(අජන්ත කුමාර අගලකඩ සහ ඩයනා උදයංගනී)
ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව නව මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (9) රාත්‍රී පැවති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී ඉන්ධන මිල වැඩි කිරිමට තීරණය වී ඇතැයි දැනගන්නට තිබේ.
පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද සුපර් ඩීසල් රුපියල් 9 කින් ද ඔටෝ ඩීසල් රුපියල් 14 කින් ද භූමිතෙල් ලීටරයක් රුපියල් 57 කින් ද වැඩි කිරිමට යෝජනා වී ඇතැයි පැවසේ.
ධීවරයන්ට සහ සමෘද්ධීලාභීන් සඳහා භුමිතෙල් මිල වැඩි නොකරන බව ද රජයේ ආරංචි මාර්ග පවසයි.
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉන්ධන මිල අද රෑ සිට ඉහළට
ජගත් ලියනගේ Thursday, 10 May 2018 07:22 AM
ඔහොම ලොකු ගාණකින් වැඩි වූ විට කොහෙද? හැම භාණ්ඩයකම දැන් මිල වැඩි වෙයි , ලූණු ගෙඩියෙ මිරිස් කරල ඉදන්ම. අපිට ඉතිං බෙල්ලේ වැළක් දාගන්න තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ .
Riyas Doha Thursday, 10 May 2018 07:25 AM
අපේ මන්නාරම අවට මුහුදේ තෙල් නිධියෙන් පෙට්‍රල් ලැබෙනකම් පොඩ්ඩක් ඉවසල ඉමු.
kasun Thursday, 10 May 2018 07:36 AM
හිතවත් පාරිභෝගියනි, මම ඇතුලු අප විසින් පත් කරගන්නා ලද වෙනස ඉතා සතුටක් බව හොදින් වැටහේ. අපේ මල්ලටම හැමදාම මේ අය පහර ගහන්නේ......
Darshana Thursday, 10 May 2018 07:39 AM
අගෙයි...
Nuwan Thursday, 10 May 2018 08:02 AM
ලෝක වෙලදපොලේ තෙල් මිල වැඩිවෙලා තියෙද්දිත් අපි අඩුවට දුන්නේ පහුගිය කාලේ රජයට විශාල පාඩු පිට, මේ වැඩිකලත් තවමත් පාඩු පිට දෙන්නේ -මිට තෙල් සංස්ථාව බාර ගරු ඇමතිතුමා
Hafeel Thursday, 10 May 2018 08:04 AM
බොරුවට සාකච්චා වට කිහිපයක් පවත්වනවා. අවසානයේ මහජනතාවගේ කරට පටවනවා.
lalithsjm Thursday, 10 May 2018 08:04 AM
ඕකටනේ ඔච්චර සාකච්චා තිබ්බේ.
rama Thursday, 10 May 2018 08:06 AM
ඕකටතම යහපාලනය කියන්නේ. මන්ත්‍රීලට ඔක්කොම දේවල් නිකම් මහජනතාවට ඔක්කොම මුදලට බදු සමඟ....
සේනක Thursday, 10 May 2018 08:11 AM
ජගත් මේ යහපාලනයෙ කට්ටිය දන්නේ වැඩි කරන්නයි, නඩු කියන්නයි, රටේ සම්පත් විනාශ කරන්නයි විතරයි. මේගොල්ලෝ දෙයක් කරොත් කරන්නේ අහිංසක දුප්පත් මිනිහගේ බඩට වදින දෙයක් තමයි .මේකෙන් වෙන්නේ යහපාලනයේ හොරු ටික ඇති වෙනවා. සාමාන්‍යයෙන් දුප්පත් අපි වගේ මිනිස්සු තමයි අසරණ වෙන්නේ නැති වෙන්නේ.
