IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ඉතාලි නැවේ ලාංකිකයා ජිවිත රැසක් බේරයි

පාවෙන මාලිගාවක් වැනි ඉතාලි නැව අතහරින්නැයි කපිතාන් නිවේදනය කළ පසු මගීන් දෙතුන් සියයකට සිය ජිවිත බේරා ගැනීමට උදව් කළ ශ්‍රී ලාංකිකයෙක් අන්තිමේදී හීතලේ ගැහි ගැහී හාස්කමකින් මෙන් පණ බේරා ගත්තේය. ඔහු හැටන් හි ගාමිණීපුර අමිල ධනුෂ්ක කහඳගමගේ (32) මහතාය. ඉතාලියේ ගිග්ලියෝ දුපත අසල දී පසුගිය 13 වැනි දා ගිලී ගිය අති සුඛොපභෝගී මඟී නැවේ සිටි එකම ශ්‍රී ලාංකිකයා ද ඔහුය. ඔහු නැවේ අවන්හලේ ස්ටුවඩ්වරයෙකි. නැව අතහරින්නැයි කළ නිවේදනයෙන් පසු තුන්දහසකට වැඩි මඟින් හා දහසකට වැඩි සේවයන් අන්දුන් කුන්දුන් වූ හැටිත්, මිනිසුන් පෙරකමින් ජිවිතාරක්ෂක බෝට්ටු සොයාගිය හැටිත් හැම දෙනාම මරණ බියෙන් සිටි සැටිත් අමිල දුටුවේය. අයෙත් දරුවාගේයි  නෝනාගෙයි මූණ බලන්න ලැබෙති‘යි සිතුවේ නැහැ. ඒත් මා මෙන්ම අසරණවී සිටි මඟීනට හැකි හැම අයුරින්ම උදව් කළා යැයි අමිල කීවේය. අන්තිම මගියාත්  බේරා ගන්නා තුරු නැවේ කපිතාන් සිය යුතුකම ඉටු කෙළේ නැත. ජිවිතාරක්ෂක බේට්ටුවලට නැංවීමේ දී දරුවනට හා කාන්තාවන්ට මුල් තැන ලැබුණේ ද නැත. මාස හතරකට පෙර නැවේ සේවයට ගිය අමිල මුල සිටම කතාව කීවේය. ‘කොස්ටා කොන්කෝඩියා‘ නැව ඉතාලියේ ලොකු සමාගමට අයිතියි. ඒ සමාගමට තවත් එවැනි නැව් 14ක් තියෙනවා. ඉතාලියේ සැවෝනා නුවර සිට ප්‍රංශය, ස්පාඤ්ඤය දක්වා ගොස් යළි ඉතාලියට පැමිණිමේ දින හතේ චාරිකාවට එක් මඟියකුගෙන් යුරෝ 2000ක් පමණ (රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික මුදලක්) ගෙවූ මඟීහු 3400ක් ඒ නැවේ පමණ සිටියහ. ජනවාරි 13 වැනි දා නැවට නරක දිනයකි. අමිල වැඩ කෙළේ ‘රෝමා“ අවහන්හලේය. රාත්‍රි 9.35ට පමණ නැව එක්වරටම වම් පැත්තට ඇලවී ගියේය. කෑම කමින් සිටි මඟීන්ගේ පිඟන් පෙරැළී ගියේය. බෝතල ද බිමට වැටිණි. බොහො මඟීහු මේස අල්ලාගෙන නොවැටී සිටීමට උත්සහා ගත්හ. ඒ සමගම විදුලිය නැති විය. කපිතාන් ප්‍රැන්ක්ස්කෝ ශබ්ද විකාශනයෙන් නිවේදනයක් කෙළේය. ‘ බයවෙන්න එපා. යාන්ත්‍රික දෝෂයක්“ මඟීහු මඳකට සැනැසුම් සුසුම් හෙළූහ. ඒත් ඊළඟ මොහොතේ නැව දකුණට ඇලැවී ගියේය. මඟීහු කලබල වූහ. ඒ මේ අත දුවන්නට වූහ. තරප්පු පෙළි ද ඇලැවී ගිය නිසා පහත මාලවල සිටි මගිනට තම කැබින් වලට යෑමට නොහැකි විය. නැව යළි සාමාන්‍ය තත්ත්වයට පත්විය. මඟීන්ගේ මුහුණුවල යළි සිනාව මතුවිය. රාත්‍රී 11 පමණ වන විට කපිතාන යළි නිවේදනයක් කෙළේය. එවිට නැවේ විදුලිය නැත. හැම තැනම අඳුරුය. මුහුදේ  ඝෝෂාවට ද බිය කර විය. ‘නැව අත හරින්න වෙනවා‘ යැයි ඔහු කී විට මඟීහු බෙහෙවින්ම කලබල වූහ. හිස් ලූ ලූ අත දුවන්නට වූහ. ජිවිතාරක්ෂක කබා ඇති තැන් පවා සෙයාගත නොහැකි විය. අඳුරේ දුවද්දී එකට හැපී වැටුණු අය ද ගණනක් නැත. නැව දැන් ගිග්ලියෝ දූපත අසලය. අමිලගේ ඉන්දියා ජාතික මිතුරා සිය ලැප්ටොප් පරගණකය සොයා පහළ තට්ටුවට යන්නට ගියේය. ඒ වනවිට තට්ටු දෙකක වතුර පිරි තිබිණි.  එය ජලාශයකි. ඒවායේ සිටි  මඟීන් ගැන තොරතුරක් නැත. නැවේ සිටි 24 දෙනක ගැන අද වන විටත් කිසිම තොරතුරක් නැත. ඇඳ සිටි නිල ඇඳුම හැර අන් කිසිත් නැති අමිල ජිවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවන විට නැව ගිලී යමින් තිබිණි. ඔහු දුටු මිනිසුන්ගේ මුහුණු වල දුක ශෝකය, මෙන්ම බිය පැහැදිලිව ලියැවී තිබිණි. උදේ 5.30 වන විට ගුවන් හමුදාව මගීන් බේරා ගැනීමට ආවේය. නැව හොඳටම ඇලවී ගිය පසු ජිවිතාරක්ෂක කබායක් දාගත් අමිල යළි එය ගලවා ඉවත් කෙළේ අවන්හලේ නිලධරයකුගේ අණ පිළිපදිමිණි. යළිත් ඔහු අවන්හල පිරිසිදු කරන්නට විය. ඒ වනවිට මගීහු බොහෝ දෙනෙක් අඳුරේම ජිවිතාරක්ෂක කබා හා බෝට්ටු සොයා යමින් සිටියහ. ඉහළ මහලකින් ඇති එවැනි බෝට්ටුවලට නැඟ සිටි පිරිස් යන්ත්‍රානුසාරයෙන් මුහුදට පහත්  කිරීම ප්‍රශ්නයක් වූයේ 150ක් යා හැකි බේට්ටුවක 200කට වඩා නැඟ සිටි හෙයිනි. කෙසේ හෝ එම බෝට්ටු මුහුදට පාත්විය. එවැනි බෝට්ටු හතරක් පහක් පමණ මුහුදට පාත් කළ පසු සෙසු මඟීන් සමග පෝලිමේ සිටි අමිල ද බෝට්ටුවකට නැග්ගේය. නමුත් බෝට්ටු ක්‍රියාකරුවෙක් නොවිය. ඔහු නැඟ සිටි බෝට්ටුවේ ද 220ක් පමණ සිටියහ.  අවන්හළේ සුපවේදියෙක් ඒ බෝට්ටුව නිරුපද්‍රිතව ගොඩ බිමට ගෙන ආවේය. අමිල බෝට්ටුවට ගොනවන විට පසුදා අලුයම 4.30 වී තිබිණි. වෙතත් අය මෙන්ම ඔහු ද සීතලේ ගැහෙමින් සිටියේය. මගේ අත්වල ඇඟිලි තිබෙනවා දැයි මට දැනුණේ නැහැ. බඩගින්න දැනුණත් කෑමට තිබුණේ ජිවිතාරක්ෂක බෝට්ටුවේ බිස්කට් බාගයක් පමණි. කොන්කෝඩියා නැවේ සිටි සෙසු මඟීන් බේරා ගැනීමට පසු දා උදේ නව් දෙකක් ගිග්ලි දූපත අසලට යාත්‍රා කෙළේය. අමිල අතුළු පිරිස රැගත් ජිවිතාරක්ෂක බේට්ටුව අසල දුපතට ළඟාවිය. ඉවසන්න බැරි සීතල තරමක් නැති වී ගියේ එහිදී ලැබුණු පොරෝණයකි. එම දුපතේ පල්ලිය ඇතුළට ගිය  ඔහුට ජිවිතය පිළිබඳ යළි බලාපොරොත්තු ඇතිවිය. එහි දී ලැබුණු කෝපි කෝප්පය ඔහුට අමාවක් විය. ගෙදර මතක් විය. බිරිය හා දරුවා මතක් විය. ඉතාලියේ සිටින නැන්දා මාමා මතක් විය. ඒත් කතා කිරීමට ජංගම දුරකථනයක් නැත. ඔහු සමග ආ ඉන්දියා ජාතිකයා එහිදි උදව් විය. ඔහුගේ ජංගම දුර කථනය ඔහුට දුන්නේය.