IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


උඩුවේ හිමිගෙ පන්සලේ නොතීසි අලවයි

අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය ගැන නඩුවකට අධිකරණයේ පෙනී සිටින ලෙස ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට නොතීසි බාර දීමට ගියත් ඒ හිමියන් නොසිටි බව පිස්කල්වරු අද කොළඹ අතිරේක මෙහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මියට දැනුම් දුන්හ.

එය සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඇලන් මැතිනියාරාමය අවට නොතීසි අලවන ලෙස නියෝග කළාය.

අධික ශබ්දය නිසා තමන් පීඩාවට පත් වන බව කියමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ගොනු කැරුණු නඩුවක දී එම  නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ජනවාරි තුන් වැනිදාට කල් තැබුවාය.



අදහස් (0)

උඩුවේ හිමිගෙ පන්සලේ නොතීසි අලවයි

මේනක Friday, 23 December 2016 07:45 AM

සියලුම ආගමික ස්ථාන වල අධික ශබ්දය මහත් හිසරදයකි මෙම නීතිය ලංකාවේම ක්‍රියාත්මක කරනවානම් වඩා හොදයි මෙහි කටුකම අත්දැකීම ලබන්නේ එම ස්ථාන අවට පදිංචිකරුවන්ය (ම)

:       0       0

සරත් Thursday, 22 December 2016 02:55 PM

වෙනත් ආගමික ස්ථාන කීයක සද්ද දාගෙන ඉන්නවද...? ඒවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

ජයරත්න Thursday, 22 December 2016 03:16 PM

ආගමික ස්ථාන වලින් පිටවෙන අධික ශබ්දය නම් හරිම පීඩාවක්. මේ ප්‍රදේශවාසීන් කොන්දක් ඇතුව වැඩ කරපු එක ගැන සතුටුයි. (නි)

:       0       0

නන්ද Thursday, 22 December 2016 05:52 PM

අපේ බොහොමයක් බොදු ගිහි-පැවිදි පිරිස හිතාගෙන ඉන්නේ ශබ්දවාහිනී මඟින් මහා හඬින් බණ-පිරිත් දැමීම බුද්ධාගම කියලයි. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා -ප්‍රංශය Thursday, 22 December 2016 07:38 PM

සමහරවිට උන්වහන්සේ ප්‍රතිකාර ගන්න විදේශීය රටකට වැඩම කරන්න ඇති (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Friday, 23 December 2016 12:54 PM

උඩුවේ හිමියන්ට මේ දවස් වල අපලයි වගේ (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 23 December 2016 12:58 PM

මේනක, ජයලත්, ඔබ හරි. නමුත් අැයි මේ උඩුවේ හිමිගෙ පස්සෙන්ම යන්නේ? එතැන තිබෙන්නේ වෙනත් දෙයක් නේද. (නි)

:       0       0

රන්ජිත් Thursday, 22 December 2016 11:30 PM

කණක් ඇහෙන්න නැතිවෙන්න සද්ද දාන තව තැන් තියෙනවා (නි)

:       0       0

මුණසිංහ Friday, 23 December 2016 12:20 AM

මේකත් බුද්ධාගමට එරෙහිව ගත් තවත් පියවරක් ලෙසයි අපි නම් සළකන්නේ. (නි)

:       0       0

චානක Friday, 23 December 2016 01:01 AM

ඇයි මේ හාමුදුරුවෝ පස්සෙන්ම පන්නන්නේ? වෙන තැන් වල එහෙම ශබ්දය දාන්නේ නැද්ද? (නි)

:       0       0

ඩියෝනිස් Friday, 23 December 2016 01:12 AM

චානක මහත්තයෝ, ඔබට අනිත් ඒවා පෙනෙන්නේ නැද්ද? මෙච්චර මේ හාමුදුරුවන්ට පමණක් ඔබ උදවු කරන්නේ උන්වහන්සේගේ අැබිත්තයෙක්ද? (නි)

:       0       0

සුනිල් Friday, 23 December 2016 01:26 AM

ආගමික කතෘවරු දහම මිනිසුන් අතරට ගෙනගියේ ස්පීකර් දාගෙන නොවෙයි. දුෂ්කර කැපවීමක් කරලයි. (නි)

:       0       0

ප්‍රශීන් Friday, 23 December 2016 01:58 AM

උසාවි නියෝග වලින් මෙලෙස ශබ්ද ඇති අනෙක් ස්ථානත් අල්ලන්න බැරිද? (නි)

