
(අංජුල මහික වීරරත්න)
වෘත්තීය සමිති වලට සාකච්ඡා දෙනවා මදි යැයි රජයේ ඇමතිවරුන්ට වෘත්තීය සමති වලින් පොඩි චෝදනාවක් තිබෙන බව කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් පැවසීය.
දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අමාත්‍යංශ ලේකම්ලා ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු වෘත්තිය සමිති වලට අවශ්‍ය ප්‍රමාණයට සාකච්ඡා දී ඒ ඒ මට්ටමින් ප්‍රශ්න විසඳා බැරි ටික අයවැයෙන් විසඳීමට ඉදිරිපත් කළ යුතු යැයිද ලාල් කාන්ත මහතා කීය.
" අපේ වෘත්තිය සමිති ව්‍යාපාරය ආණ්ඩුව බලයට ගේන්න දැවැන්ත කැප කිරීමක් කරපු ව්‍යාපාරයක්.ඒ ගැන ආයතන සභාපතිලා මෙන්ම වගකිවයුතු අය හැම තිස්සෙම අවබෝධ කරගෙන සිටිය යුතුයි" යනුවෙන්ද ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී මෙම වෘත්තිය සමිති ජාතික සමුළුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd