IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇමරිකා විරෝධී උද්ඝෝෂණ රටපුරා

ඇමරිකාවට විරෝධය පලකරමින් නැගෙනහිර ප‍්‍රධාන නගර කිහිපයක අද උදේ මුස්ලිම්වරු පාරේ ටයර් පුළුස්සමින් පෙළපාලි යමින් උද්ඝෝෂණ කළහ. කල්මුණේ, නින්දවූර්, සමන්තුරේ, නවිච්චමඩු ආදී නගරවල මෙම උද්ඝෝෂණ ඇරැඹූහ.  සිකුරාදා යාඥාවෙන් අනතුරුව ඇරැඹූ උද්ඝෝෂණ නිසා එම ප‍්‍රදේශවල කඩසාප්පු, පාසල් වසාදමා තිබූ අතර ගමනා ගමනය ද ඇණහිටිණි. මෙහි කැපී පෙණුනු තවත් ලක්ෂණයක් වූයේ පොලීසිය දක්නට නොලැබීමය. චිත‍්‍රපටයක් හදා මහමද්තුමාට අපහාස කළැයි ඇමරිකාව හෙළාදකිමින් ශ්‍රී ලංකාවේ වෙනත් නගරවලද අද මෙවැනි උද්ඝෝෂණ පැවැත්වේ.  



අදහස් (0)

ඇමරිකා විරෝධී උද්ඝෝෂණ රටපුරා

කුරේ නාවලගේ Friday, 21 September 2012 10:30 AM

අපි ඩුබායි වල හිටියත් මුස්ලිම් අයගේ උද්‍ඝෝෂණයක් අපි නම් දැක්කේ නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 21 September 2012 10:40 AM

නමෝ බුද්ධාය ! ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවේ අපට මේ ආකාරයට දේශනා කොට තිබෙනවා. පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඔබ ඉදිරියේ තථාගතයන් වහන්සේට හෝ තථාගත ධර්මයට නින්දා කළොත් එයට ඔබ කේන්ති ගන්න එපා. ද්වේෂය ඇති කරගන්න එපා. ද්වේෂය ඇති කර ගත්තොත් පිරිහෙන්නේ ඔබේ සිතයි. ඒ නිසා ඔවුනට මෙත් වඩන්න.ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වෛරයෙන් වෛරය සන්සිදෙන්නේ නැහැ කියලා. මෙත් සිත වැඩීමෙන්ම යි වෛරය සන්සිදෙන්නේ කියලා. ලෝකෙන් නින්දා අපහාස එල්ල වන විට එයට නොකිපී මෙත් වඩා සිත කුසලයෙන් රැක ගන්නා ආකාරය කියා දුන් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! (නි)

:       0       0

අන්තෝනි ඇමෙරිකාවේ සිට Friday, 21 September 2012 11:41 PM

මරුනේ, ඇමෙරිකාවට හොද ක්‍රමයක්. සියලුම හමුදා නැවත ගෙන්වාගෙන , සල්ලි ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක්. හොලිවූඩ් වලටම කියලා මාසෙකට සැරයක් මේ වගේ පොඩි ෆිල්ම් එකක් එළියට දැම්මොත් ඕන් බලන්න අවුරුදු 5 ක් යනකොට මුස්ලිම් ලෝකය එකාට එකා මරාගෙන, ගිනිතියාගෙන, කුඩුකරගෙන විනාස වෙනවා සිකුරුයි. අනෙක මමත් මේක බැලුවා. අනේ ඔච්චර කෑ ගහන්න එකක් නොවෙයි. මේකට මෙහෙම නටනවානම්, අර බාමියන් පිළිම කඩපු වෙලාවේ බෞද්ධයන් ගැහුවා නම්, ආසියාවේ ඒක හබ්බයෙක්වත් ඉතිරිවෙන්නේ නැහැ. කෝ රිදුනද බෞද්ධ අයට? මොකද ඒවා ඔහොම කළා කියල වට්ටන්න පුළුවන් දේවල් නොවෙයි! දැන් නම් මට අර වීඩියෝ එකේ තිබ්බ මරණ ගිනිතියන දර්ශන පාරවල් පුරාම පණපිටින් බලන්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

