IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇමැතිවරුන් රැසකගේ වගකීම් වෙනස් කරයි

අජන්ත කුමාර අගලකඩ

අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ මේ මස මුලදී අලුතින් දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට අයත් ආයතන හා විෂය පථයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කෙරුණු අතර ඊට අනුව අමාත්‍යවරුන් රැසකගේ විෂය පථයන් වෙනස් වී ඇත.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට නව ගැසට් නිවේදනය මගින් වැඩි වගකීම් පවරා තිබේ.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ තිබූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ටවර් හෝල් රඟහල පදනම, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ජාතික ප්‍රසාංගික කලා මධ්‍යස්ථානය, ජාතික කලා මණ්ඩලය, ග්‍රාමෝදය ජන කලා කේන්ද්‍රය, අපේ ගම, ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති විජයදාස රාජපක්ෂ මහතා යටතට පත් කර ඇත.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා යටතේ පැවැති ජාතික චිත්‍රපට සංස්ථාව සහ සංවර්ධන උපාය මර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා යටතේ තිබූ මහපොළ භාරකාර අරමුදල ද විජයදාස රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පැවැති හිඟුරාන සීනි සමාගම, සීමාසහිත ලංකා සීනි (පෞද්ගලික) සමාගම, ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා යටතේ පැවැති කන්තලේ සීනි සමාගම සහ වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා යටතේ පැවැති උක් පර්යේෂණ ආයතනය රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතට පවරා ඇත.

අමාත්‍යංශ කීපයකට බෙදී ගොස් තිබූ සීනි සමාගම් සියල්ල එකම අමාත්‍යංශයක් යටතට පත් කර තිබීමද විශේෂත්වයකි.

ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය යටතේ තිබූ වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා යටතට පත් කර ඇත.

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා යටතට පත් කර තිබේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ තිබූ රාජ්‍ය බැංකු තවදුරටත් එම අමාත්‍යංශය යටතේම පැවැතීමද විශේෂත්වයකි.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ නව ඇමැතිවරු 19 දෙනෙක් පසුගිය මැයි මස පළමු වැනිදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.



අදහස් (14)

ඇමැතිවරුන් රැසකගේ වගකීම් වෙනස් කරයි

Sanath Sunday, 13 May 2018 02:48 PM

සීනි හැමෝටම හැන්ද ගානේ බෙදලා දීල තිබුනා කියලා දැන්නේ අපි දැනගත්තේ.

:       0       1

සතයපාල Sunday, 13 May 2018 03:06 PM

හරිම ව්ද්‍යායාත්මක විදියට ආයාතන ටික අමාත්‍යංශ අතර බෙදලා දීලා තියෙනවා ඒක නිසා මුකුත්ම කියන්න බෑහැ.

:       0       0

Raveendra Sunday, 13 May 2018 03:22 PM

අම්මපා ....මෙතෙක් කල් මොන "ඇමතියද" තමන්ට අදාළ වගකීම් ඉෂ්ට කලේ ??? දන්නා මහත්ම මහත්මියක් සිටී නම් අපව දැනුවත් කරනමෙන් ඉල්ලා සිටින්නෙමු. ඔය කියන අය තම තමන්ගේ සුඛවිහරණයට අදාළ වගකීම් මේ මොහොතේත් ඉෂ්ටකර ගනිමින් නේද ඉන්නේ? මේ බොරුවට තව තවත් මහජන මුදල් ගිලදමිමේ ක්‍රියාවක් මිස ඇතිවෙන සෙතක් නම් පේනතෙක් මානයක නොමැත.

:       0       0

Raveendra Sunday, 13 May 2018 03:22 PM

අම්මපා ....මෙතෙක් කල් මොන "ඇමතිද" තමන්ට අදාළ වගකීම් ඉෂ්ට කලේ ? දන්නා මහත්ම මහත්මියක් සිටී නම් අපව දැනුවත් කරනමෙන් ඉල්ලා සිටින්නෙමු. ඔය කියන කට්ටිය තම තමන්ගේ සුකවිහරණයට අදාළ වගකීම් මේ මොහොතේත් ඉෂ්ටකර ගනිමින් නේද ඉන්නේ? මේ බොරුවට තව තවත් මහජන මුදල් ගිලදැමීමේ ක්‍රියාවක් මිස ඇතිවෙන සෙතක් නම් පේනතෙක් මානයක නොමැත.

