IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


උතුරේ මසුන් මරන්න දකුණට බලපත් දීම නවතී

උතුරු මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා දකුණේ ධීවරයන්ට  ධීවර බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

උතුරු මුහුදේ සංක්‍රමණික ධීවර ගැටලුවට විසඳුමක් වශයෙන් මෙලෙස අලුතින් ධීවර බලපත්‍ර නිකුත් කිරීම නවතා දමන්නැයි ඇමැති දන්වා තිබේ.

සංක්‍රමණික ධීවර ගැටළුව සාකච්ඡා කිරීම සඳහා ධීවර අමාත්‍යංශයේ    පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත. 

  සංක්‍රමණික ගැටළුව නිසා උතුරේ ධීවරයන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටින බව එම සාකච්ඡාවට සහභාගී වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා ද පෙන්වා දුන්නේය.



අදහස් (0)

උතුරේ මසුන් මරන්න දකුණට බලපත් දීම නවතී

ප්‍රදීප් Tuesday, 14 June 2016 06:56 AM

මේ තීරණය වැරදියි. වසර ගණනාවක සිට හලාවත - මීගමුව ධීවරයින් තමන්ෙග් ප්‍රදේශ වල වාරකන් කාලයට නැගනහිරට සහ උතුරේ මුලතිව් ප්‍රදේශයට ගිහින් වාඩි ගහ‍ගෙන මුහුදු රස්සාව කරනවා. බද්දක් අය කළාට කමක් නැහැ. තහනම් නොකළ යුතුයි. (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 14 June 2016 07:00 AM

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිද්ධ වෙන දෙයකි (හේ)

:       0       0

ලසිතා Tuesday, 14 June 2016 07:40 AM

එතකොට උතුරේ අයට දකුණට එන්නත් අවසර දෙන්නේ නැද්ද. නැතම් සේරම තහංචි දකුණට විතරද?(හේ)

:       0       0

ලසිතා Tuesday, 14 June 2016 07:40 AM

එතකොට උතුරේ අයට දකුණට එන්නත් අවසර දෙන්නේ නැද්ද. නැතම් සේරම තහංචි දකුණට විතරද? (ර)

:       0       0

ඩී බී Tuesday, 14 June 2016 07:40 AM

අපි තව ටිකක් බලමු අදහස් ප්‍රකාශ කරන්න පෙර. (ර)

:       0       0

සුරන් Tuesday, 14 June 2016 07:42 AM

ගණන් ගන්න එපා... (ර)

:       0       0

පොඩිසේන Monday, 13 June 2016 06:54 PM

සංක්‍රමණික කියන්නේ දකුණෙන් උතුරට යන එකද? උතුර දකුණ කියන්නේ රටවල් දෙකක්ද? (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 13 June 2016 07:07 PM

ශ්‍රී ලංකික ධීවර කාර්මිකයින්ට ශ්‍රී ලකාවට අයිති සාගරයේ සෑම ස්ථානයකම නිදහසේ ඔවුන්ගේ ධීවර කටයුතු කරගෙන යාමට අවැසි නීතිමය ආරක්ෂාව සහ පහසුකම් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පෙනීසිටින රජයක්නම් වහාම ක්‍රියාත්මක කළයුතු වනවා ඇත (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 13 June 2016 07:42 PM

යුධ ගැටුම් හේතුවෙන් උතුර නැගෙනහිරෙන් අවතැන්වී ත්‍රස්තවාදීන්ගෙන් නොමැරී බේරී පැමිණි ධීවර කාර්මිකයින් දකුණ, බස්නාහිර පළාත්වල ජීවත්වෙමින් ඔවුන්ගේ ධීවර කටයුතු සඳහා උතුරු නැගෙනහිරට මුහුදු මාර්ගයෙන් ගොස් එම කටයුතු සිදුකරමින් දේශයට බරක් නොවී ඔවුන්ගේ පවුල් නඩත්තු කරයි. ධීවර අමාත්‍යංශයේ වගකිවයුතු නිලධරයින් විසින් මේ කරුණු තේරුම්ගෙන ඔවුන්ට අවැසි ආරක්ෂාව සහ පහසුකම් තවදුරටත් ලබාදෙමින් ඔවුන් දිරිමත් කළයුතුයි (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 14 June 2016 08:46 PM

යහපාලනයේ හැටි මේකයි ළමයිනේ. ඡන්දය දුන් ධීවරයිනේ, ඔබට දැන් සනීපද? (නි)

:       0       0

නිහාල් Monday, 13 June 2016 07:56 PM

ඕකට තමයි ළමයිනේ කියන්නේ සංහිඳියාව කියලා. (නි)

:       0       0

කසුන් Tuesday, 14 June 2016 08:30 AM

දකුණු ඉන්දියාවේ ධිවරයින් අපේ මාළු සම්පත් හුරගෙන කනවා. (ර)

:       0       0

ගයාන් Monday, 13 June 2016 09:50 PM

වැඩ පටන් අරගෙන වගේ. අනේ මෙහෙමත් ලංකාවක්! (නි)

:       0       0

බමුණුසිංහ Monday, 13 June 2016 10:16 PM

අතීසාරයට පිටපට ගහනවා කියන්නේ මේකටද? උතුරට එන ඉන්දියානුවන් නවත්වන්න දකුණේ සිංහලයින්ට උතුරට එන්න නොදීම හරිද? (නි)

:       0       0

සුසන්ත Monday, 13 June 2016 10:29 PM

උතුරේ ධීවරයින් බරපතල අර්බුදයකට මුහුණපා ඉන්නේ එයාලගේ අයියලා දකුණු ඉන්දියාවෙන් බුරුතු පිටින් විත් මාළු සියල්ලම අල්ලගෙන යන නිසා. ඒකට එකම රටේ ඉන්න දකුණේ ධීවරයින් පළිද? මේක හරි සෙල්ලමක් වුණානේ. මේක දැන් රටවල් දෙකක් වගේනේ. දකුණේ අයට උතුරට යන්න එපාලු. එතකොට උතුරේ ධීවරයින්ට දකුණට විත් මාළු අල්ලන්නත් තහනම්ද ඔය වගේම? (නි)

:       0       0

සරත් Tuesday, 14 June 2016 12:44 AM

හොඳ සංහිඳියාවක්. ඕක ලියලම දෙන්න. උතුරේ ඉඩම් ගන්නත් බැහැ, මුහුදත් උතුරටම දීලා. පසුගිය අය හොඳයි කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි (නි)

:       0       0

රණවක Tuesday, 14 June 2016 01:52 AM

නියමයි යහපාලන සංහිඳියාව. අපිට තහනම්. උතුරේ කට්ටිය තව පස්සේ කියාවි, 'නේවි එක යන්න, අපි ඉන්දියන්කාරයෝ එක්ක බෙදා හදාගෙන ඉන්නම්' කියලා. ජයලලිතා ඉන්නවනේ නඩු අහන්න. ඕක තමයි කියන්නේ බල්ලෝ එක්ක නිදාගත්තොත් නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක කියලා. (නි)

:       0       0

මිස්සක Tuesday, 14 June 2016 02:24 AM

දැන් තමයි අපිට රාජපක්ෂගේ අගය දැනෙන්නේ (නි)

:       0       0

ඉන්දු Tuesday, 14 June 2016 02:51 AM

කුම්බලා මාළු කෑ ඡන්දදායක බළලුනේ, දැන් විඳවනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ගාමිණී Tuesday, 14 June 2016 03:00 AM

දකුණේ මිනිස්සු උතුරේ සංක්‍රමණිකයෝ කියලා කියන්නේ ඇයි? (නි)

:       0       0

ජයරත්න Tuesday, 14 June 2016 03:08 AM

දේශද්‍රෝහී දේශපාලුවන් සහ ආත්මාර්ථය පමණක් අරමුණු කරගෙන රට ජාතියට හෙණගැහිලා ගියත් කමක් නැහැ කියලා හිතන ඡන්දදායකයන් බහුතරයක් සිටින මේ වගේ රටක් ජාතියක් මේ කල්පයේදී නම් ගොඩගන්න බැහැ. (නි)

:       0       0

සිරී Tuesday, 14 June 2016 10:18 AM

ඉන්දියාවේ ධිවරයෝ අපේ මාලු ටික කොල්ල කනවා?ඒකට විසදුම මේකද? (ර)