චරිත් Friday, 21 September 2012 11:02 AM

මේවා ඔක්කොම බයිලා තමයි. ඒ වීඩීයෝ එකේ තියෙන්නේ ඇත්තනේ. බොරු මවා පෑමක් නැහැ ඒකේ. ඒකේ තියෙන්න සෑබෑ ස්වරූපය ඔය පෙළපාළි යන ජාතියේ. ඔය වීඩීයෝ ටික මකන්න ඕනෑ නැහැ යූ ටියුබ් එකෙන්. මේ රටට විරුද්ධව එක එක ත්‍රස්තවාදියො, සුද්දො ඈගිල්ල දික් කරද්දි එකෙක් නැහැ පෙළපාළි යන්න. ඒත් දැන් කොහොමද? උන් මේ රටට ඇගිල්ල දික් කළේ අපේ වැරැද්දක් නෑතිව. ඒත් මේකට මෙයාලා පෙළපාළි ගියාට ඒකේ තියෙන්න 200% ඇත්ත. (නි)

:       0       0

ෆයිසාල් Friday, 21 September 2012 11:06 AM

හැමදාම ඔය කඩ වහලා තිබුණොත් තමයි හොද. (නි)

:       0       0

දුභාෂ් Friday, 21 September 2012 11:50 PM

ඇමරිකාව එපා

:       0       0

පුබුදු Friday, 21 September 2012 11:15 AM

මෙහේ කැගැහුවට ඇමෙරිකාව කවදාවත් එයාලගේ වැඩ නතර කරන්නේ නැහැ. (නි)

:       0       0

චන්දන Saturday, 22 September 2012 01:22 PM

"අපි ඉන්නේ දෝහා කටාර් වල මේ රටේ කිසිම සද්දයක් නෑ. සමහර විට මේක මුස්ලිම් රටක් කියල ලෝකෙම දන්න හින්ද වෙන්න ඇති.(ස)කුරේ නාවලගේ 2012-09-21 10:30:11 අපි ඩුබායි වල හිටියත් මුස්ලිම් අයගේ උද්‍ඝෝෂණයක් අපි නම් දැක්කේ නැහැ." මේ සේරම මොන ජාතියේ මිනිස්සුද මන්දා? (නි)

:       0       0

ප්‍රසාද් Friday, 21 September 2012 04:26 PM

අනික මේ උද්ඝෝෂණය කරන එක්කෙනෙක්වත් මේ චිත්‍රපටය බලලා නැතිව ඇති.(ස)

:       0       0

සුනිල් Friday, 21 September 2012 04:35 PM

ප්‍රදීප් ඔබ හරි, අපි ගැන කණගාටුයි..(ස)

:       0       0

ෂර්ෆාස් Friday, 21 September 2012 11:22 AM

මේවා අපි අදහන දර්ශනයට නම් විරුද්ධයි (නි)

:       0       0

ටොම් Friday, 21 September 2012 11:28 AM

විකාර උද්ඝෝෂණ වලින් ඇති පලේ කිම? සාමකාමීව යමක් කළ නොහැකිද? ඉස්ලාම් දහම සාමකාමී සහෝදරත්වයෙන් පිරි ආගමක්??? උසාවියට ගල් ගසා පොලිසියට ගල් ගසා මහපාරට හානි කිරීම....,?? මුස්ලිම් ආගම කියන්නේ මෙහෙම එකකටද?(ස)

:       0       0

අශාන් Friday, 21 September 2012 04:55 PM

අපේ තම්බිලා ළඟදීම කන්න තමයි ඔය හදන්නේ. මම ඉන්නේ සෞදි අරාබියේ. මෙහෙවත් නැහැනේ ඔහොම. විනාශය නම් ළඟදීම එයි වගේ. (නි)

