒ වුනත් ඉතින් දේශපාලකයෝ ගල් පැලෙන බොරු කියනවා කියන එක අහල තිබුනට එ්ක හරියටම අත් දැක්කේ අද තමයි..පොඩි ගානක් කිව්වනං විශ්වාස කරන්න තිබුන..මේ විදියේ ගානක් දෙන්න......? එක්කෝ උන්ට පිස්සු..එක්කෝ ඔබ තුමාට පිස්සු..දෙකම නොවෙනවානම් ඉතින් අපිට පිස්සු..(අ)

:       0       0

මොරිස් Sunday, 21 September 2014 08:46 PM

මේ කතාව සත්‍ය නම් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඔබ තුමාව උපහාසයට ලක්කරලා. ඒකත් හරියට කව්රුහරි පරණ, අබලන් සපත්තු දෙකක් දාගන යන විට තව කෙනෙක් අහනවා "ඕක මට මගුල් ගෙදරක යන්න දවසකට දෙන්න පුලුවන්ද?" කියල අහනවා වගේ වැඩක්. ඔය වගේ පොඩි විහිළුවක් තේරෙන්න මොලය පොඩ්ඩක් හරි තියෙන්නත් ඕනා. (නදී)

:       0       0

චාමිලා ඔස්ට්‍රේලියාව Sunday, 21 September 2014 11:23 AM

මෙතුමාගේ පත්තරය කියවන පින්තුරය දැක්කම මට මතක් වෙන්නේ අසහාය විකට ශිල්පී බර්ටි ගුණතිලක මහතාව. මුහුණු එක හා සමානයි. ඔබතුමාට හැකිනම් එතුමා කරගෙන ගිය සමාජ මෙහෙවර ඉදිරියට කරගෙන යන්න. ඔබතුමා එතුමාටත් වැඩිය එම චරිතයට හොඳින් පන පොවන බව මට ඉර හඳ වගේ විශ්වාසයි. (නදී)

:       0       0

හරීන් Sunday, 21 September 2014 11:21 AM

මේ අය හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මී හරක් කියලා. එ්කනේ මෙහෙම බුරු කතා කියන්නේ (නදී)

:       0       0

හරීන් Sunday, 21 September 2014 11:21 AM

මේ අය හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මී හරක් කියලා එ්කනේ මෙහෙම බුරු කතා කියන්නේ (නදී)

:       0       0

ප්‍රභා Sunday, 21 September 2014 11:29 AM

මොකද අපේ මිනිස්සු මෙයාව අන්දරේට සමාන කරන්නේ. මම අහල තියෙන අන්දරේ නම් මේ වගේ නොවේ (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 22 September 2014 10:09 AM

මිස් රුපවති, ඔබතුමිය කලබල වන්න එපා ඒ ගැන මොකද ?මෙතුමා දක්ෂ රංගන ශිල්පියෙක් මේකත් රගපෑමක් පමණි (නදී)

:       0       0

සෝමසිරි Monday, 22 September 2014 10:04 PM

දැන්ම දෙන්න. පහු පහු වෙනකොට කොහු කොහු වෙයි (නි)

:       0       0

හරිස්චන්ද්‍ර Monday, 22 September 2014 12:35 AM

මෙහි දක්වා තිබෙන ප්‍රතිචාර බොහොමයක්ම හරි. දේශපාලකයින් හිතාගෙන ඉන්නේ ජනතාව මෝඩයෝ හැටියට. ඔය කතා හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ට කිව්ව්වා නම්. (නදී)

:       0       0

නිපුන Monday, 22 September 2014 12:59 AM

මේ ඇමති කෙනෙක්ද නැත්තම් විකට නළුවෙක්ද? (නදී)

:       0       0

අබුදුල් Monday, 22 September 2014 01:25 AM

ඉල්ලුමක්ද නැත්නම් වන්දියක්ද? ඇමති තුමා කියා තිබ්බා මේක පිටකොටුව මල්වත්තෙන් ගත්ත සපත්තුවක් කියා. ඒත් ඇත්ත කතාව නම් එංගලන්තයෙන් අදික මිලක් ගෙවා ගත්ත සපත්තුවක් (නදී)

