IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘‘ඊළම දෙන්නෙ නෑ” ජනපති උතුරේදී කියයි

ඇතැම් පිරිස් , ඇතැම් සංවිධාන ඊළමක් ඉල්ලනවා, රට බෙදන්න කියනවා. දෙමළ ජාතික සංධානයත් ඊට උදව් කරනවා. දෙමළ ඩයස් පෝරාවත් රටින් කෑල්ලක් කඩා ගන්න හදනවා. ඒ ඊළාම් ඉල්ලීම් නතර කළොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මුලින්ම කැමති වෙන පුද්ගලයා මමයි. නිකන් කතා කරන බොහෝ දෙනා අකමැති බව මා දන්නවා. මෑතදී ඊළමට ආවඩන ඩයස්පෝරාවේ බ්‍රිතාන්‍යය, ඇමරිකාව හා යුරෝපයේ සිටින කණ්ඩායම් වෙනම රාජ්‍යයක් සඳහා පිඹුරුපත් හැදූ බව ආරංචියි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් ඔවුන් හමුවීමට ගිහින් ආ බව ආරංචියි.

‘‘ඊළමක් හෙවත් වෙනම රාජ්‍යයක් අපි ඉල්ලන්නේ නැහැ. උතුරේ ඇතැම් පිරිස් ඊළමක් ඉල්ලනවා. ඊළමක් ඉල්ලීම නතර කළහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සලකා බැලිය හැකියි.” ජනපති පිළිගැනීමට මහ සෙනගක් පැමිණ සිටියහ. අඩු ගණනේ 20,000 ක් පමණ ප්‍රධාන උත්සවයට පැමිණි බව වාර්තාවේ.‘‘ඊළම දෙන්නෙත් නැහැ. රට බෙදන්න දෙන්නෙත් නැහැ.”

යුද්දයෙන් අවතැන්වූ පවුල් 20,000 කට ඉඩම් ඔප්පු ලැබිණි. රන් බඩු අහිමිවූ 2350 දෙනකුට ඔවුන්ගේ රන් බඩුද යළි හිමිවිය.

05 09

 



අදහස් (0)

‘‘ඊළම දෙන්නෙ නෑ” ජනපති උතුරේදී කියයි

මෙත්මා Monday, 13 October 2014 03:10 AM

ඔබතුමාට ජය! (නි)

:       0       0

කසුන් Monday, 13 October 2014 03:26 AM

ඔබතුමා ඉන්නතුරු රට සුරක්ෂිතයි. යුද්ධය අවසන් කළ ඔබතුමාගේ අදහස නිවැරදියි (නි)

:       0       0

මරික්කාර් Sunday, 12 October 2014 12:24 PM

ඊලමට කිසිසේත්ම ඉඩ නැතැයි කීම එඩිතර කතාවක්. නමුත් විදායක ජනාදිපති ක්‍රමේ අහෝසි කිරීමට ඊලම ගාව ගැනීම නම් බොලඳ කතාවක්. (නදී)

:       0       0

මෙන්ඩිස් Monday, 13 October 2014 03:29 AM

අපි ඔබ සමඟයි (නි)

:       0       0

නාමල් මදුරංග Sunday, 12 October 2014 12:28 PM

අපිට අපේ ජනාධිපතිතුමා නැවත ඕනේ. හැබැයි ජනාධිපතිතුමනි, වටේ ඉන්න හොරු ටික යවන්න (නදී)

:       0       0

සේරම් Monday, 13 October 2014 04:01 AM

මම නම් දැන් පුරුද්දක් විදිහට බන්දුල පෙරේරාගේ අදහස් කියවන්නේ නැහැ.ඒ තරම් හරයක් නැහැ (නි)

:       0       0

සමන් වසන්ත Sunday, 12 October 2014 01:03 PM

ආණ්ඩුවේ උදවිය කතා කරන්නේ හරියට රටේ සිටින හැම දෙමළ මනුස්සයෙක්මත් බටහිර රටවල සිටින හැම මනුස්සයෙක්මත් උදේ දිවා රෑ කල්පනා කරන්නේ ලංකාව දෙකඩ කරන එක ගැන කියලා. සමහර බටහිර විතරක් නෙවෙයි බලවත් පෙරදිග රටවලත් විදේශ ප්‍රතිපත්තියේ කොටසක් තමයි දියුණු වෙමින් පවතින රටවල ආරවුල් ඇති කර දෙකඩ කරන එක. හැබැයි එහෙම ම කියලා අපි අපේම රටේ මිනිස්සුන්ව බෙදා වෙන්කර එකිනෙකා අතර සැකය වෛරය වර්ධනය වෙන විධියේ වැඩ කරන එක වැරදියි. ඇත්තටම රට බෙදෙනවට අකමැතියි නම් කරන්න ඕනේ සිංහල දෙමළ සහයෝගය වැඩි දියුණු වෙන විදියේ අවංක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එක. කවුරු කිව්වත් වෙනම රටක් එපා කියන විදියේ දෙමළ ප්‍රජාවක් හදන එක. අපේ නායකයෝ උතුරට ගිහින් කතා කරන්නේ හරියට තමන්ගේ යටත් විජිතයක ඉන්න මිනිස්සු අමතන ගානට. ඔහොම වැඩකරොත් වෙන්නේ මීලගට ලැබෙන පළමු අවස්ථාවේම ඔය මිනිස්සු වෙනම රටක් ඉල්ලන එක. ඒක නවත්වන්නනම් කරන්න ඕන ඔය මිනිස්සුන්ගේ හිතේ තියෙන සැක සංකා දුරු කරලා ගැටළු තිබේනම් ඒවාට කඩිනම් විසදුම් දෙන ඒක. (නදී)

:       0       0

ලලිත් Sunday, 12 October 2014 01:11 PM

බන්දුල කන් ඇහෙන්නේ නැති කෙනා ගෙන් ද කන් ඇහෙනවද අහන්නේ ? මොලය පරික්ෂා ගත්තොත් හොඳයි නේද ? ඔහොම තමා ආවඩන කොට මෙලෝ සිහියක් නැති වෙනවා. (නදී)

:       0       0

පිටිගල Sunday, 12 October 2014 01:16 PM

හැබෑවටම යුද්ධ කල මිනිහා හිරේ දාලා සිය ගණනක් රණවිරුවෝ හාමුදුරුවරු මරපු ත්‍රස්තවාදියෙකුට ඇමති කමක් දීපු රජයක් මේක. ෆොන්සේකා කියන දේශපාලනඥයාගේ සපෝටර් කෙනෙක් නෙවේ මම. කවුරු මට බැන්නත් එ්ක පිළිගන්න වෙන ඇත්තක්. (නදී)

:       0       0

චන්දන Monday, 13 October 2014 04:23 AM

අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

සුරං Sunday, 12 October 2014 01:19 PM

මේ පුංචි රට තව කෙසේ බෙදන්නද.(හේ)

:       0       0

නිශාන්ත Sunday, 12 October 2014 01:32 PM

ඊලමට කඩේ යන්නෝ ඇවිස්සුන හැටි මේ තීරුවෙන්ම බලා ගන්න පුළුවන්. රටේ බහුතරය දරණ මතය වටහාගන්න බැරි මේ අයගේ පක්‍ෂ වලට මොන ජයග්‍රහනද?පරණ පුරුද්දට තවමත් කඩේ යනවා. (නදී)

:       0       0

අසංග Monday, 13 October 2014 05:06 AM

ජය වේවා ජනාධිපතිතුමනි! (නි)

:       0       0

වසන්ත Sunday, 12 October 2014 04:34 PM

ඔය ඊළම ගැන කතාකරන්න එපා කියන අය පොඩ්ඩක් ලෝකයේ මොනවද වෙන්නේ කියලා ඇස් ඇරලා බැලුවා නම් හොඳයි (නි)

:       0       0

නිමල් Sunday, 12 October 2014 04:42 PM

දේශපාලනය කියන්නේ ඔහොම තමයි. (නි)

:       0       0

කමල් Sunday, 12 October 2014 04:49 PM

ඔබතුමාගේ ප්‍රතිපත්ති අපිටත් කියන්න (නි)

:       0       0

සුනිල් Sunday, 12 October 2014 04:57 PM

අපිට ඔබ විශ්වාසයි (නි)

:       0       0

වීරසිංහ Sunday, 12 October 2014 05:29 PM

ඊළමක් අපිට අවශ්‍ය නැහැ (නි)

:       0       0

අක්රම් Monday, 13 October 2014 06:12 AM

ඔබට ජය වේවා! (නි)

:       0       0

මාලනී Sunday, 12 October 2014 05:37 PM

කොන්ද කෙළින් තියාගෙන කතාකරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමණනි, ඔබතුමාට තෙරුවන් සරණයි. ඔබ නැවත වරක් අපේ මවුබිමේ ජනාධිපති වේවා! (නි)

:       0       0

රන්ජිත් සිල්වා Sunday, 12 October 2014 05:58 PM

බන්දුල පෙරේරා, ....පිස්සු කතා කියන්නේ නැතිව පන්දම් අල්ලන්නේ නැතිව උඩබලාගෙන ඉන්න.....13 එක දෙනවා කියලා ඉන්දියාවට පොරොන්දුවුනේ කවුද..? කොටින්ට සල්ලි දුන්නේ කවුද...? දීපල්ලකෝ උත්තර.(අ)

