IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


උතුරේ කත සල්ලි මල්ලක් අරන් එයි

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස වසර  12 ක් තිස්සේ වැටුප් නැතිව වහල් වැඩට  යොදා ගත් බව කියන කාන්තාවක් මුදා ගෙන ඇයට  රියාල් 35000 (රුපියල් 1,390,760.90) ලබා දීමට  ශ්‍රී ලංකා විදේශ සේවා  නියුක්ති කාර්යංශය හා එරට  ශ්‍රී  ලංකා  තානාපති කාර්යාලය සමත්ව ඇතැයි  වාර්තා වේ.

විදේශ  රැකියා  ඇමැතිනී තලතා  අතුකෝරල මහත්මිය ඇයට  එම මුදල්  අද (16) බාර දුන්නේය.

ක්‍රියාකාරි  අධ්‍යක්ෂක නීතිඥ උපුල් දේශප්‍රිය එහි විදේශ  සබඳතා අංශයේ පරිපාලන නිලධාරී ඉලාම් කාසිම්, කාර්යාංශයේ ප්‍රචාරණ කළමණාකරු මොහොමඩ් මලික්  යන මහත්මවරු ද වෙති.

IMG_8217 IMG_8221 IMG_8230

 



අදහස් (0)

උතුරේ කත සල්ලි මල්ලක් අරන් එයි

පාලිත පෙරේරා Saturday, 17 December 2016 08:32 AM

අම්මපා මෙහෙමත් සංදර්ශන! නියම ආටක නාටක. මාසෙකට රු10,000 ගන්නද මේ උදව් කරලා තියෙන්නේ. (නි)

:       0       0

රුවන්ති Saturday, 17 December 2016 10:35 AM

දැන් අපේ අය ගණන් බලනවා ඇති හම්බවුණ ගාන 144න් බෙදලා (නි)

:       0       0

පෙරේරා රියාද් Saturday, 17 December 2016 10:40 AM

මාසෙකට රියල් 300යි. ඒ කියන්නේ රුපියල් 10000යි නේද? (නි)

:       0       0

එරන්ද Saturday, 17 December 2016 11:57 AM

මට නම් මේවා දකිනකොට පුදුම කළකිරීමක් එන්නේ (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 17 December 2016 02:39 PM

අපේ කාන්තාවන් ගැන හරිම දුකයි (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 17 December 2016 02:49 PM

මේවා බල බලා, අපේ කාන්තාවන් රට පටවන එකයි වැරැද්ද. මම නම් කියන්නේ මැදපෙරදිගට ගෘහ සේවිකාවන් යවන්න ඕනෑම නැහැ කියලා, පුහුණු ශ්‍රමිකයෝ යවන්න හොඳ වැටුපකට. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 17 December 2016 09:44 PM

ශ්‍රී ලංකික කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යැවීම තහනම් කළයුතුය. ආසියාවේ බොහෝ රටවල් මෙම නීතිය ක්‍රියාවට නඟා බොහෝ කලක් ගතවී ඇත (නි)

:       0       0

චාමර Saturday, 17 December 2016 01:04 AM

මාසෙකට රියල් 300යි. ඒ කියන්නේ රුපියල් 10000යි නේද. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 17 December 2016 01:17 AM

පවු අපේ අහිංසක කාන්තාවන්! (නි)

:       0       0

ජයාත් Saturday, 17 December 2016 01:28 AM

මේවා දේශපාලන සංදර්ශන. කී දාහක් අපාදුක් විඳිනවද? ඔය රටවල ඒවා ගැන ' මීක්' සද්දයක් නැහැ. තොග පිටින් රට පටවනවා. මොකද මේ රට යැපෙන්නේ ඒ මිනිසුන්ගේ ලේ, කඳුළු වලින් (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 17 December 2016 01:37 AM

ඉතාමත් ප්‍රශංසනීයයි. අගය කළයුතු ක්‍රියාවක්. (නි)

:       0       0

චන්න Saturday, 17 December 2016 02:29 AM

අවුරුදු 12ක් තිස්සේ ලංකාවේ ආණ්ඩුව මොනවා කළාද? (නි)

:       0       0

ටිරෝන් Saturday, 17 December 2016 02:38 AM

ඇති යාන්තම් වැඩක් කළා (නි)

