නීති විරෝධී ලෙස බහුදින ධීවර යාත්‍රාවකින් ඉතාලියට ගිය ශ්‍රී ලාංකික යුවලක් වසර අටකට පසු ආපසු ශ්‍රී ලාංකාවට පැමිණ සිටියදී කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොවුහු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. වයස අවුරුදු 43 හා 33 වියැති වු මෙම යුවල 2008 වසරේදී බහු දින ධීවර යාත්‍රාවක නැගී තවත් 50 කගෙන් යුත් කණ්ඩායමක් සමග ඉතාලියට පැන ගොස් ඇති බව කරන ලද විමර්ශණ වලින් අනාවරණය වී තිබේ.
ඒ සදහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් මීගමුවේ ඒජන්තවරයෙකුට ගෙවා තිබිණි. පසුව මෙම යුවලට එහිදී දරුවෙකු ලැබී ඇති අතර එම දරුවාගේ දැන් වයස අවුරුදු දෙකකි. දරුවා ලැබීමෙන් පසු ඉතාලි රජය මොවුනට එරට පුරවැසි බාවය ලබා දී ඇති බව පැවසේ.
මේ පිළිබද වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් ලංකාවේ නොලැබෙන ආර්ථික තත්වයක් බලාපොරොත්තුවෙන් ඉතාලි ගිහින් මිස වැරදි වැඩ කරන්න ගිහින් නෙමේනේ.. වහාම නිදහස් කරන්න...(හේ)
මදැයි මවුබිමට ආවා.(ම)
ලෝකයේ තියෙන බරපතලම සහ සාහසිකම ක්‍රියාව අපරාධ පරීක්ෂණ නිලධාරින් විසින් අල්වා ගෙන ඇති නිසා ඔවුන්ට ඉහලම දේශප්‍රේමී සම්මානය පිරිනැමිය යුතුය (ම)
ඉතාලියේ ළමයි ලැබුණහම පුරවැසි බවයි දෙන්නේ නැහැ.(ම)
බරපතල අපරාධකාරයෝ නිදැල්ලේ හැසිරෙද්දී , මේ වගේ ඉතාලියට ගිහින් ලංකාවට කොටි කිහිපයක් විදේශ විනිමය එවන මේ වගේ අහිංසකයන් ඇල්ලීමට අපේ අපරාධ පරීක්ෂණ (ම)
මේ අය ජිවිත අනතුර නොතකා ඉතාලි ගියේ ඇයි කියලා හේතු අහල ඊට වගකිව යුතු අයට නිසි දඩුවම් දී මේ අය පිලිබඳ තීරණයක් ගන්න... (ම)
ඉතාලියට ගිය ගොඩ අය සංක්‍රමිකයන් විදියට ගිහින් ඉතාලියේ එම්බසියේ එකෙන් පාස්පෝර්ට් අරන් ලිඛිතව විස ගත්තු අය තම ලංකාවට එන්නේ .මෙතැන මිට වැඩ යට සිද්දියක් තියෙන්න ඕන.(ම)
මොවුන් ජිවිතය් අවදානමකට ලක් කර රට ගියේ ලංකාවේදී ලැබිය නොහැකි ඉසුරුමත් අනාගතයක් සඳහා මිස අපරාදයක් කර නොවේ. (ම)
දැන් එතකොට කොටි ත්‍රස්තවාදී සමයේ ඉන්දියාවට පැන ගිය අයත් ආපසු ලංකාවට පැමිණෙන විට අත්අඩංගුවට ගන්නවද? දෙගොල්ලගෙම බලාපොරොත්තුව වූයේ ජීවිතය සරු කර ගැනීම නේද? නැතිනම් මේගොල්ල සිංහලයන්ද? (ස)
ඇත්තටම අපරාධ විමර්ශනේට වෙන වැඩ නැද්ද? (ම)
ඉතාලියේ ඉපදුන කෙනෙකුට අවුරුදු 18 පිරුණාට පසු ඉතාලියේ පුරවැසිබව ඉල්ලිව හැකියි නේද? (නි)
මර බයෙන් ගැහි ගැහි බෝට්ටුවල රට ගිහිල්ල එහෙත් ඇතිවෙන්න දුක්විදල සල්ලි හම්බකරගෙන එනකොට මෙහෙන් හිර කරනවා. ඉන්දියා ඉඳල එන අයට නම් කිසි කරදරයක් නෑ අායිත් සෙට්ල් වෙන්න ආණ්ඩුවෙනුත් උදව් කරනවා. මොන ජාතියක උනත් රටට බරක් නැති මේ පවුලට අසාදාරනයක් වෙලා වගෙයි පෙනෙන්නේ. පවු අහිංසක මිනිස්සු. (නදී)
නාමල් ඔබ හරි (නදී)
මට නම් පෙනෙන්නේ මෙතන මොකක්හරි අසාධාරන යටි දෙයක් තියනවා කියලයි. ඒ මිනිසුන්ට තමන්ගේ මවුබිමේ සතුටින් වසන්න ඉඩදීලා , මිලියන ගණන් අපරාධ සිද්ධවෙන අප රටේ ඒවා නිරවුල් කරන්න කාලය වැයකරන්න. (නි)
දැන් ඉතින් මොනවා කියලා කරන්නද? (නි)