:       0       0

රන්ජිත් Sunday, 12 October 2014 06:05 PM

පිටිගල මහත්තයෝ, ඔබ හරි. දන්නෝ දනිති.මොලේ අමාරුකාරයෝ, පන්දම් කාරයෝ ,සට්ටබියෝ,..වගේ අය ආණ්ඩුව වර්ණනා කරනවා.කොටියාව ඉවර කළා කියමුකෝ.දැන් මෙයා ගෙනාපු චිනාව එළවන්නේ කොහොමද..?බන්දුල පෙරේරා වගේ මොලේ කළදක් නැති අයට මේ පැහැදිලි ඇත්ත නොතේරෙන්නේ ඇයි කියලා මටනම් තේරෙන්නේ නැහැ.(අ)

:       0       0

අමන්දා Sunday, 12 October 2014 06:07 PM

හැබෑවටම යුද්ධ කල මිනිහා හිරේ දාලා සිය ගණනක් රණවිරුවෝ හාමුදුරුවරු මරපු ත්‍රස්තවාදියෙකුට ඇමති කමක් දීපු රජයක් මේක.කොටි නායකයෝ සියල්ලක්ම රජයත් එක්ක මහජනයාගේ බදු සල්ලි වලින් නඩත්තු වෙනවා.කොටි කතා කියන්නේ ඡන්දයක් නිසා මිසක් සිංහලුන්ට ආදරෙන් නොවී (අ)

:       0       0

බණ්ඩාර සරත් Sunday, 12 October 2014 06:09 PM

කෙලින් කතා කරන රට පාවා නොදෙන එකම නායකයා ඔබ අපේ ජනාදිපති , අනික් අයට ඕනේ රට පවා දීල හරි කඩා වෙන්කර හරි බලයට එන්නට පමණයි . එදත් මෙයට උදව් කල සිංහලයන් සිටියා රට පාවාදෙන , අදත් ඉන්නවා , සමහර ප්‍රතිචාර වලිම්ම එය පේනවා (අ)

:       0       0

රූපවතී Sunday, 12 October 2014 07:00 PM

පිට බැද්දර ජයෝ..ඇත්තටම 20,000 ම අර කාමරේ අස්සක් මුල්ලක් නෑර සාන්තව පුටු 75ක ඉගෙන ඉන්න ලස්සන දිහානේ මම ඇසිපිය නොහෙලා බලාගෙන හිටියේ ..! (අ)

:       0       0

රත්න Sunday, 12 October 2014 08:21 AM

අසව්, අසව්.. අළුත්ම බෙර පදය. (හේ)

:       0       0

සේන Sunday, 12 October 2014 08:27 AM

ඔබ තමා නියම රජා ලංකාවේ. කෙලින් කතාකරන ඔබතුමාට ජයෙන් ජය. (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී shels Sunday, 12 October 2014 07:20 PM

එයා හැබෑවටම යුද්දේ කලේ තනිවම වෙන්න ඇති නේද.අනිත් හමුදාවල් නිකන්නේ ඉඳල තියෙන්නේ ....සාම සාකච්චවලට අාවනම් ප්‍රභාකරනුත් අද ඇමති කෙනෙක් (අ)

:       0       0

සෙනරත් Sunday, 12 October 2014 08:31 AM

අති ගරු ජනපති මහින්ද රාජපක්ෂ මැති තුමා දිනෙන් දින දිනේවා (නදී)

:       0       0

කමල් Sunday, 12 October 2014 08:36 AM

මෙහෙම කථා අහනකොට අනිත් පැත්තට දෙන්න හිටිය අපිටත් පොඩි ගැම්මක් එනවා. රනිල් සජිත් ඊලම ගැන කියන්නේ මොනවාද කියලත් දැනගන්න සතුටුයි. තීරණයක් ගන්න පුලුවන් එතකොට (නදී)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 12 October 2014 07:39 PM

