IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉන්දියාව මානව හිමිකම් මණ්ඩලේට මොළේ දෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා නැගී ඇති ශී‍්‍රලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් වඩා යෝග්‍ය වන්නේ අන්තර්ජාතික පරීක්ෂණයක් නොව ජාතික මට්ටමින් කි‍්‍රයාත්මක වන විධිමත් පරීක්ෂණයකට අන්තර්ජාතික සහය දීම බව ඉන්දියාව අවධාරණය කර ඇත.

කවුන්සිලය සිදුකළ යුතු වන්නේ වෙනම පරීක්ෂණයක් පැවැත්වීම නොව ශී‍්‍රලංකාවේම දැනට කි‍්‍රයාත්මක වන පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා දීම යැයි ඉන්දියාවේ අදහස වී තිබේ.

තවද සිදුකිරීමට යන පරීක්ෂණය රටින් පිට සිට සිදුකිරීමත්, පරීක්ෂණ කටයුතු සදහා මුදල් යෙදවෙන්නේ කෙසේදැයි මෙතෙක් හෙළි කර නොතිබීමත් පරීක්ෂණයේ විනිවිදභාවය ගැන ගැටළු මතු කරන්නක්යැයි ඉන්දියාව පවසා ඇත. පරීක්ෂණය සම්බන්ධ සියලූ කරුණු මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් සියල්ල හා හුවමාරු කර ගත යුතුයැයි ඉන්දියාව කියා තිබේ.

උගත් පාඩම් හා සංහිදියා වාර්තාවේ ඇති යෝජනාවන් ස්ථාපිත කිරීමෙන් ශී‍්‍රලංකාවේ දේශපාලන අරගලයට ස්ථිරසාර විසදුමක් සොයාගත හැකි බව ඉන්දියාවේ විශ්වාසයයි.

අතුරුදන්වූ පුද්ගලයින්,රැුඳවුම් කදවුරු වල සිටින්නන්,ආරක්ෂක කලාප ඉවත් කිරීම්,ආරක්ෂක අංශ සතු කරගෙන සිටින ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත ලබාදීම්, ආදී උගත් පාඩම් හා සංහිදියා වාර්තාවේ ඇති යෝජනාවන් වහාම කි‍්‍රයාත්මක කරන්නැයි තමන් ශී‍්‍රලංකාවට නැවත නැවතත් මතක් කර සිටින බව ඉන්දියාව පවසා ඇත.

දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශී‍්‍රලංකාවේ රජයට ඇති වගකීම ගැනද සඳහනක් කර ඇති ඉන්දියාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මත පිහිටවෙන සාර්ථක දේශපාලන විසදුමක් ඒ සදහා අවශ්‍ය බව යන මතයේ සිටී.

එසේවුවත් දේශපාලන විසදුමක් ලැබෙන තෙක්ම නොසිට දෙමළ ජනතාවද ශී‍්‍රලංකාවේ අනෙක් ජන කොට්ඨාශ හා අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ශක්තිමක් බැදීම් ගොඩනගා ගත යුතුව ඇතැයිද ඉන්දියාව කියා ඇත.



අදහස් (0)

ඉන්දියාව මානව හිමිකම් මණ්ඩලේට මොළේ දෙයි

සාලිය Sunday, 28 September 2014 12:40 PM

ඉන්දියාවේ මේ වෙනස මොකද්ද (දී)

:       0       0

උදිත බස්නායක Sunday, 28 September 2014 12:49 PM

ඉන්දියාවට අපේ ප්‍රණාමය . මේ වගේ දේවල් වලට අදහස් දන්නා කව්රුත් නෑ.දේසපාලන පුවත් වලට අදහස් දාන අය රට ගැනත් මොනවා හරි දාන්න.(දී)

:       0       0

ලංකා තිලක් Monday, 29 September 2014 03:30 AM

සිරිමල් මහත්තය කියන දේ ඇත්ත. (දී)

:       0       0

කසුන් Monday, 29 September 2014 03:46 AM

ඉන්දියාවම නැතිකළා (දී)

:       0       0

සේනාරත්න Monday, 29 September 2014 04:07 AM

මානව හිමිකම් සමුළුව දෙකට බෙදිලා .ලංකාවේ සිංහලයොත් දෙකට බෙදිලා .අපේ මිනිසුන්ට හොඳ ,නරක තේරුම් කරගැනීම හරිම අපහසු යි .හැගීම් වලට හා මුදලට වහල්වෙලා. දේශපාලනය විහිළුවක් කරගෙන. අවස්ථාවාදය ඉහ මුදුනේ .(දී)

