IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ඉන්දියාවෙන් නාඩු සහල් තොගයක් අද එයි

(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ඇනවුම් කළ නාඩු සහල් මෙට්‍රික්ටොන් 30000 න් කොටසක් අද (17) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව වෙළඳ අමාත්‍යාංශයේ උසස් නිළධාරියෙකු පැවසීය.

එම ඇනවුමේ ඉතිරි සහල් තොග ද මෙම මාසය තුළ පැමිණීමට නියමිත බව කී එම නිලධාරියා ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති පොන්ඩි සම්බා සහල් මෙට්‍රික්ටොන් 50,000 ද ලඟදීම ලැබෙනු ඇති බවද සඳහන් කළේය.

මෙම සහල් තොග සතොස සහ සමුපකාර මගින් සහන මිලට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද වෙලද අමාත්‍යාංශය එම නිලධාරියා වැඩිදුරටත් කීය.

 



අදහස් (7)

ඉන්දියාවෙන් නාඩු සහල් තොගයක් අද එයි

සුරලොව ඇල්මන් Sunday, 17 October 2021 12:03 PM

මම අනුන්ගේ කුඹුරක් ඉල්ලගෙන එක් වරක් හෑව. පොහොරත් නැතුව වැඩක් නැහැ කියලා පලපුරුදු අයගෙ කීමත් නොතකා කලේ බඩගින්නට ආහාරයක් සොයා ගැනීමටයි හැට විය පසුකර සිටින මට වැඩ කිරීමට අමාරුයි ලංකාවෙ නැත්නම් ඉංදියාවෙන් හෝ චීනයෙන් හාල් ගෙන්වීම කරන නිසා නැව එනතුරු මුහුදට දත නියවගන ඉදල රට හාලෙම බත් ටිකක් කනවා මහන්සි වෙන්න බැහැ කුඹුර අත් හරිනවා.

:       0       1

Sriland Sunday, 17 October 2021 12:05 PM

කෘෂිකර්ම ඇමැති හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනෑ. අපේ රට කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන රටක්... හැබැයි ආණ්ඩුවට වී මෝලක් නෑ.

:       0       1

kamal Sunday, 17 October 2021 01:46 PM

පිළිකා හැදෙන්නේ නැතිවෙන්න කාබනික පෝරම දාලා හදලා ඇති නේද සර්...?

:       4       6

siri Sunday, 17 October 2021 02:38 PM

මට මතකයි ටික දවසකට ඉස්සර ඇමතිතුමා එක්තරා රූපවාහිනි සාකච්ඡාවකදී කිව්වා "එක හාල් ඇටයක් හරි පිටරටින් ගෙනාවොත් මම ඇමැති තනතුරෙන් අස්වෙනවා" කියලා. දැන් ඒ කතාව මතක නැතුව ඇති මගේ හිතේ...

:       4       5

සුවාරිස් Sunday, 17 October 2021 04:40 PM

කමල් සහ සිරි දෙදෙනාම දක්වා තියෙන්නේ ඉතාමත් නිවැරැදි අදහස් එහෙම තියෙද්දී ඩිස්ලයික් දමන්නේ හැට නවයේ කල්ලියේ බයියන් වෙන්න ඇති.. ඒ අයට ඇත්ත පේන්න බැහැ...

:       1       3

BamunuarachchiMonday, 18 October 2021 05:47 PM

මෙයා මුදලාලි කෙනෙක් වගේ... දේශපාලකයින්ගේ ඇත්ත නැත්ත අපිට වැඩක් නැහැ. ජීවත් වෙන්න කන්න සහල් ටික ලාබෙට ලැබෙනවා නම් ඒ ඇති. ඇත්ත රකින්න ගිහිල්ලා හාල්මෝල් කාරයිනුයි, මුදලාලිලයි පොහොසත් කරන්න අපිට වුවමනා කමක් නැහැ...

:       1       1

Bamunuarachchi Monday, 18 October 2021 01:12 PM

නියමයි, නියමයි, නියමයි... දියවැඩියා රෝගීන්ට ඉතා හොඳ සහලක්... ලාබෙට ලැබෙයි කියා හිතෙනවා. මොලකාරයින්ට දියවැඩියා රෝගය හැදෙයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 802 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 208 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1662 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 195 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 469 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2388 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site