(සුජිත් හේවාජුලිගේ)
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විශේෂ විගණනයකදී හෙළිවී ඇත.
මේ හේතුවෙන් විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයන් රැසකට එම බලපත්‍ර ලබා ගැනීමට හැකිවී නැතැයි විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා පැවසීය.
රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව සමයේදීය.
එම බලපත්‍ර වැඩපිළිවෙලේදී තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට බාරදෙනු ලැබීය.
එම වාර්තාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
විගණන වාර්තාවෙන් රජයට නිර්දේශ ගණනාවක්ද ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.
රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර දීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අනාවරණයවූ කරුණු පදනම් කරගෙන ජාතික විගණන කාර්යාලය එහි නිලධාරී කණ්ඩායමක් යොදාගෙන මාසයකට වැඩි කාලයක් තිස්සේ එම විගණනය කළේය.
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉකුත් පාලනය රටවිරු වාහනයටත් විදලා
වික්‍රම විදුර Saturday, 23 November 2024 12:15 AM
පර්මිට් මරික්කාර් ගේ වැඩක්ද දන්නෑ..
sam Saturday, 23 November 2024 03:07 AM
මයිනා පවුලයි, ජොලි සීයයි නැහැයි කියන්නේ රට විනාශ කළ හොර රැළක්...
පිටරටවැසියා Saturday, 23 November 2024 09:52 AM
පසුගිය රජය කෝකටද විද්දේ නැත්තේ..? දශක හතකින් දුෂිතම පාලන කාලය... රට බංකලොත් වෙලත්, ඔවුන් නෙමෙයි අත ඇරියේ...!
Rasi Saturday, 23 November 2024 09:52 AM
අත්දැකීම් තියන කට්ටියනේ හිටියේ..!
pj Saturday, 23 November 2024 10:01 AM
ඒ විගණන නිලධාරි කණ්ඩායමට මෙම කාර්යය සඳහා ගෙවීම් කළේ IMF ණය වලින්ද?
විපරමා Saturday, 23 November 2024 04:25 PM
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට ඕවත් වැඩද?
Ruwan Saturday, 23 November 2024 09:45 PM
බොරු ඕනේ නෑ... මගේ මස්සිනත් හිටපු කැබිනට් ඇමති යාළුවා හින්දා කාර් සෙල් එකට EV (විද්‍යුත් කාර්) 20-25ක්ම ගෙන්නුවා. මේවා ඉතින් ජනතාවගේ ඡන්දයෙන් ඇවිත් ඩොලර් මිලියන ගානක් ගසා කන වැඩ තමයි.
fairoos Sunday, 24 November 2024 12:50 PM
මනූෂ දුන්නා එහෙනම් ඒකටත්...