තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) දෙවැනි අදියරේ පළමු දිනය වූ පෙරේදා (5) ද අපරාජිතව සිටි දකුණ ශාර්ක්ස් පිල පරාජය කිරීමට තිබූ අවස්ථාව නැගෙනහිර ඊගල්ස් පිල වෙතින් ගිලිහි ගියේය. අම්ජාඞ් බක්ස්ගේ දකුණ ශාර්ක්ස් පිල සහ ලසින්ද්‍ර කොස්තාගේ නැගෙනහිර ඊගල්ස් පිල අතර පැවැති තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-7 ක් ලෙස ඊගල්ස් පිල පෙරමුණ ගැනීමට සමත් විය. දෙවැනි අර්ධයේදී ඊගල්ස් පිලේ ක‍්‍රීඩකයන් දෙදෙනකු කහ කාඞ්පත් ලැබීම නිසා විනාඩියක පමණ කාලයක් ක‍්‍රීඩකයන් පස් දෙනකුගෙන් ක‍්‍රීඩා කිරීමට සිදුවීම එම කාණ්ඩායමේ පරාජයට ප‍්‍රධාන හේතුව විය. දකුණ ශාර්ක්ස් පිල අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිමින් දෙවැනි අර්ධයේදී ලකුණු 19 ක් රැස්කරමින් ලකුණු 26-14 ක් ලෙස තරගය අවසන් කිරීමට සමත් විය. දෙවැනි අදියරේ පළමු දිනය වූ පෙරේදා (5) තරග අවසන් වන විට පළමු අදියරේ ශූරයන් වූ දකුණ ශාර්ක්ස් පිල ‘ඒ’ කාණ්ඩයේ ද, අනු ශූරයන් වූ මධ්‍යම කිංග්ස් පිල ‘බී’ කාණ්ඩයේ ද පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය. අම්ජාඞ් බක්ස්ගේ දකුණ ශාර්ක්ස් පිල තරග හතරම ජය ලබමින් අපරාජිත වාර්තා තව දුරටත් පවත්වා ගැනීමට සමත් විය. පළමු අදියරේදී අනු ශූරයන් බවට පත්වූ මධ්‍යම කිංග්ස් පිල යෝෂිත රාජපක්‍ෂ මෙහෙයෙවන යාපනය චැලෙන්ජර්ස් පිල හමුවේ ලකුණු 21-17 ක් ලෙස පරාජයට පත්වීම කැපී පෙනුණි. තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (6) රාත‍්‍රි පැවැත්වීමට නියමිතව තිබුණි. තරග ප‍්‍රතිඵල
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊගල්ස්ට කහ කාඞ්පත් දෙකක් ලැබීමෙන් ශාර්ක්ස් පරදවීමේ අවස්ථාව ගිලිහෙයි