:       0       0

කසුන් Sunday, 21 September 2014 11:48 AM

අනේ ඇමතිතුමෝ නම්බු විදියට අඩි ගැල වුන වෙලාවේ සපත්තු දෙකත් විසිකරලා ගියානම් අද ඔය විහිළු කතා කියන්න ඕන නැහැ (නදී)

:       0       0

ජොනතන් Sunday, 21 September 2014 11:55 AM

අම්මපා මේ වගේ උන්දැලව නේ මේ මිනිස්සු ඡන්දෙ දීලා ඇමතිලා කරවන්නේ (නදී)

:       0       0

මර්ලෝන් Tuesday, 23 September 2014 05:39 PM

රුපියල් කොටි 16000 ක් දෙන්න වටිනවා ඔය සපත්තු දෙක ඇඳගෙන ලැජ්ජා නැතිව අාපු එකට (නදී)

:       0       0

චමී Sunday, 21 September 2014 11:56 AM

මම හිතුවා මර්වින් සිල්වා විතරයි ඔහොම කතා කියන්නේ කියලා. දැන් බැලුවම තවත් අය ඉන්නවා. (නදී)

:       0       0

සමන් පෙරේරා Sunday, 21 September 2014 12:13 PM

ඇමතිතුමා මේවා රට විතරක් නෙවි ලෝකෙම හිනස්සන වැඩ. (නදී)

:       0       0

සමන් පෙරේරා Sunday, 21 September 2014 12:13 PM

ඇමතිතුමා මේවා රට විතරක් නෙවි ලෝකෙම හිනස්සන වැඩ. (නදී)

:       0       0

සජී Sunday, 21 September 2014 12:14 PM

ඔය සපත්තු කෑලි දෙකට ඔය තරම් ඉල්ලුමක් තියනවානම් දීලා දාලා ඒ සල්ලි වලින් අහිංසක දරු පවුල්වලට මාසෙකට කන්න බඩුමල්ල ගන්නේ අරන්දෙන්නකෝ ඇමති තුමෝ. තවත් ජෝකර් කෙනෙක් වෙන්නේ නැතුව හිටියොත් ලබන ගමනත් දියවන්නාවට යන්න පුළුවන් වේවි. නැත්නම් ගෙදරට වෙලා පත්තරයක් බලාගෙන ඉන්න වේවි. (නදී)

:       0       0

ජයතිලක බඹරැන්ද Sunday, 21 September 2014 12:17 PM

අනේ සපත්තු නැතුව ගියා නම් ඔයිට වැඩිය හොඳයි. ටිකක් හිතන්න තිබුනා නේද? (නදී)

:       0       0

සංක Sunday, 21 September 2014 12:22 PM

කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන මිනිස්සු ඉන්න මේ පාර්ලිමේන්තුවේ මේ වගේ මිනිස්සු ඉන්න එක ගැන මෙහෙම නෙමේ කමෙන්ට් දන්නා ඕනේ. සතුටු වෙන්න මේ ඇමති මහජන මුදලින් ලක්ෂ ගණන් සපත්තු වලට වියදම් කලේ නැති එක ගැන. අනිත් අය එක්ක ගද්දි මෙයා කොච්චර හොදද කියල හිතෙන්නේ නැද්ද ? (නදී)

:       0       0

සෙන්සා Monday, 22 September 2014 03:39 AM

බටහිර ජාතීන් කොහොමටත් අප වගේ රටවල් ගොනාට අන්දලා පාචිචල් කරලා දාන්න බොහොම කැමතියි. ඒ අය කියන්නේ ලංකාවෙි දේශපාලනය කරන අයගේ ඔලුගෙඩි හිස් වගේම සපත්තු වලත් අඩිය ගිහින් කියන එකයි. ගොන්කම කියන එක හංගන්න අමාරුයි.(නදී)

:       0       0

ක්‍රිෂාන් දිසානායක Sunday, 21 September 2014 12:21 PM

අනේ අනේ දැන්වත් ඔය දේවල් නවත්වන්න (නදී)

