විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂමන් සෙනවිරත්න මහතා ද, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මනූෂ නානායක්කාර මහතා ද, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පාලිත තෙවරප්පෙරුම මහතා ද මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.
මනූෂ නානායක්කාර මහතා මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් ය. මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ඔහු එම ආණ්ඩුට එක් විය.
ලක්ෂමන් සෙවිරත්න මහතා ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආණ්ඩුවට එක්වී එම රජයේ සීනි කර්මාන්ත ඇමැති ලෙස කටයුතු කළේය.
පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
නව පත්කිරීම් සමඟ නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 25 දක්වා ද, රාජ්‍ය ඇමැතිවරුන් ගණන 20 දක්වා ද ඉහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලාගෙන යන විට ගිය ආණ්ඩුව සහ මේ ආණ්ඩුව අතර වෙනසක් නැහැනේ මුන් සේරම එක වගේනේ, රටේ අවාසනාවට තුන්වෙනි බලවේගයක් නැහැනේ තුනට ඉන්න අයට බලය ලැබුනොත් මේ දෙගොල්ලටම වඩා හපන්වේ. (බ)
ඇමතිකම් කියන්නේ වැදගත් තනතුරක්. ඇමතිවරයෙකුට හෝ නියෝජ්‍ය ඇමතිවරයෙකුට ඉතා හොඳ පසුබිමක් තිබිය යුතුයි. (හේ)
මේ අයගේ වැඩටික බලමුකෝ.(හේ)
ඇයි මේ වගේ වැඩ කරන්නේ. ඇමැතිකම් අඩු කරනවා කියපු අයමනේ දැන් ඇමැතිකම් වැඩි කරන්නෙත්.(හේ)
ජනපතිටත් ලැජ්ජාවක් නැහැ, මේ ඇමතිවරුන්ටත් ලැජ්ජාවක් නැහැ. කවදා හරි මේ රටේ යහපාලනයක් එනවානම් ඒ ජේවීපී බලයට අවොත් පමණයි.(හේ)
කැබිනට්ටුව එන්න එන්න බර වෙනවා වගේ.(හේ)
ඔලු හෝදමු මහින්ද මන්ත්‍රීතුමාට දැන් තව කෙනෙක් අඩු වුණා .. (බ)
ජය වේවා (බ)
බලාගෙන ගියාම මෙයාලා අරගොල්ලන්ගේ රෙකෝඩ් එක කඩයි වගේ (බ)
මේ රට නැවත සුද්දට බාර දෙමු. (බ)
මෙය විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් සැදීමේදී ඇති වෙන්නක් .(හේ)
මේගොල්ලෝ ඡන්දෙට පෙර කිව කතා සේරම බොරු කියලා සමස්ත ලාංකීය ජනතාවටම පෙන්නලා ඉවරයි. හංසයාට මුවා වෙලා දැන් පොදු ජනතාවට කොකා පෙන්වනවා. (බ)
මට මේ රටේ ඉන්න එක ගැනත් කලකිරිල තියෙන්නේ. මොන විහිළුවක් ද මේක. රටේ ප්‍රශ්න මෙච්චර තියනවා. මේ දෙගොල්ලොම කරන්නේ බොරුව. මෙයාල කරන්නේ මෙයාලගේ රැකියාව පරිසම් කරගන්න එක. රටට වත් අපිටවත් වැඩක් නෑ (බ)
කළුතර කෙනෙක් වයඹ සංවර්ධනයට.(හේ)
පිළිගැනීමේ උත්සවය මැයි මාසේ 1 ද ගාල්ලේ සමනල පිටියෙදේ (හේ)
බොරු කියල බලයට ආවේ ඇත්ත කිව්වනම් ඡන්දෙ දේවිද (බ)
ඔහොම යන්... ඔහොම යන්.... (බ)
දේශය පාලුකරන දේශපාලකයෝ සැප විඳිති. අසරණ ඡන්ද දායකයෝ දුක් විදිමින් බර අදිති. අහෝ රටකට ගිය කලක්. කෝ අර මැතිවරණයට පෙර දේශය දිනවීමට තප්පු ලෑ ඇත්තෝ. (බ)
අප්පටසිරි මේ මහින්ද මහත්තයාගේ දෙන්නෙක් නේද?පි(හේ)
යහපාලනේ ගෙනාපු අය දැන් කව්රුත් නැහැ. හැමෝම මහින්දට රිද්දන්න බැලුව මිසක් රට කාගේ අතටද යන්නේ කියල හිතුවේ නැහැ.(බ)
