
(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්රධාන කාර්යාලයේදී පැවැත්විණි.
ඉන්දියාව, ශ්රී ලංකාව සමග ඒකාබද්ධව සිදු කරමින් පවතින ව්යාපෘතිවල ප්රගතිය සම්බන්ධයෙන් මෙහිදී සවිස්තරාත්මකව කරුණු සාකච්ඡා කර ඇති අතර ශ්රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතාවය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියනු තානාපති කාර්යාලය මගින් සිදුකරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමද මෙහිදී සිදුව තිබේ.
භාරතිය ජනතා පක්ෂයේ ආරාධනයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සම්බන්ධ වූ ඉන්දීය සංචාරයේ තොරතුරු පිළිබඳවද මෙහිදී දෙපාර්ශවය අතර කතාබහට ලක් විය.
ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශයට බලපා ඇති සුළි කුණාටු තත්වය සම්බන්ධයෙන්ද මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා තොරතුරු විමසූ ඊට අදාළ ආන්ද්රා ප්රදේශයේ සූදානම හා ඒ ආශ්රිත කරුණු සම්බන්ධයෙන් මහ මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැහැදිලි කිරීමක් කර ඇත.
ඉන්දු -ලංකා සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd