පසුගිය රජයට වඩා වත්මන් රජය උතුරු පළාත් සභාවේ අදහස් පිළිබඳ උනන්දුවකින් සලකා බලන බවත් එහෙත් පළාත් සභාවල බලතල ක්‍රියාත්මක කිරීමේදී යම් යම් සීමාවන් යොදා පාලනය කිරීමටද උත්සහ කරමින් සිටින බවත් උතුරුපළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි විග්නේශ්වරම් මහතා පැවසීය.
උතුරු පළාත් සභාවේ අයවැය ඉදිරිපත් කරමින් විග්නේෂ්වරන් මහතා එලෙස කීවේය.
‘පළාත් සභාව ආරම්භකොට මේ වන විට වසර දෙකක කාලක් ගතවෙලා තිඛෙනවා. මේ අපේ තුන්වැනි අයවැයයි. ප්‍රධාන අමාත්‍යවරයා ලෙසපසුගිය අයවැයේ මම ප්‍රකාශකර සිටියා වසර ගණනක් යුද්ධයෙන් බැට කෑ උතුරේ ජනතාවට ඉටුවිය යුතුකම් පිළිබදව. එහෙත් එය තවමත් ඉටුවෙලා නැහැ. ඔවුන් තවමත් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන බව මම මින් ඉහතදී ඉදිරිපත්කල අයවැය කතාවන්හීදි ද පැවසූ අතර මෙවරද මා හට එය පවසන්න සිදුවෙලා.
එයට හේතුලෙස යුද්ධ කාලයේ ගෙවල් දොරවල් , ඉඩකඩම් අඹුදරුවන් අහිමිවූවන්ගේ ජීවිත වල තාමත් වෙනසක් සිදුව නැහැ. ඔවුන් තාමත් දුකසේ උතුරේ ජීවත් වනවා. අතුරුදහන්වූවන් සහ බන්ධනාගාර ගතකොට සිටින දේශපාලන සිරකරුවන් පිළිබද වත්මන් රජය කතා කරකර සිටිනවා මිසක් එයට නිසි විසදුමක් ලබාදෙන්න තවමත් කිසිවෙකුට වුවමනාවක් ඇතිවෙලා නැහැ. මධ්‍යම රජයත් විදේශ තානාපතිවරුන් , නියෝජිතයින් පැමිණ පළාත් සභාවේ බලතල හා උතුරේ ජනතාව පිළිබද සාකච්ඡා පැවැත්වුවත් එය සාකච්ඡාවට පමණක් සීමාවෙලා තිබෙන්නේ. ඒ පිළිිබද කිසිදු ප්‍රගතියක් මේ වනතෙක් ලැබිල නැහැ.
පසුගිය රජය වෙනස් වුනත් රාජ්‍ය නිලධාරීන් මාරුනොවිමෙන් ,ඔවුන් පරණ අදහස්තුල සිටීම හේතුවෙන් අපි බලාපොරොත්තුවූ පරිදි පළාත් සභා ක්‍රියාවන් සිදුකර ගැනීමේදී යම් ගැටළුකාරී තත්වයක් පැනනැගී තිඛෙනවා. මෙම රජ්‍ය නිලධාරීන්ගේ ආකල්ප ලබන වසරේදීවත් වෙනස් කිරීමට උත්සහ කිරීම තුළින් මෙම අයවැයෙහි පවතින සංවර්ධන ව්‍යාපෘතීන් ඉටුකර ගැනීමට උත්සහ කරන අතර මධ්‍යම රජයේ පූර්ණ සහයෝගයත් ලබන වසරේ බලාපොරොත්තු වෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස උතුරේ ද විය යුතුය (ම)
දුක යනු මෙලොව සත්වයන්ට පොදු දෙයක්.දුක නැති කිරීමේ ක්‍රමය හොයා ගෙන යන්න. (ම)
දුක නැතිකරන විදිහ තමයි බුදු හාමුදුරුවෝ කීවේ (ම)
සාමකාමිව මේ රටේ දියුණුවීමට උත්සාහ කරන මිනිසුන් උතුරේ පමණක් නොව මුළු රටේම ජිවත් වෙන්නේ දුකෙන් ජීවන ප්‍රශ්නවලට මුහුණ දිය නොහැකිව. නමුත් විග්නේස්වරන් වගේ අය නම් ජිවත් වෙන්නේ තවමත් ඊලම නොලැබුණු දුකින්. (බ)
අබරන් සමඟ මම එකඟයි (නි)
මස් රාත්තලම ඉල්ලනවා වගෙයි .. (ර)
දකුණේ ජනතාවත් දුකෙන් තමයි. වැරදි කරුවන්ට දඩුවම් දිය යුත්තේ රජය නොවෙයි. අධිකරණයයි. එතෙක් ඉවසන් ඉන්න වෙනවා. (බ)