පිට බැද්දර ජයාට කට්ටිය දොස් කිව්වට ඒ කතාවේ අත්තක් නැත්තේම නෑ. අනික් කාරනේ තමයි බලන්න මේ ඡායාරූප දිහා හොදට. කෝ මෙතන සිංහල ජනතාව? යුද්දෙට කලින් යාපනේ සිංහලය හිටිය. එත් අද ඉන්නේ මුස්ලිම් හා දමිල ජනතාව පමණයි. ඇයි මෙහෙම වෙනසක්. මේ කියන කතාව එකපාරම අනුමත කරන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලන්න සිංහල නිජභූමියෙන් කොටසක් ඉබේම දමිල හා මුස්ලිම් ජනයාට පමණක් ඉතුරු වෙලා. ජනාදිපතිතුමා මෙච්චර ආදරෙයි නම් රටට යාපනෙත් සිංහල ජනතාව පදිංචි කරන්න. තේසවලාමේ නිතිය ඉවත් කරලා ඒකීය රටක අයිතිය සිංහල ජනතාවට ලබාදෙන්න. අපිනම් රැවටෙන්නේ නෑ ඕවට. (අ)

:       0       0

ප්‍රනින්දු පැරිස් Sunday, 12 October 2014 07:58 PM

විදේස ගතව සිටින සමහර ශ්‍රී ලාංකිකයන්ගේ මොලය පස්සට බැස ඇති බව හැගේ ,සමහර ද්‍රවිඩ ඩයස්පෝර එක යූඑස් ,ඊයූ ,යූඑන් ,යන ලෝකයට විහිළු සපයන්නන් සහ ලෝකය විනාශ කිරීමට දගලන වන සතුන් සමග එකමුතු වී නටන කොටි සෙල්ලම අඩු තක්‌ සේරු කල නොහැක යූ.එන්. පී. එක යනු එහි එක පුරුකකි ,ඉදිරි වසර 20 තුලත් තිබෙන රජය රැක ගැනීම යූ.එන්. පී,ටීඑන් ඒ ,ජේවීපී,එම්සී ඇතුළු සියලුම ජන කොටස්වල ජිවිත අරක්ශාවම වන්නේය .(අ)

:       0       0

අජිත් ප්‍රංශය Sunday, 12 October 2014 08:52 AM

මෙයාල මේ දේවල් කරන්නේ රටට ආදරෙන්ද ? නැතිනම් ලග එන ජනාධිපතිවරනය නිසාද ? (නදී)

:       0       0

සදුනි Sunday, 12 October 2014 08:08 PM

සමීර, රජයේ පැවැත්ම සදහා ඊලම යලි යලිත් කරලියට ගෙන ඒම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා . නමුත් ඔබ කියන දේ ඇත්තක් තියනවා. මේ විදිහට යලි යලිත් ඊලම පට්ටගැසීමට යාමෙන් මධ්‍යස්ත දම්ළ ප්‍රජාව ඊලමට ඇදී යාමේ අවදානමකුත් තිබෙනවා. අපි පරම්පරාවෙන් සන්දානයට සහයෝගය දෙන අය වුණත් මෙවැනි ප්‍රකාශ වලින් වැලකි සිටිය යුතු බව මගේ අදහසයි. අපි කළ යුත්තේ ඊලම අපගේ මතකයෙනුත් ඉවත්කර මේ දෙමළ ප්‍රජාවගේ මනසට ලාංකිකත්වය ආරෝපණය කිරීමයි. දේශපාලනය වෙනුවෙන් ආයෙත් ජාතින් බෙදා වෙන් කරන්න එපා පින්සිද්දවෙයි !!!! (අ)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 12 October 2014 08:18 PM

අපි කල යුත්තේ ඉතිහාසයට අදාළ දේ ඉතිහාසයට බාර දීමයි. දමිළ ජනතාව අපේම කොටසක් ලෙස සැලකීමයි. මේ අතීත කුණු ගොඩවල් අවුස්සමින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ නොකළ යුතුයි. අපි බොහොම සාමකාමී ලෙස සහෝදරයන් මෙන් ගමනක් යන වෙලාවේ මේ වගේ දේවල් කියන්න එපා . TNA එක පවා පැහැදිලිවම ඊලම ප්‍රතික්ෂේප කර තිබෙනවා.අපි ඔබට ආදරෙයි. ජනපතිතුමනි. එත් මේ වගේ සංවේදී මාතෘකා දේශපාලන සටන් පාට ලෙස යොදාගන්න එපා .ඔබතුමාට ජය වේවා !!!! (අ)

:       0       0

ෂෙරිෆ් Sunday, 12 October 2014 08:58 AM

ජනපති තුමනි අපි ඔබ සමග, රට බෙදන්න කිසි දින ඉඩ නොදෙමු. ඌරො මඩ කැළැල් කලත් උන්ටත් වැපුරුමක් බැරිය. නරියෝ සිංහ වෙස් ගත්තත් පලේ මොකද නාද බැරිය. (නදී)

:       0       0

තිසර Sunday, 12 October 2014 08:33 PM

රත්තරංවල අයිතිකාරයෝ හොයන්න අවුරුදු පහක්ම ගිහිල්ලා.(අ)