:       0       0

සංජය Sunday, 21 September 2014 12:26 PM

ඔය ඉල්ලනවා නම් දීල දාන්න. කීයක් හරි හොයාගෙන යන්න බැංකොක්. ඊට පස්සේ ඔයාට කියන්න ඕනේ නැහැනේ කරන්නේ මොනවද කියලා (නදී)

:       0       0

ජයන්ත Sunday, 21 September 2014 12:27 PM

ඔය කියා කතා සේරම පිළිගනීවි ලංකාවේ ඉන්න සේරම ඔබතුමාගේ බුද්දි මට්ටමේම ඉන්න අය උනා නම්. (නදී)

:       0       0

සිසිර Monday, 29 September 2014 05:49 AM

මේවා දේශපාලනය (දී)

:       0       0

ස්ටැන්ලි Sunday, 21 September 2014 12:36 PM

අනේ එංගලන්තේ මැටි හරක් නැහැ (නදී)

:       0       0

නදිනි Sunday, 21 September 2014 12:39 PM

තමන්ගේ ගෞරවය රැකගන්න බැරිව කොහොමද රට රැකගන්නේ (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 21 September 2014 12:36 PM

අපේ රටේ වෙන දේවල් නැතුවට වෙන්න ඇති මේකට මෙච්චර ලන්සුවක් දීලා තියෙන්නේ. එහෙනම් ඉතින් අර මල්වත්ත පාරේ කඩවල එල්ලලා තියෙන පරණ සපත්තු වලට කොච්චර ඉල්ලුමක් තියේවිද එහෙම බැලුවොත්. (නදී)

:       0       0

ප්‍රනාන්දු Sunday, 21 September 2014 12:44 PM

තමුන්ගේ නොසැලකිලිමත්කම පිළිගත්තා නං ඉවරයිනේ. (නදී)

:       0       0

රූපවතී Monday, 22 September 2014 04:21 AM

ඒ රටවල ඔය වගේ පිස්සෝ නැහැ , මහජන මුදල් කෝටිගාණක් වැය කරලා කොහේදෝ මේ දෙස්පාලුවෙකුගේ අඩිය නැති සපත්තු දෙක ඉල්ලන්න තරම්..! අනේ මිනිසුනේ ඔබලාට අමතක උනාද ? ජන්ද පොරොන්දු ..? සම්පුර්ණ රගපෑමක් මේක. රත්තරන් වලින් හදපු දෙකක්නම් අපි විශ්වාශ කරනවා ..මෝඩයෝ තවත් ඉන්නවද ලංකවේ ? අපිනම් ඉන්නේ පිට රට ඒ නිසා ඕවට අපි රැවටෙන්නේ නැහැ ..? (ස)

:       0       0

ලක්විදු Thursday, 25 September 2014 01:44 PM

මෙය චීන ජනාධිපති තුමාට කරපු අපහාසයක්. මෙතුමා එයාගේ කාගෙහරි මගුල් ගෙදරකට යනවද ඔහොම. නියම විදියටනම් මොහු චීන ජනපති තුමාගෙන් සමාව ගත යුතුයි.(අ)

:       0       0

රුස්න Monday, 22 September 2014 04:47 AM

කොටුවෙන් ගත්ත සපත්තු කුට්ටම කොටි ගණන් වලට ලන්සු තියල ගන්න මිනිස්සු මෝඩද? ඊට වැඩිය හොදයි ලංකාවට ඇවිල්ල කොටුවට ගිහින් ගන්න එක (නදී)

:       0       0

අනුර Sunday, 21 September 2014 01:10 PM

මෙයා අපේ ගම් පලාතෙම තමයි. ලොකු උත්සවයකට යනකොට කලින් සුදානම් වෙන්න ඕනේ. (නදී)

:       0       0

පියල් සමරකෝන් Monday, 22 September 2014 04:56 AM

"අන්දරේ" වගේනේ. පුටුවේ ඉටිකොලේ තාම තියෙනවා. හරි පරිස්සමෙන් තමයි බඩු පාවිච්චි කරන්නේ සපත්තු දෙක හැරෙන්න (නදී)

:       0       0

සම්පත් ප්‍රියන්ත Sunday, 21 September 2014 01:17 PM

ඔය පාවහන් දෙක විකුණලා ඔයාලගේ ආණ්ඩුවේ නය බර අඩුකරන්න පුළුවන්නේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 21 September 2014 01:26 PM

අඩිය ගැල වෙච්ච එක මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම දේවල් ඇබැද්දි මිනිස්සුන්ට සිද්ද වෙනවා. එ්ක ඉවරයි. ඒ වුනත් ඉතින් දේශපාලකයෝ ගල් පැලෙන බොරු කියනවා කියන එක අහල තිබුනට එ්ක හරියටම අත් දැක්කේ අද තමයි. පොඩි ගානක් කිව්වා නම් විශ්වාස කරන්න තිබුනා. මේ විදියේ ගානක් දෙන්න එක්කෝ උන්ට පිස්සු. එක්කෝ ඔබ තුමාට පිස්සු. දෙකම නොවෙනවා නම් ඉතින් අපිට පිස්සු. (නදී)

:       0       0

නිශාන්ත Sunday, 21 September 2014 01:25 PM

මෙච්චර සල්ලි දෙන්න කව්ද ගන්නේ බිල් ගේට්ස්ද . මට පිස්සු වගේ (නදී)

:       0       0

නිරාන් Monday, 22 September 2014 05:57 AM

මෙතුමා පිලිවෙලකට වැඩකරන්න ඉගනගෙන නෑ වගේ නේද? (ස)

:       0       0

මහීපාල Sunday, 21 September 2014 01:44 PM

අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා සපත්තු සෙරෙප්පු පාවිච්චි කරන්නෙම නැති හොඳ මහත්මයෙක්. ඔයත් ඕක විසි කරලා නිකම්ම ගියානම් කොච්චර අගේද නේද. අපේ රටේ ඉන්න ඇමති වරුණේ නේද. (නදී)

:       0       0

කුසල් Sunday, 21 September 2014 08:08 AM

ඇමති තුමාගේ කතාව හරි. මේ වැඩකට නැති දෙයක්නේ මාද්‍ය මගින් ඕනවට වැඩිය කතාකරන්නේ. (නදී)

:       0       0

ගලඋඩ රත්නාලෝක හිමි Monday, 22 September 2014 06:07 AM

දේශපාලකයෝ තමන්ගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් ඇදුම් නැතුව උනත් යාවි අපේ වගේ රටක. මිනිස්සුත් උන්ටමනේ කැමති මොනවා කරත්. (ස)

:       0       0

රූපවතී Monday, 22 September 2014 06:08 AM

ඔය කියන සමාගමේ නම කීවොත් මට පුළුවනි අවංකවම ඇත්තක්ද කියා සොයා බලන්න. මමත් වැඩ කරන්නේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අංශයේ අධි ආරක්‍ෂිත කලාපයක, වගකිව යුත්තන්ගෙන් ඒ ගැන සොයා බැලීමට හැකියාවක් ඇත.! (ස)

:       0       0

චමින්ද Sunday, 21 September 2014 08:19 AM

ඇමතිතුමා හරි. දැම්ම දෙන්න එපා. (නදී)

:       0       0

පතිරණ Sunday, 21 September 2014 08:25 AM

අනේ මගේත් ඔය විදිහ අඩිය නැති සපත්තු දෙකක් තියෙනවා. ලොකු ගනන් එපා. ඒක අරන් රුපියල් 1,000 ක් දෙන්න. (නදී)

:       0       0

ආනිලා Monday, 22 September 2014 06:22 AM

පට්ට ලනුවක් දීලා. හික් , (ස)