Senarath Thursday, 10 May 2018 08:19 AM
අනේ මෙහෙම පින් ඇමතිලා , අගමතිලා සහ ජනපති කෙනෙක්. මෙහෙම ආණ්ඩු කරන්න මොනවටද දෙශපාලකයා් ? නිලදාරින්ට පුළුවන්නේ මෙයට වඩා හොදට පාලනය කරන්න. පසුගිය රජය පෙරලන්න ලෝකේ නැති බොරු කිව්වා, පෙට්රෝල් ලීටරය රුපියල් 65 ට දෙන්න පුළුවන් කිව්වා. තෙල් බැරලය ඩොලර 28 ට බැස්සත් දුන්නද ලීටරය 65 ට ? තවම තෙල් බැරලය ඩොලර 70 ට තියෙන්නේ. ඒ කියන්නේ පසුගිය රජයේ තිබුණු අඩුම මිලට වඩා තවමත් අඩුයි. පසුගිය රජය කාලේදී තෙල් බැරලය ඩොලර් 128 ටත් ගියා. එත් මෙහෙම වැඩිකළේ නැහැ. මහබැංකුව හොරා කාල, දැන් ඒ බර මිනිස්සු පිට පටවල මරන්න හදන්නේ.
jayantha Thursday, 10 May 2018 08:39 AM
අපි මේ තීරණය ගත්තේ ජනතාව ගැන හිතිලා. මොකද අපිට දැන් තියෙන වාහනවලින් ඉක්මණට ඒ වගේම සැප පහසුවට ජනතාවගේ වැඩ කරන්න එහා මෙහා ඉක්මනට යන්න අලුත් වාහන ටිකක් ගන්න සල්ලි ඕනෑවෙලා තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා අපේ ජනතාව පටි තදකරගෙන අපිට සහය දෙනවා කියලා...
soma dubayi Thursday, 10 May 2018 08:48 AM
ඇත්තටම හොඳ තීරණයක්... ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතා විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒ මදිවට රාජපක්ෂ රෙජීමයේ ණය ගෙවන්නත් තියෙනවා. හරි නම් පෙට්‍රල් ලීටරයක මිල 200ක් වත් වෙන්න ඕනේ...
magaariThursday, 10 May 2018 10:01 AM
මහින්ද මහතාගේ කාලේ ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල $ 112/= යි. 2015 ඉඳලා 2017 වෙනකම් ලෝක වෙළඳ පලේ බොරතෙල් බැරලයක මිල හුඟක් අඩු වුනා. ඒ කියන්නේ $ 20/= ත් 50/= ත් අතර... කෝ යහපාලන ආණ්ඩුව ඒ වාසිය ජනතාවට දුන්නද? තාම ලෝක වෙළදපලේ බොරතෙල් බැරලයක මිල $ 60/= ක්....
randunuThursday, 10 May 2018 10:16 AM
ඔයා ආණ්ඩුවට කඩේත් ගිහින් උපකාරයක් විදිහට 200 ගානේ හරි තෙල් ගන්න. අපිට කියන කියන ගානට ගන්න බැහැ. අවුරුදු 3කට පස්සේ බදු, ණය, පොලිය, බඩු මිල, තෙල් මේ ඔක්කොම වැඩිකළාම ජීවත් වෙන්නේ කුමක් විකුණලාද?
BamunuarachchiThursday, 10 May 2018 01:47 PM
දොස්තර කෙනෙක් හම්බවෙන්න කාලය හොඳයි ලෙඩේ වැඩිවෙන්න ඉස්සෙල්ලා...
Leslie ananda Thursday, 10 May 2018 09:19 AM
ආණ්ඩුවේ අයගේ බුද්ධිමත් බව මෙයින් තේරෙනවා. හවස් වෙනකොට ෂෙඩ් වල තෙල් ඉවරවෙනවා .මේ නිවේදනය රාත්‍රීයේ කෙරුවානම් ඒක වෙන්නේ නැහැනේ.
ප්‍රියාන් Thursday, 10 May 2018 09:25 AM
මගේ අදහස් නම් ටිකක් වෙනස්... හැමෝටම අමතක වෙලා තියෙන්නේ මීට වසර 3කට කලින් පෙට්රල්වල මිල. වසර 3ක්ම එකම අඩු ගාණට දුන්නා. නමුත් ඒ කාලේ ලෝක වෙළඳ පොළෙත් මිල ටිකක් පහළ තිබ්බේ. පෙට්‍රල් කියන්නේ ලංකාවේ තියන දෙයක් නෙවෙයි. ඉතින් ඒවා වැඩි ගාණට ගෙනත් අඩුවට විකිණූ විට එ්කේ පාඩුවත් අන්තිමට අපිටම දරන්න වෙනවා. ගාන වැඩිකළාම වාහන තියන අයට තමා දරන්න වෙන්නේ. වැඩි කලේ නැත්තම් පෙට්‍රල් කළුද, සුදුද, කියලවත් දන්නේ නැති දුප්පත් මනුස්සයාටත් එ්ක දරන්න වෙනවා. එකක් කියන්න ඕනෑ. අර ත්‍රීවිල් කාරයන් උඩ පැන පැන ගාන වැඩි කරයි. නමුත් පෙට්‍රල් 117ට බස්සපු වෙලාවේ සත 5ක් අඩු කලේ නෑ.