:       0       0

ධම්ම Saturday, 17 December 2016 02:56 AM

බලන්න මේ මුණගැසීමේ අපිළිවෙල. කිසිම සංවිධානාත්මකබවක් අපිට නම් පෙනෙන්නේ නැහැ. මෙහෙමද මැති ඇමතිවරු වැඩකරන්නේ? (නි)

:       0       0

අබේරත්න Sunday, 18 December 2016 04:21 AM

මාසෙකට රියාල් 243 (රුපියල් 9660 ) . පව් අසරනී.....(බ)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Saturday, 17 December 2016 03:09 AM

ක්‍රියාශීලි ඇමතිවරිය ප්‍රමුඛ ක්‍රියාශීලි නිලධාරීන් විසින් කරන ලද පැසසිය යුතු කාර්යයක්. තවත් ඔය වගේ ඉන්න අය ගැනත් සොයලා බලලා ලැබිය යුතු හිඟ පඩි අරන් දෙනවා නම් ලොකු පිනක්. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Saturday, 17 December 2016 03:17 AM

මෙන්න ජනතාවට හිතැති ඇමතිවරියක්.. (නි)

:       0       0

බෙනට් Sunday, 18 December 2016 05:06 AM

ලක්ෂ 13 ක් නෙමෙයි කෝටි 13 ක් අරන් දුන්නත් මදි කරලා තියෙන අපරාදෙට ..මම හිතන්නේ ඔයිට වඩා විශාල මුදලක් කාර්යංශයට ලැබෙන්න ඇති .(බ)

:       0       0

ශෂී Saturday, 17 December 2016 03:45 AM

හොඳයි. ඒත් ලැබියයුතු මුදල මීට වැඩිය වැඩියි නේද. (නි)

:       0       0

රුවන් Sunday, 18 December 2016 05:37 AM

මෙයාලාට රියාල් 1000 පඩි ලැබෙනව එහෙනම් අවුරුදු 10 මාස 144= 144000 ලැබෙන්න ඕනෙ ඉතිරි සල්ලි කෝ (බ)

:       0       0

ප්‍රදීප් Saturday, 17 December 2016 04:09 AM

කුහකයෝ කොච්චර ඉන්නවද? මොවුන් කිසිදෙයක හොඳක් දකින්නේ නැත (නි)

:       0       0

සුනිල් Friday, 16 December 2016 02:12 PM

යමක් කරන ඇමතිවරියක්. (නි)

:       0       0

අතුල Friday, 16 December 2016 02:22 PM

හරිනම් මුල ඉඳලම පඩි නොදී හිටියට තවත් වන්දියක් ලැබෙන්න ඕනෑ. එහෙම හරි අරන් දුන්න එක ගැන සතුටු වෙන්න පුළුවන්. ඒ වුණත් මේ තමා අරාබි රටවල ගෘහ සේවිකා රැකියාවලට එන අයගේ ඛේදාන්තය..... (නි)

:       0       0

ජයරත්න Saturday, 17 December 2016 04:14 AM

කාන්තාවන් විදේශ රටවල රැකියාවට යන එක සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. (නි)

:       0       0

රොෂාන් Friday, 16 December 2016 02:40 PM

අවුරුදු 12ක් වැඩ කරලත් අවුරුද්දකට කීයද හම්බවෙලා තියෙන්නෙ. ලංකාවට වෙලා කුලීවැඩ කළත් මීටවඩා හම්බ කරන්න තිබුන. (නි)

:       0       0

ලසන්ත Saturday, 17 December 2016 04:37 AM

අප්පච්චිගේ පස්සේ යන බයියන්ට හොඳ දෙයක් නිවැරදි දැක්මකින් බලන්න බැරි එකට ඇත්තටම දුකයි.රටේ අවාසනාවට උපන් මිනිස්සු. (නි)

:       0       0

තිස්ස Friday, 16 December 2016 02:42 PM

ලොකු ගානක් ලබාදෙන්න කටයුතුකරලා වගේ. සතුටුයිද දැන්? (නි)

:       0       0

අමිල Friday, 16 December 2016 02:47 PM

වැඩේ හොඳයි. නමුත් මාසේ වැටුප කීයද වෙන්නේ? (නි)