:       0       0

මානෙල් කුලසිංහ Sunday, 21 September 2014 08:26 AM

අති විශිෂඨ ලෙස ඔබ තුමා ලෝකයේ අවදානය යොමු කරගත්තා. වැරදීමකින් හෝ. ලැබෙන ඉහලම ලංසුවට සපත්තු අලෙවි කර යහතින් ජීවත් වෙන්න. රටට විදේශ මුදල් ලබාදෙන්න. ඕනෙ නම් ලක්ෂ 1 1/2 සපත්තු ජෝඩුවකුත් ගන්න. (නදී)

:       0       0

සනත් අන්නාසිවත්ත Sunday, 21 September 2014 02:19 PM

මේ රජයේ ඉන්න එක් ඇමතිවරයෙක් ඔබ, මා කැමති. ලන්සුව ගැන මට සතුටුයි, විකුනා ඒ වියදමින් නියන් සාගත ප්‍රදේශයක වැව් හෑරීමට කල්පනා කරන්න. (නදී)

:       0       0

අපොන්සු Sunday, 21 September 2014 08:25 AM

පරණ කතාව, කියන්නා කෙසේ කිවත් ... මතක් උනා. (නදී)

:       0       0

බෝපාගම Sunday, 21 September 2014 08:27 AM

ඇමතිතුමාගේ සපත්තු වගේ තාම පුටුවත් පාවිච්චි කරන්නේ. එ්ක අලුත් උනාට තව ඉටි කොලේ ගලවන්න අමතක වෙලා (නදී)

:       0       0

නිමල් Sunday, 21 September 2014 08:27 AM

දැන් කට්ටිය අපිව අන්දන්න හදනවා (නදී)

:       0       0

ධනංජය Monday, 22 September 2014 06:40 AM

මෙයා ඩඩ්ලි සේනානායකට සම කරන්න පුලුවන්ද?ඒ රටවල ඔය වගේ අය නැහැ. කොටුවෙන් ගත්ත සපත්තු කුට්ටම කෝටි ගණන් වලට ලන්සු තියල ගන්න මිනිස්සු මෝඩද? මේ සිද්ධියෙන් ඔප්පුවෙන කරුණ තමයි නොසැලකිලිමත්කම. මහජනතාව නියෝජනය කරන නායකයන් මේ අන්දමට විහිළුවකට ලක් වීම දැකීම ඉතාම කණගාටුයි. (ස)

:       0       0

ඩී නවරත්න Sunday, 21 September 2014 08:28 AM

මටත් එහෙම දෙයක් වුනා. මම ෆුල් සුට් එකක් ඇඳගෙන ච්ලර්ක් වර්ගයේ සපත්තු දෙකක් දාගෙන ලංඩන් නගරයට ගියා. සපත්තු දෙක අලුත්ම දෙකක්. ටිකක් දුර යන කොට සපත්තු දෙකේම ඇදි ගැලවුනා. මොනවා කරන්නද. සපත්තු ගලවල දාල ලගම තියෙන සාප්පුවකට ගිහිල්ලා සෙරෙප්පු දෙකක් දා ගෙන ගියා. (නදී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 21 September 2014 08:40 AM

පාච්චල් කරලා කමෙන්ට් දාපු අපේ ගොයියලා දැන් මොකද කියන්නේ ?. (නදී)

:       0       0

කැනීසියස් ෆර්නෑන්ඩු Sunday, 21 September 2014 08:40 AM

අපේ මිනිස්සු හිතන්නේ තමන් සියල්ලන්ගෙන්ම සම්පුර්ණයි කියා. බලාගෙන ගියාම අඩිය නැති සපත්තු කුට්ටමක් වත් ඒ අයට නැහැ (නදී)

:       0       0

උපාලි Sunday, 21 September 2014 08:48 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි (නදී)

:       0       0

ලක්මල් Sunday, 21 September 2014 08:45 AM

චීනෙද හැදුවේ ? (නදී)

:       0       0

නිරාන් Sunday, 21 September 2014 08:49 AM

තන්හාව අත ඇරලා එන ගානකට ඕක දීලා ඇත්තටම රටට ආදරේ නම් මේ මුදලින් ආර්ථික අමාරු දක්ෂ ළමුන්ගේ ඉගෙනීමට උපකාර වෙන්න අරමුදලක් පිහිටවන්න සැමදාම ඔබගේ නමට මිනිස්සු වදීවි (නදී)

