IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘ඇමැතිට දෙයියන්ගේ හාල් කැවිලා‘

හාල් මිල ඉහළ යාමට ප‍්‍රධානම හේතුව ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් රජය සතු වී තොග නිසි ලෙස නිකුත් නොකිරීම නිසා යැයි අරලිය සහල් සමාගමේ ප්‍රධානී ඩඩ්ලි සිරිසේන මහතා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ අද (27) පැවැති සාකච්ඡාවකදී පැවසීය.

වී අලෙවි මණ්ඩලය සතු වී තොග වෙළඳපලට නිකුත් කිරීමට ජනාධිපති  හා අගමැති තීරණය කර තිබියදීත් ඇමතිවරයා නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව එය නොකළ බවත් ඔහු චෝදනා කරයි.

වී මොල් හිමියන් සතුව ලබන අප්‍රේල් මාසය දක්වා ප‍්‍රමාණවත් තරම් සම්බා සහ කීරි සම්බා තොග ඇතත් නාඩු වී නැති බව කී ඩඩ්ලි සිරිසේන මහතා නාඩු වී වැඩි ප‍්‍රමාණයක් ඇත්තේ රජය සතුව බව ද ප‍්‍රකාශ කළේය.

ඒ නිසා සහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් තමන් ඇතුළු මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කිරීම අසාධාරණ බව ද හෙතෙම කියා සිටියේය.

වී අලෙවි මණ්ඩලයෙන් රුපියල් 43.65ට  වී කිලෝව ගෙන රුපියල් 50 බැගින් මෝල් හිමියන්ට අලෙවි කරන බව කී සිරිසේන මහතා එවිට වී කිලෝවක් නිෂ්පාදනයට සෙසු වියදම් හැර වී ස`දහා පමණක් රුපියල් 80ක් වැයවන බව ද කීවේය.

රජය සතු වී තොග සහල් කිරීම සඳහා මෝල් හිමියන්ට නිසි ක‍්‍රමවේදයක් යටතේ නිකුත් කළේ නම් මෙවැනි ගැටලූ ඇති නොවන බව ද හෙතෙම පැවසීය.

web_dudly1



අදහස් (0)

‘ඇමැතිට දෙයියන්ගේ හාල් කැවිලා‘

සංජීව Wednesday, 28 December 2016 03:42 AM

කලින් මෙහෙම මාධ්‍යයට අාවේ නැහැනේ මෙයාලා (නි)

:       0       0

ජන හිත Wednesday, 28 December 2016 04:03 AM

කට තියෙන්නේ ඔනම් දෙයක් කියන්නනේ. ඇග බේරගන්න ඕව කියනවා. ව්‍යාපාරිකයා කියන්නේ අමුතුම සතෙක් තමයි. (ම)

:       0       0

ලුම්බිණි Wednesday, 28 December 2016 04:22 AM

හාල් මිල ඉහළ යාමට ප‍්‍රධානම හේතුව එදා ඉඳලම, විශේෂයෙන්ම 1970න් පසු, මොනම රජයකටවත් සහල් පිලිබඳ හරි ප්‍රතිපත්තියක් නැතිවීම. (ම)

:       0       0

ධනූෂා Tuesday, 27 December 2016 02:15 PM

ඔක්කොම එකයි බලනකොට (නි)

:       0       0

සලීම් Tuesday, 27 December 2016 04:41 PM

රජය මොන වැරදි කළත් දිනන්නේ මෝල් හිමියනුයි කඩ හිමියනුයි තමයි

:       0       0

අනුර Tuesday, 27 December 2016 04:55 PM

එයාලට දෙවියන්ගේ හාල් කැවිලා බව කවුරුත් දන්නවා. මත්තල වී ගබඩා කර දුන් වැරදි ආදර්ශය නිසා විදෙස් අහස්යානා විකල්ප තොටුපලක් ලෙස මත්තල භාවිතා කිරීමට මැලිකමක් දක්වනවා. කටුනායක අළුත්වැඩියා කරන්න යන නිසා මෙසේ වීමෙන් ලංකාවට දැවැන්ත පාඩුවකට මුහුණ දීමට සිදුවී ඇත. (නි)

:       0       0

සන්වන් Tuesday, 27 December 2016 05:52 PM

රටටම දෙවියන්ගේ හාල් කැවුණේ 2015 ජනවාරි 08 වෙනිදා. යහපාලනය බලයට ගෙනා අය මේ පිළිබඳව වගකිව යුතුයි (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 27 December 2016 06:31 PM

හාල් හිඟය සහ මිල ඉහළයාම ගැන ජනාධිපති කිසිම කතාවක් බහක් නැති නිසා වෙන්න ඇති මෙතුමා කරළියට ආවේ. අපරාදේ කියන්න බැහැ ව්‍යාපාර නම් හොඳට සහයෝගයෙන් කරනවා වගේ. ඒ වුණාට ජනතාවට තමයි දෙවියන්ගේ හාල් කැවෙන්නේ මේ දවස්වල (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 27 December 2016 07:05 PM

අරගොල්ලෝ අනුන්ගේ වතු වලින් හෝ පොල් හොරට කඩාගෙන, රට වටේ දේවාල වල පොල් ගහනකොට අපි දැනගෙන හිටියා, සමහර ඇමතින්ට දෙවියන්ගේ හාල් කැවිලා පිස්සු නටන්න පටන් ගනීවි කියලා. යහපාලන රජය බින්දුවට වැටිලා, හිටපු රෙජීමය වගේ වෙන්නේ මේ අය නිසා තමයි (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 27 December 2016 11:17 PM

නඩුත් හාමුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අනේ අපිටද මේවා කියන්නේ? (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 27 December 2016 11:39 PM

දැන් දේශපාලකයන් බොහෝ දෙනෙකුට එහෙම වෙලා තමා තියෙන්නේ (නි)

:       0       0

සත්‍යයා Tuesday, 27 December 2016 11:45 PM

ඇමතිලාට විතරක් නොවෙයි ඇමතිලාට ඉහළින් ඉන්න අයටත් එහෙමයි කියලයි මේ වෙන දේවල් දකිනකොට අපිට හිතෙන්නේ (නි)

:       0       0

ජයාත් Wednesday, 28 December 2016 12:59 AM

මේ ඔක්කොම එකයි. ඔය හාල් ප්‍රශ්නය මේ එක් කෙනෙකුටවත් නැහැ. එ්ක දැනන්නේ සාමාන්‍ය අපිට (නි)

:       0       0

තිලකසිරි Wednesday, 28 December 2016 01:05 AM

ඒගොල්ලොම ඕවා කියන එක හොඳයි (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Wednesday, 28 December 2016 01:18 AM

සහල් නිෂ්පාදනය තිබෙන්නට ඕනෑ රටේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙසටයි. අත්‍යාවශ්‍ය සේවා පාලනය වියයුත්තේ රජයේ ආණ්ඩුව මඟිනුයි. එහෙම නැතුව පුද්ගලික මුදලාලිලා මඟින් නොවෙයි (නි)

:       0       0

ඩිලාන් Wednesday, 28 December 2016 01:30 AM

මේ රටේ ආණ්ඩු පෙරළීමට බොහෝ අවස්ථාවල සහල් මිල බලපා තිබෙනවා. සහල් මිල පාලනය කිරීමට ඔබට කළහැකි සැමදෙයක්ම කරන්න. (නි)

:       0       0

සුජිත් Wednesday, 28 December 2016 02:19 AM

ඔබට සතුටුයිද දැන්! (නි)

:       0       0

ලකී Wednesday, 28 December 2016 02:27 AM

රජයේ අදූරදර්ශී සහ අසාර්ථක පාලනය නිසා රටේ බහුතර ජනතාවකට නම් දෙයියන්ගේ හාල් කැවිලා ඉන්නේ (නි)

:       0       0

සෙනරත් Wednesday, 28 December 2016 03:14 AM

බොහොමයක් ඇමතිලා අවුරුදු 20 ක් විපක්ෂයේ නිකන් බලාගෙන හිටිය මිසක් බලය ආවහම රටට වෙන දේ ගැන සැළසුම් හැදුවේ නැහැ. දැන් කරන එකම දේ තමන්ගේ මඩිය තරකරන එක. ඒ වගේම ඕනෑතරම් බොරු කියල ජනතාව රවටනවා. දැන් වෙලා තියෙන්නේ කාර් එකේ ගිය මිනිසුන්ට මෝටර් බයිසිකලේ යන්න.(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 7 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 107 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 119 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 158 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 66 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 137 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26056 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 301 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site