‘මගේ සපත්තු දෙක ඩොලර් මිලියන 1000 කට (රුපියල් කෝටි 13200) එංගලන්තේ සමාගමකින් ඉල්ලුමක් ලැබී තිබෙනවා .ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් මගේ ලේකම්ලගෙන් විමසීමක් කැර තියෙනවා. ඒත් දෙන්නේ නෑ දැන්ම. තවත් ලන්සු එයිනේ. දැන් මේක ලන්සු තියන්න විවෘතයි. වැඩිම ගාණක් ආවොත් දෙනවා.‘
ටී බී ඒකනායක සංස්කෘතික ඇමැති එසේ කියයි. ඇමැතිගේ අඩිය නැති මේ සපත්තු දෙක ලෝක අවධානයට යොමු වුයේ චීන ජනපති ෂි ජිංපිං හමු වීමට ඔහු ගිය අවස්ථාවේදීය.ඔහු පසුගිය ජනපති ලේකම් කාර්යාලයයට යද්දී සපත්තු දෙකේ අඩි ගැලවී ගියේය.
‘ඒ සපත්තු දෙක පරණයි.මගේ සුදු ඇදුමට ගැලපෙනවා මං එය හෝදලා ගත්තා.මගදී අඩි ගැලවුණා.යට කෑල්ල වීසි කැර උඩ කෑල්ල දමාගෙන ගියා.ඒ සපත්තු දෙක මං අවුරුදු ගණනකින් මං දැම්මේ නෑ.වරක් ඩඩ්ලි සේනානාගක මහතාටත් එහෙම දෙයක් වුණාලු.එතුමා ටයි කෝටි ඇඳගෙන යද්දී සපත්තු දෙකේ අඩි ගැලවිලා.එතුමා සපත්තු දෙක විසි කැර ඒ උත්සවයට ගිහින් තිගෙනවා.ඕවා ගණන් ගන්න දේවල් නෙවෙයි.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔබ තුමා නම් නම් මේ ගන්න සල්ලි වලින් අපේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කරලා, මිනිසුන්ගේ ප්‍රශ්න විසඳලා මුළු රටම අාස්චර්යක් කරනවා. තව කැඩිච්ච සපත්තු දෙකක් වෙලාව බලලා දැම්මා නම් මුළු රටම ගොඩ. (නදී) බඩුම තමයි ඇමතිතුමා....
ඒකත් පුදුම වාසනාවක්නේ! (නි)
බලනකොට කැඩුන එකෙන් පාඩුවක් වෙලා නැහැනේ! (නි)
ඇත්තටම පෙරලුනු පිට හොඳයි කියලා, වැඩිම ලංසුවට සපත්තු දෙක දීලා, ඒ සල්ලි වලින් අන්ත දුගී දුප්පත් මිනිසුන්ට ඉන්න ගෙයක් හදලා දෙන්න. ඒ පින ඇති සසර පුරාවටම (නි)
සපත්තු දෙක විතරක් නෙවේ. මේ කියල තියෙන කතාව අහලා ඔබතුමාගේ මොළේ ඉල්ලන්න බැරි නැහැ කෝටි ලක්ෂයකට. මර්වින් සිල්වාගේ රෙකෝඩ් කඩයි වගේ. (නදී)
දැන් අපේ ඇමැතිතුමාලා ඔක්කොම කීයයි සල්ලි හම්බ කලේ පරණ සපත්තු විකුණලා කියලා. (නදී)
ලහිරු හරියට හරි (නදී)
ඔබ තුමාට ඉක්මන් සුවය පතමි. සනීප උනාම ගෙදරට වෙලා ඉන්න (නදී)
මේ සිද්ධියෙන් ඔප්පුවෙන කරුණක් තමයි නොසැලකිලිමත්කම. මහජනතාව නියෝජනය කරන නායකයන් මේ අන්දමට විහිළුවකට ලක් වීම දැකීම ඉතාම කණගාටුයි. (නදී)
පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අය මේ වගේ ද ? (නදී)
කතාවක් තියෙනවා කියන්න කිසිම දෙයක් නැත්නම් නිශ්ශබ්දව සිටීම හොඳයි කියා (නදී)
ජනාදිපතිතුමා හදපු ලාංකීය අබිමානේ තුට්ටු දෙකේ වැඩ වලින් ලෝකෙට හැල්ලු වෙනවා. (නදී)
මේ කතාව සත්‍ය නම් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඔබ තුමාව උපහාසයට ලක්කරලා. ඒකත් හරියට කව්රුහරි පරණ, අබලන් සපත්තු දෙකක් දාගන යන විට තව කෙනෙක් අහනවා "ඕක මට මගුල් ගෙදරක යන්න දවසකට දෙන්න පුලුවන්ද?" කියල අහනවා වගේ වැඩක්. ඔය වගේ පොඩි විහිළුවක් තේරෙන්න මොලය පොඩ්ඩක් හරි තියෙන්නත් ඕනා. (නදී)
මේ රජයේ ඉන්න එක් ඇමතිවරයෙක් ඔබ, මා කැමති. ලන්සුව ගැන මට සතුටුයි, විකුනා ඒ වියදමින් නියන් සාගත ප්‍රදේශයක වැව් හෑරීමට කල්පනා කරන්න. (නදී)
අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා සපත්තු සෙරෙප්පු පාවිච්චි කරන්නෙම නැති හොඳ මහත්මයෙක්. ඔයත් ඕක විසි කරලා නිකම්ම ගියානම් කොච්චර අගේද නේද. අපේ රටේ ඉන්න ඇමති වරුණේ නේද. (නදී)
මෙච්චර සල්ලි දෙන්න කව්ද ගන්නේ බිල් ගේට්ස්ද . මට පිස්සු වගේ (නදී)
අඩිය ගැල වෙච්ච එක මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම දේවල් ඇබැද්දි මිනිස්සුන්ට සිද්ද වෙනවා. එ්ක ඉවරයි. ඒ වුනත් ඉතින් දේශපාලකයෝ ගල් පැලෙන බොරු කියනවා කියන එක අහල තිබුනට එ්ක හරියටම අත් දැක්කේ අද තමයි. පොඩි ගානක් කිව්වා නම් විශ්වාස කරන්න තිබුනා. මේ විදියේ ගානක් දෙන්න එක්කෝ උන්ට පිස්සු. එක්කෝ ඔබ තුමාට පිස්සු. දෙකම නොවෙනවා නම් ඉතින් අපිට පිස්සු. (නදී)
ඔය පාවහන් දෙක විකුණලා ඔයාලගේ ආණ්ඩුවේ නය බර අඩුකරන්න පුළුවන්නේ. (නදී)
මෙයා අපේ ගම් පලාතෙම තමයි. ලොකු උත්සවයකට යනකොට කලින් සුදානම් වෙන්න ඕනේ. (නදී)
තමුන්ගේ නොසැලකිලිමත්කම පිළිගත්තා නං ඉවරයිනේ. (නදී)
අපේ රටේ වෙන දේවල් නැතුවට වෙන්න ඇති මේකට මෙච්චර ලන්සුවක් දීලා තියෙන්නේ. එහෙනම් ඉතින් අර මල්වත්ත පාරේ කඩවල එල්ලලා තියෙන පරණ සපත්තු වලට කොච්චර ඉල්ලුමක් තියේවිද එහෙම බැලුවොත්. (නදී)
තමන්ගේ ගෞරවය රැකගන්න බැරිව කොහොමද රට රැකගන්නේ (නදී)
අනේ එංගලන්තේ මැටි හරක් නැහැ (නදී)
ඔය කියා කතා සේරම පිළිගනීවි ලංකාවේ ඉන්න සේරම ඔබතුමාගේ බුද්දි මට්ටමේම ඉන්න අය උනා නම්. (නදී)