:       0       0

රජින්ද Sunday, 21 September 2014 08:54 AM

ලස්සන හීනයක් දැකල ඒක ඇත්තක් කියල හිතල වගෙයි පේන්නේ. කොහොම හරි ඔබ තුමන්ලාට දේශපාලඥයින් කියන්නේ නිකන් නෙමෙයිනේ. කොයි පැත්තට පෙරලුනත් ඔබතුමන්ලා ගොඩ. එහෙම නේද ආයුබෝවන්ඩ? (නදී)

:       0       0

උපාලි Sunday, 21 September 2014 03:20 PM

මම ඔබ තුමා නම් නම් මේ ගන්න සල්ලි වලින් අපේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කරලා, මිනිසුන්ගේ ප්‍රශ්න විසඳලා මුළු රටම අාස්චර්යක් කරනවා. තව කැඩිච්ච සපත්තු දෙකක් වෙලාව බලලා දැම්මා නම් මුළු රටම ගොඩ. (නදී) බඩුම තමයි ඇමතිතුමා....

:       0       0

ඇසළ Sunday, 21 September 2014 09:08 AM

මට අද වගේ මතකයි 70 වේ මුල් කාලයේ ගරු ඩඩ්ලි සේනානායක මහත්මයා ගම්පහ ප්‍රදේශයේ තිබුන දහම් පාසල් තෑගි බෙදාදීමේ උත්සවයකට පැමිණියා කලිසමේ පැත්තක මැහුම් ගැලවිලා තිබුන අගල් 8 ක් විතර. කිසි කෙනෙක් ඒ බව දැකලත් ගණන් ගත්තේ නැහැ ඒ කාලේ. පුජ්‍ය දවමොට්ටවේ අමරවංස ස්වාමින්වහනේ ඒ උත්සවය සංවිධානය කරලා තිබ්බේ. දැන් කාලේ වගේ නම් මොනව කියයිද.(නදී)

:       0       0

පතිරණ කපිල Sunday, 21 September 2014 09:05 AM

අනේ මේවා අහන අයත් තවම ලංකාවේ ඉන්නවනේ (නදී)

:       0       0

රස්පී Sunday, 21 September 2014 09:09 AM

ඡන්ද ප්‍රතිපල නිසා පොඩ්ඩක් විතර සිහිවිකල් වෙලාද මන්දා. (නදී)

:       0       0

සදුනි Sunday, 21 September 2014 09:11 AM

මොකද ඇමති තුමා උනේ (නදී)

:       0       0

අජන්ත Sunday, 21 September 2014 09:15 AM

අනේ ඇමතිතුමනි !! දැන් ගිනස් වාර්තාවක් තියන්න හදනවද?. (නදී)

:       0       0

දර්ශණ Sunday, 21 September 2014 03:54 PM

ජනාදිපතිතුමා හදපු ලාංකීය අබිමානේ තුට්ටු දෙකේ වැඩ වලින් ලෝකෙට හැල්ලු වෙනවා. (නදී)

:       0       0

ඇන්ටන් Monday, 22 September 2014 07:39 AM

නක්කලේට කියන දේවල් ඇමතිතුමා විස්වාස කරලා. අප රටට තවත් ගුවන් තොටුපොළක් ඕනෙනම් ජනපතිතුමා නිව්යෝර්ක් නුවරදී උඩ කොටස ගැලවුන සපත්තු ඇන්දොත් පුළුවන්. එක්කෝ කලුසල්ලි සුදුකරන්න බලනවා වැරදුන තැනෙනුත් (නදී)

:       0       0

ධම්ම Sunday, 21 September 2014 09:34 AM

නෝනා දැනටමත් කියල ඇති කියන්න ඕන ටික. අපි කට වහගෙන ඉඳිමු.(අ)

:       0       0

අකිත Sunday, 21 September 2014 04:06 PM

කතාවක් තියෙනවා කියන්න කිසිම දෙයක් නැත්නම් නිශ්ශබ්දව සිටීම හොඳයි කියා (නදී)

