බලන්ගොඩ උග්ගල අලුත්නුවර කුඩා කතරගම දේවාලයේ කරඬුව වැඩම කැරවීමට සිටි ඇතා කුලප්පුවීමෙන් හෝ කුලප්පු කැරවීමෙන් ඉරිදා රාත්‍රී පෙරහර අතරමඟ නතර විය. කුලප්පුවූ ඇතා ත්‍රිරෝද කිහිපයකට හා කඩ කිහිපයකට පහරදී ඇතැයි ද, ඒ සමගම පොලු මුගුරු රැගත් පිරිසක් බස්නායක නිලමේ නිල නිවෙසට පැන බඩුමුට්ටු වනසා ආරාධිත අමුත්තන්ගේ කෑම මේසය ද පෙරළා ඇතැයි කියති. අලියා කුලප්පු වුයේ ‘කිල්ලක්‘ නිසා යැයි පිරිසක් කියති. එහෙත් එය එහි ඇත්තක් නැතැයි ද පෞද්ගලික පළිගැනිමක් ලෙස අලියා කුලප්පුකැර ඇතැයි ද දේවාලයේ මෙහොට්ටාල කුමාරසිංහ බණ්ඩාර නිලමේ කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෑමතනම ඇඟිලි ගැහිලි තමා (ස)
දේවාලේ කපුවොත් දේශපාලඥයෝ වගේනේ...ඉතින් අලි කුලප්පු වෙන එක අහන්න දෙයක්ද ? (ස)
අලි මදිවට හරක් (ස)
ඇතා කුලප්පු වුණා මදිවට මිනිස්සුත් කුලප්පු වෙලා. (නි)
චරිත්, මිනිස්සු හම්බ කරගෙන කන වාහනයට ඔහොම කියනකොට ඒ මිනිස්සුන්ට මොනවද හිතෙන්නේ? (නි)
දකුණේ වෙන විනාශය දැකලයි අලියා කුලප්පු වෙලා තියෙන්නේ. (නි)
ඇත්ගොවුවා මනප්පු හොදට බීලා කසිප්පු හෙණ්ඩුවෙන් ඇනපු පාරට වුණානේ ඇතා කුලප්පු... (නි)
මොන විනාසයක්ද මේ (ස)
යදම් අමතකද පා බැදි විලංගුවේ (ස)
දෙවියොත් මරණයට බයයි වගේ..?(ස)
ලංකාවේ දැන් දැන් වෙන අසාධාරණකම් සත්තුන්ටත් ඉවසන්න බැරි නිසයි උන් මෙහෙම කලබල කරන්නේ. (නි)
දෙවියන්ටත් අලි එපා වෙලා වගේ (ස)
මෙන්න නියම ඈතෙක්....ඉන්දියන් කාරයින්ගේ ජරා වාහන වලටමයි පාර දීලා තියෙන්නේ...........(ස)
ඇතා කුලප්පු කරේ වලිප්පු කාරයොද ? (ස)
අලියෝ ඔය අලි විසේ නවත් වන්න (ස)
හේවිසි තප්පු තාලෙට නැටුව මනප්පු ඔය ඇතෙක් කුලප්පු උණ හැදිලා ද වලිපිපු ඇත් ගොව්ව මනප්පු හොදට බීල කසිප්පු හෙන්ඩුවෙන්ම ඇනපු පාරට අලිය කුලප්පු (ස)
රටේම ඉන්න අලි කුලප්පු වෙලා ඉන්නකොට මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නොවේ (ස)