IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඉඩම් කොමිසමේ ලිපිගොනු 200 ක් අතුරුදන්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉඩම් කොමිෂන් සභාවේ වටිනා  ඉඩම් පිළිබඳ ලිපිගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත.

මෙසේ අතුරුදන්ව ඇතැයි පැවසෙන්නේ පසුගිය කාලයේදී  රජයට පවරා ගනු ලැබූ ඉඩම්වලට අදාල  ලිපිගොනු දෙසීයක්ය.

මේ සම්බන්ධයෙන් වහාම සොයාබැලීමක් කරන ලෙස  කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා  අමාත්‍යාංශ ලේකම්වරයාට සහ  ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට  උපදෙස් ලබා දුන්නේය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිතය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගිය 17වැනිදා රැස් විය . මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ ඒ රැස්වීමේදීය.

ජනතාවගෙන් පවරාගත් ඉඩම් වඩාත් ඵලදායිව යොදා ගැනීම වෙනුවට විවිධ පුද්ගලයන් අතට පත්වීම බරපතළ  ගැටලුවක් බැවින් මෙම තත්වය වහාම  නිවැරදි  කිරීම අතිශයින්ම  වැදගත් බව කමිටුවමෙහිදී  අවධාරණය කළේය.

මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු දශලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බදවා ගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කර ඇති බවද  මෙහිදී තොරතුරු අනාවරණය වී ඇත.

කැබිනට් අනුමැතියක් යටතේ ‍කොන්ත්‍රාත් පදනම මත මෙම බදවා ගැනීම් සිදු කර ඇති ඇතත් 2014 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛයක් පදනම් කර ගනිමින් මෙම පිරිස ස්ථිර කිරීමට  කටයුතු කර ඇති බව  කෝප් කමිටුව පවසයි.

ව්‍යාපෘතියක් සදහා බදවා ගත් පිරිසක් මෙලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කිරීමේදී බලවත් වරදක් සිදුවී ඇති බවත් මෙම තත්වය අනෙකුත් රාජ්‍ය ආයතනවලටද වැරදි පූර්වාදර්ශයක් සපයන බවත් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය.

එබැවින් මේ පිළිබදව අමාත්‍යාංශ මට්ටමින් විධිමත් විමර්ශනයක් සිදුකර  පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් මෙම තත්වය නිවැරදි කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙසත් කෝප් සභාපතිවරයා  ඉඩම් අමාත්‍ය ලේකම් ආර්.ඒ.ඒ.කේ රණවක මහතාට  උපදෙස් ලබාදුන්නේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2017, 2018 සහ 2019 වර්ෂයන් සදහාවූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සදහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා (17) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු  අනාවරණය විය.

මේ අතර 1972  අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පිහිටවූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව  ඉඩම් පවරා ගැනීමේදී අත්පත් කර ගත් ඉඩම් ප්‍රමාණය සහ ඒ ඒ රජයන් කාලවලදී බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීම බරපතළ  තත්වයක් බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයක්  දැනට කොමිෂන් සභාව සතු වන බවත් එම අගය නිවැරදිම අගය නොවන බවත් මෙහිදී අනාවරණය විය.
ඉඩම් අත්පත් කරගැනීමේදී සහ විවිධ රජයන් යටතේ පවරාදීමේදී නිසියාකාරව මැනීමක් සිදුනොකිරීම එයට හේතුවී ඇති බව ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කොමිෂන් සභාව සතු ප්‍රධාන වත්කම වන මෙම ඉඩම් පිළිබද නිවැරදි දත්ත මෙන්ම තක්සේරුවක්  කොමිෂන් සභාව සතුවීම අත්‍යවශ්‍ය බැවින් ඉඩම් නිවැරදිව මැන තක්සේරු කිරීමත් ඒ පිළිබදව නිශ්චිත පදනම් ලියවිල්ලක් සෑදීමත් අත්‍යවශ්‍ය  බව කමිටුව පෙන්වා දුන්නේය.

නවීන ඩ්‍රෝන තාක්ෂණය වැනි දෑ ඒ සදහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද අවධානය යොමු කරමින්  ඒ පිළිබද කඩිනම් වැඩපිළිවෙලක් සකස් කර   දන්වන ලෙසද කෝප් සභාපතිවරයා  අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී  උපදෙස් ලබා දුන්නේය.

නවීණ තාක්ෂණය භාවිතා කරමින් මෙම ඉඩම්වල දත්ත ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවද  කමිටුව අවධාරණය කළේය. දැනට සිදුවන  විවිධ අක්‍රමිකතා ඇතුළු ගැටලු රැසකට එමගින් විසදුම් ලැබෙන බව කමිටුව පෙන්වා දුන් අතර ඒ සදහා කඩිනමින් මැදිහත්වන ලෙස ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.  

එසේම 1972 -1974 කාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පවරාගත් ඉඩම්වලින් පිඹුරුපත්  හා ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම මත  නිදහස් නොකළ ඉඩම් 260 ක් පවතින බවද මෙහිදී අනාවරණය විය. 

මේ අනුව වසර 50ක් තුළ ප්‍රමාද වූ මෙම ක්‍රියාවලිය ‍ඓතිහාසික ගැටලුවක්ව ඇති බැවින් විශේෂ කවුළුවක් විවෘත කර ඉදිරි මාස 06 තුළ  මෙම ප්‍රශ්නය විසදීම සදහා මැදිහත් වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ  ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට කමිටුව උපදෙස් ලබා දුන්නේය.

කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයේ වටිනාකම ලෙස වසර ගණනාවකට පෙර සිදු කරන ලද තක්සේරුව රු. මිලියන 676 ක් ලෙස සදහන්ව තිබුණද එම අගය වර්තමානයේ  නිවැරදිවිය යුතු බවද  කමිටුව පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය අනුව අක්කරයක වටිනාකම රු.500 ක් පමණ වන බැවින් මෙම ගැටලුව වහාම නිවැරදි කරගැනීම සදහා මාස 06 ක් තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් සභාපතිවරයා ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

එසේම කොමිෂන් සභාවේ ඉඩම් බදු දුන් පසු එම ඉඩම් බැංකුවලට උකස් කර ණය ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවද මෙහිදී අනාවරණය විය. ව්‍යාපාරිකයන් තමා ලබා ගත් ඉඩම පවරා දීමේ කොන්දේසිවල සදහන් පරිදි , කොමිෂන් සභාවේ අවසරය මත උකස් කර ණය ලබා ගැනීමට ඇති හැකියාව මත මෙය සිදු වන බවත් මෙහිදී හෙළිවිය.  එසේම ඇතැම් ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමෙන් පසු ඒවා ඵලදායි ලෙස යොදා ගන්නේද යන්නත් ගැටලුවක් බව මෙහිදී  සාකච්ඡා විය.

මෙහිදී අදහස් දක්වමින් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා  පැවසුවේ කොමිෂන් සභාව සතු වත්කම් ඉඩම් ප්‍රමාණය හදුනාගෙන  එය ඵලදායි ලෙස සංවිධානය කර ගැනීම පිළිබද ආකෘතියක් පිළියෙල කිරීම මේ මොහොතේ කළ යුතු ප්‍රධාන කාර්යභාර්ය බවයි.

මෙය ජාතික අවශ්‍යතාවක් බැවින්  මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවයන් එක්කරමින් නිශ්චිත වැඩපිළිවෙලක් සැලසුම් කිරීම සදහා ඉදිරියේදී  අදාළ පාර්ශ්වයන්  නැවත කැදවීමට අපේක්ෂා කරන බවද කෝප් සභාපතිවරයා කීවේය.

මෙම රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර සහ මධුර විතානගේ යන මහත්වරු සහ  රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. 



අදහස් (5)

ඉඩම් කොමිසමේ ලිපිගොනු 200 ක් අතුරුදන්

ravin Saturday, 20 November 2021 11:14 AM

හා හා...!!! පහුගිය දවස්වල ඔය සමහර උදවිය කළේ.. කොටස් කර කර තම හිතවතුන්ට දුන්නු ඉඩම්වල ලියකියවිලි වෙන්නැති නේද? රාජ්‍ය ඉඩම් කියන්නේ 225හේ අම්මා අප්පාගේ ඉඩම් කියලා පනතක් සම්මත කළා නම් ප්‍රශ්නය විසඳේවි..

:       0       1

ජයන්ත මිලානො Saturday, 20 November 2021 11:28 AM

ඉඩම් ඔප්පු ගැන බයවෙන්න කාරියක් නැහැ. වැඩි ආරක්ෂාවට අැමෙරිකාවේ පුතාගේ සේප්පුවට දාලා අැති... පස්සේ ඔයාලට ඕනම වුණොත් ඉල්ලගන්නනේ තියෙන්නේ...

:       1       1

DM Saturday, 20 November 2021 11:59 AM

ඔය කෝප් කමිටුවෙන් දැන් කොපමණ දූෂණ, වංචා හෙළි කළාද? එ්ත් එක්කෙනෙක්ටවත් දඬුවම් දුන්නාද? මහා බොරු වැඩක්... අපේ සල්ලි වංචා කරන එක තමයි හැමෝම කරන්නේ...!

:       0       5

පැරකුම් Saturday, 20 November 2021 02:09 PM

හා හා කවුරුත් කලබල වෙන්න එපා.. ඔය කියන කමිටුවලින් මෙච්චර කාලෙකට වෙච්චි දෙයක් තියනවාද? අපරාදෙ අපේ සල්ලි...!!!

:       0       3

විපරමා Saturday, 20 November 2021 05:03 PM

කටුගෙයි පුරාවස්තු අතුරුදහන් වුණා වගේ බහිරවයා ගෙනියන්න ඇති...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1810 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2687 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1857 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1788 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1236 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 874 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25789 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18856 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1845 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site