පට්ට ලනුවක් දීලා. හික් , (ස)
මේවා දේශපාලනය (දී)
මෙය චීන ජනාධිපති තුමාට කරපු අපහාසයක්. මෙතුමා එයාගේ කාගෙහරි මගුල් ගෙදරකට යනවද ඔහොම. නියම විදියටනම් මොහු චීන ජනපති තුමාගෙන් සමාව ගත යුතුයි.(අ)
රුපියල් කොටි 16000 ක් දෙන්න වටිනවා ඔය සපත්තු දෙක ඇඳගෙන ලැජ්ජා නැතිව අාපු එකට (නදී)
දැන්ම දෙන්න. පහු පහු වෙනකොට කොහු කොහු වෙයි (නි)
බලමු ,අපිත් මේ රටේනේ ඉන්නේ.... කෝටි 13200කට නොදී ඉන්නේ ඇයි? (නි)
ඔච්චර ගානකට ඉල්ලුවා නම් නොදී ඉදීද බොරු කතා ඕවා (නදී)
මිස් රුපවති, ඔබතුමිය කලබල වන්න එපා ඒ ගැන මොකද ?මෙතුමා දක්ෂ රංගන ශිල්පියෙක් මේකත් රගපෑමක් පමණි (නදී)
ඩඩ්ලි මහත්තය වැදගත් විදිහට සපත්තු ගලවලා විසි කරලා ගිහින් තියෙන්නේ. කැඩිච්චි සපත්තු කෑලි දමන ගිහින් නෑ. (නදී)
ඇමතිතුමා මේ දාලා තියෙන අදහස් ටික බලාවි නේද (නදී)
නක්කලේට කියන දේවල් ඇමතිතුමා විස්වාස කරලා. අප රටට තවත් ගුවන් තොටුපොළක් ඕනෙනම් ජනපතිතුමා නිව්යෝර්ක් නුවරදී උඩ කොටස ගැලවුන සපත්තු ඇන්දොත් පුළුවන්. එක්කෝ කලුසල්ලි සුදුකරන්න බලනවා වැරදුන තැනෙනුත් (නදී)
මෙයා ඩඩ්ලි සේනානායකට සම කරන්න පුලුවන්ද?ඒ රටවල ඔය වගේ අය නැහැ. කොටුවෙන් ගත්ත සපත්තු කුට්ටම කෝටි ගණන් වලට ලන්සු තියල ගන්න මිනිස්සු මෝඩද? මේ සිද්ධියෙන් ඔප්පුවෙන කරුණ තමයි නොසැලකිලිමත්කම. මහජනතාව නියෝජනය කරන නායකයන් මේ අන්දමට විහිළුවකට ලක් වීම දැකීම ඉතාම කණගාටුයි. (ස)
ඔය ඉල්ලනවා නම් දීල දාන්න. කීයක් හරි හොයාගෙන යන්න බැංකොක්. ඊට පස්සේ ඔයාට කියන්න ඕනේ නැහැනේ කරන්නේ මොනවද කියලා (නදී)
ඔය කියන සමාගමේ නම කීවොත් මට පුළුවනි අවංකවම ඇත්තක්ද කියා සොයා බලන්න. මමත් වැඩ කරන්නේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අංශයේ අධි ආරක්‍ෂිත කලාපයක, වගකිව යුත්තන්ගෙන් ඒ ගැන සොයා බැලීමට හැකියාවක් ඇත.! (ස)
දේශපාලකයෝ තමන්ගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් ඇදුම් නැතුව උනත් යාවි අපේ වගේ රටක. මිනිස්සුත් උන්ටමනේ කැමති මොනවා කරත්. (ස)
මෙතුමා පිලිවෙලකට වැඩකරන්න ඉගනගෙන නෑ වගේ නේද? (ස)
"අන්දරේ" වගේනේ. පුටුවේ ඉටිකොලේ තාම තියෙනවා. හරි පරිස්සමෙන් තමයි බඩු පාවිච්චි කරන්නේ සපත්තු දෙක හැරෙන්න (නදී)