:       0       0

හිල්මි Saturday, 22 September 2012 01:59 AM

මංජු ඔබ හරි (අ)

:       0       0

හිල්මි Saturday, 22 September 2012 02:06 AM

ඔවු මංජු, ඔයා හරි. වැරදි දේ කෙරුවේ ඔයා තමයි. (නි)

:       0       0

හිල්මි Saturday, 22 September 2012 02:12 AM

වරුණ, එහෙම පාරට බහින හැමකෙනාම අල්ලලා හිරේ දානවනම් ඔහේව තමයි මුලින්ම අල්ලලා හිරේට දාන්න ඕනෑ. (නි)

:       0       0

දමිත් Friday, 21 September 2012 11:44 AM

ලංකාවේ ඕවා කරන්නේ නැතුව වෙන කොහේහරි ගිහින් කරගත්තා නම් නේද හොද? (නි)

:       0       0

මොහොමඩ් - බේරුවල Friday, 21 September 2012 11:49 AM

මෙය රජයට හෝ ලංකාවට සම්බන්ධ පාර්ශවයකට විරුද්ධ උද්ඝෝෂණයක් නොවන නිසා පොලීසිය අවශ්‍ය වන්නේ නැති බව පෙනේ. මෙම උද්ඝෝෂණ දෙස වෙනත් කෝණයකින් නොබැලීමට කාරුණික වන ලෙස හිතවත් පාඨකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. (නි)

:       0       0

නාලක Saturday, 22 September 2012 02:15 PM

ලංකාවට ජයවේවා

:       0       0

පාලිත Saturday, 22 September 2012 02:16 PM

අපෙත් සහාය

:       0       0

කුෂාන් Friday, 21 September 2012 11:56 AM

ලංකාවේ ආර්ථිකය තවත් පහළට වැටෙනවා විතරයි. (නි)

:       0       0

නාලක Saturday, 22 September 2012 02:19 PM

අයියෝ සල්ලි කියුවලු

:       0       0

ටෝනි Saturday, 22 September 2012 06:07 AM

මාර වැඩේ කියන්නේ මුන්නේෂ්වරම් වල තිබ්බ උද්ඝෝෂණයට පොලිසිය එරෙහි වුණා විතරක් නෙමෙයි, අධිකරණයෙන් පවා ඒකට තහනම් නියෝගයක් නිකුත් කළා. එතකොට දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඉවත් කරන එකටත් පොලිසිය හරස් වුණා විතරක් නෙමෙයි විශේෂ කාර්ය බලකායත් දැම්මා. නමුත් මේවට කෝ මේ කාගෙවත් කිසිම සද්දයක් නෑනේ? එතකොට බෞද්ධ අපිට කුඩම්මගේ සැළකිළිද? (නි)

:       0       0

සඳුන් Friday, 21 September 2012 12:01 PM

කොච්චර හංගන්න හැදුවත් ඇත්ත එලියට එනවා. ඇත්ත තිත්තයි . දරාගන්න බෑ. ඉතින් මරා ගන්නවා.(ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 21 September 2012 12:01 PM

අද මුළු ලෝකයම ඇමරිකාවට එරෙහි වෙලා තමයි....ඇමරිකාව බය වෙනවාමයි..(ස)

:       0       0

මන්ජු Friday, 21 September 2012 12:07 PM

'INNOCENCE OF MUSLIMS' ෆිල්ම් එකේ වැරදි දේවල් නෑ නේ..(ස)

:       0       0

රොනල්ඩි රේගන් Friday, 21 September 2012 12:09 PM

සෞදි අය කට වහන් ඉන්නවනම් ඇයි මේ ඔයාලා විතරක් ‍‍‍‍........(ස)

