ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරියුමින් ස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහා ලේකම් ඉයාද් මදනි ඇතුළු සිව් දෙනකු ළඟදීම ශ්‍රි ලංකාවේ සංචාරයකට එතියි ‘ඇරැබි නිව්ස්‘ කියයි.එම සන්විධානයේ නායකයකු ශ්‍රී ලංකාවට එනුයේ ප්‍රථම වරටය.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති මොහමඩ් හුසේන් මොහමඩ් ගිය මාසයේ ජෙඩා නුවරදී මදනී හමුවී ගමන ගැන සාකච්ඡා කළේය.
සෞදි බලධාරීන් පවසන්නේ සංචාරයේ කටයුතු සුදානම් කිරීම පිණිස නිලධාරීන් කිහිපදෙනෙක් ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ ආගමික සංහිදියාව පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා ඉස්ලාමීය සහයෝගිතා සංගමය වෙත ඉල්ලීමක් කර ඇතිබව පවසන පුවත් පත ඔහු ශ්‍රී ලංකාවේ ආගමික සංවිධාන හමුවීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සාදරයෙන් පිළිගන්නවා! (නි)
අජන්ත ගේ අදහස හරි. බලමු මොකද වෙන්නේ කියා. (දී)
මම නම් මේ වෙලාවේ කට වරද්දා ගන්නේ නැහැ (දී)
මටනම් ටිකක් බය දැනෙනවා . (දී)
අෂීන් වීරතු හිමි පසු ගියදා ලංකාවට වැඩම කරා, ඉයාද් මදනි තුමත් ලඟදි එනවා ලබන ජනවාරි මාසේ පාප් තුමාත් ලංකාවට එනවා ඉතින් කොච්චර වටිනවද ලංකාවට මේ වගේ අයව ගෙන්න ගන්න එක, (දී)
මහින්ද මහත්තයා ඡාත්ත්‍යන්තරයත් ඒක්ක වැඩ කරනකොට අනාගන්න නායකයෙක් නෙමෙි (දී)
තව මොනවද ඇනෙන්න තියෙන්නේ සමරේ. චීනේ අපි සදාකාලික නයකාරයෝ වෙලා ඉවරයි. එක පව්ලක් ආසන්නව ලක්ෂ 15 ජාත්‍යන්තරයට ණයයි. මේ පොලී වාරිකය අපිට දැන් පවත්වාගෙන යන්නත් බැරි තත්වයක් ඇතිවෙලා. බඩුමිල ගෙන සමරේට කියන්න ඕනේ නැහැනේ. (නදී)
සමෙරේ අනාගතේ තව මොනවා වෙයිද? (නදී)
මේ අපේ දේශයයි ,මේ අපේ ආගමයි! (නි)
""එන පොට හොඳ නැහැ කෙල්ල ගෙට ගන්"" කිව්වලු. (දී)
එනපොට හොඳ නැහැ වගේ. මෙයාලත් එක්ක ගනුදෙනු ඕනවට වැඩිය වැඩියි. (නදී)
වෙනත් ආගමක්, දහමක් වසන් වී පිලිපැද්දත් දඩුවම් දෙන රටේ ආගමික සංහිදියාව ගැන මොන කතාද. (නදී)
අපේ රට එදා ඉඳන් ප්‍රසිද්ධ වුනේ ආගන්තුක සත්කාරය අතින් ඉහලම රට ලෙස. ඉතින් මෙතුමාගේ ගමනට කවුරු හරි බාධා කලොත් ඒක අපේ රටට ගෞරවයක් වේවිද? (නදී)
සමරේ(ගාල්ල), එතුමා නම් අනාගන්නේ නැහැ. අපි නම් අනාගෙන තියෙන්නේ තවත් හුස්මක් කටක් ගන්න බැරි වෙන්නම. (නදී)
තව ටික කාලෙකින් කනවෝ කනවෝ කියන්න තමයි වෙන්නෙ. (නදී)
බලමුකෝ ආවට පස්සේ (නදී)
ශ්‍රී ලංකාව සහ අරාබිකරය අතර සම්බන්ධතා ඇතිවුනේ අතීතයේ සිටමයි. එනිසා රටක් වශයෙන් අපි මෙතුමාවත් සාදරයෙන් පිළිගතයුතුයි කියලයි මම නම් හිතන්නේ. (ස)
අාවට කමක් නෑ. නීති දාන්න දෙන්න බෑ... මෙයාගේ කෙරුවාව අපි දන්නවනේ... අහිංසක කාන්තාවන්ට කරන හිරි හැර.. අනුමත කරන කෙනෙක් තමා මේ...(ස)
කුමක්ද දන්නේ නැහැ අරමුණ (දී)
ආගමික සංහිදියාව ගැන කතා කරන්නද එන්නේ (දී)
විශිෂ්ට ජයත්‍යන්තර සම්භන්ධයක් (දී)
සාදරයෙන් පිලි ගන්නවා (දී)
ඒ පාර තවත් එකක් පාත් වෙන්න වගේ යන්නේ.ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ. (ස)
කොච්චර කිව්වත් අහන මිනිහෙක් නෙවෙයි. (ස)
මෙහෙම ගියොත් ලංකාවට වෙන දේ හිතා ගන්න පුළුවන්. (ස)
මහනුවර පුජා නගරයේ දළඳා මාලිගාව, කතරගම පුදබිමේ ඇති සර්ව ආගමික සිද්ධස්ථාන ආදියත් මෙතුමාට පෙන්වන්න. මේවා ශ්‍රී ලංකාවේ ආගමික සංහිදියාව පිළිබදව හොදම උදාහරණයි. (දී)
මෙවැන්නන් ගෙන්වීමෙන් සිදු වන්නේ ලංකාවේ නීති රාමුව තුල නිදහසේ සිටින අහිංසක මුස්ලිම් කාන්තාවන් තවත් අමාරුවේ වැටීමයි. හේතුව, මොවුන්ගේ ප්‍රධාන කාර්ය තද බල නීති පැනවීමයි. සවුදි රටේ හිටිය අය නම් මේ ගැන හොඳට දන්නවා. (ස)
ලංකාව ඕනෑම කෙනෙකුට විවෘතයි
මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)
ජාත්‍යන්තර සම්භන්දකම් වැදගත් රටකට (දී)
ආවට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ , අපිට මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා නීති දැම්මොත් නම් ඒක වැරදියි (දී)
සුභපතනවා ඔබේ ගමනට (දී)
අනේ මන්දා (දී)
සාදරයෙන් පිලි ගන්නවා අපේ මේ ශ්‍රී ලංකාවට (දී)
මෙතුමා අපිට නයක්වත් දෙයිද? අපි එතුමාව සාදරයෙන් පිළිගනිමු. (දී)
දැන් ඉතින් අපි කුමක් කරන්නද (දී)