කොටුවෙන් ගත්ත සපත්තු කුට්ටම කොටි ගණන් වලට ලන්සු තියල ගන්න මිනිස්සු මෝඩද? ඊට වැඩිය හොදයි ලංකාවට ඇවිල්ල කොටුවට ගිහින් ගන්න එක (නදී)
ඒ රටවල ඔය වගේ පිස්සෝ නැහැ , මහජන මුදල් කෝටිගාණක් වැය කරලා කොහේදෝ මේ දෙස්පාලුවෙකුගේ අඩිය නැති සපත්තු දෙක ඉල්ලන්න තරම්..! අනේ මිනිසුනේ ඔබලාට අමතක උනාද ? ජන්ද පොරොන්දු ..? සම්පුර්ණ රගපෑමක් මේක. රත්තරන් වලින් හදපු දෙකක්නම් අපි විශ්වාශ කරනවා ..මෝඩයෝ තවත් ඉන්නවද ලංකවේ ? අපිනම් ඉන්නේ පිට රට ඒ නිසා ඕවට අපි රැවටෙන්නේ නැහැ ..? (ස)
බටහිර ජාතීන් කොහොමටත් අප වගේ රටවල් ගොනාට අන්දලා පාචිචල් කරලා දාන්න බොහොම කැමතියි. ඒ අය කියන්නේ ලංකාවෙි දේශපාලනය කරන අයගේ ඔලුගෙඩි හිස් වගේම සපත්තු වලත් අඩිය ගිහින් කියන එකයි. ගොන්කම කියන එක හංගන්න අමාරුයි.(නදී)
ඉල්ලුමක්ද නැත්නම් වන්දියක්ද? ඇමති තුමා කියා තිබ්බා මේක පිටකොටුව මල්වත්තෙන් ගත්ත සපත්තුවක් කියා. ඒත් ඇත්ත කතාව නම් එංගලන්තයෙන් අදික මිලක් ගෙවා ගත්ත සපත්තුවක් (නදී)
මේ ඇමති කෙනෙක්ද නැත්තම් විකට නළුවෙක්ද? (නදී)
මෙහි දක්වා තිබෙන ප්‍රතිචාර බොහොමයක්ම හරි. දේශපාලකයින් හිතාගෙන ඉන්නේ ජනතාව මෝඩයෝ හැටියට. ඔය කතා හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ට කිව්ව්වා නම්. (නදී)
තන්හාව අත ඇරලා එන ගානකට ඕක දීලා ඇත්තටම රටට ආදරේ නම් මේ මුදලින් ආර්ථික අමාරු දක්ෂ ළමුන්ගේ ඉගෙනීමට උපකාර වෙන්න අරමුදලක් පිහිටවන්න සැමදාම ඔබගේ නමට මිනිස්සු වදීවි (නදී)
හරි දැන් අලුත් විලාසිතාවක් ලොවට ඒවි ''ටී.බී ස්ටයිල්'' කියලා. හැමෝම ගෙවල් වල කැඩුන සපත්තු හොයනවාලු. ඊලග ඡන්දෙට සල්ලි ටිකක් හොයා ගන්න. එක අතකින් හොදා දුරාචාරයෙන් හොයනවට වඩා. මතක් වුනේ මී කුණ විකුණා ධනපතියෙක් වුණු කථා වස්තුව. (නදී)
මේක නිහතමානිකම .....හිනා වෙන්න දෙයක් නෙවෙයි ,,,,,තමන්ගේ පරණ සපත්තු 2 හෝදලා දාගෙන යන සරල මනුස්සයෙක් (අ)
ඔබතුමා හොඳ මහත්මයෙක්,මුදලින් කොටසකින් දුප්පත් අයට නිවාස හදල දෙන්න (අ)
ඒ සල්ලි රටේ නැති බැරි දුප්පතුන්ට දීලා පිනක් එහෙම කරගන්න බලාපොරොත්තුවක් නැතිද? සල්ලි නොදුන්නට කමක් නෑ, පුලුවන්නම් ඉන්න හිටින්න තැනක්වත් නැති මිනිස්සුන්ට නිවහන් හදලා දෙන්න.... තව ඒ වගේ දේවල් ගොඩක් තියෙනවානේ.... සංස්කෘතියට වෙච්ච අපකීර්තිය වහ ගන්න මේ වගේ පුණ්‍යකර්‍මමයක්වත් කරන්න ඇමති තුමා...(අ)
