‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන් කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පර්ත්හිදී ඊයේ (08) පැවැති පළමු තරගයෙන් ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක ජයක් ලැබීමට සමත් වූහ. ලකුණු 234 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 46.4 කදී කඩුලූ හයක් දැවී සම්පූර්ණ කිරීමට ඉන්දීය පිල සමත් විය. රවින්ද්‍ර ජඬේජා (නොදැවී 24) සහ රවිචන්ද්‍රන් අෂ්වින් (නොදැවී 30) හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 53 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දියාව ජයග‍්‍රහණය දක්වා කැඳවාගෙන ගියහ. අන්තර්ජාතික ශතක 100 ක් රැස්කරමින් ලෝක වාර්තාවක් පිහිටුවිමේ බලාපොරොත්තුවෙන් සිටින සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඊයේත් ලකුණු 48 ක් ලබා සිටියදී දැවී ගියේය. ලකුණු 45 ක් තුළ ප‍්‍රබලතම පිතිකරුවන් වන රෝහිත් ශර්මා (10), සුරේෂ් රයිනා (24) සහ මහේන්ද්‍ර සිං දෝනි (4) දැවී යෑමෙන් ලකුණු 167 කට කඩුලූ පහක් බවට පත්විය. විරාට් කෝලි පන්දු 94 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමගින් ලකුණු 77 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමෙන් ඉන්දීය පිල තරමක පසු බෑමකට ලක්විය. ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා පිල මෙහිදී කිසිඳු විශේෂඥ දඟ පන්දු යවන්නකු නොමැතිව මෙම තරගයට ක‍්‍රීඩා කිරීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා පිලට වේග පන්දු යවන්නෝ පස්දෙනෙක් ක‍්‍රීඩා කළහ. ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 81 කදී හතරේ පහර හතරක් සමගින් ලකුණු 64 ක් රැස් කළේය. මෙය 22 හැවිරිදි චන්දිමාල්ගේ සිවුවැනි එක්දින අර්ධ ශතකය වේ. චන්දිමාල් මේ වන විට එක්දින තරග 23 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක හතරක් සමගින් ලකුණු 715 ක් රැස්කර තිබේ. ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගය හෙට (10) පර්ත්හිදී පැවැත්වේ.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත‍්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර
මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.
ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.
ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඉන්දීය පිලට කඩුලූ 4 ක පහසු ජයක්
චන්දිම Wednesday, 08 February 2012 07:31 PM
පැරදුනාට හොද තරගයක් දුන්නා
නදීශා මදුශානි Wednesday, 08 February 2012 09:38 PM
බොරුවට ලංකාව මැච්වලට යන්නේ..
illanka Thursday, 09 February 2012 02:38 AM
ඇතුලෙ තමත් කචල් තිබෙන එක තමා පැරීමට හේතුව
සම්පත් Thursday, 09 February 2012 02:44 AM
හොදයි මහේල ඔහොම යන්..
සමන් කුමාර Thursday, 09 February 2012 08:09 AM
එකක් නම් පරාද උනාට කමක් නැහැ සේරම පරාද වෙන්නෙ නැතුව. අපිට අපේ කොල්ලො ටික වස්වාසයි
මොහොමඩ් Thursday, 09 February 2012 09:18 AM
අපි ඉතුරු තරගයන් අනිවාර්යෙන්ම දිනනවා..
අමිල Thursday, 09 February 2012 09:36 AM
අපිට අපේ කොල්ලෝ ගැන විශ්වාසි මොන ප්‍රශ්නේ තිබුනත් අපේ කොල්ලොන්ට කොන්ද පන තියෙනවා ලංකාව ගොඩ දන්න.පරදින එක සාමාන්‍ය දෙයක් යාලුවනේ. කණ්ඩායම හොදට හදහදා ගමු ඊ ළග ලෝක කුසලානෙට. මහේල ඔයාට ලොකු වගකීමක් තියෙනවා රට වෙනුවෙන් කරන්න.කව්රු මොන කිව්වත් මොලේ තියෙන අය දන්නවා අපේ කොල්ලෝ දක්ෂයි.ඔබට ජය.
වසන්ත Thursday, 09 February 2012 10:08 AM
මෙය තවත් එක් අහඹු පරාජයක් නම් කමක් නෑ... එහෙත් 181-6 ක් වූ ඉන්දීය ඉණිමේ ඉතිරි කඩුලු 4 දවා ගන්න බැරී වීම නම් හිතාගන්න බෑ... තරඟයක් දිනාගන්න හැටිත් ලංකාවට අමතක වෙලාද?