:       0       0

මහේෂ් Friday, 23 December 2016 02:23 AM

මේ බෞද්ධ රටේ පන්සල් වල පිරිත් නොදැම්මට වෙනත් ආගමික ස්ථාන වල ඕනෑතරම් ශබ්දය දාගෙන ඉන්නවා (නි)

:       0       0

සිසිර Friday, 23 December 2016 02:54 AM

අනිත් තැන් වුණත් නවත්තන්න පුළුවන්. හැබැයි මේ වගේ අදහස් දාලා විතරක් නොවෙයි. අදාල ස්ථාන වලට පැමිණිලි කර හෝ නීතිමය ලෙසින්. (නි)

:       0       0

නිමල් Friday, 23 December 2016 03:24 AM

නීතිය සමානව ක්‍රියාත්මක කරන්න. එච්චරයි අපි කියන්නේ. (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 24 December 2016 01:41 AM

මේ වගේම අනෙකුත් තැන් වලත් ශබ්දවාහිනි යන්ත්‍ර යොදා කිලෝමීටර් ගණන් දුරට කෙරෙන ශබ්ද තහනම් කරන්න. නීතිය කාටත් සමවිය යුතුය. (නි)

:       0       0

බමුණු Friday, 23 December 2016 05:58 AM

ජයරත්න ඔබ සිංහල බුද්ධාගමේ වෙන්න බැහැ කතාවේ හැට්යට. අර පල්ලියේ දවසට 5 සැරයක් මුළු පළාතටම කෑගහන එක නොඇසෙන්න ඔබ බිහිරෙක්ද? (බ)

:       0       0

බමුණු Friday, 23 December 2016 05:59 AM

මේ පන්සල තිබෙන්නේ මොන පළාතේද කියා දන්නා කෙනෙක් කියන්න එතකොට මම ඉතිරි හරිය කියන්නම්. (බ)

:       0       0

බමුණු Friday, 23 December 2016 06:00 AM

රූපසිංහ ඔබ හරියට හරි. කූඹියට අර මොනවද ටිකත් ගංගාවක් කීවලු ඒවගේ තමයි මුන්ට පිරිතක සද්දේ. (බ)

:       0       0

බමුණු Friday, 23 December 2016 06:02 AM

සිසිර පුලුවන්නම් පල්ලියේ ඝෝසාව නවත්වන්න. (බ)

:       0       0

බණ්ඩාර Friday, 23 December 2016 06:15 AM

කොත්තු රොටි සද්දේ ගැන මොකද කියන්නේ (බ)

:       0       0

සෙනෙවි Thursday, 22 December 2016 01:43 PM

මෙසේ කරන සෑම තැනකමත් ඕවා අලවන්න (නි)

:       0       0

සරත් Thursday, 22 December 2016 01:52 PM

ඔය පල්ලි වල කෑගහන ඒවාට මොකුත් නැතිද ? (බ)

:       0       0

රූපසිංහ Thursday, 22 December 2016 01:56 PM

එදා මීටර් දෙකක් පමණ ලවුඩ්ස් පීකර් පොල් ගස් වල දෙපැත්තට තියල බැදලා ගම් නියම් ගම්වලටත් ඇසෙන්න ශබ්ද වාහිනී උපකරණ පාවිච්චි කළ පන්සලටත් අද තහනම් ආපු සැටි ගැන මොන විහිළුවක් වෙලාද? එදා සිංහල බෞද්ධයා තම රටේ කොපමණ නිදහසකින් සිටියාද කියා දන්නේ අද වනවිට අවුරුදු හැත්තෑවක් පමණ වයස්ගතවුවන් පමණි. (බ)

:       0       0

බමුණු Thursday, 22 December 2016 01:56 PM

අනේ හාමුදුරුවනේ පල්ලිවල දවසට 5 සැරයක් පළාතටම ඇසෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට කෑ මොර දෙනවා ඒවා අහගෙන ඉන්න පුළුවන් මුන්ට පන්සලක බණ පිරිත් තමයි ඉවසන්න් බැරි. යහ පාලනයට කෙළවෙන දවස බොහොම කිට්ටුයි. (බ)

:       0       0

ජයලත් Friday, 23 December 2016 07:17 AM

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අදික ශබ්දය එන්නේ පන්සලෙන්ද පල්ලියෙන්ද කියන එක නෙමේ මිනිස්සුන්ට හිරිහැර වෙන විදියේ ශබ්ද පූජා පවත්වන එක ඒ ආගම් වල කතෘ වරු අනුමත කරන එකක් නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1694 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 793 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1017 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site