IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ඉල්ලා අස්වෙන්නැයි ඉම්රාන්ට බලපෑම්

වහා ධුරයෙන් ඉවත් වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට එරට විපක්ෂයෙන් පමණක් නොව, පාලක පක්ෂයෙන් ද බලපෑම් එල්ල වෙයි.

පාකිස්තාන විපක්ෂ සන්ධානය පමණක් නොව, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නායකත්වය දෙන, ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ඇමැතිවරුන් බොහෝ දෙනකු ද චෝදනා කර ඇත්තේ, වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදයට ඉම්රාන් ඛාන් වගකිවයුතු බවටය.

පාකිස්තානයේ විපක්ෂ සන්ධානය ලෙස සැලකෙන්නේ පසුගිය වසර ගණනාව පුරාවට මාරුවෙන් මාරුවට බලයේ සිටි එරට ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක වන මුස්ලිම් ලීගය නවාස් සහ පාකිස්තාන ජනතා පක්ෂයයි. ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය 2018 දී බලයට පැමිණියේ තෙවැනි බලවේගය ලෙසය. ඒ වනවිටත් පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටියේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රජයේ වියදම් කප්පාදු කරමින්, සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් මූල්‍ය ආධාර ලබා ගනිමින්, චීනයෙන් ණය ලබා ගනිමින් චීන සංවර්ධන ව්‍යාපෘති සඳගා ගිවිසුම් අත්සන් කරමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දැඩි වෙහෙසක් ගත් බව ලොවට රහසක් නොවෙයි.

ඉම්රාන් ඛාන් පෙරළා චෝදනා නගමින් පවසා ඇත්තේ, මුස්ලිම් ලීගය නවාස් සහ පාකිස්තාන ජනතා පක්ෂය මාරුවෙන් මාරුවට බලයේ සිටිද්දී කළ දූෂණ වංචා හේතුවෙන් හටගත් ආර්ථික අර්බුදය විසඳීමට තමන් දැඩි උත්සාහයක නියැලෙන බවය.

මුස්ලිම් ලීගය නවාස් සහ පාකිස්තාන ජනතා පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය මේ වනවිට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ද සූදානම් වෙයි. ඊට අදාල ඡන්ද විමසුම ලබන 28 වැනිදා පැවැත්වීමට ද නියමිත බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට විරෝධය දක්වන ඔහුගේ ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ විපක්ෂය ගෙනෙන විශ්වාසභංගයට තමන් සහාය ලබා දෙන බවත්, තමන් විපක්ෂය සමඟ එක් වී අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් නෙරපා දමන බවත්ය.
69 හැවිරිදි ඉම්රාන් ඛාන් නායකත්වය දෙන්නේ සභාග රජයකටය.

පාකිස්තාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 342 කින් සමන්විතය. විශ්වාසභංගය ජය ගනිමින්, ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමීමට නම්, විපක්ෂය ඡන්ද 272 ක් ලබා ගැනීම කළ යුතුය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය සතු ආසන ගණන 155 කි.

විශ්වාසභංගය පරාජය කරමින්, දිගටම ධුරයේ රැඳී සිටීමට නම්, අග්‍රාමාත්‍ය ඉම්රාන්ට එකසිය හැත්තෑ දෙදෙනකුගේ සහාය අවශ්‍ය වෙයි. දැනටමත් කුඩා දේශපාලන පක්ෂ 6 ක පමණ මන්ත්‍රීවරුන් 23 දෙනකුගේ සහාය ද අග්‍රාමාත්‍ය ඉම්රාන්ට හිමිවී ඇත.

කෙසේ නමුත්, පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වන විරෝධය හේතුවෙන් ‘පාකිස්තාන තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය තුළ බෙදීමක් හටගෙන ඇති බවත්, එය අග්‍රාමාත්‍ය ඉම්රාන්ට අවාසියක් වනු ඇති බවත් දේශපාලන විහ්ලේෂකයෝ පෙන්වා දෙති.

පාකිස්තානය අතීතයේ හමුදා කුමන්ත්‍රණ රැසක් සිදුවුණු ආසියානු රාජ්‍යයකි. මේ වනවිට එරට හටගෙන ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් පාකිස්තාන හමුදාව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් පෙනෙයි. පාකිස්තාන හමුදා ප්‍රකාශකයකු මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ හටගත් දේශපාලන අර්බුදයේ දී හමුදාව කිසිදු පාර්ශ්වයකට සහය නොදී මධ්‍යස්ථව කටයුතු කරනු ඇති බවය.

මෙම ප්‍රකාශය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. කයිබර්-පක්තුන්ක්වා හි පැවැති දේශපාලන රැලියකට එක්වුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටියේ කිසිදු පැත්තක් නොගෙන පැත්තකට වී සිටින්නේ සතුන් මිස මිනිසුන් නොවන බවය.

සුපිරි ක්‍රිකට් තරුවක් ලෙස පාකිස්තාන වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වුණු ඉම්රාන් ඛාන්, 2018 වසරේ එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙද්දී, පාකිස්තාන හමුදාවේ සහාය සහ ආශිර්වාදය හිමිවුණැයි පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයෝ සිහිපත් කරති.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ඉල්ලා අස්වෙන්නැයි ඉම්රාන්ට බලපෑම්

swene Saturday, 19 March 2022 11:09 PM

පකිස්තානය වෙනුවෙන් ඔතරම් කරපු, නෑ හිත මිතුරන් ට අත දිග හැරලා කාලගුණ නොසලකපු ඉම්රාන්ටත් එසේ කළා නම් අප ගැන කියනුම කවරේද?

:       0       0

Sanath Kandy Sunday, 20 March 2022 12:13 PM

දූෂණය වංචාව​, නාස්තිය​, හොරකම අනිවාර්යයෙන් නැවතිය යුතුය​. ඒ වගේම ආර්ථිකය එක තැන පල් නොවී ඉදිරියට ගෙන යා යුතුය​. ඒ සඳහා සැළසුම් සහගත නිශ්පාදන ආර්ථිකයකට යා යුතුය​. ලංකාවේ අප පාකිස්තානයෙන් ඉගෙනගත යුතු පාඩම එයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 263 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1860 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 774 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 589 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2295 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 563 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site