:       0       2

Raveendra Sunday, 13 May 2018 03:22 PM

අම්මපා ....මෙතෙක් කල් මොන "ඇමතියද" තමන්ට අදාළ වගකීම් ඉෂ්ට කලේ ??? දන්නා මහත්ම මහත්මියක් සිටී නම් අපව දැනුවත් කරනමෙන් ඉල්ලා සිටින්නෙමු. ඔය කියන "හැතිකරය" තම තමන්ගේ සුකවිහරණයට අදාළ වගකීම් මේ මොහොතේත් ඉෂ්ටකර ගනිමින් නේද ඉන්නේ? මේ බොරුවට තව තවත් මහජන මුදල් ගිලදමිමේ ක්‍රියාවක් මිස ඇතිවෙන සෙතක් නම් පේනතෙක් මානයක නොමැත.

:       0       27

Raveendra Sunday, 13 May 2018 03:22 PM

අම්මපා...මෙතෙක් කල් මොන "ඇමතියද" තමන්ට අදාළ වගකීම් ඉෂ්ට කලේ? දන්නා මහත්ම මහත්මියක් සිටී නම් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. ඔය කියන "හැතිකරය" තම තමන්ගේ සුඛවිහරණයට අදාළ වගකීම් මේ මොහොතේත් ඉෂ්ඨකර ගනිමින් නේද ඉන්නේ? මේ බොරුවට තව තවත් මහජන මුදල් ගිලදැමීමේ ක්‍රියාවක් මිස ඇතිවෙන සෙතක් නම් පේනතෙක් මානයක නොමැත.

:       0       71

THILINA Sunday, 13 May 2018 04:04 PM

ඉංග්‍රීසි පිටපත සහෝදර ඩේලි මිරර් එකටනම් ලැබිල. සිංහල පිටපත ලංකාදීපයට තවම හම්බුවෙලා නැද්ද?

:       0       2

lalitha Sunday, 13 May 2018 04:51 PM

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතාට , බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලේම වසර පහලව , විස්ස , විසි පහ ,සේවය කල ගුරුවරුන් හෝ මාරු කිරීමට නොහැකි වූ ඔබ ගැන තවත් කුමන කතාද ?අධ්‍යාපන ඇමති තුමනි ලැජ්ජයි .

:       0       295

Lalith Sunday, 13 May 2018 05:11 PM

කොටු මාරු කලාට දාන් ලෑල්ලේ ඉන්නේ පරණ ඉත්තොම නේද. හරියට පරණ කතාවේ වුණ්නු රුකඩටිකම දාල වෙනකතාවක් නටවල පෙන්නුවා වාගේ.

:       0       21

kumara Sunday, 13 May 2018 06:14 PM

මහනුවර සංවර්ධන අමත්‍යංශයෙන් මහනුවර නගරයේ කොතනද මේ වෙනකන් සංවර්නධය කළේ

:       0       131

Sanath Sunday, 13 May 2018 08:16 PM

තමන්ගේ සහ පවුලේ සුඛවියරණයටත් ජනතාවට වඩා ඉහලින් වැජඹෙන්නටත් හැර ජනතාව වෙනුවෙන් සේවය කරන එකම දේශපාලනඥයෙක්වත් ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයේ නැහැ. මේ රට මගේ රට කියල අවංකවම කියන නායකයෙන් අපට ලැබෙනකම් අපේ අනාගතය අඳුරුයි.

:       0       195

RaveendraMonday, 14 May 2018 02:32 AM

ඔබගේ නිවැරදි යතාර්ථවාදී අදහස් සමග අපද එකග වන්නෙමු. මෙම "පෙරේතයන්" අපගේ රටේ දියුණුව ගැන නොව මුලිකත්වය දි ඇත්තේ. තම තමන්ගේ දියුණුව පමණි. එය මිත්‍යාවක් බව අතීතය අප සියල්ලෝටම හොදින් කියාදී ඇති බවත් සදහන් කිරීමට කැමැත්තෙමු.

:       0       3

රාජුන් Sunday, 13 May 2018 08:51 PM

හරියට හරි. දැන් රට සුඛිත මුදිත වෙලා කිරියෙන් පැණියෙන් ඉතිරිලා දෝරෙ ගලයි. තේරෙන්නෙ නැද්ද නරියට හිවල කිව්වත් හිවලට නරිය කිව්වත් දෙකම එකයි කියල.

:       0       38

Soma dubayi Monday, 14 May 2018 03:27 AM

ඉතාම හොඳ තීරණයක්...............පංචවිධ ප්‍රතිපත්තිය ඔස්සේ.....අතමිට සරු කරගන්න රජයේ වැඩපිලිවෙල අගය කරමු......

:       7       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 0 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 35 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 107 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 355 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 22 388 1

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 1239 2

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site