:       0       0

සදුනි Sunday, 28 September 2014 03:54 PM

ඉන්දියාවටම දැන් මොලේ පෑදිලා.මෝඩි රජය රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරයි වගේ. (දී)

:       0       0

ලක්මාල් Monday, 29 September 2014 06:09 AM

ඉන්දියාවට නුවන් පහල වෙලා (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Sunday, 28 September 2014 10:16 AM

ඉතාම සාධාරණ වටිනා කියමනක් ඉන්දියාව පවාසා තියෙන්නේ , නමුත් ඇත්ත තිත්තය වාගේ , කොටින් වෙනුවෙන් දේශපාලනීය වුන රටවල් වලට මෙය වැටහුනත් , නොතේරෙන සේ ඉන්නවා (දී)

:       0       0

සිරිමල් Sunday, 28 September 2014 09:51 PM

මේ ඇතිවෙලා තියෙන නව වාතාවරණය යටතේ විදුලි පුටුව වගේ දේවල් කරළියට ගෙනෙන්න බැහැ. ඉක්මනින් රට දියුණුකළ හැකි, ජීවනබර අඩුකළ හැකි, දුප්පතාගේ දුක හඳුනන නැවුම් එජාප රජයකට කාලයයි මේ. (නි)

:       0       0

නඩරාජා Sunday, 28 September 2014 10:18 AM

13 දෙන්නයි අරක දෙන්නයි මේක දෙන්නයි කියා ලංකාවට කියන්න ඉන්දියාවට තියෙන අයිතිය මොකද්ද ? ලංකාවේ දේවල් අපි අපිම කරගන්නම් ,(දී)

:       0       0

උපාලි Sunday, 28 September 2014 10:02 PM

මන් මෝහන් සිං වෙනුවට එදා මෝඩි හිටියා නම් ඉන්දියාව කවුන්සලේදී ඡන්දය දීමෙන් වැළකී ඉන්නේ නැහැ. අපට පක්ෂව ඡන්දය දෙනවා නිසැකයි. දැන් එයත් නැහැ. පහළ සිටි මහ ඇමතිනිත් නැහැ. යුක්ති ධර්මය වැඩකරන හැටි! (නි)

:       0       0

නුවන්සර Sunday, 28 September 2014 11:08 AM

'දේශපාලන විසදුමක් ලැබෙන තෙක්ම නොසිට දෙමළ ජනතාවද ශී‍්‍රලංකාවේ අනෙක් ජන කොට්ඨාශ හා අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ශක්තිමක් බැදීම් ගොඩනගා ගත යුතුව ඇතැයිද ඉන්දියාව කියා ඇත.'....ඇත්තටම සිදුවිය යුතුව තිබුනේද එයයි.ඒ වගේම දැන් තමිල්නාඩුවට ලංකාවේ සිටින අහිංසක දෙමළ ජනතාව මුලා කිරීමට නොහැකි වෙනවා,එහි ඇතිවූ දේශපාලන වෙනස් කම් නිසා (දී).

:       0       0

ලතා Sunday, 28 September 2014 11:35 AM

කොටි කල හදිය ගැනත් කියලා දෙන්න ඔය කාට කාටත් (දී)

:       0       0

ආනන්ද Sunday, 28 September 2014 11:40 AM

බෙලි කැපුන් හදුන්වා දුන් එල් ටි ටි එක ගැන ලෝකයට කියන්න (දී)

:       0       0

රජින්ද Sunday, 28 September 2014 11:39 AM

මෝදි මහත්මයාගේ කාලේ ඉන්දියාව නැවත අපගේ බිදී ගිය මිතුරුකම ගොඩනගා ගැනීමට කරන මේ උත්සාහය අගය කල යුතුයි.(දී)

:       0       0

ප්‍රසන්න Sunday, 28 September 2014 11:52 AM

මේ විදියටම කියල තියනවනම් බොහොම හොදයි... (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 29 September 2014 02:29 AM

සුබවාදී හෙට දවසක් ගැන අපිට බලාපොරොත්තු ඇතිකර ගැනීමට අගමැතිතුමාගෙන් අපුරු ප්‍රකාශයක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වසර දහස් ගණනක සිට පැවතෙන මිතුදම දිනේවා! ජය ශ්‍රී! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 648 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 306 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 688 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2496 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 494 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 201 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38098 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site