නෝනා දැනටමත් කියල ඇති කියන්න ඕන ටික. අපි කට වහගෙන ඉඳිමු.(අ)
අනේ ඇමතිතුමනි !! දැන් ගිනස් වාර්තාවක් තියන්න හදනවද?. (නදී)
මොකද ඇමති තුමා උනේ (නදී)
ඡන්ද ප්‍රතිපල නිසා පොඩ්ඩක් විතර සිහිවිකල් වෙලාද මන්දා. (නදී)
අනේ මේවා අහන අයත් තවම ලංකාවේ ඉන්නවනේ (නදී)
මට අද වගේ මතකයි 70 වේ මුල් කාලයේ ගරු ඩඩ්ලි සේනානායක මහත්මයා ගම්පහ ප්‍රදේශයේ තිබුන දහම් පාසල් තෑගි බෙදාදීමේ උත්සවයකට පැමිණියා කලිසමේ පැත්තක මැහුම් ගැලවිලා තිබුන අගල් 8 ක් විතර. කිසි කෙනෙක් ඒ බව දැකලත් ගණන් ගත්තේ නැහැ ඒ කාලේ. පුජ්‍ය දවමොට්ටවේ අමරවංස ස්වාමින්වහනේ ඒ උත්සවය සංවිධානය කරලා තිබ්බේ. දැන් කාලේ වගේ නම් මොනව කියයිද.(නදී)
ලස්සන හීනයක් දැකල ඒක ඇත්තක් කියල හිතල වගෙයි පේන්නේ. කොහොම හරි ඔබ තුමන්ලාට දේශපාලඥයින් කියන්නේ නිකන් නෙමෙයිනේ. කොයි පැත්තට පෙරලුනත් ඔබතුමන්ලා ගොඩ. එහෙම නේද ආයුබෝවන්ඩ? (නදී)
රට නියෝජනය කරන පුද්ගලයා වැදගත් අවස්ථාවලදී වැදගත් විදිහට හැසිරිය යුතුයි. දැන් එනවා පාරම් බාන්න. අර ඩඩ්ලි සේනානායක මහතා කලා වගේ කැඩුන සප්පතු දෙක පැත්තකට දමල උත්සවයට ගියානම් කිසිම ප්‍රශ්නයක් නැත. ජාතික ඇඳුම ඇඳ පාවහන් නොපළඳින පුද්ගලයන් බොහෝ දෙනෙක් සිටිති. මොහු වටා ලේකම්ලා, ආරක්ෂකයන් ඇතුළු දුසිමක පමණ සේවකයන් පිරිසක් සිටිති. මෙයින් එක්කෙනෙක් යවලා සප්පතු දෙකක් ගෙන්න ගන්න බැරිද ? මේ ඔක්කොම් කරගන්න බැරිනම් සරම ටිකක් පහත් කර සපත්තු දෙක වැසෙන සේ ඇඳගෙන ජාමය බේරා ගන්න තිබුනා (නදී)
චීනෙද හැදුවේ ? (නදී)
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි (නදී)
අපේ මිනිස්සු හිතන්නේ තමන් සියල්ලන්ගෙන්ම සම්පුර්ණයි කියා. බලාගෙන ගියාම අඩිය නැති සපත්තු කුට්ටමක් වත් ඒ අයට නැහැ (නදී)
පාච්චල් කරලා කමෙන්ට් දාපු අපේ ගොයියලා දැන් මොකද කියන්නේ ?. (නදී)
මටත් එහෙම දෙයක් වුනා. මම ෆුල් සුට් එකක් ඇඳගෙන ච්ලර්ක් වර්ගයේ සපත්තු දෙකක් දාගෙන ලංඩන් නගරයට ගියා. සපත්තු දෙක අලුත්ම දෙකක්. ටිකක් දුර යන කොට සපත්තු දෙකේම ඇදි ගැලවුනා. මොනවා කරන්නද. සපත්තු ගලවල දාල ලගම තියෙන සාප්පුවකට ගිහිල්ලා සෙරෙප්පු දෙකක් දා ගෙන ගියා. (නදී)
දැන් කට්ටිය අපිව අන්දන්න හදනවා (නදී)
ඇමතිතුමාගේ සපත්තු වගේ තාම පුටුවත් පාවිච්චි කරන්නේ. එ්ක අලුත් උනාට තව ඉටි කොලේ ගලවන්න අමතක වෙලා (නදී)
පරණ කතාව, කියන්නා කෙසේ කිවත් ... මතක් උනා. (නදී)
අති විශිෂඨ ලෙස ඔබ තුමා ලෝකයේ අවදානය යොමු කරගත්තා. වැරදීමකින් හෝ. ලැබෙන ඉහලම ලංසුවට සපත්තු අලෙවි කර යහතින් ජීවත් වෙන්න. රටට විදේශ මුදල් ලබාදෙන්න. ඕනෙ නම් ලක්ෂ 1 1/2 සපත්තු ජෝඩුවකුත් ගන්න. (නදී)
අනේ මගේත් ඔය විදිහ අඩිය නැති සපත්තු දෙකක් තියෙනවා. ලොකු ගනන් එපා. ඒක අරන් රුපියල් 1,000 ක් දෙන්න. (නදී)
ඇමතිතුමා හරි. දැම්ම දෙන්න එපා. (නදී)
මේ අය හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මී හරක් කියලා. එ්කනේ මෙහෙම බුරු කතා කියන්නේ (නදී)
අනේ අනේ දැන්වත් ඔය දේවල් නවත්වන්න (නදී)
කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන මිනිස්සු ඉන්න මේ පාර්ලිමේන්තුවේ මේ වගේ මිනිස්සු ඉන්න එක ගැන මෙහෙම නෙමේ කමෙන්ට් දන්නා ඕනේ. සතුටු වෙන්න මේ ඇමති මහජන මුදලින් ලක්ෂ ගණන් සපත්තු වලට වියදම් කලේ නැති එක ගැන. අනිත් අය එක්ක ගද්දි මෙයා කොච්චර හොදද කියල හිතෙන්නේ නැද්ද ? (නදී)
අනේ සපත්තු නැතුව ගියා නම් ඔයිට වැඩිය හොඳයි. ටිකක් හිතන්න තිබුනා නේද? (නදී)
ඔය සපත්තු කෑලි දෙකට ඔය තරම් ඉල්ලුමක් තියනවානම් දීලා දාලා ඒ සල්ලි වලින් අහිංසක දරු පවුල්වලට මාසෙකට කන්න බඩුමල්ල ගන්නේ අරන්දෙන්නකෝ ඇමති තුමෝ. තවත් ජෝකර් කෙනෙක් වෙන්නේ නැතුව හිටියොත් ලබන ගමනත් දියවන්නාවට යන්න පුළුවන් වේවි. නැත්නම් ගෙදරට වෙලා පත්තරයක් බලාගෙන ඉන්න වේවි. (නදී)
ඇමතිතුමා මේවා රට විතරක් නෙවි ලෝකෙම හිනස්සන වැඩ. (නදී)
ඇමතිතුමා මේවා රට විතරක් නෙවි ලෝකෙම හිනස්සන වැඩ. (නදී)
මම හිතුවා මර්වින් සිල්වා විතරයි ඔහොම කතා කියන්නේ කියලා. දැන් බැලුවම තවත් අය ඉන්නවා. (නදී)
අම්මපා මේ වගේ උන්දැලව නේ මේ මිනිස්සු ඡන්දෙ දීලා ඇමතිලා කරවන්නේ (නදී)
අනේ ඇමතිතුමෝ නම්බු විදියට අඩි ගැල වුන වෙලාවේ සපත්තු දෙකත් විසිකරලා ගියානම් අද ඔය විහිළු කතා කියන්න ඕන නැහැ (නදී)
මොකද අපේ මිනිස්සු මෙයාව අන්දරේට සමාන කරන්නේ. මම අහල තියෙන අන්දරේ නම් මේ වගේ නොවේ (නදී)