:       0       0

බණ්ඩා Sunday, 21 September 2014 04:06 PM

පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය මේ වගේ ද ? (නදී)

:       0       0

ගුණපාල Sunday, 21 September 2014 09:35 AM

ඒ සල්ලි රටේ නැති බැරි දුප්පතුන්ට දීලා පිනක් එහෙම කරගන්න බලාපොරොත්තුවක් නැතිද? සල්ලි නොදුන්නට කමක් නෑ, පුලුවන්නම් ඉන්න හිටින්න තැනක්වත් නැති මිනිස්සුන්ට නිවහන් හදලා දෙන්න.... තව ඒ වගේ දේවල් ගොඩක් තියෙනවානේ.... සංස්කෘතියට වෙච්ච අපකීර්තිය වහ ගන්න මේ වගේ පුණ්‍යකර්‍මමයක්වත් කරන්න ඇමති තුමා...(අ)

:       0       0

කුමාර Sunday, 21 September 2014 09:31 AM

ඔබතුමා හොඳ මහත්මයෙක්,මුදලින් කොටසකින් දුප්පත් අයට නිවාස හදල දෙන්න (අ)

:       0       0

කෝසල Sunday, 21 September 2014 09:33 AM

මේක නිහතමානිකම .....හිනා වෙන්න දෙයක් නෙවෙයි ,,,,,තමන්ගේ පරණ සපත්තු 2 හෝදලා දාගෙන යන සරල මනුස්සයෙක් (අ)

:       0       0

ඉන්දික උදයසිරි Monday, 22 September 2014 04:10 PM

ඔච්චර ගානකට ඉල්ලුවා නම් නොදී ඉදීද බොරු කතා ඕවා (නදී)

:       0       0

ජනිත දිසානායක Sunday, 21 September 2014 09:45 AM

හරි දැන් අලුත් විලාසිතාවක් ලොවට ඒවි ''ටී.බී ස්ටයිල්'' කියලා. හැමෝම ගෙවල් වල කැඩුන සපත්තු හොයනවාලු. ඊලග ඡන්දෙට සල්ලි ටිකක් හොයා ගන්න. එක අතකින් හොදා දුරාචාරයෙන් හොයනවට වඩා. මතක් වුනේ මී කුණ විකුණා ධනපතියෙක් වුණු කථා වස්තුව. (නදී)

:       0       0

මිනිපෙ Sunday, 21 September 2014 04:34 PM

මේ සිද්ධියෙන් ඔප්පුවෙන කරුණක් තමයි නොසැලකිලිමත්කම. මහජනතාව නියෝජනය කරන නායකයන් මේ අන්දමට විහිළුවකට ලක් වීම දැකීම ඉතාම කණගාටුයි. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 21 September 2014 09:46 AM

රට නියෝජනය කරන පුද්ගලයා වැදගත් අවස්ථාවලදී වැදගත් විදිහට හැසිරිය යුතුයි. දැන් එනවා පාරම් බාන්න. අර ඩඩ්ලි සේනානායක මහතා කලා වගේ කැඩුන සප්පතු දෙක පැත්තකට දමල උත්සවයට ගියානම් කිසිම ප්‍රශ්නයක් නැත. ජාතික ඇඳුම ඇඳ පාවහන් නොපළඳින පුද්ගලයන් බොහෝ දෙනෙක් සිටිති. මොහු වටා ලේකම්ලා, ආරක්ෂකයන් ඇතුළු දුසිමක පමණ සේවකයන් පිරිසක් සිටිති. මෙයින් එක්කෙනෙක් යවලා සප්පතු දෙකක් ගෙන්න ගන්න බැරිද ? මේ ඔක්කොම් කරගන්න බැරිනම් සරම ටිකක් පහත් කර සපත්තු දෙක වැසෙන සේ ඇඳගෙන ජාමය බේරා ගන්න තිබුනා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 134 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 96 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 101 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 501 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1005 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1075 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site