දෝහා කටාර් ඔස්සේ ඉතාලිය බලා පිටත් වු ශ්‍රී ලාංකික ගුවන් මගියකුගේ ගමන් මල්ලක බැරි වීමකින් 9.එම්.එම් උණ්ඩ දෙකක් තිබි ගුවන් තොටුපළ ආරක්ෂක අංශය විසින් සොයා ගැනීමත් සමඟ ඔහු දෝහා ගුවන් තොටුපළෙන් නැවත හරවා එවා තිබු බව පොලීසිය පවසයි.
පසුගිය 03 දා සැකකරු අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත් දුෂ්යන්ත එපිටවල මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරුණු අතර මෙම නඩුව ලබන ජුලි 29 දිනට කල් තැබිණි.
මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ ලුණුවිල වර්ණකුල සූරිය සුරංග මනෝජ් කුමාර ප්‍රනාන්දු (35) නම් අයෙකි.
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උණ්ඩ ලෙඩෙන් ඉතාලි යන්න බැරිවෙයි
බන්දුල Wednesday, 08 June 2016 07:10 AM
අනේ මන්දා ඒක කොහොමද බැරිවිමක් වෙන්නේ. පුදුමේ ලංකාවේදී අහු නොවුනු එක නේද? (ර)
අකිල කුලරත්න Wednesday, 08 June 2016 08:04 AM
බැරි වීමකින්.? මේක හිතන්නවත් පුලුවන්ද? අපිට බැරිවීමකින් උනානම් මොකද වෙන්නේ... (ර)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 08 June 2016 08:22 AM
"බැරි වීමකින් 9.එම්.එම් උණ්ඩ දෙක" ගුවන් යානය තුල පිපිරී ගියානම් "බැරිවීමකින්" අහස පුරා මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වීමට හිතා ඉන්න ඇති. (ර)
ශාන සෞදි Wednesday, 08 June 2016 08:39 AM
මේක බැරීවීමක් නොවේ අත්හදා බැලීමක්... (ර)
රහිම් Wednesday, 08 June 2016 08:55 AM
ලංකාවේ ගුවන්තොටුපොළේ ආරක්ෂාව මේ බැරිවීමෙන් පේනවා. රත්තරන් ගෙනියනවා වගේ තැනක ගෙනිච්චද ? (ම)
ජයම්පති Wednesday, 08 June 2016 09:18 AM
තහනම් කරන්න ඕන ගුවන් ගමන් කාලෙකට. (ම)
නිහාල් Wednesday, 08 June 2016 10:04 AM
මට හිතෙන්නේ දැන් ලංකාවේ ආරක්ෂක තත්වය අන්තිමයි කියලයි. (නි)
හේවාවිතාරණ Wednesday, 08 June 2016 10:24 AM
ලංකාවේ ස්කෑන් යන්ත්‍ර ක්‍රියාවිරහිත වෙලාද? (නි)
ශශිකා Wednesday, 08 June 2016 10:23 AM
හරි පුදුම දේවල්නේ අපේ අයට අමතකවෙන්නේ (නි)
හේවාවිතාරණ Wednesday, 08 June 2016 10:27 AM
බැරිවීමකින් ගුවන් යානය ආපසු ලංකාවට ගොඩබෑවා නම් තමයි හොඳ (නි)
මංගල Wednesday, 08 June 2016 10:31 AM
පුදුමාකාර බැරිවීමක්නේ වෙලා තියෙන්නේ (නි)
සුනිල් Wednesday, 08 June 2016 11:17 AM
මේ මගියා කටුනායක ගුවන් තොටුපළේදී අල්ලලා මිගමුව අධිකරණයට ඉදිරිපත් කළා කියල මේ ලිපියේ පැහැදිලිවම තියනවා. මේක තේරුම් ගන්න බැරි මෝඩයෝ ලියනවා ලංකාවෙදි අල්ලගන්න බැරිවුණ එක තමා පුදුමේ කියලා (නි)