‘ඇමරිකා තානාපතිවරයාගේ යාපනය සංචාරයෙන් සිදුවුණු කිසිම යහපතක් නැහැ. උතුරු පළාත් සභාවේ පිරිස උතුරේ ජනතාවගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම පිණිස ආධාර කරන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔහු නිහඩව සිටියා. සෙසු ප්‍රශ්න ඉදිරිපත් කළ අවස්ථාවේදී තානාපති ඒ වෙනුවෙන් කිසිම පොරොන්දුවක් දුන්නේ නැතැයි උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් පවසයි.
යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති යාන්ත්‍රණය සම්බන්ධයෙන් හා නව ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙහි අවධානය යොමුකොට සියලු ජාතීන්ට එක හා සමානව සැලකීමට දරණ උත්සාහය සම්බන්ධයෙන් ඇමරිකා රජය බෙහෙවින් සතුටු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කේෂාප් යාපනයේදී පැවසීය.
ඇමරිකා රජයේ ආධාර මත යාපනයේ ඉඩෙයිකාඩු පළාතේ වෛද්‍ය සායනයක ප්‍රධාන ආරාධිතයා වූයේ ඔහුය.
උතුරු පළාත් සභාවට ගොස් මහ ඇමැති ද සභාපතිවරයා ඇතුළු සෙසු ඇමැතිවරුන්ද හමු වූ ඇමරිකා තානාපතිවරයා යාපනයේ සෙසු දේශපාලනඥයින්, දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද හමු විය.
ඇමරිකාව ශ්‍රී ලංකාවට නිරන්තරයෙන්ම උදවු උපකාර කොට ඇති බව පෙන්වාදුන් ඇමරිකා තානාපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලනික සංස්කෘතික හා සාමාජයීය කටයුතු වෙනුවෙන් උපකාර කරන බවද පවසා ඇත.
උතුරු පළාත් සභාපති ඇමරිකා තානාපතිට දොස් කියන්නේ හිතට එකඟවද ?




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් වැඩක් නැහැ. (බ)
ඇමරිකානු තානාපතිටත් හොද වැඩේ මේ අහක ඉන්නේ කබ්බෝ ෆෝම් කරන්න යනවට. (බ)
මේ දිනවල නීතිපති, කිලිනොච්චි දෙමල විනිසුරු ඇතුළු ඉහළ නිලධාරී කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ රහසිගත සංචාරයක. සංවිධානය, සියලු වියදම් ඇමෙරිකානු රජයෙන්. මේ කුමක් සඳහාද, ඇයි මෙච්චර කැක්කුමක් අපේ රට ගැන,,,? (බ)
මේ දිනවල නීතිපති, කිලිනොච්චි දෙමළ විනිසුරු ඇතුළු ඉහළ නිලධාරී කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ රහසිගත සංචාරයක. සංවිධානය, සියලු වියදම් ඇමෙරිකානු රජයෙන්. මේ කුමක් සඳහාද, ඇයි මෙච්චර කැක්කුමක් අපේ රට ගැන? මේ ගැන සොයා බලන්න. (බ)
ඔය බටහිරයන් යාපනේ රවුම් ගහන්නේ අපට ඇති ආදරයක් නිසා නොව ,නව ව්‍යවස්ථාව හරහා උ /නැ එකතු කොට එහි යාන්ත්‍රනය ඇමරිකාව සතු කොට ගෙන මුළු රටම හසුරුවා ත්‍රිකුණාමලයේ ඔව්න්ගේ හමුදා කඳවුර ඉදිකර මුළු දකුණු ආසියාවම ඔවුන්ගේ පාලනයට නතු කිරීමට යි (බ)
ඇමෙරිකාව කවදද අග හිග ඇති රටකට උදවු කළේ ? (බ)
මෙවන් අරෝපනයන් ගෙන් ඔවුන් උත්සාහ ගන්නේ ඔවුන් වෙනම පාලනයක සිටිනා බව පෙන්වීම නොවේද ! සෙසු පළාත් සභා මෙවන් ප්‍රකාශ සිදු නොකරයි. (බ)
ලංකා ගැනනම් කණගාටුයි .රහසිගත සංචාර වෙන්නේ කොහොමද ?දකුණු අප්‍රිකාවේ අපේ රටේම වැනි වර්ගවාදී ජාතිවාදී ප්‍රශ්නවලින් බැට කා හොද අතට හැරුණු රටක් .ඔවුන් අනුගමනය කරපු දේවල් අපේ රටේ විදියට අපේම ක්‍රමයකට විසදන්න මේ රජය ගෙනයන වැඩපිළිවෙලකට සහයදෙන්න (බ)
මේ මහා ඇමති රජයෙන් සංවර්ධනයට වෙන්කරපු මුදල් කිසිවක් නොගෙන භාණ්ඩාගාරයට හරවා යවපු කිසිම වැඩක් කරන්නේ නැති පුද්ගලයෙක් .කියවනවා විතරයි .පිට රටවලින් ආධාර දෙන්නේ රජය හරහා පමණයි (බ)
ලංකා... මේගැන හොයල බලන්න කියන්නෙ කාටද? මේ වැඩේ ජනතාවට රහසක් වුණාට, (හේ)
භාහිර යුද්ධය ඉවර කෙරුවට හිත් වල යුද්ධය අවසන් කරලා නැහැ කියලා ගොඩක් අයගේ අදහස් වලින් තේරෙනවා.(හේ)
ගයාන් නොදන්නා දේවල් කතා කරන්න එපා..(හේ)
අමිර.. ඔය කියන සංහිඳියාව සවුත් අප්‍රිකාවේ නම් තාම නැහැ (හේ)
ඇත්ත වසන් කරලා කතාකළාට අපි ඇත්ත දන්නවා (නි)
නාමල්, ඔයා නම් ලැජ්ජාවක් නැති කෙනෙක් බව හොඳටම පේනවා. (නි)
මේ රජය ගෙනයන ප්‍රතිපත්ති විවේචනාත්මක වුවත් යම් සාර්ථකත්වයක් පෙනේ. කෙසේවෙතත් යම් අවදානමක් ගතයුතුයි, පසුගාමී ආර්ථිකයක් සහිත ලංකාවේ තිබුනා යැයි කියන ජාතිවාදී ප්‍රතිරූපය බටහිර ලොවෙන් මකාගැනීමට. (නි)