මේ අය හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මී හරක් කියලා එ්කනේ මෙහෙම බුරු කතා කියන්නේ (නදී)
ඇමති තුමාගේ කතාව හරි. මේ වැඩකට නැති දෙයක්නේ මාද්‍ය මගින් ඕනවට වැඩිය කතාකරන්නේ. (නදී)
මෙතුමාගේ පත්තරය කියවන පින්තුරය දැක්කම මට මතක් වෙන්නේ අසහාය විකට ශිල්පී බර්ටි ගුණතිලක මහතාව. මුහුණු එක හා සමානයි. ඔබතුමාට හැකිනම් එතුමා කරගෙන ගිය සමාජ මෙහෙවර ඉදිරියට කරගෙන යන්න. ඔබතුමා එතුමාටත් වැඩිය එම චරිතයට හොඳින් පන පොවන බව මට ඉර හඳ වගේ විශ්වාසයි. (නදී)
අඩිය ගැලවෙච්ච එක මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෙමෙයි..එහෙම දේවල් ඇබැද්දි මිනිස්සුන්ට සිද්ධ වෙනවා..එ්ක ඉවරයි..ඒ වුනත් ඉතින් දේශපාලකයෝ ගල් පැලෙන බොරු කියනවා කියන එක අහල තිබුනට එ්ක හරියටම අත් දැක්කේ අද තමයි..පොඩි ගානක් කිව්වනං විශ්වාස කරන්න තිබුන..මේ විදියේ ගානක් දෙන්න......? එක්කෝ උන්ට පිස්සු..එක්කෝ ඔබ තුමාට පිස්සු..දෙකම නොවෙනවානම් ඉතින් අපිට පිස්සු..(අ)
මෙච්චර කාලයක් අශ්චර්යයේ පාර්ලිමේන්තුවේ හිටියේ එක අන්දරේ කෙනයි. දැන් එක දෙක වෙලා. චන්දෙන් පස්සේ දෙක කීය වෙයිද දන්නේ දෙයියෝ තමයි.(නදී)
වැඩිම ලන්සුව අර මැඩම් ගේ බව මට සුවර් එකටම කියන්න පුළුවන්. (නදී)
මෙතරම් උෂ්ණදික රටේ ඉටි කොලයකින් ආවරණය කරපු පුටුවක ඉඳන් පත්තරය කියවනවා. කැඩිච්ච සපත්තු දාගෙන ලෝකයේ දෙවන බලවතා සහභාගී වන උත්සව වලට යනවා. ඒ සපත්තු දෙක කෝටි 13200කට ඉල්ලනවාලු කියල පොඩි ළමයින් වත් නොකියන පට්ට පල් බොරු දෙසා බානවා. මට මෙතුමා ගැන ඇත්තටම හරිම කණගාටුයි. මෙතුමා කරන කියන මේ කිසි දෙයකට මෙතුමා ගැන ශ්‍රී ලාංකිකයන් විසින් කිසි අහිතක් ඇතිකරගන්න එපා. අපි මෙතුමාට ඉක්මන් නිරෝගී සුවය පතනවා. (නදී)
ලංකාවේ කැඩිච්ච සෙරෙප්පු වලටත් තක්සේරුව බිලියන වලින්, එ්කත් නිකන් නෙමෙයි ඩොලර් වලින්. (නදී)
මෙම සිද්ධිය දැන් ලෝක විහිලුවක් බවට පත්වී අැත (නදී)
ලැජ්ජාවට කියන කතා ඕවා (නදී)
අනේ ඇමතිතුමෝ දැන් කරපු විහිළු ඇති ආයේ විහිළු ඕනේ නැහැ. කරුණාකරලා අන්දරේ වෙන්නේ නැතුව ඇමතිකමේ වැඩ කටයුතු බලාගන ඉන්න. (නදී)
හොඳම ලංසුවට ලබාදී සපත්තු නැතිව පාසැල් යන දරුවන්ට සපත්තු දෙන්න වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න.(නදී)