වසර 29 ක් තිස්සේ අවිස්සාවේල්ලේ මහාධිකරණයේ විභාග වන ඉඩම් නඩුවක පාර්ශ්වකාරියක කොළඹ අලූත්කඬේ අංක 302 දරන අධිකරණ ශාලාවේදී අසනීපවී මරුමුවට පත්වුවාය. සැමියාද සමග නඩුවට පැමිණ සිටි ඇය රෝහලට රැුගෙන යනවිටත් මියගොස් සිටියාය. ඇය රත්නපුර පරකඩුවේ 63 හැවිරිදි කතකි. වසර 17 තිස්සේ අවිස්සාවේල්ල දිසා අධිකරණයේ විභාග වූ මේ නඩුවේ ඇපෑල කොළඹදී විභාගයට ගැණුනේ 2000දීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිගන්නගේ තුවලේ සනීප වුණොත් හිඟාකන්න බැරිවෙනවා කියලා කතාවක් තියෙනවනේ (ස)
දැන් ඉඩම කාගෙද ? (ස)
උසාවිය වගකිව යුතුයි. දානයක්වත් දෙන්න කියමු. (නි)
සියලුම නඩු සීමිත කාලයක් තුළදී විසදා අවසන් කරන්නට ක්‍රමයක් හදාගන්න බැරිද? (නි)
නඩු දාන අය වළට. නඩු වලට පෙනීහිටින අය ගොඩට. (නි)
අනේ ජනපති තුමණි, මේ ඉඩම් නඩු ඉක්මනින් ඉවර කරන්න පුළුවන් විදියක් හදන්නකෝ (ස)
තියෙන නඩු ටික ඉක්මණින් ඉවර වුණොත් එතන වැඩකරන අය ඉන්පස්සේ මොකද කරන්නේ? (නි)
ලංකාවේ අධිකරණ වැඩකටයුතු මෙලෙස පමාවිම නිසා, ඡනතාව අපහසුතාවයට පත්වන අතර, වැරදිකරන ඡනතාවක් රටතුල බිහිවේ. හේතුව නමි ඔවුන්ට දඩුවම් ලැබෙන්නේ අවුරුදු 25 කට පසුබව ඔවුන් දන්නා බැවිනි. (නි)
මගේ බිරිඳගේ පියාගේ ඉඩමකට නඩුවක් තියෙනවා. පැවරූ දවස නම් මම දන්නේ නැහැ. 1976 විතර නඩුව තිබුණා මට මතකයි. අයිතිය පර්චස් 13යි. දැන් මාමණ්ඩි මියගිහින්. මගේ බිරිඳ තවම නඩු කියනවා. මම උපන්නේ 1955. මගේ පියාගේ ඉඩමකට 1957 වෙනත් පිරිසක් නඩු පවරලා. දැන් පියා මියගොස් අවුරුදු 33 ක් . මම තවම නඩු කියනවා. පියා නඩුවට අල්ලපු පෙරකදෝරුතුමාගේ දුව ලොකු මහත් වෙලා පෙරකදෝරුතුමියක් වෙලා (දැන් ඇගේ වයස 35 විතර) මේ නඩුව පවත්වාගෙන යනවා. මම ළඟදි කිව්වා අනේ කොහොම හරි මගේ පුතා ලොකු වුණාමත් එතුමියගේ දරුවෙක් ලොකු වෙලා පෙරකදොරුවෙක් වුණහම නඩු කියන්න මේක කොහොම හරි පවත්වාගෙන යන්න කියලා. ඉතිං අපිට රටේ ලොකු ලොක්කෝ අධිකරණයේ ගරුත්වය උත්තරීතර බව ගැන පත්තර වලට ලියන හර බර ලිපි දැක්කම දෙකොනින්ම හිනා යනවා. (නි)
ගෙවපු ගිනි සහ දරපු ගිනි සහ අසරණ ජීවිත නිසා දරන ගිනි නිවන්නේ කවදාද දෙවියනේ? (නි)
මේ සල්ලි වැදගත් වැඩකට යොදවන්න එපා. පරිස්සමින්. (නි)
හැම කෙනෙක්ම අවසානයේදී මැරෙනවා කියලා කාටවත් තේරෙන්නේ නැත්තේ ඇයි කියලා කියන එක මට තියෙන ප්‍රශ්නේ. (නි)
නඩු යන්නෝ - මිය යන්නෝ (ස)
අවුරුදු 29 මොකක්ද? අවුරුදු 50-60 යන නඩුත් තියෙන්නේ. (නි)
මම ඔබ සියල්ලන්ම සමග එකගයි. (නි)
නඩු ප්‍රමාදය ගැනත් පරීක්ෂණයක් තිබ්බොත් නරකද? (නි)
ලද දෙයින් සතුටු වෙන්න කියන්නේ මේවාට තමයි (දී)
මේ කාන්තාවට අසාධාරණයක් කරපු අයට හොදක් වෙන්න එපා. (නි)
අධිකරණය මෙහෙමනම් අනිත් ඒවා කොහොම වේවිද (ස)
මේවා මහ කුණුගොඩවල් (ස)
අයියෝ ජිවිතයක් (දී)
අරහෙ විරෝධතා පවත්වනවා . මෙහේ 29 අවුරුද්දක් විදවල මෑරිල යනව. මේ අහිංසක අම්මට අසාධාරණය සිදු කල සියලු දෙනාටම ලබන ආත්මෙත් මේ අම්මව මුන ගෑසේවා! (ස)
අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි අසාධාරණයෙන් ගන්න එක වැරදියි. (නි)
මොකද්ද කල ජමතනවා (දී)
අයියෝ සාල්ලි
ඔය කර ගත්තේ වැඩක් (දී)
ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ...........?
ඉඩම් නඩු වගේ කියන්නේ නිකන්ද ? (ස)
වසර 29 ක් තිස්සේ මෙ නඩුව දික්ගස්සන් යැපුන සැමට යහපතක්ම වෙවා..(ස)
දැන් කියන්න පුලුවන්ද නඩු බිමට (දී)
පේනවනේ අධිකරණයේ තරම. මේ අහිංසක කාන්තාවට නඩු තීන්දුව දැන ගන්නලැබෙන්නෙ නෑනේ.. වසර 29 ක් තිස්සේ නඩුවක් විභාග වෙනවයි කියන්නේ කොච්චර ආඩම්බරයක්ද නේද...?(ස)