IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


උද්ඝෝෂණයට ගිය මන්ත්‍රීවරුන්ට පී.සී.ආර් කරන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ  උද්ඝෝෂණයට සහභාගීවූ සියලුම මන්ත්‍රීවරුන්  පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන්නැයි තමා ඉල්ලීමක් කරන බව   සංචාරක  සහ  ගුවන් සේවා අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ  විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර  කියවීමේ විවාදයේදී  රීති ප්‍රශ්නයක් මතුකරමිනි.

මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාටද  කොවිඩ්  ආසාදනයවී ඇති බවත්  සජිත් ප්‍රේමදාසගේ මෝඩ රැල්ල නිසා   මන්ත්‍රීවරුන්ට  කොවිඩ්  ආසාදනයවීම වැඩිවී ඇති බවත්   ඔහු චෝදනා කළේය.

ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු  මේ සභා ගර්භයේ මුව ආවරණ නොපළඳින බව පැවසූ   ඇමැතිවරයා අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ   මන්ත්‍රීවරුන්  පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන්නැයි තමා ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

මේ අවස්ථාවේදී  සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරු  ඇමති ප්‍රසන්න රණතුංගගේ ඒ කතාවට විරෝධය දැක්වූහ.

මෙහිදී අදහස් දැක්වූ  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා උද්ඝෝෂණ පවත්වද්දී කොවිඩ්  පැතිරෙනවා නම්  අනුරාධපුරයේ උපන්දින සාද පවත්වද්දී කොවිඩ්  පැතිරෙන්නේ නැතිදැයි ප්‍රශ්න කළේය.

මෙහිදී සභාව ඇමතූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා මන්ත්‍රීවරුන් සභා ගැබේදී සෞඛ්‍ය නීති රැකිය යුතු බවත් එමගින් රටට ජනතාවට ආදර්ශයක්ද ලබා දිය හැකි බවත්   ප්‍රකාශ කළේය.



අදහස් (13)

උද්ඝෝෂණයට ගිය මන්ත්‍රීවරුන්ට පී.සී.ආර් කරන්න

Sriland Friday, 19 November 2021 11:43 AM

කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාතියන්තර සහ දේශීය බෙහෙත් ජාවාරමක්.

:       2       12

Prabha Friday, 19 November 2021 02:01 PM

එතකොට මිනිස්සු මැරෙනවා කියන්නේ බොරුවටද.?

:       4       3

Hafeel Saturday, 20 November 2021 09:26 AM

මමත් කියන්නේ කොරෝනා ඇවිල්ලා එක්තරා කුමන්ත්‍රණයක්... මේකට හොඳම උදාරණය දැන් මාස දෙකකට කලින් ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර ගුවන්තොටුපොලේදී විශාල ජන ගංගා පිරිලා හිටියා. කිසිකෙනෙක් මාස්ක් දාගන්නත් නැහැ.. සමාජ දුරස්ථභාවයත් අනුගමනය කළේත් නැහැ.. එහේ කොරෝනාත් නැහැ...

:       0       0

Nuwan Friday, 19 November 2021 12:42 PM

ස්ථූපය විවෘත කරන්න මුහුණු ආවරණ නැතිව ගිය ජනපතිට කරන්නේ මොකක්ද.?

:       0       19

ravin Friday, 19 November 2021 12:44 PM

ඇයි සෑය වඳින්න ගිය කට්ටිය ?එතන රැස්වුණේ හරක්ද ?සතුන්ටත් කොරෝනා හැදෙන විත්තිය දන්නේ නැද්ද ?

:       1       19

kamal Friday, 19 November 2021 12:45 PM

පී.සී.ආර් දේශපාලන අවියක් කරගැනීම ගැන විද්වතුන්ගේ විරෝධයක් නැද්ද ?

:       0       16

කිරි පුතා Friday, 19 November 2021 12:45 PM

ඒකට සූදානම් කරපු නායකයින්ට PCR කරලා සහභාගි වුණු ජනයාට ඔළුවෙ CT ස්කෑන් එකක් කරන්න ඕන. හිස්කබල ඇතුලෙ මොනවද තියෙන්නෙ කියලා බලන්න

:       16       2

Wimal Friday, 19 November 2021 01:40 PM

ඔය කියන අයගේ ඔලුව ස්කෑන් කරන්න ඕන මොන සතාගේ මොලයක්ද තියෙන්නේ කියලා බලන්න.

:       0       12

GSD Friday, 19 November 2021 01:42 PM

ඊයේ අනුරාධපුරේ යවපු මන්ත්‍රීවරු කොහොමද?

:       0       10

DILUM Friday, 19 November 2021 02:14 PM

ගම සමග පිළිසඳරේ ගත්තද.?

:       0       0

Ratne Friday, 19 November 2021 02:27 PM

කඨින රජ උත්සවයට සහ සෑ විවෘතයට ගිය පිරිස ට ඇන්ටිජන් කරමුද?

:       0       5

sam Friday, 19 November 2021 03:23 PM

මේ ගොයියා පාර්ලිමේන්තුවේදී කිව්වේ මාස් කියලා.අර කොමිස් ගොයියා කොවින් කිව්වා වගේ .අනේ කව්රු හරි මේ බඩාට කියලා දෙනවද මාස් කියන එකයි මාස්ක් කියන එකයි තේරුම් දෙකක් කියලා

:       0       4

ගමේ එකාලා Friday, 19 November 2021 04:17 PM

පී.සී.ආර්.කරන්ඩ කියන්නේ ඇයි බයද. .ගඟට මුට්ට් දාපු හින්දා තමුන්ට නම් අවුලක් වෙන එකක් නැතුවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1099 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2191 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1654 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1601 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1070 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 791 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25712 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1844 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site