ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් උගන්ඩාව බලා ගිය ශ්‍රී ලාංකිකයෙක් යළි මෙරටට පැමිනෙද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබුවාය.
සැකකරු වැල්වැටිතුරේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පසුගිය ඔක්තෝම්බර් 8 වෙනිදා මෙරට ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කර ඩුබායි බලා ගොස් ඇත. පසුව එතැන් සිට ව්‍යාජ ඉන්දියානු ගුවන්බල පත්‍රයකින් උගණ්ඩාව බලා ගොස් ඇති අතර එරට බළධාරීහු ඔහුට රටට ඇතුළු වීමට ඉඩ නොදී ආපසු ඩුබායි වෙත හරවා යවා ඇති බව අනාවරණය වී ඇත.
සැකකරු එලෙස ඊයේ යළි දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහුගේ අත ඇති ලියකියවිලි පරික්ෂා කළ ආගමන විගමන නිලධාරීහු වැඩි දුර විමර්ශනය කිරීම සඳහා ඔහු ප්‍රධාන ආගමන විගමන නිලධාරීන්ට බාර දී ඇත.
කෙසේ වෙතත් සැකකරු පවසා ඇත්තේ තමන් රැකියාවක් සඳහා ඩුබායි වෙත ගිය බවත් එහිදී තම ගුවන් ගමන් බලපත්‍රය නැති වු බවයි. පසුව එහිදී හිතවත් වු පුද්ගලයෙකු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ගුවන් ටිකට් පතක් ලබා දුන් බවත් ඔහු ලබා දුන් උපදෙස් අනුව තමන් ක්‍රියා කළ බවයි. තමා උගන්ඩාව බව නොදැන එහි ගිය බවත් ඔහු පවසා ඇත.
සැකකරුගේ ප්‍රකාශ සැක සහිත බැවින් ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරු වැසියාට උතුර දකුණ මාරු වෙයි
විරාජ් Tuesday, 14 October 2014 01:54 AM
අපේ කට්ටියට දැන් කොහොමත් උතුර දකුණ මාරුවෙලානේ තියෙන්නේ (නි)
කුෂාන්ත Monday, 13 October 2014 11:06 AM
ඒ නීලධරින් හරි (දී)
පියල් Monday, 13 October 2014 11:06 AM
උතුර දකුණ නැගෙනහිර බටහිර එක මවකගේ සෙවනේ (දී)
මාලනී Monday, 13 October 2014 11:29 AM
මොහු ගැන මට නම් සැකයි. කෙසේනමුත් පරීක්ෂණයක් කරන එක නම් හොඳයි (නි)
බණ්ඩාර සරත් Monday, 13 October 2014 11:50 AM
මෙයා හොර ගුවන් ගමන් බලපත්‍රයක් අරගෙන වෙනත් රටකට යන්න ගිහින් අහුවෙලා, දැන් නොදන්නවා වගේ රඟපානවා කියලයි මට හිතෙන්නේ (නි)
පිටිගල මිලානෝ Monday, 13 October 2014 12:02 PM
අනේ එයා මුකුත්ම දන්නෙ නැතුව ඇති! (නි)
තිලක්-ඩුබායි Monday, 13 October 2014 12:31 PM
අනිවාර්යයෙන්ම මේ අසරණ මඟියෙක් වියයුතුයි (නි)
හෂාන් Monday, 13 October 2014 01:06 PM
මට නම් හිතෙන්නේ මේ කතාවේ වෙනත් පැත්තක් තිබෙනවා කියලයි (නි)
යහම්පත් Monday, 13 October 2014 02:04 PM
තිලක් ඩුබායි, මොකද මෙයාට කඩේ යන්නේ? පුවත කියවා තේරුම් ගත්තද? එයා හොර පාස්පෝට් එකකින් වෙන කොහෙද උගන්ඩා යන්න ගිහින් (නි)
කින් බෙනට් Monday, 13 October 2014 03:11 PM
කොහොමත් ලංකාවෙන් වෙන රටවල් වලට යන ගොඩක් මගීන් වෙනත් රටවල ගුවන් තොටුපොළවල් වල හැසිරෙන්නේ උතුර දකුණ මාරු වෙලා වගේ තමයි ..(අ)
කුමාර Monday, 13 October 2014 05:44 PM
මේ දවස්වල උගන්ඩාව පැත්තේ තියෙන මරණය පමණක් ගෙනදෙන ඉබෝලාවත් ගෙනෙන්න ගියාද..? (නි)
උපාලි Monday, 13 October 2014 11:40 PM
කොලොම්බස් ඇමෙරිකාවට ගිහින් හිතුවේ ඒක ඉන්දියාව කියලනේ. ඔහොම වැරදීම් සිද්ධවෙනවා. හැබැයි, මේක නම් වැරදීමක් වෙන්න බැහැ. (නි)
රෙජි-සිඩ්නි Tuesday, 14 October 2014 12:09 AM
මට නම් හිතෙන්නේ එයා අනිත් අයවත් රවට්ටන්න හදනවා වගෙයි (නි)