:       0       0

ඩයස් Sunday, 12 October 2014 09:06 AM

ඉතා හොඳයි, ඊළම දෙන්ඩ ඕනත් නැහැ ජනාදිපති කම අපට ඕනත් නැහැ. මුළු රටම ඊළමට විරුද්දයි. සිංහල, දෙමල, මුස්ලිම් සියල්ලම ඊළමට කැමති නැහැ. ප්‍රජාත්න්ත්‍රවාදී නිදහස රැක ගනිමු. (නදී)

:       0       0

හේරත් Monday, 13 October 2014 07:17 AM

ඔබට ජය වේවා! (නි)

:       0       0

සුරංග නිරෝෂ් Sunday, 12 October 2014 09:02 PM

සමන් වසන්ත..ඔබේ අදහස හරි..එහෙම වැඩ පිළිවෙලක් දකින්නවත් නෑ.මම එක උදාහරණයක් දෙන්නම්. දෙමළ ,මුස්ලිම් මිනිසුන්ට රටේ ඕන තැනක ඉඩම් අරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒත් සිංහල අපිට උතුරෙන් පර්චස් 10 අරගෙන ජීවත් වෙන්න පුලුවන්ද. (අ)

:       0       0

දීපාල් Sunday, 12 October 2014 09:13 AM

ජයවේවා ගරු ජනාධිපතිතුමනි. කොටින්ට උඩගෙඩි දෙන උන්ට දැන් උණ අරගනී. ඊළමට කැමති අය තමයි ඔබතුමාට වල කපන්නේ අපි සැමදා ඔබ සමග (නදී)

:       0       0

රොෂාන් Monday, 13 October 2014 07:28 AM

බන්දුල පෙරේරා, පිටබැද්දයට ඔබ දුන් පිළිතුර හරියටම හරි!! (නි)

:       0       0

නිමල් ලලිතා Sunday, 12 October 2014 09:15 AM

එඩිතර ප්‍රකාශය ගැන සතුටු වෙනවා. නිතිමය වශයෙන් නුදුන්නත් සිංහල මිනිසුන්ට උතුරේ පදිංචි වීමට ඉඩ නොදීමෙන් නිකම්ම ඊලම හදනවා. සිංහල මිනිසුන්ට උතුරේ පදිංචි වීමේ හැකියාවක් නැති බව අද ඉරිදා ලංකාදීප පත්‍රයට සිංහල කම ගැන කැක්කුමක් ඇති ඇමති කෙනෙකු කළ ප්‍රකාශයකින් පැහැදිලි වෙනවා. නමුත් දෙමල කතා කරන අයට රටේ ඕනෑම තැනක පදිංචි විය හැකිනම් සිංහලයන්ටත් උතුරේ පදිංචි වීමේ හැකියාව ඇති කරන ලෙස හෝ පදිංචි කරවන ලෙස ඉල්ලනවා. නැතිව කතා වලින් පමණක් වැඩක් නැහැ. (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Sunday, 12 October 2014 09:20 AM

ඔබතුමා වැඩ පටන්ගන්නේ රනිල් මහත්තයට මඩ ගහල නේද ? අනේ මන්දා අපි බලා පොරත්තු වන දේ නෙමෙයි ඔබතුමාලා හැමෝම කරන්නේ. අනුන්ට මඩ ගහල මහජනයව මුලා කරලා ඡන්දෙ ගන්න බැහැ. අද දියුණු රටවල වල වගේ ඇත්ත කතාකරලා ඡන්දෙ ඉල්ලන්න බැරි ඇයි? එ්කට බයයි නේද (නදී)

:       0       0

ප්‍රියංකර Sunday, 12 October 2014 09:24 AM

ජනාධිපති තුමා ඇත්තෙන්ම හොඳ කෙනෙක්. අනිත් අය කරන වැඩ නිසා තමන්ගේ නමටයි හොඳ නැත්තේ (නදී)

:       0       0

චානක. Sunday, 12 October 2014 11:19 PM

අසව් ...අසව් මෙන්න බන්දුලටත් තේරිලා මෙයා කතා කරන්නේ බුද්ධියෙන් තොරවයි කියලා....ඉතින් අනෙක් වැඩත් මේවගේ තමයි කියලා ඔයාට නිකමෙට හිතෙන්නේ නෙද්ද බන්දුල අයියා? (අ)

:       0       0

අශෝක Monday, 13 October 2014 07:42 AM

ජනාධිපතිතුමනි, ඔබේ අධිෂ්ඨානයට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා! ජය නියතයි (නි)

:       0       0

දසුන් Sunday, 12 October 2014 09:29 AM

උතුරු හා නැගෙනහිර දෙමල ඡන්ද ජනාදිපතිවරනයකදී වර්තමාන ජනාදිපතිට නොලැබෙනවා කියන්නේ ලැබෙන පක්ෂ ගැන දෙවරක් සිතිය යුතු වෙනවා (නදී)

:       0       0

රංග Sunday, 12 October 2014 11:42 PM

බන්දුල හිතන්නේ පිටබැද්දර ජයාගේ බෙල්ල මිරිකුවාම අනිත් අයත් බයවෙලා කටවල් වහගනී කියලද? දන්නේ නැතුව ඇති තමන් දැන් රජවාසල කවටයාගේ තත්වයට වැටිලා කියලා. (නි)

:       0       0

සමීර Sunday, 12 October 2014 09:33 AM

ඔය හද්ද පරණ තැටිය දැන් වලංගු නැහැ. අලුත් එකක් හොයා ගන්න වෙයි (නදී)

:       0       0

මොහාන් Sunday, 12 October 2014 11:47 PM

මේ වචන ටිකම ඇති ජනපතිතුමනි (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 12 October 2014 09:40 AM

අනේ මන්ද , මොකද මේ එක පාරටම ආයි ඊලමක් ගැන කතාවක් ? ඡන්දයක් ලඟගම එන නිසා ඊලාම් මයින හම ආයිම අදිනවා වගේ. කවදා ඉවරයක් වෙයිද මේ ජඩ දේශපාලනය මගේ මවුබිමෙන්. (නදී)

:       0       0

සංජීව Sunday, 12 October 2014 11:47 PM

ඔබයි අපගේ සැබෑ ජනපති! (නි)

:       0       0

කනිෂ්ක Sunday, 12 October 2014 11:49 PM

අපිටත් දැන ගන්න ඕනෑ අනාගත වැඩ පිළිවෙල මොකද්ද කියලා. අතීත නටබුන් අවුස්සාගෙන වැඩක් නැහැ. යන්න ඕනෑ ඉදිරියට මිසක් පස්සට නෙමෙයි. (නි)

:       0       0

ධම්ම Sunday, 12 October 2014 09:49 AM

ඔබතුමා කිසි කලෙක ඊළමට ඉඩ නොදෙන බව අපට විස්වාසයි. මේ විස්වාසය මත තමයි ඔබත් ජනතාවත් එකට බැදී ඉන්නේ. (නදී)

:       0       0

සිරමන් වර්ණකුලසුරිය Sunday, 12 October 2014 09:54 AM

අපි හැමෝම එකම රටක ජනතාවක් ලෙස සාමදානෙන් ජීවත් වෙමු..(නදී)

:       0       0

හේමන්ත Sunday, 12 October 2014 10:03 AM

ලොව කොතන ගියත්, මොන සමුළුවට ගියත්, ලංකාවේ මොන පළාතට, දිසාවට ගියත්, මෙහෙම කෙලින් කතා කරන නායකයෙක් මම නම් දැකලම නෑ.(හේ)

:       0       0

ජෙහාන් Monday, 13 October 2014 12:15 AM

දේශපාලන සංවාද වලට අපේ කාන්තා පක්ෂයේ සහභාගිත්වය බොහොම අඩුවෙලා බව පෙනෙනවා. ඒ මොකද දන්නේ නැහැ. බවලතුන්ගේ අදහසුත් වැදගත්. ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවෝ වෙලා සද්දනැතුව ඉන්න එක හරි නැහැනේ. (නි)

:       0       0

නුවන් Sunday, 12 October 2014 10:04 AM

ඔබතුමා රට බෙදන්නේ නෑ කියන විශ්වාසේ මත තමා අපි ඔබතුමා එක්ක ඉන්නේ..(හේ)

:       0       0

නඩරාජා Sunday, 12 October 2014 10:10 AM

ඊලම් ඉල්ලන්නේ බඩගෝස්තරකාරයින්. උන්ට වෙන වැඩ නැහැ. ජනාදිපතිතුමෝ ඔබ තමයි අපේ දෙවියෝ. ඔබ සාමය ඇතිකළා. දැන් සංවර්දනය. හෙට ඉපදෙන දරුවන්ට සැපවත් දවසක් ඇතිකරන්න ඔබ ගන්න මහන්සි කොතරම් වටිනවද? ඔබේ ජය අප සැවොමගේ ජයයි. (නදී)

:       0       0

ගුණසිරි Monday, 13 October 2014 12:28 AM

බන්දුලට දැන් හිතේ අමාරුව තියෙන්නේ, මෙච්චර කඩේ ගිහින් තවම තානාන්තරයක් ලැබුනේ නැති දුක . අන්න තියනවා පුරප්පාඩු වෙලා ස්වාසිලන්තයේ නම් එකක්. හොඳට ගැළපෙනවා. (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Sunday, 12 October 2014 10:10 AM

ජනාදිපතිතුමනි නිකන් බොරු ඊළමක් නැවත ඇදල ගන්න එපා (නදී)

:       0       0

මහේන් Monday, 13 October 2014 12:33 AM

දැන් කොහොමද ඔය කට්ටිය රත්තරන් බඩු වලට තමන්ගේ අනන්‍යතාවය ඔප්පුකරලා තියෙන්නේ. අනේ මන්දා! (නි)

:       0       0

සඳුනි Sunday, 12 October 2014 10:11 AM

පිට බැද්දර ජයා....සමීර ... හොදින් මතක තියාගන්න ඕක පරණ තැටිය නෙමෙයි. ජාතිවාදී දෙමල නායකයින්ගේ තැටියට දෙන සදාතනික ඍජු පිළිතුරයි. ඔබ හොදින් බලන්න පසුගිය ජනාධිපති වරනයෙදී ඔවුන් ඉල්ලුවේ මොකද්ද..එයට එකගවූ කෙනාටයි සහයෝගය දුන්නේ. මේ ජාතිවාදී නායකයින් අද ප්‍රකාශකරන ආදහස් සහ එදා ප්‍රභාකරන්ගේ අදහස් අතර ලොකු වෙනසක් තියෙනවද කියලා. පසුගිය සතිය පුරා ඔවුන් දක්වූ අදහස් විමසා බලන්න අපිනම් මැරිලා උපන්න අය නෙමෙයි. (නදී)

:       0       0

දිනූෂා Monday, 13 October 2014 12:38 AM

ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

රාජිත Monday, 13 October 2014 12:39 AM

ප්‍රනාන්දු පැරිස්, ඔබ හරියටම හරි. විදෙස්ගතව ඉන්න ඔබගේ මොළය තියෙන තැන ඔබ හරියටම දැනගෙන. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 13 October 2014 12:45 AM

වසර ගණනාවක් ත්‍රස්තවාදයෙන් බැට කෑ අපේ රටේ දියුණුවට ජනපතිතුමා පියවර ගන්නේ නම් ජනතාව ලෙස අප සහයෝගය දිය යුතුය (නි)

:       0       0

යසිරු Monday, 13 October 2014 01:02 AM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 12 October 2014 10:40 AM

පිට බද්දර ජයෝ.. මොකක්ද මහත්තයෝ මෙතන තියෙන ජඩ දේශපාලනේ..කොටි සංවිධානයත් එක්ක මේ කට්ටියගේ ඊලම් සිහිනයත් ඉවර වුණා කියලද ඔබ තුමා හිතන්නේ..මේ රටෙත් විදෙස් ගතවත් කොටි රුකඩ මේ රටට වින කරන්න දතකන හැටි නොපෙනෙන්නේ ඔබතුමාගේ ඇස් පොට්ටද ? කන් ඇහෙන්නේ නැද්ද?..යන්න මහලු මඩමකට.. එච්චර වයසක් නැත්නම් යන්න ඉස්පිරිතාලෙකට..ගිහින් ඒ දෙකට බේත් ගන්න .(අ)

:       0       0

ශාන්ත Monday, 13 October 2014 01:19 AM

උතුරට ගිහින් ඊළම දෙන්නෙ නැහැ කියපු එකම නායකයා... ඔබට ජය ජනාධිපතිතුමනි! (නි)

:       0       0

ඩයස් Sunday, 12 October 2014 10:43 AM

ඔය තැටිය පරණ වැඩියි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 12 October 2014 10:48 AM

පරණ කොටි නායකයෝ ඉන්න තරමක් ඉන්නේ කොහෙද? මට පැටලිලයි තියෙන්නේ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 12 October 2014 10:49 AM

ඊළමට එහා රට චීනට දෙන එක. කට කට. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 12 October 2014 10:49 AM

ඊළම නොදී රට බේරා ගත් අවංක ජෙනරාල් ෆොන්සේකා තුමාට අපි සදා ණය ගැති වෙමු. (අ)

:       0       0

සෞදි-සිංහ Sunday, 12 October 2014 10:51 AM

ජනාධිපතිතුමා උතුරටම ගිහිල්ලා මෙහෙම කියන එක හොඳයි, සමහර අය දන්නෙ නැහැ ද්‍රවිඩ සන්ධානෙ ඉල්ලන්නෙ මොනවද කියල, බලන්නකො රනිල් මහත්තය ගියහම මොනවද කියන්නෙ කියල. අපට පිටකොන්දක් තියෙන හොඳ සිංහල නායකයෙක් ඉන්න එක ගැන ආඩම්බරයි. (අ)