:       0       0

ලුම්බිණි Friday, 21 September 2012 12:12 PM

"මෙහි කැපී පෙණුනු තවත් ලක්ෂණයක් වූයේ පොලීසිය දක්නට නොලැබීමය." හැම උද්ඝෝෂනකටම විරුද්ධව උසාවි පවා යන පොලිසිය මේ මොකද අමුත්තක්? (ස)

:       0       0

නසාර් Friday, 21 September 2012 12:27 PM

මේකටත් සමහරු බුද්ධාගම සම්බන්ධ කරගන්න බලයි. අපිට අන්‍ය ආගම් ගැන දැනගන්න වුවමනාවක් නැහැ. (නි)

:       0       0

දයා Saturday, 22 September 2012 03:48 PM

දඹුල්ලේ සිංහල අපි උද්ඝෝෂණය කරද්දි තමා පොලිසියෙන් නෙලන්න ආවේ.. මේ අයට ඒ මුකුත් නෑ.. (ස)

:       0       0

පියසේන Friday, 21 September 2012 12:40 PM

බලමු කොච්චර කල් මේවා කරයිද කියලා (නි)

:       0       0

හිල්මි Saturday, 22 September 2012 04:46 PM

මේවට අදහස් දාන්න ඕනේ නෑ (අ)

:       0       0

ජිල් Friday, 21 September 2012 08:20 PM

මට හිතෙන්නේ හැමෝටම පිස්සු. (නි)

:       0       0

මාර්ක් Saturday, 22 September 2012 10:54 AM

මගේ උපරිම සහාය

:       0       0

මොහොමඩ් Friday, 21 September 2012 02:03 PM

අනේ ඔය හිත්වල තියෙන්නේ කුහකකම (ස)

:       0       0

දමිත් Saturday, 22 September 2012 11:15 AM

ලංකාවට එරෙහි වෙන්න එපා

:       0       0

දමිත් Saturday, 22 September 2012 11:16 AM

මෙයාලාව අරාබියට එළවලා දාන්නයි තියෙන්නේ. (නි)

:       0       0

දසුන් Friday, 21 September 2012 02:22 PM

මේ මිනිස්සු වගේ කාටුන් එකක් හරි චිත්‍රපටියක් හරි දැක්කම කුලප්පු වෙන ජන කොට්ඨාශයක් මුළු ලෝකෙම නැහැ. අන්තිමේදී මිනී මරලා, ගිනි තියලා, ගල් ගහලා, මිනිස්සුන්ට තුවාල කරලා මුස්ලිම් අයම ඔප්පු කරලා පෙන්නනවා ඒවාගේ තිබුනේ ඇත්ත කියලා. අනික ඇමරිකාවේ හදපු චිත්‍රපටයක් කියන්නේ ඇමරිකානු රජයේ නිල ප්‍රකාශය නොවන තත්වයක් තුළ ඇමරිකාවේ කොඩි පුච්චන්න, ජනපති ඔබාමගේ පඔයෝ හදලා පුච්චන්න ලංකාවේ රජය ඉඩ දීලා තියෙන එකත් ප්‍රශ්නයක්. අන්තිමේදී ඇමරිකාව තේරුම් ගන්නේ ලංකාව ඇමරිකානු විරෝධී රටක් කියන එක. ඒ තත්වය නම් රටේ අනාගතයට කොහෙත්ම හිතකර නැහැ. කරුණාකර මීට පස්සේවත් මේ වගේ විකාර වැඩ පොලීසිය යොදවලා නවත්වන්න.(ස)

:       0       0

ඉන්දික Saturday, 22 September 2012 05:55 PM

ජයවේවා...ජයවේවා...