ඒත් දුරකතන අංකය ඔහු ළඟ නැත. ඔහු බිරියට (ලංකාවට) කතා කෙළේය. එවිට වේලාව අලුයම පහට අසන්න වී තිබිණි. බිරියට කිසිත් නොකියා ඉතාලියේ සිටින මාමාගේ අංකය ඉල්ලා ගත්තාය. ඔහුට කතාව කිවේය. අමිල ඇතුළු පිරිස එතැනින් රෝමයේ ලා ප්‍රින්සිනා හෝටලයට රැගෙන යනු ලැබූහ. රතුකුරුසය ද ආවේය. උණුසුම් ඇඳුම් බෙදා දුන්නේය. අමිලගේ මාමා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයයට මේ සිද්ධිය දැනුම් දුන්නේය. අමිලගේ අවශ්‍යතාවය වූයේ තාවකාලික ගමන් බලපත්‍රයක් ලබා ගැනීමය. පින්තූර දෙකක් රැගෙන තානාපති කාර්යලයයට එන්නැයි ඔහුට දැනුම් දුන්නත්  එහි යෑමට ඔහු ළඟ සල්ලි ද නොතිබිණි. පසුව එම පිරිස රෝමයේ ගුවන්තොට අසල තැනකට රැගෙන ගිය පසු පින්තූර ප්‍රශ්නය විසැඳිනි. ශ්‍රී ලංකා තානාපති කාර්යලයයේ තාවකාලික ගමන් බලපත්‍රයක් ලැබිණි. දින දෙකක්ම අමල්ගෙන් ඇමැතුමක් නොවූ නිසාත්, ඉතාලි නැවක් පෙරැළී කිහිපදෙනකු මිය යෑම නිසාත් ඔහුගේ බිරියට දින දෙක තුනක්ම නින්දක් නොවීය. හරි හැටි කෑමක් ද නොවීය.  ඒත් ඉතාලියේ සිටින ඔහුගේ නැන්දාත් මාමාත් අමිලගේ බිරියට කීවේ ඔහු ජිවිතය බේරාගෙන දූපතකට පැමිණි බවයි.  ඒත් සැමියා දකින තුරු ඇයට අස්වැසිල්ලක් නොවීය. අමිල පසුගිය 19 වැනි දා ගම රට ආවේය. ඔහුගේ ඉන්දියා මිතුරා නිවාඩු යෑමට සිටි දවසේ ඒ නැවෙන් අවසන් ගමන් ගියේය. නැවේ පහළට ගිය ඔහු යළි ආවේ නැත. මරණින් බේරී ගෙදර ආ සැමියා යළි නැවට යනවාට අමිලගේ බිරිය වින්ද්‍යා චාමරී කැමැති නැත. නැවට වූදේ ඇසු දින සිට ඔහු ගෙදර එනතුරු දැඩි කනස්සල්ලෙන් සිටි ඇය කියනුයේ නැවේ රස්සාවට යළි නොයන ලෙසයි. අමිලගේ චුටි පුතාට වයස අවුරුදු දෙක හමාරකි. නැව් සමාගමෙන් අමිල මාස අටක පමණ නිවාඩු ලැබී ඇත. යුරෝපයේ ප්‍රධානතම මඟී නැව් සමාගම ගැන අමිලට ලොකු ගෞවරයකින් කතා කරයි. නැවේ සේවය සතුටින් කරන බව කියයි.එහෙයින් ඔහුගේ ආශාව නිවාඩු අවසන් වූ පසු යළි නැවකටම යෑමයි. ‘අනතුරක් වෙනවා නම් කොතැන හිටියත් වෙන්ව‘ යන්න අමිලත් වින්ද්‍යාත් කියති. අමිල සේවය කළ ආපන ශාලාව අමිල සිය බිරිය සහ දරුවා සමග  