:       0       0

රෝහිත Friday, 16 December 2016 03:20 PM

ඔය තියෙන්නේ වැඩ! ඕවට තමයි කියන්නේ රාජකාරිය හරියට කරනවා කියලා. (නි)

:       0       0

ශාන සෞදි Saturday, 17 December 2016 05:40 AM

ලංකාවේ ඉන්න අය ඔහේ ඉදගන බොරුවට බයිලා ගහනවා අපේ රටේ ශ්‍රමිකයෝ මෙහෙ අපා දුක් විදිනවා. පසුගිය රජයන් මොනවද කළේ? එක ළමයෙක් මැරුම් කෑවා. කිසිදෙයක් කළේ නැහැ. මෙතුමිය දැන් කී දෙනෙක් බේරා ගත්තාද? (නි)

:       0       0

මෙන්න Saturday, 17 December 2016 06:06 AM

මේ කතා අහගෙන ඉන්නකොට හිතෙන්නේ, ලංකාවට භාෂා දෙකක් ජාතික භාෂා කියලා තිබුනම ඉස්සරහට තව තව කරදර වෙන්න වෙයි කියලා. (නි)

:       0       0

සෆ්රාස් Sunday, 18 December 2016 06:48 AM

විදේශගතවන කට්ටිය සල්ලි ගෙවනකොට මාධ්‍ය කැඳවන්නේ නැහැ නමුත් මේගොල්ලෝ මාධ්‍යට මේවගේ දේවල් පෙන්නල හදන්නේ ලකුණු ලබාගන්නයි ලංකාවෙන් රක්ෂණයක් ගෙවනවා මදිවට තවත් රටකට අලුතෙන් විදේශගතවන එහ පිටරටහි රක්ෂණයක් අනිවාර්යෙන් ගත යුතු බව අහිංසක දුගිදුප්පත් මිනිස්සුගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගන්නවා අනිවාරෙන් එම මුදල් ආණ්ඩුවට නෙවෙයි යන්නේ (බ)

:       0       0

සාමා Saturday, 17 December 2016 06:32 AM

ඇමැතිතුමියත් කාන්තාවක්. මැදපෙරදිගට කාන්තාවන් වහල් සේවයට යැවීම තහනම් කළයුතුයි. (නි)

:       0       0

දුමින්ද Saturday, 17 December 2016 06:49 AM

මොනවාහරි කළාම විවේචනය කරන්න අය ගොඩයි. ලැබුන මුදලේ වටිනාකම දන්නේ දුක් විදපු කෙනා (නි)

:       0       0

චන්ද්‍රානි Friday, 16 December 2016 05:23 PM

හොඳ වැඩක්! (නි)

:       0       0

සුසන්ත Friday, 16 December 2016 05:40 PM

අවුරුදු 12ක් සල්ලි නොදී වැඩ අරන්. දැන් ඒ කෙනාගේම සල්ලි දෙනවා වීරයින් වගේ. ලැජ්ජයි අපිට නම්. සෞදියට මිනිස්සු යවන එක වහාම නවත්වන්න (නි)

:       0       0

පද්මිණි Saturday, 17 December 2016 07:30 AM

සල්ලි මිටියක් නේද දෙන්නේ? බැංකු ගිණුමට දැම්මා නම් නේද හරි. ඇමති නෝනා පුටුවේ ඉන්නවා. කාන්තාව හිටගෙන එකත්පස්ව ඉන්නවා. ලැජ්ජත් හිතෙනවා. (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Friday, 16 December 2016 05:59 PM

අපේ වැටෙන දහදියෙන් සූරාගත මුදල් වලින් ගත් සැප පුටු, ඒසී කාමර. (නි)

:       0       0

සුනිල් Saturday, 17 December 2016 07:38 AM

මෙහෙමහරි කළ එක අපි අගය කරන්න ඕනෑ (නි)

:       0       0

කුසුම් Saturday, 17 December 2016 08:20 AM

උතුරේ කතක් නිසාද මෙහෙම කළේ. අනෙක් පළාත්වලට කෝ මේ සැළකිලි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 350 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 531 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 270 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 862 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site