යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උතුරේ අර්බුදයට පිළිගත හැකි ස්ථීර දේශපාලන විසදුමක් ගෙන ඒම රජය විසින් පැහැර හරින්නේ නම් යළිත් ආයුධ අතට ගෙන විසදුම් සොයනවා වෙනුවට ආණ්ඩුවේ පාලනයෙන් දෙමළ ජනතාව මිදී සිටීමේ තත්ත්වයක් අනිවාර්යෙන්ම ඇති කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපකෂ නායක ආර් සම්බන්දන් මහතා පැවසීය.
සංහිදියාව වෙනුවෙන් වූ කාන්තා සංවිධානය වත්මන් දේශපාලනයයි කාන්තා දායකත්වයයි මැයෙන් ත්‍රිකුණාමලයේ දී පැවැත්වූ වැඩමුළුවකදී විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා දෙමළ ජාතික සන්ධානය පූර්ණ දායකත්වයක් ලබා දෙන බවත් එම ව්‍යවස්ථාවෙන් දීර්ඝ කාලයක පටන් විසදුම් හිමිනොවූ උතුරේ ජනවාර්ගික අර්බුදයට පිළිගත හැකි දේශපාලන විසදුමක් ගෙන ඒම සිය අරමුණ බවත් සම්බන්දන් මහතා කියා සිටියේය.
මෙතෙක් කලක් මෙරට ක්‍රියාත්මක කල කිසිදු ආණ්ඩුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දෙමළ ජනතාවගේ එකගතාව මත හෝ දෙමළ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සකස් නොකළ බව ද වත්මන් රජය මූලිකත්වය ගෙන සකස් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු නොවන්නේ නම් එම ව්‍යවස්ථාවද ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම කීවේය.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රඥාප්තියට අනුව ජනතා මතයට ගරු නොකර කිසිදු ආණ්ඩුවක් ඉදිරියට යා නොහැකි බවද විපක‍්ෂනායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය ඒ ඉල්ලිම් දෙයි කිසිම හිතේ කහටක් නැතුවම (නි)
මේවයේ යථාර්ථය "යුද්ධය ඉවර වුණත් ප්‍රශ්නය තවම ඉවර නැහැ" කියන එකද? (නි)
මෙම සන්ධානය හරියන්නේ නැත. එයාලා සංහිඳියාව කියන්නේ උතුරේදී සිංහලයන්ට ගහන්න, බුදුපිළිම කඩන්න නිදහස තියෙන දකුණේදී විතරක් සියල්ලෝ සාමකාමීව විසීම. ඔබට සතුටුයිද දැන්..!! (නි)
බය වෙන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම ලැබෙයි. මොකද යහපාලනය අකුරටම පොරොන්දු ඉටුකරන නිසා. (නි)
මේ ටික අහගන්නද ආණ්ඩුවක් පත්කර ගත්තේ (නි)
මෙතැන ඔබට සතුටුයිද දැන් කියලා අහන අය අමතක කරන එක දෙයක් තියෙනවා. ඔවුන් ඉල්ලන්නේ වෙනම රටක්වත් වෙනම පාලනයක්වත් නොවෙයි. ලාංකිකයන් වශයෙන් ඒ ජන කොට්ඨාශයටත් පිළිගැනීමක්. සමානතාවයක්. අප තේරුම් ගතයුතු එක කරුණක් නම් මේ සැවොම ලාංකිකයන් බවත් මේ රටට සම අයිතියක් ඔවන්ටත් තියෙන බවත්. (නි)
ජයන්ත, ප්‍රභාකරන්ට වෙච්ච දේ කළහැකියි. හැබැයි තව අවුරුදු 30 විතර රට පස්සට යයි. ලෝකය ඉදිරියට යයි. එතකොට ඔයාට සතුටුද? (නි)
උදැල්ලක් අතට ගන්න. කුලියට ජීවත්නොවී මහන්සි වී යමක් උපයා ගන්න කියලා ඔය ජනතාවට කියන්න. (නි)
කවුදෝ අහිංසකයෙක් කිවුවා නේද ටී එන් ඒ එක සන්ධානගතවෙන්න හදනවා කියලා. එතකොට මේ ඉල්ලන ඒවා දෙන්න වෙනවද දන්නේ නැහැ නේද? අපිට නම් හරීම සතුටුයි! (නි)
ප්‍රභාකරන්ට අවුරුදු 10කට පාලනය කරන්න දෙන්න ලැහැස්ති කොටසකුත් මේ රටේ සිටියනේ. (නි)
දේශයේ මුර දේවතා එළි විසිහතර පැය දැල්වී තිබේ... වෙන කිසිවක් නැහැ කියන්න (නි)
බලයට පත්වෙන අය කෙසේ හෝ යැපෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
මෙයාලා ඉල්ලන දේවල් ආයුධ අතට ගත්තාට වඩා භයානකයි. (නි)
මහින්ද හිටියා නම් මේගොල්ලෝ කට හොල්ලන්නෙ නැහැ (නි)
යහපාලනය තිබෙනතුරු බයවෙන්න එපා. (නි)
හොරට නිදාගන්න අයව කිසිදා අවදිකරවන්න බැරි බව මේ රටේ බහුතර ජනතාව දැන්වත් තේරුම් ගනිත්වා! (නි)
දැනට දෙමළ ජාතීන්ට නොලැබෙන දේ මොනවාද? අනෙක් අයට ඒ දේවල් වැඩිපුර ලැබෙනවාද? (නි)
දැන් අපිට ඉතිරිවෙලා තිබෙන බලාපොරොත්තුව ගෝඨා පමණයි (නි)
ඇත්ත වශයෙන්ම මේ රටේ විපක්ෂ නායක ඔබ කියා අපි පිළිනොගනිමු. මතක තියාගන්න මිනිස්සු අතර ජාතිවාදීන් මෙන්ම අහිංසක දෙමළ මිනිස්සුත් ඉන්න බව. ඔය අනවශ්‍ය වැඩ කරන ගිහිල්ලා අහිංසක දෙමළ මිනිසුන්ව අමාරුවේ දාන්න එපා. (නි)
රට උගසට තියා බලයට ආපු නායකයෝ නිසා අපිට මේ දේවල් අහන්න වෙලා. සියලු දෙනා එකතු විය යුතුයි. නැගිසිටිය යුතුයි. (බ)
වෙනම පාලනයක් දුන්නම හරිද ඔක්කොම? 50% දෙමල මිනිස්සු ඉන්නේ උතුරු නැගෙනහිරින් පිට සිංහල මිනිස්සුත් එක්ක. සිංහල මිනිස්සුන්ට තමයි යාපනයේ ඉන්න බැරි. යකාගේ නීතියක්නේ මේක? ඔහෙලට මෙහෙ පාඩුවේ ඉන්න බැරිනම් තමිල්නාඩුවට ගිහින් වෙනම පාලනේ ඉල්ලා ගන්න. අපේ කිසි විරුද්ධත්වයක් නෑ. නිකන් දොඩවන්න ඇවිත් නන්දිකඩාල් යන්න හදන්න එපා මහත්තයෝ. (බ)
අවි ආයුධ වෙළඳාම් කරන ළඟම ඥාතියෙක්වත් ඉන්නවාද දන්නේ නැහැ. (බ)
ඇයි උතුරට මස් රාත්තලම ඕනෑද ? මුළු ලංකාවේම ජීවත්වෙන මිනිසුන්ට එකම ආණ්ඩුවක්, එකම නීතියක්, එකම කොඩියක්, එකම හැන්දෙන් බෙදාදෙන කෑම ටික කාලා ඉන්න මහත්තයෝ. නිදහසේ හැමෝටම හිසට වහලකුයි, කුසට අහරකුයි සොයාගන්න මඟක් පාදාදෙන්න. එය ඔබේ වගකීමයි (නි)
දෙන්න දෙන්න තවත් පට්ටම්. (නි)
රටේ විපක්ෂ නායකගේ ප්‍රශ්න තියෙන්නේ මේවා ගැන විතරයි. මෙහෙම කට්ටිය තමයි සංහිඳියාව හොයන්නේ. රටට ගිය කල! (නි)
මොහුව අත්අඩංගුවට ගන්න. තර්ජනය කිරීම නීතිවිරෝධී නේද? තමන්ට මේ රට හොඳ නැහැ කියලා හිතෙනවා නම් ලෝකේ වෙන රටකට යන්න (නි)
මෙවන් අයට අපට තර්ජනය කිරීමට තරම් ඉඩසැළසූ දේශපාලුවන්ට සමාව නොදිය යුතුය (නි)
සම්බන්දන් ආණ්ඩුවේ පාලනයෙන් දෙමළ ජනතාව මුදාගන්නද හදන්නේ? දන්නේ නැතුවද 50% දෙමළ ජනතාව ජිවත්වෙන්නේ උතුරේ නෙමෙයි රටේ අනෙකුත් ප්‍රදේශ වල කියලා. ආයෙත් ඉල්ලන් කන්න වගේ හදන්නේ. (නි)
ඔබට සතුටුයිද දැන්..!! (නි)
ඔන්න බළල්ලු එළියට පනින්න හදන්න මුලපුරනවා. (නි)
අනේ! ආයුධ අතටගෙන ප්‍රශ්නය විසඳන්න බලන්නකෝ (නි)
අපෝ බය වෙන්න එපා. වැඩේ වෙයි. ඕකනේ අපේ රටේ මිනිසුන්ට ඕනෑ වුණෙත් (නි)
බය වෙන්න එපා. ඡන්දෙ ගත්තේ පොරොන්දු දීලනේ (නි)
ආක්‍රමණ විදිහට ලංකාවට විත් පදිංචි වුණ අයට වෙනම සළකන්නද කියන්නේ? (නි)
ඔය සංහිඳියාව කියන්නේ උතුරේදී සිංහලයන්ට ගහන්න, එළවන්න, බුදුපිළිම කඩන්න නිදහස තියෙන දකුණේදී විතරක් සියල්ලෝ සාමකාමීව විසීමද කියායි අපිට දැන් හිතාගන්න බැරි? (නි)
ඉතින් අපිට මොකද? ඔයාලා එහෙම කරලා බලන්න මොකද වෙන්නේ කියලා (නි)
60% ශ්රී ලාංකිකයන්ට සතුටුයිද දැන්? (නි)
ඇත්තටම අපි හැමදාම ගහමරා ගත්තම පිටින් බලාගෙන ඉන්න අය ඉන් ප්‍රයෝජන ගන්නවා. ඇත්තටම කිවුවොත් රටේ පාලනය තුලනාත්මකව ගෙනයාම අවංකව කරනවා නම් හොඳයි කියා දැන් තමයි හිතෙන්නේ. මේ යන ආකාරයට මෙම සන්ධාන හරියන්නේ නැත. හැමෝම බල ලෝභයෙන් තණ්හාවෙන් බැඳිලා. (නි)
අායුධ නොගත්තට මේක අායුධ ගත්තට වඩා භයානකයි මහත්තයෝ. වගකීම ඔබගේ අතේ. හැබැයි නැවත මේ දෙරණ මත ලේ වැගිරීමක් කළොත් දෙමළ ඔබ මෙන්ම සිංහල අපිද අවාසනාවන්ත ජාතියක් වන බව කණගාටුවෙන් වුණත් කිවයුතුය. ඌරෝ කැකුණ තලනවිට හබන් කුකුලන්ට රජ මඟුල් කියා සිංහල අපේ උපහැරණ පොතේ ඇත (නි)
ආයුධ ගත්තත් ප්‍රභාකරන්ට සිදුවුණ දේ තමයි වෙන්නේ (නි)
ආයුධ අරන් කරන්නේ නැහැ නෙමෙයි, කරන්න බැහැ. එහෙම කළොත් එහෙම ප්‍රතිඵලය දන්නවානේ (නි)
ඒ නොලැබුනොත්නේ. බයවෙන්න එපා. අනිවාර්යයෙන් ලැබෙනවා (නි)
නැති ප්‍රශ්න ඇතිකරන්න හදන්න එපා (නි)
ඉක්මනටම මහින්ද මහත්තයාටයි, ගෝඨාභයටයි, ෆොන්සේකාටයි මේ ගැන දන්වලා පරණ තරහ අමතක කරලා ඊළඟ ඡන්දෙදි එකට ඉල්ලන්න කිව්වොත් නරකද? (නි)