ඇමරිකාවේ සහය ශී‍්‍ර ලංකාවට ලැබීමට නම් රටේ ජීවත්වන විවිධ ජනකොටස් වලට අයත් ජනතාවට සාමකාමිව ජීවත්විය හැකි දේශපාලනමය මෙන්ම නෛතික වටපිටාවක් ඇති කිරීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කළ යුතුව ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා මහින්ද රාජපක්ෂ ජනපතිවරයා අතර එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අතරතුරදී පැවැති කෙටි සාකච්ඡාවක් පිළිඹදව කරුණු දක්වා නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.
සාකච්ඡාවේදී ශී‍්‍ර ලංකාවේ ගැටළු සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි අවධානයෙන් සිටින බවත් ඒවා විසඳා ගන්නා තෙක් ඇමෙරිකාව ශී‍්‍ර ලංකාවට දක්වන දැඩි පිළිවෙත වෙනස් කර නොගන්නා බවත් රාජ්‍ය ලේකම්වරයා ජනපතිවරයාට අවධාරණය කළ බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ගැටළු වලට නිසි විසඳුම් ලැබුණු වහාම ශී‍්‍ර ලංකාව හා සබඳතා හැකි උපරිමය දක්වා වර්ධනය කර ගැනීමට ඇමෙරිකාව අපේක්ෂාවෙන් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව මෝධි අගමැති වෙන්න ඉස්සෙල්ලා විසා තහනමක් පනවල තිබ්බා. හින්දු-මුස්ලිම් කෝලාහල නිසා දහස් ගණනක් මිනිස්සු මැරුණු එකට එයා වග කිව යුතුයි කියලා. නමුත් දැන් කොහොමද ? මෝධි ඉන්දියානු අගමැති නිසාත්, චීනයට එරෙහි සටනට ඉන්දියාවේ සහය අවශ්‍ය නිසාත්, ඔහුට ඇමෙරිකාවට එන්න අවසර දුන්නා. දැන් අර චෝදනා ගැන කතාවක් නැහැ. (නදී)
මම ලෝකේ ගැන හොදට දන්නවා. ලංකාවෙන් තමයි වැඩිම ප්‍රමාණයක් ග්‍රීන් කාර්ඩ් ලොටරියට ඉල්ලන්නේ. (නදී)
ශ්‍රී ලාල්, ඉරිසියාව නෙමේ. එයාලට කොටි සල්ලිත් දෙනවා, ඡන්දෙත් දෙනවා. ප්‍රභාකරන්ව මරපු නිසා අපි එක්ක තරහ තියෙනවා. අපේ රටට එයාලගේ රූකඩයක් දාගන්නයි රට බෙදන්නයි හදන්නේ. අපේ සමගියක් නැහැ . හරි නායකයෝ නැහැ. එනිසා හැම ආණ්ඩුවම අපිට සලකන්නේ නැහැ. (නදී)
ඇමරිකාව මුලින් කිව්වේ 2009 යුද්දේ අවසානයේ මානව හිමිකම් උල්ලංගනය උනා කියල නේද ? දැන් මේ මොනවද කියන්නේ ?ලංකාවේ කොහෙද ජාතීන් අතර අසමගියක් ? මුන් අපේ රට ආක්‍රමණය කිරීමට කරන බොරු ප්‍රකාශ මේවා. රට ඇතුලේ ද්‍රෝහීන් රැලක් පගාව අරන් උන්ගේ අවශ්‍යතාව ඉටු කරනවා. (නදී)
අනේ මේ සද්ගුණවත් උපාසක මහත්වරු කියන දේ කළා නම් වටිනවා නේද? (නි)
යුද්ධය දිගටම පවත්වාගෙන ගියා නම් ඇමෙරිකාවේ සහය දිගටම ලැබෙනවා. අපි මැරුණත් ඇමෙරිකාවේ සහය අපිට ලැබෙයි කියලා මට නම් කිසිම විශෟවාසයක් නැහැ (නි)
රොෂාන් ප්‍රනාන්දු මහත්තයෝ, ඔබතුමාගේ මොළේ දිග පළල ඔබේ අදහසින්ම පැහැදිළිවෙනවා. ලෝකය ගැන, රට රටවල් ගැන මිට වඩා අවබෝධයක් ලබලා යමක් ලියන්නකෝ. (නදී)
බොහෝ දෙනෙක් වීරයින් සේ කතාකළත් ඇමෙරිකාවට කෙළින්ම මේවා කියන්නේ නැහැනේ (නි)
ලලනි, ඔයා නිවැරදියි. (නි)
බන්දුල පෙරේරා ඇතුළු ඉහත සියලුම දෙනා ඇමරිකාවට දොස් තමයි කියලා තියෙන්නේ. කවුරු මොනවා කිව්වත් බැන බැන යන්නේත් ඇමරිකාවටම තමයි.කවුරුත් රුසියාවට ,චීනයට යන්නේ නැහැ. (නි)
ඇමෙරිකාව අපේ රටට මෙහෙම කරන්න පටන් ගත්තේ ඇයි කියලා හිතන්න. මෑත කාලේදී මොකද අපේ රටට නොයෙකුත් කෙනහිලිකම් කරන්නේ. පහුගිය ජනාධිපතිවරණයේදී සුදු කොඩි ප්‍රලාපය නිසා මේ දේ සිදුවූ බව විද්වතුන් දන්නවා. අද දෙකොන වසා ගෙන ඉන්න ඩොලර් වලින් යැපෙමින් රට පාවාදෙන ඊනියා දේශපාලකයින්ට වපුරපු දේ කපා ගන්න වැඩිකාලයක් ගත වෙන්නේ නැහැ. (නදී)
කවුද ඇමරිකාව ගණන් ගන්නේ. අනේ ලංකාවට ඇමරිකා සහය ඕනේම නැහැ. ඇමරිකාව ඇදේට යන ගමන් ලංකාවට හරියටම කෙලින් යන්ඩ කියන්ඩ කියනවා (නදී)
අැමරිකාව ඇතුළු බටහිර බලවත්තු අපි දන්නා වසර සිය ගණනක් වූ ඉතිහාසය තුලදී පෙරදිග රටවල් වලට කොතරම් බලහත්කාරකම් කලාද ? තවමත් එය වෙනස්වී නැත (නදී)
ඇමෙරිකාව කරන්නේ ගමේ ගොඩේ කුණු හොයන ගැහැනුන්ගේ වැඩ. තමන්ට අපක්ෂපාති නම් වැරදි කතා පතුරනවා. තමන්ට පක්ෂපාති නම් මොන වැරදි වැඩේ කලත් මුරුංගා අත්තේ තියනවා. (නදී)
ඇමෙරිකාව වපුරන දේවල් වල වපුරපු දේවල් වල අස්වැන්න පමණටත් වැඩිය අද ඇමෙරිකාවට ලැබිල තියෙනවා..ඇෆ්ගනිස්තානේ ඉදල ඉරාකය ලිබියාව සිරියාව වගේ රටවල් දක්වාම අන්තවාදී කල්ලි උපයෝගී කරගෙන තමන් අකමැති පාලනයන් පෙරලන්න ඔවුන් ගෙනගිය ක්‍රියා පිළිවෙත් නිසා සිදුවුණු සිදුකල විනාශයන් අද පාරාවළල්ලක් වෙලා ඔවුන් වෙතටම කැරකෙමින් පැමිණෙමින් තියෙනවා..දිට්ට ධම්ම වේදනීය කර්මයෙන් ගැලවෙන්න ඇමෙරිකාවට බැහැ.ඔවුන් අපට බන කියන්න කලින් ඔවුන් ඔවුන් පිළිබදවම පළමුව ස්වයං විවේචනාත්මකව සිතා බැලිය යුතුයි.. නමුත් නොවන්නේත් එයමයි..(නදී)