:       0       0

දමිත් Saturday, 22 September 2012 11:31 AM

ඒ වැඩේ හරි

:       0       0

ශාන් Friday, 21 September 2012 09:39 AM

රට යන අත (ස)

:       0       0

සිල්වා පැරිස් Saturday, 22 September 2012 06:22 PM

සෞදි සහ කුවේට් රවටල් හඩක් නොනගන්නේ ඇයි.. මේවා දුප්පත් රටවල අයට විතරමද?(නු)

:       0       0

ඇරිස් Friday, 21 September 2012 03:25 PM

මේවා රාජ්‍යය දේපළ නේද? කෝ පොලිසිය? (නි)

:       0       0

ගමගේ Friday, 21 September 2012 09:53 AM

මුස්ලිම් සහෝදරවරුනි, ඔබට ඇමරිකානු පෙළපාලි වර්ජන අවශ්‍ය නැත. ඔබ කළ යුත්තේ, 1. සියලුම මුස්‌ලිම් ජාතිකයන් ඇමරිකාවෙන් පිටකරන්න. 2 ගූගල්, යූටියුබ්, ෆේස්බුක් නවත්වන්න. කොටින්ම කියනවනම් මයික්‍රොසොෆ්ට් වර්ජනය කරන්න 3.කේ.එෆ්.සී. , කොකා‍කෝලා, මැක්ඩොනල්ඩ් වර්ජනය කරන්න 4. ඇමරිකානු පරිගණක උපාංග වර්ජනය කරන්න. 5.පාන්පිටි වර්ජනය කරන්න. (නි)

:       0       0

නාමල් Friday, 21 September 2012 10:03 AM

නිදහස් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අරින්න, උසස්පෙළ ප්‍රතිපල වෙනුවෙන් පාරට බහිනවද.... (ස)

:       0       0

වරුණ Friday, 21 September 2012 10:16 AM

පාරට බහින අයව අල්ලල හිරේ දැම්මනම් හරි..(ස)

:       0       0

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Friday, 21 September 2012 10:16 AM

පොලිසියට මෙ දවස්වල අපල කාලයක් . එ හින්දා එවන්න නැතුව ඇති.....?(ස)

:       0       0

අෆ්සාර් Friday, 21 September 2012 10:27 PM

චරිත්, මෙය දේශපාලන ප්‍රශ්නයක් නොව ආගම් ප්‍රශ්නයකි. (නි)

:       0       0

ෆාරු Friday, 21 September 2012 10:19 AM

ඇයි නාමල් එහෙම කියන්නේ .පව් නේ..(ස)

:       0       0

ස්ටැල්ක් Friday, 21 September 2012 10:19 AM

අනේ පව්, දැන් ඇමෙරිකාව හොඳටම බයවෙලා ඇති (ස)

:       0       0

ප්‍රේමරත්න Friday, 21 September 2012 03:45 PM

මේ උද්ඝෝෂණ කරන්න ඕනේ ඇමරිකාවට ගිහිල්ලා. ලංකාවේ පොදු දේපළ මේවට පලි නෑ. (අ)

:       0       0

සිසිර කුමාර Friday, 21 September 2012 10:19 AM

වෙන රටක් නිපදවපු චිත්‍රපටියකට විරුද්ධව පාරට බහින්න මිනිස්සු ඉන්න රටක, පුරාවස්තු මංකොල්ලය, ළමා අපචාර වගේ දූෂණ වලට විරුද්ධව පාරට බහින්න එක්කෙනෙක් හොයාගන්න නැති වෙච්ච එක ගැන කණගාටුයි. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 21 September 2012 10:29 AM

ඒකට ලංකවේ උද්ඝෝශනය කරළ මොනව කරන්නද?මේක අපේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි නේ ? (ස)

:       0       0

සෝමපාල Friday, 21 September 2012 03:55 PM

අපි ඉන්නේ දෝහා කටාර් වල මේ රටේ කිසිම සද්දයක් නෑ. සමහර විට මේක මුස්ලිම් රටක් කියල ලෝකෙම දන්න හින්ද වෙන්න ඇති.(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 21 September 2012 10:26 AM

වැසිආගම දහම තුල ලොකු හැදියාවකි ඇත්තේ ලොව සියලු දෙන ඒය වටහා ගත යුත්තේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 989 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2025 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1067 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1584 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site