Um ravindra rathnayaka Thursday, 10 May 2018 09:26 AM
මෙහෙම තෙල්මිල වැඩි වුණොත් කොහොමද? ඇත්තටම මිල ඔයවගේ ලොකු ගාණකින් වැඩිකරන එක වැරැදියි.
අනුර Thursday, 10 May 2018 09:43 AM
මගේ අදහස නම් වාහන පාවිච්චි කරන අයයි ඒ වියදම දරා ගත යුත්තේ. පාඩු පිට සංස්ථාව තෙල් දෙනකොට ඒ පාඩුව පියවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න ඕනේ. ඒක ලංකාවේ වාහන භාවිතා කරන, නොකරන හැමෝටම බලපානවා. ගෙදර හතරදෙනා වාහන හතරකින් ගමන් යන අපේ රටේ මිනිසුන්ට දැනෙන්න නම් ඉන්ධන මිල වැඩිවීම හොඳයි. මාසෙටම පෙට්‍රල් ලීටර් පහක් විතර ගහන මිනිසුන්ට වඩා දිනකට ලීටර් 15-20 පුච්චන මිනිසුන්ට මිලවැඩිවීම දැනෙයි. එතකොට හරි තේරුම් අරගෙන වාහන භාවිතය අඩු කළොත් මාර්ගවල අධික වාහන තදබදයටත්, පරිසරයටත් රටේ ආර්ථිකයටත් හොඳයි. හිතලා බලන්න මම වැරදිද කියලා.
BamunuarachchiThursday, 10 May 2018 01:45 PM
බලාගෙන ඔලුව පීරන්නේ... අර මොනවද වල වැදිලා පනාව කැඩෙයි. මිනිස්සු දවසකට ලීටර් 15-20 පුච්චන්නේ වෙන පුච්චන්න දෙයක් නැතිනිසා නොවෙයි. අනිවාර්යයෙන් කළයුතු නිසා. ලීටර් 15-20 පිච්චිලා පමණක් නවතින්නේ නැත. වාහනවල ටයර් සහ එන්ජිමද ගෙවී යනවාය. පැට්රල් මිල නැග්ගාම ප්‍රවාහන ගාස්තු නගිනවා. එතකොට අනික් බඩුවල මිල නගිනවා. තෙල් පැට්රල් වාහන වලටම පමණක් පාවිච්චි කොරන ජාතියක් නොවෙයි... තව අනිකුත් කර්මාන්ත සඳහාද පාවිච්චි කරන බව සිහියට ගන්න. එවිට ඒ භාණ්ඩවල මිලද නගිනවා ඇත. ඔබ කීවත්, නැතත් වැඩිවූ තෙල් මිල ගෙවන්නේ වාහනය අයිතිකරු තමයි.
SUSANTHA Thursday, 10 May 2018 09:56 AM
අපමණ අගය ලැබෙද්දී දැනෙන සනීපය ගැන කියන්න වචන ප්‍රමාණවත් නෑ.. හරිම සන්තෝසයි… ලීටරයක් 200 වුණා නම් තමයි අපමණ අගය හරියටම දැනෙන්නේ.. ලක්ෂ 62ක ගව සෙට් එකට… තාමත් මොවුන්ට කඩේ යන වන සිව්පාවුන් පිරිසක් ඉන්නවනේ ලංකාවේ…
BamunuarachchiThursday, 10 May 2018 01:55 PM
සුසන්ත ඇත්තටම මෙතන තිබෙන්නේ 62 ප්‍රශ්නෙම නොවෙයි. මේ අය චීප් පොපියුලරිටි එකක් ගන්න ඡන්දෙ දිනන ගමන් පැට්රල් මිල අඩුකළා. රු.10000 කින් පඩි වැඩිකළා. ඒ නිසා වෙච්ච අාදායම අඩුවීම හදාගන්න මේ මැට්ටන්ට ක්‍රමයක් නැතිවුණා. ඉතින් අනිකුත් භාණ්ඩවල මිල වැඩිකළා. ඊට අමතරව මහ බැංකුවටත් පොල්ලක් තිබ්බා. ඩොලරය රු 30 ගණනකින් බාල්දු වුනා.
