ඉතාලියේ සංක්‍රමණිකයන්ගේ විරැකියාව සියයට 34 දක්වා වැඩි වී ඇත. දිනෙන් දින ඉහළ යන ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල හා රජය විසින් පනවන නොයෙක් බදු හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඉතා අසරණ ජිවිතයක් ගත කරති. පෙස්සානෝ නගරයේ වසර අටක් කුලි නිවසක ජිවත් වූ ඉතාලි ජාතික ඔම්බැරිනෝ පිලිප්පෝ තම නිවාස කුලිය ගෙවා ගැනීමට නොහැකිව බිරියත් දියණියත් සමග නිවාස අතහැර දමා වෑන් රථයක් සිය නිවහන කරගෙන ඉන්ධන පිරවුම් හලක් අසල ජිවත්වෙති. යුරෝපයේ දක්ෂ ආර්ථික විශේෂඥයකු වන ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ මොන්ති කියනුයෙ කෙසේ හෝ තම රට ආර්ථක අගාදයෙන් ගොඩගන්නා බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ ඉන්න ගොඩක් ලංකාවේ අය ඉන්නේ නගරසභා ගෙවල් වල ,ඒ ගොඩක් දෙනා ලංකාවේ මාලිගාවල් හදල මෙහෙ දුක් විදගෙන ඒවා නඩත්තු කරන්නේ. ගොඩක් අයගේ සැබෑතත්වය මේකයි . අවංක කමින් සරලව හිටියොත් මොන තත්වයකදී උනත් ජීවත් වෙන්න පුළුවන්. (නු)
අයි අපෙ රටේ ?(දී)
අපේ රටේ පුංචි සිද්ධික් වූණත් අර කෑමොර දෙන වීරයන්ට බැරිද මේකට මොනවා හරි කරන්න, ඉතාලියේ පීසා කණුව ළගට ගිහිල්ලා? (නි)
යූරෝ 25කින් මාසයක් ජීවත් වෙන න්‍යායක් කියලා දෙන්න අපේ රටෙන් කාවහරි එවන්නද? (නි)
වෙන්නප්පුවේ අය ලංකාවේ නම කනවා..(ස)
ලංකාවේ අය තම ගේ දොර ඉඩකම් උකසට තබා ඉතාලි එනවා. පස්සෙ රස්සා නෑතුව අවුරුදු ගානක් බලා ඉන්නවා. එතකොට තම දේපල සින්නවෙලා යනවා. (නි)
කතාව ඈත්ත,මෙයට හේතුව යුරෝපයේ ආර්ථික අර්බුදයි.මෙය ග්‍රීසියට,ඉතාලියට,ස්පාඤ්ඤයට,පෘතුගාලයට බලපා තියනවා.(ස)
අයියෝ සල්ලි
මේවා බොරු කතානෙ..!!(නු)
ඉතාලි ජාතිකයොත් ලංකාවට ඒවිද රැකියා හොයාගෙන ඉස්සරහට..!(නු)
ඉතාලියෙ ඉන්න සමහර අය ලංකාවෙ නම විනාශ කරනවා..!!(නු)
ඉතාලියේ වැඩකරන මේ රටේ බොහො දෙනෙකුට ගොඩක් ප්‍රශ්ණ තියෙනවා.. ශ්‍රී ලක් වැසි සියලු දෙනාම වියදම් අඩුකරගන කල්පනාවෙන් ජීවත් වෙන්න...!!(නු)
දැන් නම් ඉතින් ඉතාලියේ තත්ත්වය දරුණුයි. මම ගිය අවුරුදුදේ රැදීසීටීමේ බලපත්‍රය යූරෝ 80 ක් ගාස්තු වශයෙන් ගෙවලා අලුත් කර ගත්තතේ.නමුත් මේ වසරේ එය 180 දක්වා වැඩි කරලා තිබ්බා. එතනම කීයක්ද...?රටින් පිට වෙන සල්ලි ඔක්කොම නවත්ව ගන්න විදේශිකයන්ගෙන් අයකරනවා.....(නු)
කොහෙත් ඔහොම තමයි (දී)
ගොඩ ගත්තොත් නම් හොදයි (දී)
අපේ ඇමතිතුමෙක්ව එවන්නද ඉතාලියේ ආර්ථිකය ගොඩ දාලා දෙන්න? (නි)
ඉතාලිය විතරක් නොවෙයි යුරෝපයේ සෑම රටක්ම එසේමයි. දවසින් දවස බඩු ගණන් යනවා. දෙන දීමනාවල් එකින් එක කප්පාදු කරනවා. මේ රටවල් වල මුදල් වටිනාකමින් වැඩි නිසා බඩු ගණන් ගියාට අපට වැඩිය දැනෙන්නේ නැහැ . කොහොම නමුත් ඉස්සරහට ගොඩක් අමාරුවෙන එකනම් අපි දන්නවා . (නි)
ඒ කියන්නේ අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන එක සාධාරණයි කියන එකනේ. (නි)
ගොඩ නම් ගනීවි... (දී)
තව ටිකක් කල් යද්දී ලංකාවෙන් ගිය අයත් ඒවි. (නි)
තත්ත්වය ඉතාලියේ ඇත්තටම දරුණුය. මෙහි රැකියාව කරන අයව රවටා හෝ බොරු පොරොන්දු දී ඔවුන්ගේ මුදල් වංචා කර අද ලංකාවේ සුරසැප විදින අයට මේ එක්කම අපායේ ද සැප අත්වෙන ලකුණු පහළවී ඇත.මේ රටේ දැන් ඇතිවී ඇති තත්ත්වයෙන් බේරීමට,ඔවුන්ට ලංකාවටද ඒමට නොහැක. හේතුව ලංකාවේ ඉන්නා මිතුරන් කියා ගත් හතුරන් හා නෑදෑයෝ කියා ගත් කන් නෑයෝ සියල්ල විනාස කර ඇති නිසාය.(පරිස්සමට තිබු දෙය ඇලියවට ගිහින්ය). මේ රටේ ගෙවල් වලට පනවා ඇති නව බදු ක්‍රමය මගින් අන්ත අසරණ වී ඇත. (නි)