(යොහාන් භාසුර)
කොළඹ අක්ෂි රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ආ වයෝවෘද්දි සහෝදරියන් දෙදෙනකුගේ කරාඹු යුගළ තරුණයකු වංචාකාරී ලෙස රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
වයෝවෘද්ද මව්වරුන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇස් රෝහල තුළ රැදී සිටියදී ඔවුන් පිට පාරෙන් වෛද්‍යවරයාට යොමු කරන බවට පවසා රැගෙන ගොස් දුප්පත් යැයි වෛද්‍යවරයාට හැගවීම සඳහා කාරඹු ගලවන ලෙස උපදෙස් දුන් බව එම මවුවරුන් දෙපළ කියන්නිය.
එසේ ගැලවූ කරාබු යුගළ එම තරුණයා ලබාගෙන පසුව වෛද්‍යවරයාට ඉදිරිපත් කළ නොහැකි බව පවසා කරාඹු යැයි කඩදාසියක එතූ යමක් ලබාදී ඔහු ගොස් තිබේ.
කඩදාසිය දිගහැර බැලීමේදී එහි ගල්කැට තුනක් තිබූ බවත් ඒ පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී මරදාන පොලිසියට යන ලෙස පවසා ඇති බවත් වාර්තා වේ.
පාදුක්ක වග ප්‍රදේශයේ පදිංචිකාරියන් වන එම දෙපළ පොලිස් පැමිණිල්ලක් නොකරම නිවෙස බලා පිටත්ව ගොස් තිබේ.
කොළඹ අක්ෂි රෝහල් පරිශ්‍රය තුළ මීට පෙර ද මෙවැනි සිද්ධීන් වාර්තා වුවද ආරක්ෂක අංශ ඒ පිළිබඳව නිසි පියවර නොගැනී නිසා අඛණ්ඩව වංචාකරුවන්ගේ ග්‍රහණයට අහිංසක රෝගීන් නතුවන බව අක්ෂි රෝහලේ නිලධාරියෙක් පැවසීය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇස් පෙන්නන්න ඇවිත් අමනයකුගේ ගැටයට හසු ව කරාබුත් නැතිව ගෙදර යයි
ab Monday, 13 December 2021 11:21 PM
වයෝවෘද්ද මව්වරුන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇස් රෝහල තුළ රැදී සිටියදී ඔවුන් පිට පාරෙන් වෛද්‍යවරයාට යොමු කිරීමට අවශ්‍ය නොමැත. වෛද්‍යවරු ප්‍රමාණය වැඩි කිරීම සහ සිසිටිවී සවි කරන්න
RaveendraTuesday, 14 December 2021 05:51 AM
ඔබගේ අදහස් නිවැරදිය. මෙම සිදුවීමේ හාස්‍ය දනවන සුළු බවක්ද ඇත. එනම් කරාබු පැළද සිටින සෑම කාන්තාවක්ම පොහොසතුන්ද? ඒ කෙසේවෙතත් මේ අහිංසක අම්මලා දෙදෙනාට ඉක්මන් සහනයක් ලැබේවා... මෙම පාපකර්මයට ඍජුවම දායක වූ ඒ තිරිසනාට ස්වභාව ධර්මයා විසින් දඬුවම් ලබාදෙනු ඇත.
අගුපිලගේ Tuesday, 14 December 2021 04:16 AM
රෝහල් පොලිසිය පොලිසියක් නොවේද? එම පොලිසියත් මෙයට වගකිව යුතුයි. දුර බැහැර වයෝවෘද්ධ කාන්තාවන්ට මරදානේ පොලිසිය සොයාගෙන ගියා නම් ඇඳගෙන ගියපු ඇඳුම් නැතුව යන්න තිබුණා. පොලිස් ඇමැතිවරයාගේ අවධානයට යොමුවේවා...!
nima Tuesday, 14 December 2021 05:51 AM
මේ රටේ මනුෂ්‍යත්වය කොහේ ගිහින්ද?
sharm warn Tuesday, 14 December 2021 08:49 AM
දෙවියන්ගේ නාමෙට වයසක අම්මල තත්තලා තනියම රෝහල් වලට යන්න දෙන්න එපා. අත පය හයිය කෙනෙක් එක්ක යවන්න.
fairoos Tuesday, 14 December 2021 12:57 PM
අනේ පව් අහිංසක අම්මල.අපේ පොලිසියට මේවා නවත්තන්න ක්‍රම වේදයක් නැහැ නේ