අදහස් (0)

ඉතාලි නැවේ ලාංකිකයා ජිවිත රැසක් බේරයි

අමිල Friday, 27 January 2012 10:10 PM

ඔබගේ සේවය අමිලයි, අමරණීයයි.

:       0       0

අර්ජුන Friday, 27 January 2012 10:12 PM

මොකක් උනත් අපේ කොල්ලෙක් කොහේ හරි ඉන්නවනේ..............

:       0       0

රෝහින් Friday, 27 January 2012 10:13 PM

මෙන්න මිනිස්සු

:       0       0

ජී එච් ශ්‍රීමාල් Friday, 27 January 2012 10:22 PM

රටට ජාතියට ඔබ ආඩම්බරයක්..

:       0       0

ගජමන් Saturday, 28 January 2012 02:08 AM

රටක් වටින් ලංකා පුතෙක්..

:       0       0

rajiwa Saturday, 28 January 2012 09:19 AM

දෙවියන්ගේ මනුස්සයා

:       0       0

නිහාල් ජයවික්‍රම Saturday, 28 January 2012 10:06 AM

ඇත්තටම හරිම සතුටුයි මේ වගේ මනුස්සකම තියෙන අය තවම අපේ රටේ ඉන්න එක ගැන.ඔබට ගෝඩාක් පින් ජීවිත ගනනක් බේරා ගත්තාට.

:       0       0

chinthaka Saturday, 28 January 2012 10:12 AM

රටක් වටින් ලංකා පුතෙක්..

:       0       0

දිල්ෂානි Saturday, 28 January 2012 11:39 AM

අමිල ඔබ නියම සිංහල කොල්ලෙක්

:       0       0

සමීර Sunday, 29 January 2012 08:52 PM

නියමයි යාලුවා

:       0       0

බුද්ධික උදයංග Sunday, 29 January 2012 09:26 PM

ඔබ අනර්ඝ කෙනෙක් අමිල

:       0       0

අනුර රන්කොත් Monday, 30 January 2012 12:20 AM

හරිම ආඩම්බරයි අමිල. ඔබ නිර්භීත සිංහල කොල්ලෙක්. ඒ ගැන ලාංකික අපට ආඩම්බරයි

:       0       0

නිලන්ති Monday, 30 January 2012 12:24 AM

ඔබ අපේ රටට ආඩම්බරයක්

:       0       0

ඉනෝකා Monday, 30 January 2012 05:31 AM

අමිල නම වගේම ඔබත් අමරණීයයි. තිසරණ සරණයි. ඔබේ සේවය උතුම්

:       0       0

විජේරත්න සමරකෝන් Monday, 30 January 2012 10:01 AM

ඔබගේ අමරණීය සේවයට අපගේ උත්තමචාරය හිමිවේවා.

:       0       0

ගයානි Monday, 30 January 2012 10:03 AM

විශිෂ්ටයි

:       0       0

ප්‍රදීප් තුෂාර Monday, 30 January 2012 10:27 AM

කොහොමත් ඉතින් ලංකාවේ කොල්ලො වීරයෝ තමයි

:       0       0

රංජිත් Monday, 30 January 2012 11:07 AM

අමිල ඔබේ, අමිල ශ්‍රී ලාංකිකයෙක්.

:       0       0

යූ අයි හේවාගම Monday, 30 January 2012 11:52 AM

ඇසේ මතුවෙන කදුලු බිදු ගෙන ඔබේ පා යුග දොවන්නම් හදේ නැලවෙන කැලෑ මල් ගෙන ඔබේ ගෙල වට දමන්නම් කල සේවයට දහස් වරක් තුති, මහත් බල යෝධ ශක්තිය ලැබේවා

:       0       0

ජීවන් Monday, 30 January 2012 01:28 PM

නියමයි

:       0       0

තුෂාරා Monday, 30 January 2012 02:00 PM

ලාංකික අපට ලොකු ආඩම්බරයක්

:       0       0

චතුරි උදේශිකා Monday, 30 January 2012 02:24 PM

ලංකා මෑණියන්ගෙ දරුවො. හොද හදවතක් ඇති දරුවො. දෙවිවරු වැනි මිනිසුන්ය. අමිල ඔබ කළ උතුම් ක්‍රියාව මිල කළ නොහැක.

:       0       0

ශෂිකලා Monday, 30 January 2012 07:05 PM

අමිල ශ්‍රී ලාංකිකයෙක්. ලාංකික අපට ලොකු ආඩම්බරයක්

:       0       0

සුනිල් විමලසූරිය Monday, 30 January 2012 07:11 PM

ඔබේ අමිල සේවය ශ්‍රී ලාංකිකයෙක් හැටියට අපිට හරි ආඩම්බරයි. බුදු සරණයි

:       0       0

ශ්‍යාමලී ප්‍රනාන්දු Tuesday, 31 January 2012 09:39 AM

ම‍ගේ ‍දේශය, ‍ම‍ගේ ජාතිය, ‍ම‍ගේ ආගම මට ලබා දුන් ත්‍යාගය වූ ‍මේ පින්බර ‍ම‍ගේ ර‍ටේ ඔබ, වටිනාම සම්පතක්. ඔබට ‍දේවාශීර්වාද ‍වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 343 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 622 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 406 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 255 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 370 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 522 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site