එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා නැගී ඇති ශී‍්‍රලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් වඩා යෝග්‍ය වන්නේ අන්තර්ජාතික පරීක්ෂණයක් නොව ජාතික මට්ටමින් කි‍්‍රයාත්මක වන විධිමත් පරීක්ෂණයකට අන්තර්ජාතික සහය දීම බව ඉන්දියාව අවධාරණය කර ඇත.
කවුන්සිලය සිදුකළ යුතු වන්නේ වෙනම පරීක්ෂණයක් පැවැත්වීම නොව ශී‍්‍රලංකාවේම දැනට කි‍්‍රයාත්මක වන පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා දීම යැයි ඉන්දියාවේ අදහස වී තිබේ.
තවද සිදුකිරීමට යන පරීක්ෂණය රටින් පිට සිට සිදුකිරීමත්, පරීක්ෂණ කටයුතු සදහා මුදල් යෙදවෙන්නේ කෙසේදැයි මෙතෙක් හෙළි කර නොතිබීමත් පරීක්ෂණයේ විනිවිදභාවය ගැන ගැටළු මතු කරන්නක්යැයි ඉන්දියාව පවසා ඇත. පරීක්ෂණය සම්බන්ධ සියලූ කරුණු මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් සියල්ල හා හුවමාරු කර ගත යුතුයැයි ඉන්දියාව කියා තිබේ.
උගත් පාඩම් හා සංහිදියා වාර්තාවේ ඇති යෝජනාවන් ස්ථාපිත කිරීමෙන් ශී‍්‍රලංකාවේ දේශපාලන අරගලයට ස්ථිරසාර විසදුමක් සොයාගත හැකි බව ඉන්දියාවේ විශ්වාසයයි.
අතුරුදන්වූ පුද්ගලයින්,රැුඳවුම් කදවුරු වල සිටින්නන්,ආරක්ෂක කලාප ඉවත් කිරීම්,ආරක්ෂක අංශ සතු කරගෙන සිටින ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත ලබාදීම්, ආදී උගත් පාඩම් හා සංහිදියා වාර්තාවේ ඇති යෝජනාවන් වහාම කි‍්‍රයාත්මක කරන්නැයි තමන් ශී‍්‍රලංකාවට නැවත නැවතත් මතක් කර සිටින බව ඉන්දියාව පවසා ඇත.
දෙමළ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශී‍්‍රලංකාවේ රජයට ඇති වගකීම ගැනද සඳහනක් කර ඇති ඉන්දියාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මත පිහිටවෙන සාර්ථක දේශපාලන විසදුමක් ඒ සදහා අවශ්‍ය බව යන මතයේ සිටී.
එසේවුවත් දේශපාලන විසදුමක් ලැබෙන තෙක්ම නොසිට දෙමළ ජනතාවද ශී‍්‍රලංකාවේ අනෙක් ජන කොට්ඨාශ හා අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ශක්තිමක් බැදීම් ගොඩනගා ගත යුතුව ඇතැයිද ඉන්දියාව කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට අපේ ප්‍රණාමය . මේ වගේ දේවල් වලට අදහස් දන්නා කව්රුත් නෑ.දේසපාලන පුවත් වලට අදහස් දාන අය රට ගැනත් මොනවා හරි දාන්න.(දී)
ඉන්දියාවට නුවන් පහල වෙලා (දී)
මානව හිමිකම් සමුළුව දෙකට බෙදිලා .ලංකාවේ සිංහලයොත් දෙකට බෙදිලා .අපේ මිනිසුන්ට හොඳ ,නරක තේරුම් කරගැනීම හරිම අපහසු යි .හැගීම් වලට හා මුදලට වහල්වෙලා. දේශපාලනය විහිළුවක් කරගෙන. අවස්ථාවාදය ඉහ මුදුනේ .(දී)
ඉන්දියාවම නැතිකළා (දී)
සිරිමල් මහත්තය කියන දේ ඇත්ත. (දී)
සුබවාදී හෙට දවසක් ගැන අපිට බලාපොරොත්තු ඇතිකර ගැනීමට අගමැතිතුමාගෙන් අපුරු ප්‍රකාශයක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වසර දහස් ගණනක සිට පැවතෙන මිතුදම දිනේවා! ජය ශ්‍රී! (නි)
මන් මෝහන් සිං වෙනුවට එදා මෝඩි හිටියා නම් ඉන්දියාව කවුන්සලේදී ඡන්දය දීමෙන් වැළකී ඉන්නේ නැහැ. අපට පක්ෂව ඡන්දය දෙනවා නිසැකයි. දැන් එයත් නැහැ. පහළ සිටි මහ ඇමතිනිත් නැහැ. යුක්ති ධර්මය වැඩකරන හැටි! (නි)
මේ ඇතිවෙලා තියෙන නව වාතාවරණය යටතේ විදුලි පුටුව වගේ දේවල් කරළියට ගෙනෙන්න බැහැ. ඉක්මනින් රට දියුණුකළ හැකි, ජීවනබර අඩුකළ හැකි, දුප්පතාගේ දුක හඳුනන නැවුම් එජාප රජයකට කාලයයි මේ. (නි)
ඉන්දියාවටම දැන් මොලේ පෑදිලා.මෝඩි රජය රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරයි වගේ. (දී)
ඉතාම සාධාරණ වටිනා කියමනක් ඉන්දියාව පවාසා තියෙන්නේ , නමුත් ඇත්ත තිත්තය වාගේ , කොටින් වෙනුවෙන් දේශපාලනීය වුන රටවල් වලට මෙය වැටහුනත් , නොතේරෙන සේ ඉන්නවා (දී)
ඉන්දියාවේ මේ වෙනස මොකද්ද (දී)
මේ විදියටම කියල තියනවනම් බොහොම හොදයි... (දී)
මෝදි මහත්මයාගේ කාලේ ඉන්දියාව නැවත අපගේ බිදී ගිය මිතුරුකම ගොඩනගා ගැනීමට කරන මේ උත්සාහය අගය කල යුතුයි.(දී)
බෙලි කැපුන් හදුන්වා දුන් එල් ටි ටි එක ගැන ලෝකයට කියන්න (දී)
කොටි කල හදිය ගැනත් කියලා දෙන්න ඔය කාට කාටත් (දී)
'දේශපාලන විසදුමක් ලැබෙන තෙක්ම නොසිට දෙමළ ජනතාවද ශී‍්‍රලංකාවේ අනෙක් ජන කොට්ඨාශ හා අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව ශක්තිමක් බැදීම් ගොඩනගා ගත යුතුව ඇතැයිද ඉන්දියාව කියා ඇත.'....ඇත්තටම සිදුවිය යුතුව තිබුනේද එයයි.ඒ වගේම දැන් තමිල්නාඩුවට ලංකාවේ සිටින අහිංසක දෙමළ ජනතාව මුලා කිරීමට නොහැකි වෙනවා,එහි ඇතිවූ දේශපාලන වෙනස් කම් නිසා (දී).
13 දෙන්නයි අරක දෙන්නයි මේක දෙන්නයි කියා ලංකාවට කියන්න ඉන්දියාවට තියෙන අයිතිය මොකද්ද ? ලංකාවේ දේවල් අපි අපිම කරගන්නම් ,(දී)