:       0       0

යසිරු Monday, 13 October 2014 02:07 AM

කරුණාකර අනුන්ගේ නම් වලින් මෙතන ප්‍රතිචාර දාන්න එපා. තමන්ට ආවේණික මොකක් හරි නමක් යොදාගන්න. මම කිසිම කෙනෙකුගේ දේශපාලන ගැත්තෙක් නෙමෙයි (නි)

:       0       0

කුමාර Sunday, 12 October 2014 10:53 AM

කෙහෙල්මල් ඊළම, මොන රටේද මේ විදියට යුද්ධයකින් පස්සේ තම විරුද්ධ වාදීන්ට සලකල තියෙන්නේ. දැන් උතුරු නැගෙනහිර ජනතාවට බිය සැක නැතිව ජීවත් වෙන්න පුළුවන්. හැබයි ඩයස් පෝරාවේ හා එයාලගේ දේශපාලුවන්ගේ ලනු කෑවොත් ආයෙත් විනාශය තමා. (අ)

:       0       0

බිමාලි Monday, 13 October 2014 02:10 AM

ඔබ වැනි නිර්භීත පුද්ගලයෙක් මා ජීවිතයටම දැකලා නැහැ (නි)

:       0       0

කුමාර් Sunday, 12 October 2014 10:56 AM

අනිත් අය බලාගෙන ඉන්නේ රට බෙදුම් වාදීන්ටයි ලෝකයටයි ඕනා විදිහට පාවාදෙන්න. (නදී)

:       0       0

ලසිත් Monday, 13 October 2014 02:18 AM

මගේ නමිනුත් කවුදෝ ලියන්න පටන් අරගෙන. (නි)

:       0       0

නලින් Sunday, 12 October 2014 11:05 AM

ආපහු පරණ කතාවම ඇදල ගත්තා ඔන්න. අර මැක්කගේ කතාව වගේ තමයි ඉතින් ඕකත්. උඩ ප්‍රතිචාර දෙක තුන දැක්කම හිතුනේ තවම ඔය කතාව නොතේරුන මිනිස්සු ඉන්නවා කියන එක. (නදී)

:       0       0

තුසිත Monday, 13 October 2014 02:22 AM

අනේ හොඳයි! ජය වේවා! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 12 October 2014 11:06 AM

ඊළම නුදුන්නට චීනට දීල තිබෙන හරිය හොදටම ඇති. (නදී)

:       0       0

ජිලාන් Monday, 13 October 2014 02:38 AM

ඔය අනුන්ගේ නම් වලින් මෙතන ලියන කැත පුරුද්ද නවත්වාගන්න එක කාටත් හොඳයි. අනෙක් අයගේ නම් වලින් දේශපාලන ප්‍රතිචාර ලියන එක නම් කැත වැඩක්. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 12 October 2014 11:20 AM

මටනම් දැන් ඊළම ගැන කියන කතා අහලම එපා වෙලයි තියෙන්නේ. (අ)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 12 October 2014 11:30 AM

පිට බද්දර ජයෝ.. මොකක්ද මහත්තයෝ මෙතන තියෙන ජඩ දේශපාලනේ..කොටි සංවිධානයත් එක්ක මේ කට්ටියගේ ඊලම් සිහිනයත් ඉවර උනා කියලද ඔබ තුමා හිතන්නේ. මේ රටෙත් විදෙස් ගතවත් කොටි රූකඩ මේ රටට වින කරන්න දතකන හැටි නොපෙනෙන්නේ ඔබතුමාගේ ඇස් පොට්ටද ? කන් ඇහෙන්නේ නැද්ද? (නදී)

:       0       0

සම්පත්- ඩුබායි Sunday, 12 October 2014 11:31 AM

ඔබ තුමාට ජය වේවා මගේ රට බේරා දුන්නාට (නදී)

:       0       0

රන්ජිත් Monday, 13 October 2014 02:58 AM

සදුනි,බන්දුල පෙරේරා, අදහස් දෙක හරියටම හරි. මේ වගේ සංවේදී මාතෘකා කිසිදු දේශපාලන පක්ෂයක් මැතිවරණ සටන් පාඨ ලෙස යොදානොගත යුතුයි. ඒ යුගය හැමෝම අමතකකර සහෝදරත්වයෙන් ගමනක් යන්න අවශ්‍යයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 6 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 119 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 359 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 448 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 272 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 156 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site