:       0       0

නිමල් Tuesday, 14 June 2016 03:25 AM

එතකොට ඉන්දියාවෙන් එන්න පුළුවන්. ලංකාවේ අයට බැහැ. මේ වගේ තීරණ ගන්න අය කවුද. ඉන්දියාවෙන් හොරට කේරල ගංජා ගෙනඑන ඒවාත් අහුවෙනවානේ. දකුණේ මිනිස්සුත් එක්ක ඒවා බැහැනේ. එ්කයි මේ දැන්ම පසුබිම සකස් කරන්නේ. (නි)

:       0       0

ප්‍ර්‍රසන්න Tuesday, 14 June 2016 03:29 AM

බළලා මල්ලෙන් එළියට පනින්න යන්නේ. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් (නි)

:       0       0

පෙරේරා Tuesday, 14 June 2016 03:31 AM

එකම රටක්, එකම දැයක්, එකම දේශයක් බව ඔහුම තේරුම්ගත යුතුයි. (නි)

:       0       0

රසික Tuesday, 14 June 2016 03:32 AM

වගකිවයුත්තෝ කවදා මේවායේ යථාර්ථය තේරුම්ගනීද දන්නේ නැහැ. අ‍ඟේ ඉඳලා කණ කනවා කියන්නේ මේවට. (නි)

:       0       0

බෙනට් Tuesday, 14 June 2016 11:16 AM

ඒකීය රටක ඔය වගේ නියෝගයක් දෙන්න නීතියෙන් අවසර නැහැ . මෙය නීති විරෝධී අණ කිරීමක් . නඩු ගියොත් ඇමතිට අකුලා ගන්න වෙනවා . ෆෙඩරල් රටක නම් මෙය නිත්‍යනුකූලයි. ඒකීය රටක මොන කොනක කෙනෙක්ට වුණත් වෙන ඕනෑම තැනක ගිහින් වැඩක් කරන්න, ස්වයං රැකියාවක් කරන්න , ව්‍යාපාරයක් කරන්න , ධිවර කටයුතු කරන්න රජයෙන් අවසර බලපත් ලබාදිය යුතුයි (බ)

:       0       0

සුගත් Tuesday, 14 June 2016 04:18 AM

ඔහොම යමු. පස්සේ දකුණේ යට වීසා අරන් වවුනියාවෙන් එහාට යන්න කියයිද දන්නෙත් නැහැ. (නි)

:       0       0

ආනන්ද Tuesday, 14 June 2016 12:11 PM

උතුරට දකුණින් යන එක නෙවෙයි නවත්වන්න ඕන . දකුණු ඉන්දියාවෙන් උතුරට එන එක. (හේ)

:       0       0

සුසන්ත Tuesday, 14 June 2016 05:10 AM

හරි එහෙනම්, දකුණු ඉන්දියන් ධීවරයෝ එන එකත් නවත්වන්න (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 14 June 2016 05:55 AM

වගකිවයුත්තනි, මේ ගැටලුව අනාගතයේ තවත් විරසකයක් වීමට පෙර 1983 පෙර උතුරු නැගෙනහිර ජීවත්වූ සිංහල ජනතාවට ඔවුන්ගේ ඉඩම් නැවත ලබාදී ඔවුන් පදිංචි කරවන්න. මෙය යලිත් කළු ජූලියක් වීමට ඉඩ නොතබන්න (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 14 June 2016 06:00 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

උපුල් ගලප්පත්ති Tuesday, 14 June 2016 06:10 AM

නමුත් කරන්න ඕනෑ දකුණේ ධීවරයාට තහංචි දාන එක නොවේ. ඉන්දීය ධීවරයින් පැමිණිම නතර කිරීමයි. (නි)

:       0       0

සුභා Tuesday, 14 June 2016 06:16 AM

අහෝ ඛේදයකි. අනිච්චාවත සංඛාරා. ශ්‍රී ලාංකිකයන් කොටසකට තම මවුරටේ තවත් කොටසක නිදහසේ සැරිසැරීමට තිබුණු අවස්ථාව නැති වී ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1088 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 148 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 141 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 432 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1116 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2186 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site