උතුරු හා නැගෙනහිර පළාතේ පලාලි හා ත‍්‍රිකුණාමලයේ සිට ඉන්දියාවට ඝෘජු ගුවන් සේවාවක් ආරම්භ කළ යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව තුල සම්මත කර තිබේ.
පළාත් සභා මන්ත‍්‍රි එම් .කේ සිවාජිලිංගම් මහතා යෝජනාව ඉදිරිපත් කළේය. පළාත් සභා මන්ත‍්‍රි එස් . සිවමෝහන් මහතා ස්තීර කළේය.
කන්කසන්තුරය වරාය කඩිනමින් වෙළෙඳ නැව් ගමනාගමනයට භාවිතා කළ යුතු බවත් තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය ඉදිකර අවසන් වූ පසු තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා නැව් සේවාවක් ආරම්භ කළ යුතු බවත් සිවාජිලිංගම් මහතා කීවේය.
එම යෝජනාව ශ‍්‍රි ලංකා රජයට හා ඉන්දීය මධ්‍යම රජයේ අවධානයට යොමුකරන ලෙස ශිවාජිලිංගම් මන්ත‍්‍රි ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය හිතෙන්න උතුර තියෙන්නේ වෙනම රාජ්ජයක් කියලද ? (අ)
ආණ්ඩුව මුලදී බැහැ කිව්වට ඉන්දියාව මොනවා හරි උඩින් අත හරිනවා කිව්වවහම ඕකටත් හා කියාවි.(දී)
එතකොට ඒකීය රටක් ලෙස මේගොල්ලෝ පිළිගන්න කැමති මොනවද? අඩුම තරමේ 1ක් කියන්න (අ)
පුල්ලි නැති කොටි .තව ටික දවසකින් ඕකුන් අයෙත් යුද්දය පටන් ගන්න වැඩ සලසනවා . (අ)
උතුරු පළාතේ කට්ටිය මාර හීනයක් නේ බලල තියෙන්නේ ? ඔහොම කියල හරි පොඩි ආතල් එකක් ගත්ත දෙන්. (අ)
මේක යෝජනාවක් විතරනේ (දිල්)
මොනවා සම්මත කලත් ලංකා ආණ්ඩුවේ අවසරයක් නැතුව අපේ ගුවන් කළාපයට එන්න තහනම්.(දිල්)
ඔය එන වැඩේ නම් ඒ හැටි හොද නැහැ (දී)
ඇත්ත. නමුත් මේ කාරණයේදී රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. උතුරේ යම් යම් ක්‍රිකාරකම් වලට විරුද්දව දකුණේ දේසපාලන වේදිකාවේ කෑගැහුවට සකච්චවලදී නිහඬයි. (දී)
ඔය හදන්නේ කපන්න බැරි අත සිඹින්න.කොහොමද සැලැස්ම? (අ)
ටික ටික දැන් දැන් එලියට එන්නේ පුල්ලිවගේ නේද ? (අ)
ඕකට බයවෙන්න දෙයක් නැහැ.ගුවන්සේවය පටන් අරගෙන යාපනේ අයට ආවුද කීපයකුත් දුන්නනම් එව්වත් අරගෙන කට්ටිය ඉන්දියාවට යනවා. එතකොට ඉන්දියාව ඉබේම ගුවන්සේවය නවත්තනවා. (අ)
සහයෝගයෙන් වැඩ කරනවනම් කමක්නෑ (දිල්)
ගොඩ බිමින් ඉල්ලන් කාපු පරිප්පු මදිවෙලා ආයිත් සැරයක් ගුවනිනුත් පරිප්පු කන්නද ළෑස්ති වෙන්නේ? (අ)
හංගපු ගුවන් යානාවක් තව තියෙනව ද දන්‍නෙ නැහැ. (අ)
ඊළමේ පෙරනිමිති, වහාම පියවර ගන්න. පසුව පොරවෙන් කපන්නත් බැරිවෙයි.(අ)
නැහැ , මොකද උතුර යනු වෙනත් රටක් නොව ලංකාවේ එක පළාතක් පමණයි.. ඕනෑම කෙනෙක් කටුනායක හෝ හම්බන්තොට හරහා පමණක් රටට ඇතුළුවීම පිටවීම කරන්ට ඕන. හෙට අනිද්දට උතුර යා කරන අධිවේගය හැදුනම කටුනායක එන්ට පුළුවන් පැය දෙකෙන් , එතකොට දුර ප්‍රශ්නයක් නැහැනේ. ඔය සැගවුණු කොටි පුල්ලි සහිත යටි අරමුණු ඇති යෝජනා වලට එකග වන්න එපා.(අ)
කාල වරෙන්කෝ,(අ)
ලංකා රජය මෝඩ නැත්තම් හොදයි? පස්ස පැත්තෙන් එන රත්‍රං අඩුවෙයි ඉල්ලන සෑම දෙයක්ම දෙන්න වුනොත් කවදා හරි රටත් දෙන්න වෙයි වගේ ,(අ)
හොඳයි..,හොඳයි බොහොම හොඳයි..,ඒත් ඒ හැමදේම අපේ රටට ඕන විදිහටයි හොඳේ..? (අ)
මීට වඩා නරකද අර කලින් මන්නාරම සිට රාමේශ්වරම් දක්වා තිබුන දුම්රිය මාර්ගය පටන්ගත්තොත්. (අ)
මේ වැඩේ වහාම නවත්වන්න... ලොකුම ප්‍රශ්නයක් වෙන දෙයක්.ඉන්දියන් මිනිස්සු කියන්නේ සත පහකට විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු කොට්ටාශයක් නෙමෙයි. ලෝකයට තියෙන පිලිලේ ඉන්දියන් මිනිස්සු. (අ)
හිනෙන්ද දන්නේ නැ (අ)
ලංකාවේ වලංගු පාස්පෝට් එක වෙනුවට වෙනම එකක් අනිවාර්යයි කියලත් යෝජනාවක් සම්මත කරයි ද දනේ නෑ (දිල්).