මීට පස්සේ මේ රටේ තියන්නේ වෙන්නේ මැතිවරණ නොවෙයි, "ඇමතිවරණ". මේක රටට ලොකු බරක්. අරාබිකාරයාගේ කූඩාරමට රිංගපු ඔටුවා වගේ ඡන්දෙන් ඕකට රිංගාගත් දවසේ ඉඳලාම හදන්නේ ජනතාවට තව තව බර දෙන්න. මේ සමහර ඇමතියන්ට පරිපාලනය ගැන තියන දැනුම මොකක්ද? අනිච්චං! කවුරුත් එකයි. (නි)
මේ ආණ්ඩුව රටේ ජනතාව නොමඟයැවූ බව දැන් පැහැදිලියි (නි)
මොන වගේ වැඩද මේවා? බස්නාහිර කෙනා කොහොමද වයඹ දේවල් දන්නේ? (නි)
හැමෝම බොහෝ වේලාවට කියන්නේ රට ගැන හිතන හොදට වැඩ කරන වංචා දුෂණ නැති කට්ටිය පාර්ලිමේන්තු යවන්න කියලා. මන් කියන්නේ අපි මහජනතාවට වරද පටවන්නේ නැතිව දේශපාලකයන් පැත්තටම ඇගිල්ල දික් කරනවා නම් හොද නැද්ද? මොකද අපි දන්නේ නෑ පත්වෙලා යන අය කොයි වගේ වෙයි ද කියලා. පොදු ජනතාවෙගෙන් යැපෙන පාර්ලිමේන්තුවේ කොහොම කට්ටිය හිටියත් අන්තිමේදී අරමුණ වෙන්න ඕනේ දුෂණයෙන් තොරව රටට හා ජනතාවට වැඩක් කිරීම.(හේ)
ඡන්දේ දෙන අයට හෙණ වදියි (බ)
මේ සියලු දේට ඡන්ද දායකයා වග කිව යුතුයි. මහමැතිවරණයේදී කාට හරි එක පක්ෂයකට බහුතරය ලබා දුන්නනම් මේ ප්‍රශ්න නැහැ (බ)
අපේ මිනිස්සු කොහොමත් කුහකයි. මේ දුර්වලකම තේරුම්ගත් කපටි දේශපාලුවෝ එයින් ප්‍රයෝජන ගෙන බලයට පැමිණ දැන් යකා නටති.(බ)
කාට කාටත් දැන් පේනවා ඇති නේද වෙන දේවල්.(හේ)
කිසිකෙනෙක් මේකට මොකුත් කියන්න එපෝ.මේක තමයි විද්‍යාත්මකව ඇමති මණ්ඩලය පත්කිරීමේ යහපාලන ක්‍රමවේදය(හේ)
ඇමතිවරු අඩු කරන බවක් නේද ඡන්දෙට ඉස්සර වෙලා කිව්වේ? (බ)
ගිගා කැබිනට් කතාව විතරයි (බ)
කොහොමද දැන් සෝභිත හාමුදුරුවෝ හිටියා නම් (බ)
මේ රටේ මිනිස්සුන්ට තවමත් තේරුම් ගන්න බැරිද මෙවුන් සේරම එළවලා දාලා දේශපාලන පක්ෂ පස්සේ දිවිල්ල නතර කරන තුරු අපිට ගොඩ ඒමක් නැති බව? ටික දෙනෙක් දේශපාලුවන්ගේ කටු ලෙවකමින් පාහර වැඩ කරමින් රට අගාධයට යවනවා.ඔවුන් නිසා දේශපාලුවෝ වැජඹෙනවා.ජනතාවගේ නියම සතුරෝ දේශපාලුවන්ගේ සපෝටර් ලා. (බ)
හරියටම කියනවනම් අපි තාම රැවටෙනවා..!!!(හේ)
අපිට තියෙන්නේ වෙන දේ බලන් ඉන්න තමයි.(හේ)
යහපාලනයේ හැටි තේරෙනවා නේද?
අපිට ලජ්ජා නැති හැටි (කෞ)
ඔය වගේ ආඩපාලි කතා කියන්න එපා අනේ රට බේද කරන්න නේ කට්ටිය දඟලන්නේ (කෞ)
ඒ අයට නම් අවුරුදු සරුයි.(බ)
වෙනස මාරයි අපරාදේ අපේ ජන්දය යහපාලනයට ජයවෙිවා අපිට කනේ පාරක් ගැහුවා වගේ(කෞ)
යහපාලනයට අපමණ අගයක් පැහැදිලි වෙනසක්(කෞ)
මම එත් බැලුව මෙචර දේවල් කරේ ඇයි කියලා(කෞ)
අපිට දුක නෑ. ඒකාබද්ධ විපක්ෂය දැන් තවත් පිරිසිදු වුනා.(කෞ)
වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ (බ)
ජනතාවට අවුරුදු තෑග්ගක්ද (බ)
ඒ ගොල්ලනම් ගොඩ අපි (බ)
තව ඉන්නවද දෙන්න? කිව්වේ කොහොමද දැන් කොහොමද?? (බ)
විජේ, ලජ්ජා නැත්තේ අපිට. (බ)
ප්‍රජතන්ට්‍රවාදය ගැන මහා ඉහලින් කෑ මොර දෙමින් බලය ලබාගත් ආණ්ඩුව අද අමු අමුවේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය කරන අපූරුව...අඩුම තරමේ රටේ මිනිස්සුන්ට යහපතක් වෙන එක දෙයක්වත් කරන්නට මේ ආණ්ඩුවට අද අසමත්..(කෞ)
වාසි අතට හුරේ දමා දනින් නැමි නිලතල අර ගනිල්ලා (බ)
මේ කාටවත් විලිලජ්ජාවක් නැහැ . මෝඩයෝ වුනේ ඡන්දෙ දුන්නු අපියි (බ)
යහපාලනය වෙනුවෙන් කෑගැසූ උගතුන් මේවා ගැන කියන්නේ කුමක්ද? විජය මහත්මය ලැජ්ජාවක් නැත්තේ මේගොල්ලන්ගේ බර අදින අපිට.දේශපාලන බලපෙරේත කම සහ බඩගෝස්තර වාදී බව.මේගොල්ල අර බිහිසුණු මිනිස් ඝාතකයාව විනාශ කිරීමට දේසපාලන නායකත්වය දුන්න නම් අද හොඳ හොඳ සෙල්ලම් බලන්න තිබුණා (බ)
රට දියුණුවෙන් දියුණුවෙන් යන ලකුණු තමයි මේවා.(කෞ)
මේ ඇමතිකම් දෙන අයටත් ගන්න අයටත් දෙගොල්ලටම ලජ්ජා නැහැ.(කෞ)
ලැජ්ජාවක් නැත්තේ මනුෂටද , ආණ්ඩුවටද එහෙමත් නැත්නම් අපිටද ?(ම)
එයත් ගොඩ. අප තාම මෙගොඩ.(හේ)
ඔළුගෙඩි වැඩි කරගන්න මහජන සල්ලි කාබාසිනියා කරන වැඩක් (හේ)
කොහොමද වෙනස යහපාලනය තමා පාලනය කියන්නේ මේක තමයි (බ)
දිරපු ලීවලින් වහල ගහන්න බැරි බව දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ. හිටපු අයට වගේම මේගොල්ලන්ටත් රට හදන්න බෑ කියන එක දැන් සක්සුදක් සේ පැහැදිලියි. පැහැදිලි නැත්තේ මේ ටික අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එකයි. (බ)
ජනාධිපතිතුමනි ! ඔබට දෙවිපිහිටයි අපට අබ සරණයි (බ)
මේක මේ රටේ අවාසනාව.. රටේ ආණ්ඩු වෙනස් වුනාට ඉන්න ඔලුගෙඩි හිටපු තැන්වලමයි.. අහෝ රටකට ගිය කලක්.. රටකට ආදරය කරන එක දෙශපාලකයෙක් හොයා ගන්න නෑ (බ)
තාක්ෂණ නියෝජ්‍යය ඇමතිකම සීනි වැඩි කිරීමට යොදා ගනිමු. (බ)
දේශපාලනය කරන අයගෙ ලැජ්ජාව කියන නහරය ඉවත් කරනවලුනේ (බ)
මෙන්න යහපලානේ දොරේ ගලනවා (බ)
මනූෂගෙ 2015 මැතිවරණ තේමාව මහින්ද ලකුණ මතක කාටද? දැන් ඉතින් ඔලු හෝදමු (බ)
මේ සිනි ඇමැතියි මනුෂයි ඇමතිකම් මේ වගේ හින්ද තමා රටට හෙන ගහල තියෙන්නේ,(බ)
ඇමතිකම් දෙන අයයි ගන්න අයයි දෙගොල්ලම එකයි.ඔළුගෙඩි වැඩි කරගත්තට කරන වැඩක් නම් පෙනෙන්න නැහැ. ?(හේ)
ඇමැතිවරු වැඩි වුනාට වැඩක් වෙන්නේ නෑනේ.(හේ)
ඉතාම යහපත් තීරණයක්.(ම)
අපේ බුද්ධික පතිරණ මන්ත්‍රී තුමාට මුකුත් නැද්ද .හොඳට ගමට වැඩ කරන කෙනෙක් නේද ? (බ)
මහින්දටත් ඇමති කමක් දෙමු.....(බ)
මේ ඇමතිවරුන්ගේ මදිපාඩුව නිසා තමයි රටට මෙතෙක් සේවයක් හරිහැටි කරන්නට නොහැකිවුනේ . දැන් අපිට සැනසීම ලැබේවි (බ)
දැන් නම් යහපාලනය දෝර ගලනවා (බ)
බලන් ගියාම නියම ඉඟුරු දීල මිරිස්ස ගැනිල්ල උනේ සෙනරත් රජ්ජුරුවන්ට නෙවේ, අපිට. රටට ගිය කලක්.(කෞ)
මේකද රට බලාපොරොත්තු වෙච්ච යහපාලනය? එයාලා බෙදාගෙන කනවා මහජනතාව ණය ගෙවනවා ණය පෙන්නලා මෙයාලා ගේම ගහනවා ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කීවේ මේකට තමයි(කෞ)
තුන් ගොල්ලොටම විලිලැජ්ජාවක් නැහැ. විකල්පයක් හදන්නෙ නැත්තේ ඇයි විද්වතුන් හා රටට ඇත්තටමආදරය ඇති අය එකතු වෙලා. කලින් අයත් හැදුනා. මෙයාලත් ටික ටික හැදෙනවා. ජනතාව අගාධයට යනවා(කෞ)