
ඉරාන යුද්ධය අවසන් වීමට ඔන්න මෙන්න යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
ට්රම්ප් මෙසේ පැවැසුවේ, ඇමෙරිකා ඉරාන යුද ගැටුම නිමා කිරීමට මැදහත් වී කටයුතු කරන කටාර් අග්රාමාත්යවරයා ද ඇතුළු සෙසු පාර්ශ්වකරුවන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාධනීය ප්රගතියක් දකින්න ලැබෙන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැවැසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඉරානයට යළි ප්රහාර එල්ල වීමේ ප්රවණතාව ඉතා අඩු මට්ටමක පවතින බවත්, ගැටුම්කාරී තත්ත්වය මේ වන විට ඵලදායී ලෙස අවසන් වී ඇති බවත්ය.
කෙසේ නමුත් ඇමෙරිකාව පනවා ඇති නාවික අවහිරතා ඉවත් කරනතුරු සාමය ගැන බලාපොරොත්තුවක් තබා ගැනීම අවිනිශ්චිත යැයි ඉරාන නායකත්වය පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd