IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


උගන්ඩා තරග ජයත් සමග නිලූක ඔලිම්පික් වරම් ලබයි

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න මෙම වසරේදී ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා කර ගෙන ඇතැයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට’ පැවසීය. උගන්ඩා’හි කම්පාලා නගරයේදී ඊයේ නිමා වු ‘උගන්ඩා’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් නිලූක පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. එම ජයග‍්‍රහණයත් සමග ඔහු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටම ඉක්මවා යෑමට සමත් වු බවද බස්නායක මහතා පැවසීය. බැඞ්මින්ටන් ලෝක සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් අනුව (පිරිමි කේවළ) 69 වැනි ස්ථානයේ සිටි නිලූක මෙම ජයත් සමග ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තවදුරටත් ඉදිරියට ඒමේ අවස්ථාව හිමිකර ගෙන තිබෙන බවද වාර්තාවේ. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටමේ සිටින පළමු ක‍්‍රීඩකයන් 38 දෙනා අතර සිටි නිලූක උගන්ඩා තරගාවලිය ජය සමග ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තව දුරටත් ඉදිරියට යෑමට සමත්ව සිටින බවද වාර්තාවේ. ‘‘ලෝක ශ්‍රේණිගත කිරීමේ 77 වැනි ස්ථානයේ සිටියදී නිලූක ලකුණු 20,034 ක් ලබා ඔලිම්පික් පරිසාධක මට්ටමට ළගා වී සිටියා. එවිට ඔහු 69 වැනි ස්ථානයේ පසු වුවත්, ලබන බ‍්‍රහස්පතින්දා වනවිට ශ්‍රේණිගත කිරීම් අනුව තවත් ඉදිරියට යෑමට ඔහු සමත්වේවි. අපට ඒ සම්බන්‍ධයෙන් ඉදිරියේදී නිල වශයෙන් දැන ගන්න ලැබෙයි. නමුත් දැනට ලැබී ඇති තොරතුරු අනුව නිලූකට ඔලිම්පික් වරම් හිමිවන බව විශ්වාසයි යැයි’’ බස්නායක මහතා පැවසීය. අපේ‍්‍රල් මස 22 වැනිදා දක්වා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රීඩකයන්ගේ දක්‍ෂතා සලකා බලන බවද දැන ගන්නට ඇත. මේ වනවිට අන්තර්ජාතික බැඞ්මින්ටන් පිටියේ ක‍්‍රීඩකයන් අතර තරගකාරීත්වයක් පැවැතියත්, ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට නිලූක දැනට ලබාගෙන තිබෙන  ලකුණු ප‍්‍රමාණවත්වන බවද දැන ගන්නට ඇත. උගන්ඩා අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී ඉතාලියේ විස්නෝ හරියෝ පුට්රෝ පරදවා නිලූක (21/11, 21/18) පහසු ජයක් ලැබීය. පුට්රෝ, ලෝක ශ්‍රේණිගත කිරීමේ 54 වැනි ස්ථානයේ සිටින  ඕස්ටි‍්‍රයාවේ මයිකල් ලැන්ස්ටි‍්‍රනර් පරදවා අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයාය. පුට්රෝ ඉතාලියේ නියෝජනය කළද, බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලෝකයේ රටවල් අතර ඉදිරියෙන් සිටින ඉන්දුනීසියානු ජාතිකයකු බවද වාර්තාවේ. නිලූක අවසන් පුර්ව තරගයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 68 වැනි ස්ථානයේ සිටින පෘතුගාලයේ පෙඞ්රෝ මාටින්ස් (21/17, 21/12) පරදවා ජය ලැබීය. නිලූක පසුගිය වසරේ නොවැම්බර් මස ඇමරිකාවේ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගමාලාවකට සහභාගිවෙමින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමිකර ගත්තේය. මෙම තරග සංචාරයට පෙර බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක) 165 වැනි ස්ථානයේ සිටි නිලූක මාස තුනක් වැනි කෙටි කලකදී ලොව පළමු ක‍්‍රීඩකයන් 70 අතරට පැමිණීමට සමත්වීමද කැපී පෙනේ. එහිදී නිලූක අන්තර්ජාතික තරගාවලි හතරකට සහභාගිවී තරගාවලි තුනක දීම රන් පදක්කම් දිනා ගත් අතර එය  ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක් විදෙස් තරග සංචාරයකදී දැක්වු හොඳම දක්‍ෂතාව ලෙසද වාර්තාවේ. ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක පසුගියදා පැවැති 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනා ගැනීමට ද සමත්විය. ඒ වත්මන් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්ෂේත‍්‍රයේ නිලූකට තර්ජනයක් වන ක‍්‍රීඩකයකු නොමැති බව පෙන්වමින් ජාතික ශූරතාව 10 වරක් දිනාගත් එකම කී‍්‍රඩකයා වෙමිනි. අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට බැඞ්මින්ටන් ක‍්‍රීඩිකා තිළිණි ජයසිංහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු අතර මෙරට බැඞ්මින්ටන් ක‍්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික් තරග සුදුසුකම් ලබන පළමු ක‍්‍රීඩකයා වීමේ භාග්‍ය නිලූකට හිමිව තිබේ.



අදහස් (0)

උගන්ඩා තරග ජයත් සමග නිලූක ඔලිම්පික් වරම් ලබයි

දමින්ද Tuesday, 07 February 2012 04:35 PM

ඔබට සුභපැතුම්..

:       0       0

අමිල විජේසිංහ Wednesday, 08 February 2012 01:47 AM

ඔබට සුභපැතුම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 66 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 192 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 254 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 576 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 428 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1450 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14599 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 191 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site