IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ ‌- පොලිසිය ගැටෙති

(විමුක්ති එස් රුද්‍රිගු)

පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඔහු ලාහෝර් නිවසට පැමිණි ඉස්ලාමාබාද් පොලිසිය සහ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් අතර දරුණු ගැටුම් හටගෙන තිබේ.

ඉස්ලාමාබාද් පොලිසිය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට ඊයේ (14) ඔහුගේ ලාහෝර් නිවසට පැමිණි අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවන් පොලිසියට ඉම්රාන් ඛාන් ගේ නිවසට ඇතුළු වීමට ඉඩ ලබා දී නොමැති අතර එම අවස්ථාවේ ගැටුම හටගෙන ඇත.ගැටුම හේතුවෙන් ලාහෝර් හි ඉම්රාන් ඛාන් ගේ නිවස පිහිටි සමන් පාර්ක් ප්‍රදේශය යුද පිටියක් වූ බවද පැවැසෙයි. අද(15) උදෑසන වන විට ගැටුම ආරම්භ වී පැය 14 ක් ගත වී ඇතත් ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් පාලනය කරගැනීමට පොලිසියට හැකියාව ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

ආධාරකරුවන් ටයර් සහ වාහන ගිනි තබමින් මාර්ග හරස් කර ඇති අතර ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් රැස්වීම හේතුවෙන් පොලිසියට පසු බැසීමට සිදුව ඇත.දෙපාර්ශවය අතර ගැටුමෙන් පොලිස් නිලධාරීන් 30 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති අතර  තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන් 15 පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

ඉස්ලාමාබාද් පොලිසියට ආධාරකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් පන්ජාබ් පොලිසිය සහ රේන්ජර් බල ඇණියක් සහායට පැමිණ තිබේ.

ඉස්ලාමාබාද් පොලිසියේ අරමුණ තමන් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම බව ඉම්රාන් ඛාන් චෝදනා කර තිබේ. අද (15) උදෑසන වන විට සමන් පාර්ක් ප්‍රදේශයෙන් ආරම්භ වූ විරෝධතා ඉස්ලාමාබාද්, පේෂාවර්, කරච්චි සහ රාවල්පින්ඩි නගර දක්වා පැතිර තිබේ.

රජයට එරෙහිව නැගී සිටින ලෙස ඉම්රාන් ඛාන් ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත. ඉම්රාන් ඛාන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නැවත වරක් උත්සාහ කිරීමට සුදානම් වන ඉස්ලාමාබාද් පොලිසිය ප්‍රකාශ කර තිබේ.එම උත්සාහය අසාර්ථක කිරීම සඳහා තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන්ට සමන් පාර්ක් වෙත පැමිණෙන ලෙස තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය පණිවිඩයක් ද නිකුත් කර ඇත.

ටොක්ශානා සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පාකිස්තාන අධිකරණය පසුගියදා වරෙන්තු නිකුත් කරන ලදි.එම වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා දෙවන වර ඉම්රාන් ඛාන්ගේ නිවසට ඊයේ (14) ඉස්ලාමාබාද් පොලිසිය ගිය අවස්ථාවේ මෙම ගැටුම හටගෙන තිබේ.

ටොක්ශානා සිද්ධිය යනු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දරමින් සිටියදී රාජ්‍ය නායකයකුගෙන් ලැබුණු අත් ඔරලෝසුවක් ටොක්ශානා හි තැන්පත් නොකර විකිණීමට උත්සාහ කර බවට එල්ල වී ඇති චෝදනාවයි.පකිස්තාන නීතියට අනුව රාජ්‍ය නායකයන්ගෙන් පාකිස්තාන නායකයන්ට ලැබෙන ත්‍යාග ටොක්ශානා හි තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එහි වටිනාකම ටොක්ශානා වෙත ගෙවිය යුතු වේ



අදහස් (1)

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ ‌- පොලිසිය ගැටෙති

Bunny Preena Thursday, 16 March 2023 09:28 AM

ලංකාවෙ රාජ්‍ය නායකයින්ට විදේශ රාජ්ය නායකයින්ගෙන් ලැබෙන ත්‍යග දාන්න විශේෂ ස්තානයක් තියෙනවා නම් එහි නම කුමක්ද?. එම ස්තානය පිහිටා තිබෙන්නෙ කොහෙද ? දන්නෙ නැති නිසයි අහන්නෙ. දන්නා කෙනෙක් කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 103 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 76 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාව අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 13 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2191 4

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 573 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 940 2

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 570 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site