උතුරේ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන හා ඊට අයත් දේපොළ විනාශ කිරීම වළක්වාලීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥවරයකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජනවාරි 24 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ටාධිකරණය දින නියම කළේය.
ප‍්‍රියසාත් ඩෙප් ,උපාලි අබේර්ත්න සහ නලින් පෙරේරා විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම විභාග විය.
අතුරුගිරියේ පදිංචි නීතිඥ ඇන්. දර්ශණ වේරදුවගේ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, මහා ඇමති සී.වී.විග්නේෂ්වරන් ,නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ,බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ,උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.
මාන්කුලමේ බුදු කුටියක් කඩා දැමීමේ පුවතක් පසුගිය අගෝස්තු 31 වැනිදා ඬේලිනිවුස් පුවත්පතේ පළවිය.උතුරු පළාත් සභාව ,එම පලාත් සභාවේ පළාත් සබා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහත්වරුන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්ද උතුරු ප‍්‍රදේශයේ බෞද්ධ සිද්ධස්තාන සහ බුදු පිළිම ඉවත් කිරීම පිළිබඳවත් ,නව බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීමට එරෙහිවත් අදහස් දක්වා තිබේ.මේ පිළිබඳව විරෝධය පා උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාටත් ලිපි මඟින් දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවාරි වෙද්දී මොනවා ඉතුරුවෙයිද දන්නේ නැහැ. (නි)
ලංකාවේ දැන් ඉන්නේ නමට බෞද්ධයින්. කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන පිටරට උන් හදන බඩු ගෙදර ගෙනහල්ල පුරෝගන්න ජාතිය තමයි.....සිංහලයන් කියන්නේ......(බ)
ඇයි රජයේ කිසිම කෙනෙකුට මේ ගැන කිසිම අදහසක් නැත්තේ? (නි)
දැනටමත් පරක්කු වැඩියි. (නි)
සහජීවනය වනාහී මහ ජාතිය කටවසාගෙන සීටීමයි (බ)
ඇත්තම කියනවනම් ලංකාවේ බුදුදහමට තිබුණු ප්‍රමුඛස්ථානය අහිමි වෙලා ගොඩක් කල්. උතුරේ හින්දු අයගෙන් කරදර. දකුණේ මුස්ලිම් අයගෙන් කරදර. මේවා පත්තර වල යන්නෙත් නැහැ සහජීවනය නිසා. ඉස්ලාම් අන්තවාදීන්ගේ අලුත්ම ගොදුර වෙලා තියෙන්නේ ශ්‍රීපාදය. ඔවුන්ගේ පොතපතට අනුව ශ්‍රීපාදය යනු පළමු මිනිසා වන ආදම් ලෝකෙට ගොඩ බැහැපු තැන. මේ ළඟදි ඉන්දියාවෙන් පැමිණි පිරිසක් මළුවේ ආගම කියන වීඩියෝ එකක් තිබුන. කුරගලට වෙච්ච දේ අමතක කරන්න එපා. (බ)
තියෙන පුරා වස්තු බුදු පිළිම විනාශ කරන්න දෙන්න එපා සිංහල ජනතාව ඉන්න ප්‍රදේශවල පිළිම හදන්න හමුදාව ඉන්න ප්‍රදේශවල පිළිම හදන්න (බ)
එකම විසඳුම බුද්ධාගම රාජ්‍ය ආගම කරන එක (නි)
ප්‍රභාට වසර තිහක් යුද්ධ කරලත් කරගන්න බැරිවුණ වැඩ මෙයාලා කරන්න දඟලන එක ගැන අමුතුවෙන් පුදුමවෙන්න දෙයක් නැහැ (නි)
දැන් බොදු අයිතියි රකින්න පෙත්සම් ගහන්න සිදුවෙලා? (නි)
ලංකාවට නිදහස ලැබුන දා ඉඳලා රට පාලනය කළ අය ගැන අපේ පැහැදීමක් නැහැ. නැත්නම් මේ විදිහට නටන්න දෙයිද එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදිහට? (නි)
අසිංහල ජාතිවාදීන් කරනු ලබන බොදු උරුමය විනාශකිරීම නොදකින අයට ශාප වේවා! (නි)
ඔව් ඔව්. ප්‍රභාට වසර තිහක් යුද්ධ කරලත් කරගන්න බැරිවුණ වැඩ මෙයාලා කරන්න දඟලනවා. මේවට දැන්ම ප්‍රතිකර්ම නොකළොත් වෙන්නේ මහා විනාශයක්. අනාගත දරු කැළ වෙනුවෙන් මේවා ආරක්ෂා කරගත යුතුයි (නි)
උතුරට බෞද්ධ සිද්ධස්ථාන සහ බුදු පිළිම ඇලජික් වගේම දකුණට කෝවිල් පල්ලි දේවස්ථාන ඇලජික් වුණොත් කොහොමට හිටීවිද? දෙවරක් සිතා බලන්න. බුදුදහම කියන්නේ අති බලසම්පන්න සදාතනික ධර්මයක්. (නි)
බොහොම ඉඩ තියෙනවා එක දවසින්ම ඔය පෙත්සම ප්‍රතික්ෂේප කරන්නත් (නි)
මේවා මෙහෙම වෙන්න ඕනෑ. සුබ ගමන්! (නි)
උතුරු බොදු අයිතිය රකින පෙත්සමක් ගහන්න ඕනෑ තරමට සිංහල බෞද්ධයාව බාල්දුකළා එහෙනම් (නි)