සංචාරක බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ඉන්දිය පිල අතර කොල්කටා’හි පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 15 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දිය ක‍්‍රීඩකයෝ ඊයේ (17) සමත්වුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් තරගයක් ඉතිරිව තිබියදීම, තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 478 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිලේ දෙවැනි ඉනිම ලකුණු 463 කට සීමා විය. කොදෙව් පිලේ පළමු කඩුලූ 4 ලකුණු 269 කට දැවී යද්දී, ඩැරන් බ‍්‍රාවෝ (136) සහ මාලන් සැමුවල් (84) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 132 ක සම්බන්‍ධතාවක් ගොඩ න`ගමින් සිය පිල ලකුණු 400 සීමාවට ගෙන ඒමට සමත්වුහ. ඩැරන් බ‍්‍රාවෝ පන්දු 181 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර හතරක් සමග සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කළේය. තරගයේ වීරයා ලෙස වී. වී. එස්. ලක්‍ෂමන් සම්මාන ලැබීය. ඉන්දිය පිල පළමු ඉනිම කඩුලූ 7 ක් දැවී 631 (ගෞතම් ගම්බීර් 65, විරෙන්ද්‍ර සෙවැග් 38, රාහුල් ද්‍රවිඞ් 119, සචින් තෙන්ඩුල්කාර් 38, වී. වී. එස්. ලක්‍ෂමන් නොදැවී 176, යුවරාජ් සිං 25, මහේන්ද්‍ර සිං දෝනි 144, ඩැරන් සමී 132/2, කැමර් රොච් 106/2) කොදෙව් පිල පළමු ඉනිම 153 (ඩැරන් බ‍්‍රාවෝ 30, මාලන් සැමුවල් 25, ප‍්‍රාග්යන් ඕජා 64/4, උමේෂ් යාදෙව් 23/3, රවිචන්ද්‍රන් අස්වින් 49/2) සහ දෙවැනි ඉනිම 463 (ආද්‍රියන් බරාත් 62, ක‍්‍රික් එඞ්වඞ් 60, ඩැරන් බ‍්‍රාවෝ 136, ශිවනරීන් චන්ද්‍රපෝල් 47, මාලන් සැමුවල් 84, ඩැරන් සමී 32, උමේෂ් යාදෙව් 80/4, ඉෂාන්ත් ෂර්මා 95/2, ප‍්‍රාග්යන් ඕජා 104/2, රවිචන්ද්‍රන් අස්වින් 137/2)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්දියාව දෙවැනි ටෙස්ට් තරගයත් ජයගනී