ඇමරිකාවට ලෝකයේ සහාය ලැබීමට නම් සියලුම ත්‍රස්තවාදයන් එකම මිණුම් දණ්ඩකින් සලකා බලන ලෙස දන්වන්න. තමන්ට හිතැති ත්‍රස්තවාදය පෝෂණයත්, තමන්ට තර්ජනයක් වන ත්‍රස්තවාදය කිසිම සෙවිල්ලක් නොමැතිව බාල මහලු තරුණ, සතුන්, ගහ කොල ඇතුලු සියල්ල විනාශ කරමින් පහර දීම ඇමරිකානු පිලිවත බවත් එය වෙනස් කරගන්නා ලෙසත් දන්වන්න. ලෝකයම වෛර කරන ජාතියක් බවට ඇමරිකාව පත් නොකරගන්නා මෙන් කාරුණිකව වටහා දෙන්න (නදී)
ඇමෙරිකාවට හෝ අනෙකුත් රටවල් වලට මේ ප්‍රශ්න ගැන කතා කරන්න අවස්තාව ලබාදුන්නේ අපේ සමහර දේශපාලකයින්. කාලයක් එල්.ටී.ටී ත්‍රස්තවාදීන්ගෙන් මුළු මහත් ශ්‍රී ලාංකිකයින්ටම ජීවිත් තර්ජන තිබුනත් ලාංකිකයින් හැටියට අපි සැවොම සමගියෙන් ජීවත් වුනා. නමුත් දැන් ජාති-ආගම් වශයෙන් අපිව වෙන්කරන්න සමහර බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ පිටුපස සිටින හස්තයන් කවුරුන්ද කියල සොයා බලා ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ අවස්තාව වලක්වා බුද්ධිමත්ව කටයුතු කිරීම අපි සැමගේ මූලික වගකීම හැටියට සලකමි. (නදී)
ශ්‍රී ලංකාව ඇමරිකාව නටන විදියට නටන තුරු සහ ඔවුන්ට ගැතිකම් කරන තුරු ඇමරිකන් ස්ථාවරය වෙනස් නොවේ (නදී)
අමාරුවෙන් ඉදිරියට යන්න දඟලන අපගේ දුප්පත් රටට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්නම බැරි හැටි. පළමුවෙන්ම තමන්ගේ රටේ තිබෙන ලොකු ප්‍රශ්න විසඳගෙන ඉන්න එපාද? හැම එකාම මේ පුංචි රටට ඇඟිලි ගහන්න එන්නේ ඊර්ෂ්‍යාව නිසාද? (නදී)
අසවලාටත් නිව්යෝර්ක් වලදී ගහපු අයගෙන්, ජන කොටස් වලට මොන සාමයක් ද ? (නදී)
ඇමරිකාවේ රූකඩ රාජ්‍ය පාලනයක් බිහි වෙනවා නම් ඉතා කැමති ඇති. ලොව පුරා මානව හිමිකම් තුට්ටුවකට නොසලකා ක්‍රියා කරන ඔවුන්ට මොන සාධාරණ සාමකාමී සමාජයක්ද? (නදී)
ඇත්තටම අපි දැන් බලන්න ඕනේ ඇමරිකාව පස්සේ යන්න නෙවෙයි පිබිදෙන ආසියාව සංකල්පෙත් එක්ක චිනේ, ඉන්දියාව, රුසියාව වගේ රටවල් එක්ක අපිත් දියුණුවෙලා ඉදිරියට යන්න. කොහොමත් ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල් අවංකව අපිට අත හිත දෙන්නේ නැහැ. (නදී)
ලෝකයේ රටවල් වල පාලකයන්ගේ හැටියට ඇමරිකාවේ හැසිරීම උස් පහත් වේ. (නදී)
එයාලාගේ දැඩි පිළිවෙත එයාලාට තියාගන්න කියමු. අපේ පිළිවෙතට අපි වැඩ කරමු. කැමති නම් එයාලට අපිත් එක්ක ඉන්න පුළුවන්, උදවු කරන්න පුළුවන්. (නදී)