Sathya Thursday, 10 May 2018 10:25 AM
ම්ම්.... අලුත් කාර් ගන්න වගේ මල්ලිලා....
ananda Thursday, 10 May 2018 10:44 AM
භූමිතෙල් සමෘද්ධි කාඩ් එකෙන් ගන්න කොහෙටද යන්න ඕනේ... ශෙඩ් එකට කාඩ් එක දුන්නම පරණ ගාණට දෙයිද? නැත්නම් සමුපකාරෙන්ද? නැත්නම් කූපන් එකෙන් දෙනවද? ගෙදර යන්න ලැහැස්ති වෙලා ඉන්න
sirimal Thursday, 10 May 2018 10:47 AM
ඉරානය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති ආරවුල් සහගත තත්වය නිසා ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිළ පසුගිය දින කිහිපයේ ඉහළ ගොස් ඇත. වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ ඉන්ධන මිල තවමත් පහත තත්වයක ඇතිබවයි කිව යුත්තේ....
BamunuarachchiThursday, 10 May 2018 01:30 PM
2015 සිට අපේ ජීවන තත්වයත් පහත මට්ටමකට ගියා... එ් බව දන්නවාද?
Ajantha Thursday, 10 May 2018 11:26 AM
මට නම් ලක්ෂ 62 ගැන මතක් වෙද්දී දැනෙන්නේ පුදුමාකාර සන්තෝසයක්. ලක්ෂ 62 ජනතාවනි, ඔබට හදපිරි ප්‍රණාමය. ඔබට සතුටුයිද දැන්..? හෙටම ගිහින් අලුත් ගානට ටැංකිය පිරෙන්න තෙල් ගහගන්න.
akilaThursday, 10 May 2018 01:34 PM
අර ලක්ෂ 58 ගැන මුකුත් හිතෙන්නේ නැත්ද? ඔබතුමාගේ අප්පචිගේ කාලෙට වඩා තවමත් ඉන්ධන ලාභයි.
BathiyaFriday, 11 May 2018 04:29 AM
අජන්ත මහත්තයගෙ අදහස 100% නිවැරදියි. ඇත්ත කියද්දී අකිල වගේ කට්ටියට රිදෙන එක ඉතින් අහන්න දෙයක් නෙමෙයිනෙ. ලක්ෂ 62 දෙනාගෙන් එක්කෙනෙක්නේ........ඒ කාලේ නිමල් සිරිපාල කොළඹ වටේම පිදුරු දාල තිබුන ලක්ෂ 62 වෙනුවෙන්. පුන්නක්කුත් දාල තිබ්බද මන්ද? අප්පච්චි හොඳ නැති නිසානේ යහපාලනය බලයට ගෙනාවේ. දැන් ගෙනාපු එකේ වැරැද්ද වහ ගන්න හැමෝටම බනින එකනෙ මේ වගේ කට්ටිය කරන්නෙ.
Bamunuarachchi Thursday, 10 May 2018 01:27 PM
නුවන් පිස්සු කියන්න එපා හලෝ. මේ මැට්ටෝ පෙට්‍රල් මිල අඩු කළාම මොන බඩු මිලද අඩුවුනේ? කිසිම බඩුවක මිල අඩුවෙලා ජනතාවට සහනයක් වුනේ නැහැ. ලාභයක් වුනේ වාහන තිබෙන අයට පමණයි. දැන් පැට්රල් මිල වැඩි වුනාම සියලුම බඩුවල මිල ඉහළ යනවා. වාහන තිබෙන නොතිබෙන කාටත් බර පැටවෙනවා. එමනිසා මැටි කතා කියන්න එපා..
gayan Thursday, 10 May 2018 04:39 PM
දැන් කොහොමද ෂෙඩ් එකට එන සමෘද්ධි ලාභීන්ව අදුරගන්නේ?